(දිලංගා ගෝමස්)
නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාලය තුළ රත්මලාන බෙලෙක් කඩේ හංදියේ පිහිටි තොග වෙළෙද සැලක් බිද රුපියල් ලක්ෂ දහයකට වඩා වටිනා සොරා ගන්නා ලද භාණ්ඩ කුළියට ලබා ගත් වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් යොදා ගනිමින් ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
සොරා ගන්නා ලද භාණ්ඩ අතර සහල් , පරිප්පු , සැමන් , බීම බොතල් , නුඩ්ල්ස් පැකට් , ධාන්‍ය වර්ග , බිස්කට් පැකට් සහ ඩිජිටල් තරාදියක් ද ඇතැයි පොලීසිය පවසයි.
රත්මලාන ප්‍රදේශයේ විවිධ පුද්ගලයන් හට ඉතා අඩු මුදලට භාණ්ඩ අලෙවි කරන බවට පොලිසියට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයේදී සැකකරුවන් දෙදෙනා පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි.
අධික ලෙස හෙරොයින් පානයට ඇබ්බැහිවූවන් වන සැකකරුවන් දෙදෙනා සොරාගත් භාණ්ඩ විකුණා උපයාගත් මුදලින් දිනකට එක් අයකු රුපියල් 15,000 ක පමණ හෙරොයින් පානය කර ඇති බව පොලිසිය වැඩිදුරටත් කියයි.
රත්මලාන මල්ලියා හා සුරේ යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන සැකකරුවන් දෙදෙනා 40 සහ 42 වයස්වල පසුවන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කඩ කැඩූ කුඩ්ඩෝ දෙකක් මාට්ටු