IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


‘කොරෝනා පරීක්ෂණ පෞද්ගලික රෝහල්වලට දුන්නොත් ලාභ උපයන ඉල්ලමක් වේවි‘

(මුදිතා දයානන්ද )
 
කොරෝනා පිළිබඳ වෛද්‍ය පරික්ෂණ සිදුකිරිමට පෞද්ගලික රෝහල් දෙකකට අවස්ථාව දී තිබෙනවා. රජයේ රසායනාගාර පරීක්ෂණ ආයතන අවශ්‍ය පරිදි සුදානම් නොකළ හොත් පුද්ගලික අංශය මෙය ලාභ උපයන ඉල්ලමක් බවට පත් කරගත හැකි යැයි සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා අද (15) පැවසීය.
 
ඔහු මේ බව පැවසුයේ පුංචි බොරැල්ලේ පිහිටි හෙද සංගම් කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමිනි.

එහිදි ඔහු මෙසේද පැවසීය.
 

කොරෝනා වෛරසය ලෝකය පුරා පැතිරිම ආරම්භ වුණ මුල් කාලයේදීම තමයි විදේශවලින් ලංකාවට සංචාරකයින්  පැමිණිම වළක්වන්න තිබුණේ. විදේශ සංචාරවලට ගොස් ආපසු එන ලාංකිකයන් නිරෝධායනය කළ යුතුව තිබුණේ. එහෙත් ඒක කළේ නැහැ. අදටත් සංචාරක තහනම නවත්වා තිබෙන්නේ යුරෝපා රටවලට පමණයි. චීනයෙන් තමයි රෝගය පැතිරුණේ. ඒත් චීනයට ඒ තහනම නැහැ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කියනවා චීනය දැන් රෝගය පාලනය කරගෙන තිබෙන නිසා නිරෝධායනය කිරිමේ අවශ්‍යතාවයක් නැහැ කියලා.

ආණ්ඩුවේ නිසි සැලැස්මක් නැතිකම නිසා දින කීපයක් ඇතුලත් අපේ රටේ වේගයෙන් රෝගය පැතිරෙමින් යනවා. සෞඛ්‍ය අමත්‍යාංශයේ ලේකම්ට මේ සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් නැහැ. අවම වශයෙන් ඇමති කියන දේ කරන්නවත් ලේකම්ට උනන්දුවක් නැහැ. මෙහිදි ජීවිත අවදානම නොතකා නිරෝධායන කටයුතුවල යෙදෙන යුද හමුදාවේ සේවය අපි අගය කළ යුතුයි.

දැන් බෝවන රෝග පිළිබඳ රෝහල් හා ඒ සඳහා වෙන්කරන ලද ආයතන හැර තවත් රෝහල් රැසක කොරෝනා රෝගීන් ඇතුළත් කරගැනීමට කටයුතු කර තිබෙනවා. එහෙත් තවමත් ඇතැම් රෝහල්වල ඒ සඳහා වෙනම වාට්ටුවක් සකස් කර නැහැ. ඇතැම් රෝහලක වෙන්කරන ලද වාට්ටු පවතින්නේ වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දුපෙරණ   ඒකක පවතින ස්ථානය ආසන්නයේ. එය දැඩි අවදානම් සහිතයි.

ඒ වගේම මේ රෝහල්වල වෛද්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය ඇඳුම්, ඇස් ආවරණ, මුඛ ආවරණ, හා වෙනත් වෛද්‍ය උපකරණ ප්‍රමාණවත් ලෙස නැහැ. වහාම මේ අඩුපාඩු සකස් කිරිම සඳහා මැදිහත් වන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

අපේ වෛද්‍ය පර්යේෂන ආයතනය පැය විසිහතරම වැඩ කරන්නේ නැහැ. ඒ නිසා රාත්‍රි කාලයේදී අවශ්‍ය පරික්ෂණ වාර්තා ලබාගන්න බැහැ. මේ රෝගයේ ස්වභාවය අනුව වෛද්‍ය පර්යේෂන ආයතනය පැය විසිහතරම වැඩ කළ යුතුයි. ඒ වගේම අපේ රටේ මෙවැනි පරීක්ෂන සඳහා අවශ්‍ය තෙවන මට්ටමේ රසායනාගාර පරික්ෂණ ආයතනයක් නැහැ. හදපු පරීක්ෂනාගාරයක් ගෙනත් ස්ථපිත කරන්න යන්නේ සතියක් වැනි කාලයක්.
 
අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබන සමහර කොරෝනා රෝගීන්ගේ වෛද්‍ය වාර්තා ලබාගෙන තිබෙන්නේ ජයවර්ධනපුර රෝහලෙන්. ඒක වැරදි ක්‍රියාවක්. ඒ වගේම මේ වෙනකොට කොරෝනා වෛද්‍ය පරීක්ෂණ පෞද්ගලික රෝහල් දෙකක සිදුකිරිමට අවසර දී තිබෙනවා. ඒ සඳහා රුපියල් 17,000ක් වැය වන බවත් දැන ගන්න ලැබුණා.
 
 මෙය දුප්පත් අසරණ මිනිසුන්ට දරාගත නොහැකි මිලක්. ඒ නිසා වහාම රජයේ පරීක්ෂනාගාර අඩුපාඩු සකස් කර අවශ්‍ය පරිදි සූදානම් කිරිම රජයේ වගකීමයි.  එසේ නොවුණහොත් මේක ලාභ උපයන ඉල්ලමක් කරගන්න පුද්ගලික වෛද්‍ය ආයතන පෙළඹිය හැකියි.
 



අදහස් (0)

‘කොරෝනා පරීක්ෂණ පෞද්ගලික රෝහල්වලට දුන්නොත් ලාභ උපයන ඉල්ලමක් වේවි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1315 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 455 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site