එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය යළි එක්විය යුතුය යන යෝජනාව කොළොන්නාව ආසනයේ සජබ සහ එජාප සාමාජිකයන් අද (14දා)  ඒකමතකිව සම්මත කරගත්හ.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සංවිධානය කළ කොළොන්නාව එජාප - සජබ හමුවේදී මේ යෝජනාව සම්මත කරගත් අතර මෙය ඉදිරියේ දී මෙම පක්ෂ දෙකේ දුරස්ථභාවය නැති කිරීම වෙනුවෙන් කොළොන්නාව පාක්ෂිකයන්ගේ එකමුතුව පෙන්වීමක් බව එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. මේ අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ මරික්කාර් මහතා පැවසුවේ රටේ වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග විසීරි සිටීමෙන් ප්‍රයෝජනයක් නොවන බවය.

මෙම අවස්ථාවට සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මෙන්ම ප්‍රදේශයේ එජාප සහ සජබ පාක්ෂිකයන් රැසක් එක්වූහ.