මීරිගම පොලිසිය හදිසි මෙහෙයුමක් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවත් මීරිගම නගරයේ වාහන විශාල සංඛ්‍යාවක් ධාවනය වීම හේතුවෙන් මිරිගම පොලිසිය හදිසි රථ වාහන පරීක්ෂාවක් සිදු කළ අතර සාධාරණ හේතුවක් නොමැතිව නගරයට පැමිණි වාහන රියදුරන්ට දැඩි ලෙස අවවාද කිරීමට පොලිසිය පියවර ගත්තේය. 13 September 2021
ගිනි අවි දෙකක් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට පුත්තලම - පාලවිය ගුවන් ගම ප්‍රදේශයේ පෞද්ගලික වත්තක තිබූ බලපත්‍ර සහිත ගිනි අවි දෙකක් සොරකම් කළ පුද්ගලයකු එම ගිනි අවි දෙක සමග අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසියේ අපරාධ අංශය කියයි. 13 September 2021
ගින්නකින් නිල්ගල රක්ෂිතයේ අක්කර 100 ක් විනාශයි බිබිල නිල්ගල වන රක්ෂිතයේ බුළුපිටිය වන ප්‍රදේශය අද (13) උදේ සුළග සමග ඇති ගින්නක් පැය තුනකට පසු නිවී යද්දී අක්කර සිය ගණනක වනයේ යටි රෝපනය දැවී ගොස් තිබු වන නිලධාරීහු පවසති. 13 September 2021
අලියාගේ පහරින් පුද්ගලයෙක් මරුට වන අලියෙකුගේ පහරදිමෙන් 58 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි කහටගස්දිගිලිය පොලිසිය කියයි. 13 September 2021
ස්විට්සර්ලන්ත ජාතිකයා නිවස තුළම මියයයි දොඩන්දුව පටුවත ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි ස්විට්සර්ලන්ත ජාතිකයකු වන 78 හැවිරිදි හැන්ස් දේව් වැග්ලි ( Hans Dev Wageli) ඔහු නැවතී සිටි නිවසතුළම මියගොස් ඇතැයි හික්කඩුව පොලිසිය පවසයි. 13 September 2021
සැඟවූ සිමෙන්ති තොගයක් අල්ලයි වෙළද පොලෙහි සිමෙන්ති හිඟයක් පවතින බවට පෙන්වමින් සිමෙන්ති තොගයක් සගවා වැඩි මිලට අලෙවි කළ අනුරාධපුර, නාච්චාදුව ප්‍රදේශයේ ගබඩාවක් වටලා සිමෙන්ති මිටි 50ක් සොයාගත් බව අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය කියයි. 12 September 2021
නිතී විරෝධිව ගවයින් ගෙන ගිය දෙදෙනක් මාට්ටු කැබ් රථයක පටවා මස් පිණිස නීති විරෝධි අයුරින් එළ ගවයින් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු වවුනියාව නගරයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 12 September 2021
ධීවරයකුගේ සිරුරක් සිලාවතුර වෙරළේ මසුන් ඇල්ලීමට ගොස් අනතුරට ලක්ව අතුරුදහන්ව සිටි පුත්තලම ප්‍රදේශයේ ධීවරයෙකුගේ මළ සිරුරක් මන්නාරම සිලාවතුර වෙරළට ආසන්නයේදී සොයාගත් බව සිලාවතුර පොලිසිය පවසයි. 12 September 2021
ගිනි අවි දෙකක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට පාදුක්ක බෝපෙ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හිටපු හමුදා සෙබළකු ගිනි අවි දෙකක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි 12 September 2021
වෙනිවැල්ගැට සමඟ දෙදෙනකු අත්අඩංගුවට බඹරවාන රක්ෂිතයෙන් නිති විරෝධි ලෙස කපා අලෙවි කිරිමට සූදානම්කර තිබු වෙනිවැල් ගැට කිලෝ 800ක් සැකකරුවන් දෙදෙනෙකුද සමග කොග්ගල ගුවන්හමුදා කඳවුරේ බුද්ධි නිලධාරින්ගේ තොරතුරකට අනුව රත්ගම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත. 12 September 2021
අනවසර විදුලි රැහැනේ ගැටී දෙදරු පියා මරුට මුං ඇට වගාවක් වටා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී වැලිගම්පුර ප්‍රදේශයේ දෙදරු පියකු මරණයට පත්ව ඇතැයි මීගස්වැව පොලිසිය කියයි. 11 September 2021
ඔක්සි මීටර් තොගයක් ජාඇළින් අල්ලයි ඖෂධ නියාමන අධිකාරියේ ලියා පදිංචි නොකළ ඔක්සි මීටර් තොගයක් ජාඇල නගරයේ ස්ථානයක අලෙවි කරමින් තිබියදී පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන ඇත. 10 September 2021
සඟවා තිබු සිමෙන්ති කොට්ට 80 ක් සමඟ අයෙක් අත්අඩංගුවට වැඩි මිලට අලෙවි කිරිම සඳහා සිමෙන්ති සඟවා තබාගෙන සිටි පුද්ගලයෙකු සිමෙන්ති කොට්ට 80ක්ද සමග අද(10) අලුයම හම්බන්තොට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 10 September 2021
කහ කිලෝ1,172ක් සමඟ දෙදෙනෙක් මන්නාරමෙන් අල්ලයි ඉන්දියාවේ සිට ගෙන එන ලද වියලි කහ කිලෝ 1,172 ක් සහ සැකකරුවන් දෙදෙනෙකු මන්නාරම ශිලාවතුර සාවාරිපුරම් මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි. 10 September 2021
හල්දුම්මුල්ල ප්‍රා සභාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් විරෝධයේ මන්ත්‍රීධූරය අත්හිටුවීම නීති විරෝධී බව පවසමින් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුරංජිත් අමරවංශ මහතා (එ.ජා.ප.)අසංක සල්ගාදු මහතා (එ.ජා ප. ) සමග විරෝධතා පුවරු රැගෙන හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභා ගේට්ටුව අසල පාගමනින් හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභාව දක්වා පැමිණියහ. 10 September 2021
අදායම්බදු නිලධාරියෙක් ලෙස පැමිණ වෙළෙදසැල් පරීක්ෂා කළ හමුදා සෙබළා රිමාන්ඩ් කොරෝනා ආරක්ෂිත ඇඳුමකින් සැරසී වේයන්ගොඩ නගරයේ විවෘත කොට තිබෙන වෙළඳ හලකට පැමිණ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිළධාරියෙකු ලෙස පෙනී සිටිමින් බලපත්‍ර පරීක්ෂා කළ බව කියන සැකකාර හමුදා සෙබළෙකු මේ මස 22 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය අද (09) නියෝග කළාය. 09 September 2021
මතුගමඅඩු ආදායම්ලාභීන්ට වියලි ආහාර මතුගම කටුගහහේන රෝහලේදී සිදුකරන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් කොවිඩ් ආසාධිත බවට හඳුනා ගන්නා අඩු ආදායම්ලාභීන්ට වියලි ආහාර පාර්සල් ලබාදීමේ වැඩ පිළිවෙලක් අරඹා ඇත. 09 September 2021
පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1,345 ක් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (9) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිතයින් 263 දෙනෙකු හමුවෙද්දී දිස්ත්‍රික්කයෙන් 1,345 දෙනෙකු වාර්තාවී ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 09 September 2021
කේරළ ගංජා සමඟ දෙකක් එස් ටී එෆ් දැලේ මෝටර් රියකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි දෙදනකු මරදාන ඩීන්ස් පාර ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 09 September 2021
ඇඳුම් මසන්නගේ සිරුර පින් ළිදෙන් මතු වෙයි බොරලැස්ගමුව කටුවාවල ආසිරි උයන මාවත ආසන්නයේ වෙල්යාය අසබඩ පොදු නාන ළිඳේ තිබී නාඳුනන මළ සිරුරක් සොයා ගත්බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය. 09 September 2021
ගල් පහර කෑ අය මරුට මාතර මැද්දවත්ත ප්‍රදේශයේදි දෙපිරිසක් අතර ඇතිවු ආරවුලකදි හිසට ගල් පහරක් වැදිමෙන් බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර සිටි තුවාලකරු මියගිය බව කරපිටිය රෝහල් පොලිසිය පවසයි. 09 September 2021
දිවුලපිටියේ අනතුරින් නාවික හමුදා වෛද්‍ය සහායකයා මරුට දිවුලපිටිය නගරය ආසන්නයේදී අද පෙරවරුවේ මෝටර් රථයක් සහ ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෝටර් රථය ධාවනය කළ වැලිසර නාවික හමුදා රෝහලේ සේවය කරන වෛද්‍ය සහයකයකු මියගොස් මෝටර් රථයේ ගමන් කළ කොළඹ ජාතික රෝහලේ හෙදි නිලධාරිනියක වූ බිරිඳ බරපතළ තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි දිවුලපිටිය පොලීසියේ රථවාහන අංශය පවසයි . 08 September 2021
වියලි කහ සමඟ අයෙක් මන්නාරමෙන් අල්ලයි නීතිවිරෝධිව ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ වියලි කහ කිලෝ 306ක් සමඟ පුද්ගලයකු මන්නාරම ජපන් මිත්‍රත්ව පාලම අසලදී අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි. 08 September 2021
හමුදා සෙබළා වල් අලි ප්‍රහාරයෙන් මරුට මැදිරිගිරිය විජයපුර ප්‍රදේශයේදී වල් අලි ප්‍රහාරයකින් ඒක්දරු පියකු මරණයට පත්ව ඇතැයි මැදිරිගිරිය මීගස්වැව පොලිසිය කියයි. 08 September 2021
පැය 24කදී ගම්පහ දස්ත්‍රීක්කයෙන් ආසාදිතයින් 1255ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (8) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 1255 දෙනෙකු හමුව ඇති අතර මින් 180 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. 08 September 2021
මත්ද්‍රව්‍ය සමඟ තිදෙනකු අත්අඩංගුවට රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා කේරළ ගංජා, අයිස් හා හෂීස් මත් ද්‍රව්‍ය තොගයක් සමග මත් ද්‍රව්‍ය ජාවාමේ යෙදී සිටි සැකකරුවන් තිදෙනකු අද( 8) අත්අඩංගුවට ගත් වව පල්ලෙවෙල පොලිසිය කියයි. 08 September 2021
විදෙස් අත්බොම්බයක් සමඟ හිටපු හමුදා සෙබලෙක් අල්ලයි විදේශිය රටක නිෂ්පාදිත අත් බෝම්බයක් සමග හිටපුු යුද හමුදා සෙබලෙකු අත් අඩංගුවට ගත් බව කොක්මාදුව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි. 08 September 2021
නිරෝධායන නීති කඩා තේක්ක දැව ගෙන ගිය අයෙක් මාට්ටු ආරච්චිකට්ටුව අඹගහයාය ප්‍රදේශයේ රුපියල් ලක්ෂයකට අධික වටිනාකමක් ඇති ඉරා නිමකළ තේක්ක දැව තොගයක් කුඩා ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. 08 September 2021
ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 7ක් අත්අඩංගුවට අන්තර්ජාලයේ දැන්වීම් පලකර අධික මිලට කාන්තාවන් අලෙවි කරමින් දෙහිවල හීල් වීදියේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්, ඉන්දුනීසියානු කාන්තාවන් පස් දෙනෙකු ඇතුළු කාන්තාවන් හත් දෙනෙකු සමග අත්අඩංගුවට ගැනීමට දෙහිවල පොලිසිය සමත් විය. 07 September 2021
රිය අනතුරින් ගුරුවරයා මරුට යාපනය , නුවර ඒ නවය මාර්ගයේ වවුනියාව ඊරට්ටපෙරියකුලම තැපැල් කාර්යාලය අසලදී නාවික හමුදාවට අයත් බස් රථයක් යතුරු පැදියක ගැටී පුද්ගලයකු මියගොස් ඇතැයි ඊරට්ටපෙරියකුලම පොලිසිය පවසයි. 07 September 2021
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026