
(සිතුම් චතුරංග)
යාපනය , නුවර ඒ නවය මාර්ගයේ වවුනියාව ඊරට්ටපෙරියකුලම තැපැල් කාර්යාලය අසලදී නාවික හමුදාවට අයත් බස් රථයක් යතුරු පැදියක ගැටී පුද්ගලයකු මියගොස් ඇතැයි ඊරට්ටපෙරියකුලම පොලිසිය පවසයි.
පූනෑව නාවික හමුදා කඳවුරේ සිට යාපනය දක්වා නාවික සෙබලුන් රැගත් බස්රථය ගමන්ගත් බස්රථය යතුරු පැදියේ ගැටී ඇතැයිද පොලිසිය පැවසීය.
එලෙස අනතුරින් මියගොස් ඇත්තේ වවුනියාව , ඊරට්ටපෙරියකුලම පදිංචි අනුෂ්ක ලක්මාල් (28) නැමති ගුරුවරයකු බව පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූයේ යතුරු පැදිය එකවර මාර්ගය හරහා ගමන් කිරීමට යාමේදී බස්රථයේ ගැටී අනතුර සිදුව ඇති බවත්ය.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු බරපතල තුවාල ලබා වවුනියාව මහ රෝහලවෙත ඇතුලත් කිරීමේදී මියගොස් ඇතැයිද කීය.
මියගිය පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබුණි.
අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු ලෙස කටයුතු කළ නාවික හමුදා සෙබලකු අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
වවුනියාව ඊරට්ටපෙරියකුලම රථවාහන පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

2025 නොවැම්බර් මස 04
571
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රිය අනතුරින් ගුරුවරයා මරුට