(නාලක සංජීව දහනායක)
රටවල් 48 ක් සදහා ලබාදී තිබූ නිදහස් වීසා කාලය අපේ‍්‍රල් මස 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අනුමැතිය ලබාගැනීමට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරන බව කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය.
පසුගිය වසරේ අපේ‍්‍රල් මස 21 වැනිදා එල්ලවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් පසුව මෙරටට සංචාරකයන්ගේ පැමිණීම ඉතාම අවම මට්ටමක පැවැතීම නිසා පසුගිය වසරේ අගෝස්තු මස සිට සංචාරකයන් මෙරටට පැමිණීමේ නිදහස් වීසා පහසුකම ලබාදී තිබිණි.
එම නිදහස් වීසා කාලය මේ මස 31 වැනිදායින් අවසන් වීමට නියමතව තිබුණි. නමුත් මේ වනවිට සංචාරකයන්ගේ පැමිණීම ඉහළ ගොස් ඇතත් එය තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම නිදහස් වීසා කාලය ලබාදෙන බව අමාත්‍යවරයා කීය.
ඇමරිකාව, ඕස්ටේ‍්‍රලියාව, චීනය, ඉන්දියාව, ඉතාලිය, ජපානය, රුසියාව, ජර්මනිය, ප‍්‍රංශය, ස්විස්ටර්ලන්තය ඇතුළු රටවල් 48 ක් සඳහා මෙම නිදහස් වීසා පහසුකම ලබාදී තිබිණි.
2025 ඔක්තෝබර් මස 08
1653
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1401
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
500
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නිදහස් වීසා අප්‍රේල් 30 තෙක් දිගු කරන්න යයි