IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මිහින්තලේ හිමියෝ සජිත්ට සහය පළකරති

(බී.ජී. චතුරංග)

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී රටේ ජනතාවගේ සහයෝගය සමගි ජනබල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන්නයි ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති  වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියෝ පැවසූහ.

ධම්මරතන නා හිමියන් මේ බව කියා සිටියේ  ජනාධිපති අපේක්ෂකවරුන් වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවලියට සජිත් ප්‍රේමදාස මහතාගේ එකඟතාවය පළවීමෙන් අනතුරුව එම එකඟතා ලිපිය පිරිනැමීම සඳහා පැමිණි දූත පිරිස සමග අදපැවති සාකච්ඡාවකදීය.

ඒ සඳහා වූ එකඟතා ලිපිය නායක හිමියන් වෙත පිරිනැමීම සමගි ජන බලවේගය බුද්ධි මණ්ඩපයේ සාමාජිකයන් වන මහාචාර්ය ගාමිණී රත්නත් ශ්‍රී හා මහාචාර්ය දුනේෂ් ගුණතිලක යන මහතුන් ඇතුළු දූත පිරිස විසින් සිදු කලහ.

ආනයන සහ අපනයන වෙළඳාම ඇති කරමින් පෘතුගීසින් පැමිණීමට පෙර යුගය නැවත ශ්‍රී ලංකාව තුළ ඇති කිරීම , උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීම , ජාතින් අතර සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් සිංහල හා දමිළ භාෂාවන් සියලු ජනතාවටම ඉගැන්වීම , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම දුරයට පත්වීමට පෙර ආගමික සිද්ධස්ථාන සඳහා ලබා දී තිබූ සහනශීලි පිළිවෙත නැවත ඇති කිරීම , රාජ්‍ය පාලනය කිරීමේදී යෙන්ම ආගමික නායකයින්ගේ අනුශාසනා ලබා ගත යුතු වීම , ආදී වාසී ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටුකිරීම , වර්තමානයේ පවතින විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීම හා පුරාවිද්‍යා පනත නැවත සංශෝධනය කර සාංඝික දේපළවල අයිතිය සම්බුද්ධ ශාසනයට පැවරීම යන යෝජනාවන් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන් විසින් ජනාධිපති අපේක්ෂකවරුන් වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවලියන් වෙයි.

 



අදහස් (8)

මිහින්තලේ හිමියෝ සජිත්ට සහය පළකරති

රමණි Tuesday, 13 August 2024 05:28 AM

දැන් මේ හාමුදුරුවෝ ඡන්දය ඉල්ලන අපේක්ෂකයෙක් නේද. ඉතින් දැන් මොකද මේ තමන් ඡන්දය දිනන්න බලන්නේ නැතුව අනුන්ව දිනවන්න හදන්නේ. ඡන්ද දායකයන්ව රැවටීමක් නේද මේ කරන්නේ

:       0       0

සෙනෙවිරත්න Tuesday, 13 August 2024 06:37 AM

මෙයා වැරැදිලාවත් දිනුවොත් නැවත ප්‍රේමදාස කරපු විකාර නැවතත් කරන එක දැන්නම් සහතිකයි... මතකයි ආර්යාව ගෙනත් රඟපෑම්, මෙයත් එහෙමයි. ඕනෑවට වඩා ආගම කරපින්නාගෙන කරන නාඩගම්... මෙයත් යන්නේ එතැනටම තමයි...

:       0       0

රනේ Tuesday, 13 August 2024 07:11 AM

අන්තිමට හැංගෙන්නම තමයි වෙන්නේ... දුකයි..!

:       0       0

Walaha Tuesday, 13 August 2024 09:09 AM

අපි හිතුවා පොල් පැලේ කයි කියලා...

:       0       1

Roshan Tuesday, 13 August 2024 09:32 AM

හොරාට කලින් කෙහෙල් කැන වැට පනින කොට අපි දන්නවා මෙයා හැරෙන්නේ කොහොටද කියලා

:       3       24

ලසන්ත Tuesday, 13 August 2024 09:32 AM

මේ සේයාරුවින් සබ්බ දුක්ඛ නිස්සරණය, අප්පිච්ඡ දිවිපවැත්ම වගේ ඒවා ප්‍රකට වේ.

:       3       19

අරවින්ද මොනරවිල Tuesday, 13 August 2024 09:57 AM

හානා හීය පානා හඬ හැරෙන් දැනේ කියලා ගැමි වහරේ කියමනක් තියෙනවා.. ඒක මතක් වුණා මේ නිවුස් එක දැක්කාම. ඒත් අපි බැලුවා ධම්මරතන නාහිමියෝ මොකද මෙතරම් ප්‍රමාද කියලා.

:       0       1

සන්ක Tuesday, 13 August 2024 10:37 AM

හාමුදුරුවනේ අපිනම් සජිත්ට ඡන්දෙ දෙන්නෙ නැහැ.මොකද පොහොට්ටු කම්බ හොරු සේරම දැන් සජඛෙට අරගෙන.දැන් ගමේ ජනතාව කියන්නෙ සජඛෙයි පොහොට්ටුවයි දෙකම එකයි කියල.ඉතින් දැන් ගමේ ජනතාව සේරම ඡන්දෙ දෙන්න මාලිමාවට. අනේ හාමුදුරුවනේ දැන් සජඛෙයි පොහොට්ටුවයි දෙකම එකයි.

:       5       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 10 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1997 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site