(ඩි.ජී.සුගතපාල)
පැමිණිල්ලක් විභාග කරමින් සිටියදි විත්තිකාර පාර්ශවයේ කාන්තාව විසින් සිය ජංගම දුර කතනයෙන් පැමිණිල්ල විභාග කරන ආකාරය විඩියෝ ගත කරමින් සිටියදි එය වැළැක්විමට උත්සාහ කල පොලිස් පරික්ෂකවරයෙකුගේ අත එම කාන්තාව විසින්අද(23) සපාකා ඇතැයි නෙළුව පොලිසිය පවසයි.
පහර දිමක් සම්බන්ධයෙන් නෙළුව ඉහල ලේලවල පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් නෙළුව පොලිසියේ පොලිස් පරික්ෂක අතපත්තු මහතා විසින් විභාග කරමින් සිටියදි විත්තිකාර පාර්ශවයේ කාන්තාව පැමිණිල්ල විභාග කරන අයුරු ජංගම දුරකතනයෙන් විඩියෝ ගත කර ඇත.
පැමිණිල්ල විභාග කරමින් සිටි පොලිස් පරික්ෂකවරයා එය දැක කාන්තා කොස්තාපල්වරියක් කැඳවා ජංගම දුර කතනය ලබාගන්නා ලෙස උපදෙස්දි ඇත.
එවිට විත්තිකාර කාන්තාව කෑගසමින් එයට විරෝධය පෑම නිසා කොස්තාපල්වරියට සහාය විම සඳහා පොලිස් පරික්ෂකවරයාද ඉදිරිපත්වු අවස්ථාව එම කාන්තාව පොලිස් පරික්ෂකවරයාගේ දකුණු අත සපාකා ඇත.
පසුව සාපරාධි බලහත් කාරයපෑම යන චෝදනාව යටතේ කාන්තාව අත් අඩංගුවට ඇත.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විත්තිකාරිය පොලිස් පරීක්ෂකගේ අත සපා කාලා