( දිල්රුක්ෂි ග්‍රේරු)
මෝටර් රියකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි දෙදනකු මරදාන ඩීන්ස් පාර ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී ගංජා කිලෝ 51 ග්‍රෑම් 836 ක් සිය බාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සඳහන් කළේය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුර නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබේ .
අත්අඩංගුවට ගත් සැකකරුවන් ගනේමුල්ල සහ මීරිගම යන ප්‍රදේශයන්වල පදිංචි අවුරුදු 33 සහ34 යන වයසේ පසුව බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට බාර දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd