රාජ්‍ය නිලධාරීන්ගේ ආත්ම ගරුත්වයට හානි නොවන අයුරින් කටයුතු කරන්නැයි ඇමැතිවරුන්ට උපදෙස් රාජ්‍ය නිළධාරීන් සමඟ කටයුතු කිරීමේදී ඔවුන්ගේ ආත්ම ගරුත්වය හා වෘත්තීය ගරුත්වය ආරක්‍ෂවන ආකරයට කටයුතු කරන ලෙස අද (12) පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් අමාත්‍යවරුන්ට අවවාද කර ඇත. 13 February 2020
‘‘මහමැතිවරණයේදී තැබැරුම් හිමි පුද්ගලයන්ට අපේක්ෂකත්වය දෙන්න එපා‘‘ මහ මැතිවරණයේදී තැබැරුම් බලපත්‍ර හිමි කිසිවෙකුට අපේක්ෂකත්වය මෙන්ම ඡන්දයද ලබානොදෙන්නැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති, ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානාහිමියෝ දේශපාලන පක්ෂ නායකයින්ගෙන් හා ජනතාවගෙන් අද (10) ඉල්ලා සිටියහ. 10 February 2020
‘යුද්ධය නිමා කළ ජනපතිට නවකවදය නතර කිරිම ලොකු දෙයක් නොවේ’ තිස් වසරක් තිස්සේ ඇදෙමින් පැවැති මිනීමරු යුද්ධයක් නතර කරගන්නට හැකියාව තිබු ගෝඨාභය රාජපක්ෂ මහතාට නවකවදය නතර කිරීම එතරම් ලොකු දෙයක් නොවනු ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10) පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය. 10 February 2020
කපිල චන්ද්‍රසේනට දේශපාලන සහයක් ලැබුණේදැයි සොයාබලන්න ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට හා ඔහුගේ බිරිඳට කිසියම් දේශපාලන හස්තයක සහයක් ලැබුණේ ද යන්න සොයාබැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය. 09 February 2020
සේවය ස්ථිර කිරීමේ ගැටලුවට විසඳුම් දෙන්නැයි පරිපාලන ඇමැතිට ලිපියක් අභ්‍යාසලාභී උපාධිධාරීන් සංවර්ධන නිලධාරී තනතුරේ ස්ථීර කිරීමේදී පත්වීම් බලාත්මක වන දිනයේ වරදක් හේතුවෙන් මාස හතරක සේවා කාලයක් ඔවුන්ට අහිමිව ඇතැයි ද එය නිවැරැදි කර දෙන්නැයි ඉල්ලමින් සංවර්ධන නිලධාරි සේවා සංගමය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට ලිපියක් යොමු කර ඇත. 06 February 2020
කන්තලේ දේශපාලන හයිකාරකම් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකී කන්තලේ බස් රථ අනතුර වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදී රොෂාන් කුමාර මාධ්‍යවේදියාට තම රාජකාරිය ඉටු කිරීමට ඉඩ නොදී කළ තර්ජනය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 05 February 2020
‘‘ශ්‍රී ලංකාවේ ජීවත්වන චීන ජාතිකයන්ට කරුණාවෙන් සලකන්න‘‘ ශ්‍රී ලංකාවේ ජීවත්වන සියලුම චීන ජාතිකයින්ට කරුණාවෙන් සලකා අවශ්‍ය උපකාර කරන්නැයි කාරුණික හදවත් ඇති ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින බව ආචාර්ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන අස්ගිරි නාහිමියෝ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරති. 04 February 2020
‘කොරෝනා සුවකරන්න වෛද්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් උපදෙස් ගන්න’ කොරෝනා වයිරසය ආසාධිත රෝගීන් සුව කිරීමට සමත් බටහිර හා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව ක්ෂේත්රයේ ප්‍රවීණයන් කැඳවා තොරතුරු ලබාගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය. 02 February 2020
‘‘සුරාබදු බලපත් හරහා අල්ලස් ගැනීමේ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා‘‘ සුරාබදු බලපත් ලබාදීම සඳහා අල්ලස් ලබාගත් බවට නගන අභූත චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 30 January 2020
‘19 අහෝසි කිරීමේ උත්සහයට සහය දෙන්නේ නෑ’ දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට ආණ්ඩුවේ සුදානමක් තිබෙන බවත් මේ උත්සහයට අපි සහය දෙන්නේ නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 23 January 2020
මාධ්‍යවේදී ජයමාන්නට එල්ල වූ ප්‍රහාරයේදී පොලිසියට චෝදනාවක් මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න මහතාට එල්ල වූ ප්‍රහාරය හෙළාදකින්නේ යැයි ද එම සිදුවීම සම්බන්ධයෙන් වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවන්නැයි ඉල්ලා සිටින්නේ යැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 20 January 2020
කාර්යක්ෂම - විධිමත් රාජ්‍ය සේවයක් ලබාදීම රාජ්‍ය සේවකයාගේ වගකීමක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම ඇතුළු පහසුකම් පුළුල් කිරීමට නම් රාජ්‍ය සේවකයන් කැපවී ක්‍රියාකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පැවැසීය. 19 January 2020
‘මාවනැල්ල බුදු පිළිම සිද්ධියේ විමර්ශන වලට බලපෑම් කළේ නෑ‘‘ මාවනැල්ලේ දී බුදු පිළිමවලට හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයට තමා කිසිඳු අවස්ථාවක බලපෑම් එල්ල නොකළ බව ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අද (14) පැවසීය. 14 January 2020
ශ්‍රී ලංකාවේ සංචාර කර්මාන්තය ප්‍රවර්ධනයට කොරියාවෙන් මූල්‍යම ප්‍රදානයක් මේවසර තුළදී මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 10.96 ක ප්‍රදානයක් ලබා දීමට කොරියානු රජය තීරණය කර ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සදහන් කරයි. 14 January 2020
රැකියා විරහිත උපාධිධාරිහු විරෝධතාවයකට සැරසෙති රැකියා විරහිත උපාධිධාරින්ගේ ගැටලුව පැරැණි ආණ්ඩුව මෙන්ම තොරොම්බල් කිරීමට අලුත් ආණ්ඩුව ද පියවර ගෙන ඇතැයි ද ඊට එරෙහිව ලබන 22 වැනිදා කොළඹදී දැවැන්ත විරෝධතාවයක් පවත්වන්නේ යැයි ද ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 14 January 2020
බලය තහවුරු කරගැනීමේ ගැටුම පටන් අරන් ආණ්ඩුවට මාස දෙකක් යන්නත් කලින් වියත් මගත්, මහින්ද රාජපක්ෂ අගමැතිගේ කණ්ඩායමත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමත් නව ආණ්ඩුව තුළ තම තමන් නියෝජනය කරන කණ්ඩායම්වල බලය තහවුරු කරගැනීමේ ගැටුම පටන් අරන් යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (12) පැවසීය. 12 January 2020
‘‘අල්ලස් ගන්නා නිලධාරීන් ගැන පියවර ගන්න‘‘ - ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න ජනතාවගෙන් අල්ලස් ලබාගන්නා , සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිළිබඳව සොයාබලා වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට අද (09) උපදෙස් ලබා දුන්නේය. 09 January 2020
‘වත්මන් ආණ්ඩුව දේශපාලනඥයින්ගෙන් - ජනතාවගෙන් පළිගන්නවා’ එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ යහපාලන ආණ්ඩුව 19 වන සංශෝධනය මගින් ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරද්දී වත්මන් ආණ්ඩුවට හැකිවී ඇත්තේ දේශපාලනඥයන්ගෙන් සහ ජනතාවගෙන් පළිගැනීමට පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිති කටයුතු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය. 09 January 2020
‘‘රන්ජන් කළ දේ රන්ජන්ටම පරාවළල්ලක් වෙලා‘‘ හඬපට පටිගත කරමින් රන්ජන් රාමනායක මහතා කටයුතු කළ ආකාරය හරියි කියා තමන් අනුමත නොකරන බවත් ඔහු සිදුකළ දේ අවසානයේ ඔහුටම පාරාවළල්ලක් වූ බවත් පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය. 08 January 2020
‘හඬපට වලට මුවා වී රජය ජනතා ප්‍රශ්න අමතක කරන්න හදනවා‘ නමුත් වත්මන් රජය හඬපටවලට මුවා වී ජනතා ප්‍රශ්න අමතක කිරීමට උත්සාහ ගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පැවසීය. 08 January 2020
ඉරානයේ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් ඉරානයේ ජ්‍යෙෂ්ඨ හමුදා නායකයෙකු ඝාතනය වීමත් සමඟ, මැද පෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 07 January 2020
‘හිටිහැටියේ ගේන අරුම පුදුම ව්‍යවස්ථා ගැන අවංකත්වයක් දකින්න බැහැ‘ ජනාධිපතිවරයාගේ තිබූ බලතල කප්පාදු කර රටට නොගැලපෙන ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කළ ඇතැම් පුද්ගලයන් හිටි හැටියේ අරුම පුදුම ව්‍යවස්ථා සංශෝධන ඉදරිපත් කිරීම ගැන අවංකත්වයක් දැකිය නොහැකි බව යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා කොළඹදි අද(05) පැවැසීය. 05 January 2020
නිදහස් වීසා අප්‍රේල් 30 තෙක් දිගු කරන්න යයි රටවල් 48 ක් සදහා ලබාදී තිබූ නිදහස් වීසා කාලය අපේ‍්‍රල් මස 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අනුමැතිය ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 01 January 2020
ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානි කරන්න උත්සහ කළේ නෑ ස්විට්සර්ලන්තය කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා රජයේ ප්‍රතිරූපයට හානි කිරීමට අදහස් කළේ නැතැයි ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 31 December 2019
‘විපක්ෂයේ මන්ත්‍රීව දඩයම හෙළා දකිනවා’ - හිරුණිකා ආණ්ඩුවේ අඩුපාඩු ජනතාව අතරට යැවීමට සිටින විපක්ෂයේ ප්‍රබල මන්ත්රීවරුන්ව අනවශ්‍ය චෝදනා නඟමින් සිරගත කරන ආණ්ඩුවේ වැඩපිළිවෙළ තරයේ හෙළා දකිනවා යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (27) පැවසුවාය. 27 December 2019
දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ක්‍රියාවිරහිත බව ඇමැති කියයි දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ක්‍රියාවිරහිත වී ඇතැයි දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවසීය. 26 December 2019
මහ මැතිවරණයට වාමාංශික පක්ෂ එක්වූ සන්ධානයකින් තරග කරනවා ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සදහා වාමාංශික පක්ෂ කිහිපයකින් සැදුම්ලත් සන්ධානයකින් තරග කරන බව ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතා අද (24) සදහන් කළේය. 24 December 2019
එක්සත් ජාතීන්ගේ සහකාර ලේකම්වරිය දිනේෂ් ගුණවර්ධන හමුවෙයි දැනට ශ්‍රී ලංකාවේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම්වරිය හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියා පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය වන කන්නි විග්නරාජා මහත්මිය සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් පවත්වා ඇත. 24 December 2019
ගුරු සංගමයෙන් චෝදනාවක් උසස් වීම් ලද ගුරුවරුන්ට ලැබිය යුතු වසර නවයක හිඟ වැටුප් ගෙවීම අධ්‍යාපන අමාත්‍යංශයත් පළාත් සභාත් වසර අටක් තිස්සේ මඟහරිමින් සිටින බව ලංකා ගුරු සංගමය පවසයි. 24 December 2019
‘පාඨලී අත්අඩංගුවට ගැනීම ප්රජාතන්ත්රවීරෝධීයි’ පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමෙන් වත්මන් ආණ්ඩවේ ඒකාධිපති, ප්රජාතන්ත්රවිරෝධී වැඩපිළිවෙළ පැහැදිලි වන බවත් මහජන නියෝජිතයන් ලෙස ආණ්ඩුවේ මෙම වැඩපිළිවෙළ දැඩි ලෙස හෙළා දකින බවත් ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් වූ පළාත් පාළන නියෝජිතයන්ගේ සංසදය කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් අද (22) පැවසීය. 22 December 2019
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026