(තුසිත කුමාර ද සිල්වා)
විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙකු ඇතුළු තවත් පුද්ගල ඝාතන දෙකකට සහ අපරාධ විස්සක් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු බේරුවල අක්කර 80 ප්‍රදේශයේ සැගව සිටි යදී අද (14 ) අත්අඩංගුවට ගත් බව කියයි .
සැකකරු ඉකුත් අගෝස්තු මාසයේ පයාගලදී ආසන්නතම මිනිස් ඝාතනය සිදුකර ඇති අතර වසර කිහිපයකට ඉහතදී පයාගල පොලිස් වසම තුළ දී ම විශ්‍රාමික පොලිස් සැරයන් වරයෙක් හා ගම්පහ යක්කල දී කාන්තාවක් ඝාතනයකර ව්‍යාජ හැඳුනුම්පතක් භාවිත කර මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු මංකොල්ලකෑම් ,ගෙවල් බිඳීම් , රන් ආභරණ , යතුරු පැදි සහ මුදල් පැහැරගැනීම් ඇතුළු විවිධ අපරාධ සිදුකර ප්‍රදේශයෙන් ප්‍රදේශයට පලාගොස් සිටි බවට තොරතුරු අනාවරණය කරගෙන තිබු බව පොලීසිය කියයි.
සැකකරු අත්අඩංගුවට ගැනීමේදී ඝාතනයට යොදාගත් තියුණු උල් ආයුධයක් සහ ජීව අත්බෝම්බයක් සන්තකයේ තිබී පොලිස් නිලධාරීන් භාරයට ගත් බව කියයි .
පයාගලදී අගෝස්තු මාසේ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මෘත දේහය ඔවුනගේ නිවසට පවා ගෙන ඒමට එම නිවැසියන් ඝාතකයාට බිය වී සිටි බවට පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි ද පොලිසිය සදහන් කේළ්ය .
සැකකරු මෙම කාලය තුළදී අවස්ථා කිහිපයක රුපියල් දස ලක්ෂ පනස් දහසකට ආසන්න මුදලක් සොරකම් කර ඇතැයිද විවාහ දෙකක් සිදු කර ඇති බවත් පළමු විවාහයේ බිරිඳගේ මව වන කාන්තාව යක්කල ප්‍රදේශයේ දී ඝාතනය කර ඇත්තේ ද සැකකරු බවත් මෙම අපරාධ සිදු කර වෙනත් පුද්ගලයෙකු ලෙස පෙනී සිටින්නට කොළඹ බොරැල්ල ප්‍රදේශයේ ලිපිනයක් සඳහන් ව්‍යාජ හැඳුනුම්පතක් භාවිත කර ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එම හැඳුනුම්පත ද සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් බවත් පොලීසියකියයි.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ න් පොලිස් නිලධාරීන් කළ සොයා බැලීමේදී එවැනි හැඳුනුම්පතක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර නොමැති බවත් එම දෙපාර්තමේන්තුව පොලිසියට දන්වා තිබෙන බව කියයි.
සැකකරු 2006 වසරේ අප්‍රියල් 18දින අධිකරණයෙපැවැත්වෙන නඩු විභාගයකට රැගෙන විත් සිටියදී කළුතර අධිකරණ භූමියේදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළාගොස් ඇති අයකු බවත් විමර්ශන සිදුකරන නිලධාරීන් කීහ .
අත්අඩංගුවට සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඝාතන දෙකක් ඇතුළු අපරාධ 20 කට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට