IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මුළු දකුණම අප ජය ගන්නවා

(චන්ද්‍රසිරි ගුණසේකර)

මෙම ජනාධිපතිවරණයේදී මුළු දකුණු පළාතම ජයග්‍රහණය කොට ජනබලයෙන් ජනසවියෙන් අපේ රටේ දුක නිවාලන යුගයක් නිර්මාණය කිරීමට අප කටයුතු කරනවා. ඒ වගේම ආරම්භයක් හැටියට එක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසකය එක නිෂ්පාදන කර්මාන්තශාලාවක් හෝ ආරම්භ කිරීමට අප කටයුතු කරනවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවැති සමගි ජනබලවේගයේ "ජනපවුර" ගාල්ල දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙම ජනරැළිය සංවිධානය කර තිබුණි.

වැඩිදුරටත් ජනතාව ඇමතු විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.

මම මේ රටේ ජනතාවටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවටත් ප්‍රකාශ කරනවා වගකීම මටත් මගේ කණ්ඩායමටත් භාරදෙන්න රටට අවශ්‍ය ඩොලර් ටික, රුපියල් ටික,සම්පත්ටික කොහොමහරි අප ලබාගන්නවා.

ගාල්ල දිස්ත්‍රික්කය ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන දිස්ත්‍රික්කය බවට අපි පරිවර්ථනය කරනවා. ආරම්භයක් හැටියට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම එක නිෂ්පාදන කර්මාන්තශාලාවක් හෝ ආරම්භ කිරීමට අප සැලසුම් කරනවා.

අපේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා. සමාජීය වශයෙන් දැවැන්ත විෂමකාරී තත්ත්වයකට පත්වෙලා. එක කණ්ඩායමක් බලයෙන් උන්මාද වෙලා ජනතාවගේ මතයට සවන් නොදී සදාකාලිකවම බලයේ රැඳී සිටින්න උත්සාහ දරනවා. තව කණ්ඩායමක් ඊර්ෂ්‍යාව, කුහකකම ,වෛරය, ප්‍රචණ්ඩත්වය තම දේශපාලන ගමනේ ප්‍රමුඛ වැඩපිළිවෙළ හැටියට නිර්මාණය කර රට තවදුරටත් විනාශ කරන්නට උත්සාහ දරනවා. ඉදිරි ජනාධිපතිවරණයේ දී මුළු දකුණු පළාතම ජයග්‍රහණය කොට ජන බලයෙන් අපේ රටේ දුක නිවාලන යුගය නිර්මාණය කරනවා.

'සමගි ජන බලවේගය ප්‍රධාන වශයෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කරන ජනතාවාදීත්වයට මුල් තැන දෙන ජාතිකත්වය කේන්ද්‍ර කරගත් නූතනවාදී දේශපාලන පක්ෂයක්.

ප්‍රෝඩාව මුලාව කේන්ද්‍ර කරගෙන ජනතාව අන්දවන ජනතාව රවටන ප්‍රෝඩාකාරී දේශපාලනය අපි ක්‍රියාත්මක කරන්නේ නෑ. ‍ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමේ ,ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමේ, කුඩා ගම්මාන, කුඩා නගර මට්ටමේ දැවැන්ත සංවර්ධන වැඩසටහනක් අපි නිර්මාණය කර අවසන්.එහි වගකීම මටත් මගේ කණ්ඩායමටත් බාර දෙන්න.

රටට අවශ්‍ය ඩොලර් ,රුපියල් ඇතුළු සම්පත් කොහොම හරි ලබාගන්නවා. මේ රටේ හැත්තෑ හය වසරක දේශපාලන ඉතිහාසයේ බලයක් නැතිව, තනතුරු, රාජ්‍ය වරදාන ,වරප්‍රසාද නැතිවසෞඛ්‍යය, අධ්‍යාපන ක්ෂේත්‍ර ගොඩනගන්න අප විපක්ෂයේ සිට කටයුතු කළා.ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22 සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කරනවා.

පළාත් පාලන කොට්ඨාස 270 ක් ග්‍රාම නිලධාරී කොට්ඨාස 895 ක් දියුණු කරන බිම් මට්ටමේ සංවර්ධන සැලැස්මක් මුළු රටටත් ගාල්ල දිස්ත්‍රික්කයටත් ක්‍රියාත්මක කරනවා.ග්‍රාම නිලධාරී වසම් වල හැම කුඩා ගම් නගර ඒකකයකටම විශේෂිත සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම එක නිෂ්පාදන කර්මාන්තශාලාවක් හෝ ආරම්භ කරනවා.එදා ඇඟලුම් කම්හල් දෙසීය නිර්මාණය කරනකොට අපහාස විවේචන අවලාද එල්ල කළා .ගාල්ල දිස්ත්‍රික්කයේ හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නිෂ්පාදන කර්මාන්ත පාරාදීසයක් බවට පත්කරනවා.

හැම පාසලකම තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට මුල් තැන දෙනවා.දැවැන්ත නිපුණතා කුසලතාවයන් වලින් පිරි ශ්‍රම බලකායක් අපේ රටේ නිර්මාණය කරනවා.ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය සහ ධීවර කර්මාන්තය දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා.තේ වගාව කුරුඳු වගාව ඉතාම ශක්තිවන්තව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.සංවර්ධනය ජනතාවගේ මුදල් පසුම්බියට ගලා එන ආකාරයට අපේ රටේ සංවර්ධන වැඩ ක්‍රියාත්මක කරනවා.

අප කෙටිකාලීන තීන්දු ගන්නේ නෑ.වරදාන වරප්‍රසාද බලාගෙන තීන්දු තීරණ ගන්නෙත් නෑ.රට සහ දරු පරපුර ගැන සිතා කටයුතු කරනවා.පොදු ජනතාවගේ ජනාධිපතිවරයකු මිස අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු වීමට මා බලාපොරොත්තු නෑ. පොදු ජනතාවගේ ශක්තිය සහ ආශිර්වාදය තුළින් ජයග්‍රහණය කරනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ආසන වලින් විශාල ජනකායක් මෙම රැස්වීම සඳහා පැමිණ සිටි අතර සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක, චන්දිම වීරක්කොඩි ,ශාන් විජයලාල් ද සිල්වා ,ඩලස් අලහප්පෙරුම, ආචාර්ය හර්ෂද සිල්වා ,නලින් බණ්ඩාර යන මහත්වරු ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්ද සභාව ඇමතූහ.මෙහිදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපතිවරු දෙදෙනකු සහ හිටපු මන්ත්‍රීවරු තිදෙනකු ද බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරු දෙදෙනකු ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහායට එක්වීම විශේෂ සිද්ධියක් විය.

 



අදහස් (10)

මුළු දකුණම අප ජය ගන්නවා

Tiron Monday, 12 August 2024 01:12 PM

කොල්ලත් අනුර වගේ පොකට් එකට අත දාගෙන දැන් කතා කරන්නේ...

:       15       136

Kumara Monday, 12 August 2024 01:13 PM

දූෂිත දේශපාලනය අවසන් කරන අපේ 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක...!

:       144       56

කෝරළගේ Monday, 12 August 2024 01:19 PM

පොහොට්ටු කම්බ හොරු රැල සජිත් වටේ තියාගෙන මේ කරන තක්කඩි වැඩේ නිසා අපි සජබෙට ඡන්දය දෙන්නේ නැහැ. මෙහෙම ගියොත් සජිත් කපෝතියි...!

:       92       50

sunimal Monday, 12 August 2024 01:46 PM

ඔයා ඔය මොන රැඟුම් දැම්මත් 22 දාට බලාගන්නකෝ... ඔයාට තියෙන්නේ ඡන්ද ලක්ෂ 23 යි. රනිල් 1 අනුර 2 ඔයා 3. ඊට පස්සේ පුළුවනි කොල්ලට යාල කලේ හැංගෙන්න...

:       36       61

Namal Monday, 12 August 2024 02:32 PM

රනිල් ජය ගන්නවා ඔයාට ආයේ කෑලෙට යන්න වෙනවා පින්තූර ගන්න

:       26       61

pradeep Monday, 12 August 2024 03:53 PM

අනුර දකුණු පළාතෙන් ඡන්ද 55% ක් පමණ ගන්නවා.

:       34       20

ගමේ එකාලා Monday, 12 August 2024 03:56 PM

දවල් හීන දකිනවා. ඡන්දේ දෙන්නේ කාටද නැද්ද කියන එක ජනතාව වෙලාවට තීරණය කරාවි.

:       28       15

ගමේ එකාලා Monday, 12 August 2024 03:57 PM

දවල් හීන දකිනවා. ඡන්දේ දෙන්නේ කාටද නැද්ද කියන එක ජනතාව වෙලාවට තීරණය කරාවි...

:       28       30

sarath Monday, 12 August 2024 07:10 PM

ගොබ්බයෝ... ඔය කියන කවුරුවත් නෙවෙයි, ජනාධිපති වෙන්නේ එදාට... බලමු පුතාණෝ...

:       4       10

Chandra Monday, 12 August 2024 11:42 PM

මොලයක් නැහැ කියල හැමෝම කියන කතාව ඇත්ත . පව් , මෝඩ කමට ලෝකේ තවම බෙහෙතක් හොයාගෙන නැහැ . ඉස්සෙලම යහපත් පුරවැසියෙක් වෙලා එන්න නම්බු පිටින් මේ රටේ වැදගත් මනුස්සයෙක් තමයි ජනාධිපති කියල. ජනතාවට ආඩම්බර වෙන්න .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 10 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1997 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site