IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ධීවරයකුගේ සිරුරක් සිලාවතුර වෙරළේ

(   සිතුම් චතුරංග)

මසුන් ඇල්ලීමට ගොස් අනතුරට ලක්ව අතුරුදහන්ව සිටි පුත්තලම ප්‍රදේශයේ ධීවරයෙකුගේ මළ සිරුරක් මන්නාරම සිලාවතුර වෙරළට ආසන්නයේදී සොයාගත් බව සිලාවතුර පොලිසිය පවසයි.

සිලාවතුර ධීවරයින් පිරිසක් මසුන් ඇල්ලීමට මුහුදු ගිය අවස්ථාවේ පාවෙමින් තිබූ මළ සිරුර දැක පොලිසිය දැනුම්දී ඇති බවද පොලිසිය පැවසීය.

මියගිය පුද්ගලයා පුත්තලම ප්‍රදේශයෙන් මුහුදු ගොස් ඇති අතර එහිදී ඔහු සහ බෝට්ටුව අනතුරකට ලක්ව දින ගණනක් අතුරුදහන්ව සිටි ධීවරයකු බවද පොලිසිය සඳහන් කළේය.

එලෙස අතුරුදහන්ව මියගොස් ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ පදිංචි රාමයියා ජේසුදාසන් නමැති 47 හැවිරිදි පුද්ගලයෙකුගේ වේ.

පසුගිය 08 වැනිදා පුත්තලම ප්‍රදේශයෙන් මසුන් ඇල්ලීමට මුහුදු ගොස් සිටි අවස්ථාවේ අදාළ පුද්ගලයා බෝට්ටුවෙන් ඇදවැටී අතුරුදහන්ව සිටි බවට පොලිසිය වෙත පැමිණිළි ලැබී ඇතැයිද බවද පොලිසිය පැවසූහ.

නාවික හමුදා සහයෝගයෙන් ගොඩගත් මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මන්නාරම රෝහල් මෘත ශරීරාගාරයට යොමුකෙරිණ.සිද්ධිය සම්බන්ධයෙන් සිලාවතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

 

 



අදහස් (0)

ධීවරයකුගේ සිරුරක් සිලාවතුර වෙරළේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 571 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site