
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරලැස්ගමුව රත්තනපිටිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි හා නිවාස ඉදිකිරීමට සැලසුම් සහ ඉඩම් සංවර්ධනය කිරීමට තාක්ෂණික උපදෙස් ලබා දෙනු ලබන ආයතනයක් බිඳ රුපියල් ලක්ෂ 16 කට අධික පරිගණක, නිවාස හා ගොඩනැගිලි සැලසුම් පිටපත් මුද්‍රණ යන්ත්‍ර ඇතුළු විදුලි උපකරණ රැසක් සොරකම් කළ පුද්ගලයන් තිදෙනකු සොරකම් කර සඟවා තිබූ බඩු තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය.
අත්අඩංගුවට පත්වූ සැකකරුවන් 31,42,46 වැනි වයස් කාණ්ඩ වල පසුවන්නන් බවත් තදින්ම හෙරොයින් පානය සඳහා ඇබ්බැහි වූවන් බවත් පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් තිදෙනා ආයතනය බිඳ සොරාගත් භාණ්ඩවල මිල රුපියල් ලක්ෂ දාසයකට වඩා අධික වූවද එම භාණ්ඩ සියල්ලම රුපියල් හතලිස් පන්දහසක් වැනි සුළු මුදලකට විකුණා තිබියදී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය.
සොරකම් කර සඟවා තිබියදී පොලීසිය සොයා ගත් භාණ්ඩ අතර පරිගණක 05, ප්‍රොජෙක්ටර් යන්ත්‍රයක්, ඡායා පිටපත් යන්ත්‍ර 02, පරිගණක උපාංග, විදුලි උපකරණ, ෆැක්ස් යන්ත්‍රයක්, ලැමිනේටින් යන්ත්‍රයක්, මවුන්ටන් වර්ගයේ පාපැදියක් , පරිගණක යන්ත්‍ර ඇමුණුම් කිරීම සඳහා යොදා ගන්නා වයර් විශාල ප්‍රමාණයක් තිබූ බවත් පොලීසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තාක්ෂණ උපදෙස් ආයතනය කඩා බඩු ඉස්සූ තුනක් මාට්ටු