IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හොරෙන් ගෙන ගිය ත්‍රිරෝද රථ - කඩුවක් සමඟ දෙදෙනකු අල්ලයි

(තුසිත කුමාර ද සිල්වා)

සොරකම් කර රැගෙන එන ත්‍රිරෝද රථ බේරුවලදී විවිධ වෙනස්කම් වලට ලක්කර එන්ජින්, චැසි අංක , සහ ලියාපදිංචි අංක වෙනස් කර අලෙවි කිරිමේ ජාවාරමක නියුතුව සිටි ජාවාරම්කාර පුද්ගලයන් දෙදෙනෙකු එලෙස විකිණීමට තිබූ ත්‍රීරෝද රථ 5ක් සහ නීති විරෝධී කඩුවක් සමග අද (23) අලුයම බේරුවල පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව කියයි .

මෙම ජාවාරමේ මහ මොළකරු වන ප්‍රධාන සැකකරු ගරාජ් බාස් කෙනෙක් වන අතර කොළඹ ප්‍රදේශයෙන් සොරකම් කරගන්නා ත්‍රීරෝද රථ එක රැයකින් එම තීරෝද රථ සොරකම් කරගන්නා ජාවාරම්කරු බේරුවලට ප්‍රදේශයට රැගෙන විත් අඩු මුදලට විකුණා තිබේ.

මෙම ජාවාරම්කරුවන් එම ත්‍රීරෝද රථ අලුත් වැඩියා කිරීමේ මුවාවෙන් විවිධ ගරාජ් වල මෙන්ම විවිධ ස්ථානවල සඟවා ඒවායේ මුල් චැසි අංක , එන්ජින් අංක සහ ලියාපදිංචි අංක වෙනස්කර වරින් වර ත්‍රීරෝද රථ විකිණීම ට සැලසුම් කර තිබියදී මින් එක් ත්‍රීරෝද රථයක් මිලදී ගැනීමට බ්‍රෝකර් වරයකු ලෙස උපාය දූතයකු යොදවා ලබාගත් තොරතුරු මත ප්‍රථමයෙන් මහ මොළකරු සහ සහයක සැකකරු ත්‍රී රෝද රථ සමග බේරුවල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව කියයි .

මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලබා දුන් පදිංචි ලිපිනය ව්‍යාජ එකක් බව හඳුනාගත් පොලීසිය ඔහුගේ නිවස පරීක්ෂාවට ගිය අතර එහිදී මෙම පුද්ගලයාගේ නිදන ඇඳහි මෙට්ටය යට තිබී එකල මහත් ආන්දෝලනයට ලක්වූ ,,සහරාන්,, නැමැත්තා සම්බන්ධයෙන් ප්‍රවෘත්ති වාර්තා වූ යුගයේ ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් ,, කඩු වලට සමාන අඩි දෙකක් පමණ දිග ඇති කඩුවක් ,, ප්‍රධාන ජාවාරම්කරු ගෙ නිවසේ තිබී පොලිස් භාරයට ගත් බව කියයි .

මෙම සැකකරුවන් දෙදෙනා මෙලෙස කොළඹ ප්‍රදේශයේ අයෙකුගෙන් සොරකම් කර අඩු මුදලට ලබා ගන්නා ත්‍රීරෝද රථ වලට විවිධ රක්ෂණ සමාගම් වලින් අබලි ව භාවිතයෙන් ඉවත්කරන එන්ජින් හා චැසි අංක කොටා ඊට අදාළ ලියාපදිංචි පොත් පත් ව්‍යාජ ලෙස සකසා විකිණීම කටයුතු කර තිබෙන බවත් විමර්ශන සිදුකරන පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

මෙම ජාවාරම්කරුවන් මෙලෙස ව්‍යාජ ලෙස අලෙවිකරණ ත්‍රීරෝද රථ මුදල් හදිස්සියකට යැයි කියා ඉතා අඩු මුදල් වන රුපියල් ලක්ෂ දෙකහමාරක් තුන යන ගණන් වලට විකිණීමට කටයුතු කරන බවත් පොලිසිය කියයි .

අත් අඩංගු වට ගත් සැකකරුවන් දෙදෙනා සම්බන්ධව දීර්ඝ විමර්ශනයකින් පසු කළුතර අධිකරණ යට ඉදිරිපත් කිරීමට නියමිතය .

කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න , කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන කපිල ප්‍රේමදාස, නිශාන් ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර , අපරාධ අංශ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික ද සිල්වා , පොලිස් සැරයන් ජයසිංහ (51130) පොලිස් විශේෂ කාර්යාංශ සැරයන් පියන්ත (58942)පොලිස් විශේෂ කාර්යාංශය කොස්තාපල් නිමර්ශන (69062) කොස්තාපල්වරුන් වන ජයනාත (70253)කුමාර (87173) ඇතුළු පොලිස් විශේෂ කාර්යාංශය නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ .



අදහස් (0)

හොරෙන් ගෙන ගිය ත්‍රිරෝද රථ - කඩුවක් සමඟ දෙදෙනකු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site