විත්තිකාරිය පොලිස් පරීක්ෂකගේ අත සපා කාලා පැමිණිල්ලක් විභාග කරමින් සිටියදි විත්තිකාර පාර්ශවයේ කාන්තාව විසින් සිය ජංගම දුර කතනයෙන් පැමිණිල්ල විභාග කරන ආකාරය විඩියෝ ගත කරමින් සිටියදි එය වැළැක්විමට උත්සාහ කල පොලිස් පරික්ෂකවරයෙකුගේ අත එම කාන්තාව විසින්අද(23) සපාකා ඇතැයි නෙළුව පොලිසිය පවසයි. 24 September 2021
හොරෙන් ගෙන ගිය ත්‍රිරෝද රථ - කඩුවක් සමඟ දෙදෙනකු අල්ලයි සොරකම් කර රැගෙන එන ත්‍රිරෝද රථ බේරුවලදී විවිධ වෙනස්කම් වලට ලක්කර එන්ජින්, චැසි අංක , සහ ලියාපදිංචි අංක වෙනස් කර අලෙවි කිරිමේ ජාවාරමක නියුතුව සිටි ජාවාරම්කාර පුද්ගලයන් දෙදෙනෙකු එලෙස විකිණීමට තිබූ ත්‍රීරෝද රථ 5ක් සහ නීති විරෝධී කඩුවක් සමග අද (23) අලුයම බේරුවල පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව කියයි . 23 September 2021
තාක්ෂණ උපදෙස් ආයතනය කඩා බඩු ඉස්සූ තුනක් මාට්ටු බොරලැස්ගමුව රත්තනපිටිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි හා නිවාස ඉදිකිරීමට සැලසුම් සහ ඉඩම් සංවර්ධනය කිරීමට තාක්ෂණික උපදෙස් ලබා දෙනු ලබන ආයතනයක් බිඳ රුපියල් ලක්ෂ 16 කට අධික පරිගණක, නිවාස හා ගොඩනැගිලි සැලසුම් පිටපත් මුද්‍රණ යන්ත්‍ර ඇතුළු විදුලි උපකරණ රැසක් සොරකම් කළ පුද්ගලයන් තිදෙනකු සොරකම් කර සඟවා තිබූ බඩු තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය. 22 September 2021
වීරකැටියේ සිද්ධියේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ් වීරකැටිය ගජනායක ගම දී වෙඩි තබා 15 වැනි වියේ පසු වූ දරුවෙකු මරා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ගජනායක ගම සුද්ධා හා තවත් සැක කරුවෙකු ලබන මස 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට වලස්මුල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු මහේස් වාකිස්ට මහතා අද (22) දින නියෝග කළේය. 22 September 2021
බලන්ගොඩ රෝහලේ වර්ජනයක් කෝවිඩි වසංගතය තත්ත්වය හේතුවෙන් හෙඳ සේවට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලබා දුන් රුපියල් 7500 සේ දිමනාව කප්පාදු කර ඇති බවත් එය වහාම ලබා දෙන ලෙස ඉල්ලා විරෝධතාවක් බළංගොඩ මූලික රෝහල ඉදිරිපිටදී පැවැත්විණි. 22 September 2021
මධ්‍යම පළාත් බස් හිමියන්ට සහන පැකේජය ‘කොවිඩ්’ වසංගතයෙන් අපහසුතාවට පත්ව සිටින පෞද්ගලික බස්රථ හිමියන්ට සහන සැළසීම සඳහා ප්‍රවාහන රජ්‍ය අමාත්‍යය ක්‍රියාත්මක කරන ‘සහන පැකේජය’ වැඩසටහනේ පළමු අදියර යටතේ මධ්‍යම පළාත් අන්තර් පළාත් බස් රථ සදහා වවුචර් ප්රදානය මහනුවර හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේදී මේ මස 24 වැනිදා පෙරවරු 11.00 ට පැවැත්වේ. 22 September 2021
එලවළු ලොරිය අඩි 100ක් ප්‍රපාතයට බණ්ඩාරවෙල සිට ඇල්ල හරහා බදුරලිය දක්වා එළවළු තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් ඇල්ල 17 කණුව ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අඩි සියයක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි රියදුරු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව ඇල්ල පොලිසිය කියයි. 21 September 2021
ගම්පහ කුඩු මුදලාලි අල්ලයි ගම්පහ ප්‍රදේශයට කුඩු බෙදන බවට සැකකරන ගම්පහ යූ.සී.වත්තේ කොණ්ඩය පැය හයක මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිසිය කියයි. 21 September 2021
රාගම නගරය විෂබීජ හරණයට රාගම නගරයේ පොදු ස්ථාන විෂබීජ හරණය කිරීමට රගම ටූපීසි පදනම කටයුතු කළේය. 21 September 2021
තේක්ක කඳන් සමග හතරක් මාට්ටු ප්‍රවාහණ බලපත්‍රයක් නැතිව තේක්ක දව කඳන් තොගයක් වෑන් රථයකින් ප්රවාහණය කරමින් සිටි පුද්ගලයන් සිව්දෙනකු එම දැව තොගය සහිත වෑන් රථය හා යතුරු පැදියක්ද සමග සැකපිට අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි. 21 September 2021
මාඔයේ ගිය රියදුරු උපදේශකගේ සිරුර දින හතරකට පසු හමුවෙයි සිය මවගේ හත්දින දාන පිංකමට සහභාගිවීමට යමින් සිටියදී පසුගිය 16 වැනිදා දහවල් මාඔයේ මදුරුපිටිය සපත්තු පාලමේදී සැඩ පහරට අසුව ගසාගෙන ගිය රියදුරු උපදේශකවරයාගේ දේහය දින හතරකට පසු ගිරිඋල්ල පාලම ආසන්නයේ උණ පදුරක් රැදී තිබියදී හමුවූ බව මීරිගම පොලිසිය කියයි. 21 September 2021
හමුදා සෙබළුන් දෙදෙනකුට පහර දුන් හිටපු හමුදා සෙබළා අත්අඩංගුවට පෞද්ගලික ආරවුලක් මුල් කරගෙන හමුදා සෙබළුන් දෙදෙනකුට පහර දුන් බව කියන විශ්‍රාමික හමුදා සෙබළකු අත්අඩංගුවට ගිය පොලිස් පරීක්ෂකවරයකුට ද පහරදීමට තැත් කිරීමේ චෝදනාව මත සැකකරු අත්අඩංගුවට ගත් බව අලූත්ගම පොලිසිය පවසයි. 20 September 2021
නිවාස බිඳ මැණික් ගල් 47ක් ඇතුළු දේපළ කොල්ල කෑ දෙකක් මාට්ටු රාගම වැලිපිල්ලැව ප්‍රදේශයේ නිවෙස් හතරක් බිඳ එහි දේපොළ කොල්ල කෑ බව කියන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය කියයි. 20 September 2021
කඩ කැඩූ කුඩ්ඩෝ දෙකක් මාට්ටු නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාලය තුළ රත්මලාන බෙලෙක් කඩේ හංදියේ පිහිටි තොග වෙළෙද සැලක් බිද රුපියල් ලක්ෂ දහයකට වඩා වටිනා සොරා ගන්නා ලද භාණ්ඩ කුළියට ලබා ගත් වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් යොදා ගනිමින් ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. 20 September 2021
වැඩි මිලට සිමෙන්ති විකිණු 5 ක් අත්අඩංගුවට සිමෙන්ති තොග සගවා තබා ගැනිම සහ ලකුණු කළ මිලට වඩා වැඩි මිලකට අලෙවි කිරිම යන චෝදනා මත නොච්චියාගම,කුකුල්කටුව,මිහින්තලේ සහ පුල්ලේයාර් හන්දිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් පස් දෙනෙකු සිමෙන්ති මිටි දෙසිය පනහක් සමග අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි බි.ඒ.සි.පි.පෙරේරා මහතා පැවසිය. 20 September 2021
වියළි කහ සමඟ දෙදෙනකු මාට්ටු නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනා වියළි කහ තොගයක් කටුනායක ප්‍රදේශය ඔස්සේ රැගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු සමග අත් අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් සමත් වී තිබුණි . 19 September 2021
නිවෙස් බිදුම් කළ 4 ක් අත්අඩංගුවට කහතුඩුව සහ කොහුවල පොලිස් බල ප්‍රදේශ වල නිවෙස් බිඳුම් 13 ක් සිදුකර රුපියල් ලක්ෂ විස්සකට ආසන්න දේපොළ සොරා ගත් සිව් දෙනෙකුගෙන් යුත් කල්ලිය අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි 19 September 2021
ක්ලේමෝ බෝම්බ දෙකක් යාපනයේ කෝවිලක් අසල යාපනය කොඩිකාමම් කුඩමියන් ප්‍රදේශයේ තිබී අධිබලැති ක්ලේමෝ බෝම්බ දෙකක් හමුව ඇති බවට කොඩිකාමම් පොලීසිය පවසයි. 17 September 2021
දොඩංගොඩ සිව්දරු මවක ඝාතනය කෙරේ දොඩංගොඩ පොලිස් බළප්‍රදේශයේ නිවසක් තුළ අද අලුයම පොරවකින් හිසට පහරදී සිව්දරු මවක ඝාතනය කර ඇතැයි දොඩංගොඩ පොලිසිය කියයි. 17 September 2021
ලක්ෂ 50ක ගංජා සමග අයෙක් දැලේ වැලිකඩ පලමු පටුමග නිවසක් වටලා රුපියල් ලක්ෂ 50 අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සහ කේරල ගංජා සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා ගෝනහේන කදවුර කියයි. 17 September 2021
පුත්තලමේ වැව් 58ක් ප්‍රතිසංස්කරණයට වාරි සෞභාග්‍යා ජාතික වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ කිසිදු ජල මුලාශයක් නොලැබෙන වැසි ජලයෙන් පමණක් පෝෂණය වන වැව් 58 ප්‍රතිසංස්කරණය කරණ බව වාර්මාර්ග දෙපාර්තුමේන්තුව පවසයි. 16 September 2021
වෙනිවැල්ගැට කිලෝ 500 ක් සමඟ 2 ක් මාට්ටු ගාල්ල උඩුගම අක්කර අසූව රක්ෂිත ප්‍රදේශයෙන් කපා අලෙවි කිරීමට රැගෙන යාමට සූදානම්කරමින් සිටි වෙනිවැල්ගැට කිලෝ 500 ක පමණ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට තවලම අඩවි වන නිලධාරීන් සමත්වී තිබේ. 16 September 2021
අයියා මලෝගේ මත් ජාවාරම කොටු කර ගනී බේරුවල,කරඳගොඩ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක නියුතු අයියා මලෝ දෙදෙනකු සහ මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි සැකකරුවන් පස් දෙනකු රුපියල් ලක්ෂ 14ක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ක් ,සහ කේරල ගංජා යම් ප්‍රමාණයක් සමඟ අද (16)අලුයම අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි 16 September 2021
අපරාධ රැසකට සම්බන්ධ අයෙක් රත්ගමින් අල්ලයි මිනිස් ඝාතන තුනක් අතුළු මහා පරිමාණයේ අපරාධ රැසකට සම්බන්ධ යැයි කියන මත් කුඩු ජාවරම්කරුවකු වන ‘කූපියා’ නමැත්තා මත් කුඩු සහ රුපියල් දෙලක්ෂ විසිපන්දහසක මුදලක් සමග රත්ගම පන්නිලදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව රත්ගම පොලීසිය කියයි . 16 September 2021
යතුරුපැදිය ගවයාගේ ගැටී යතුරුපැදිකරු මරුට කතරගම මයිලගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කිසියම් කටයුත්තකට නිවසින් බැහැරව ගොස් ආපසු නිවෙස බලා පැමිණෙමින් සිටියදී කතරගම දෙටගමුව ප්‍රදේශයේදී යතුරුපැදිය එළ ගවයෙකු හා ගැටීම නිසා බරපතල තුවාල ලබා කතරගම දිසා රෝහල වෙත ගෙන යමින් සිටියදී මියගොස් ඇතැයි කතරගම පොලීසිය කියයි. 15 September 2021
ගිනි අවි පෙන්වා කප්පම් ගත් අයෙක් අත්අඩංගුවට ගිනි අවි පෙන්වා වෙළඳ වල්වලින් කප්පම් ගනිමින් සිටි සැකකරුවෙකු ගිනි අවියක් සහ උණ්ඩද සමග සූරියවැව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 15 September 2021
ලක්විජය බලාගාරයේ තීන්ත ඇතුළු භාණ්ඩ සොරාගත් ආරක්ෂක නිළධාරියා මාට්ටු නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ තින්ත හා තවත් දෑ සොරකම් කර තම පුද්ගලික වාහනයේ රැගෙන යමින් සිටි බලාගාර ආරක්ෂකයකු අත් අඩංගුවට ගත් බව නොරෝච්චෝල පොලිසිය කියයි. 14 September 2021
ඝාතන දෙකක් ඇතුළු අපරාධ 20 කට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙකු ඇතුළු තවත් පුද්ගල ඝාතන දෙකකට සහ අපරාධ විස්සක් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු බේරුවල අක්කර 80 ප්‍රදේශයේ සැගව සිටි යදී අද (14 ) අත්අඩංගුවට ගත් බව කියයි . 14 September 2021
රෑ දහවල් නොබලා නිකවැරැටියේ දි කොරෝනා එන්නත් නිකවැරැටිය රෝහල මගින් දිවා රාත්‍රි දෙකෙහිම කොරෝනා මර්ධන එන්නත් ලබාදීමට අද සිට ආරම්භ කළේය. 14 September 2021
බන්ධනාගාර තාප්පෙන් විසි කළ පාර්සලයේ දුම්කොළ-හෙරොයින් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් අටක් සහ දුම්කොළ සහිත පාර්සලයක් කළුතර බන්ධනාගාර තාප්පයෙන් බන්ධනාගාරය තුළට විසි කර තිබියදී සොයාගත් බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි. 14 September 2021
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026