
(යොහාන් භාසුර)
මෙරට ජනතාවගේ අවශ්‍යතාවයන් සහ අහිංසක බලාපොරොත්තු ඉටුකිරීම සිය වගකීම ලෙස සලකන බවත් අහිංසක දෙමව්පියන්ගේ මෙන්ම තරුණයන්ගේ බලාපොරොත්තු ඉටු කළ හැකි දැවැන්ත වැඩපිළිවෙළක් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින බවත් එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමෙන් පසුව පාක්ෂිකයන් හමුවට ගිය නාමල් රාජපක්ෂ මහතා එසේ පැවසීය.
තමන් මෙම මැතිවරණයට ඉදිරිපත් වූයේ ජයග්‍රහණය කිරීමට බවත් මෙරට ජනතාව සහ රට ආරක්ෂා කිරීමේ දැඩි අවශ්‍යතාවයක් තමන්ට ඇති බවත් රාජපක්ෂ මහතා කීය.
නූතන පරම්පරාවේ දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තමන්ට හැකියාවක් ඇති බව කී නාමල් රාජපක්ෂ මහතා මෙරට අම්මා තාත්තගෙන්, තරුණයන්ගෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතු වන ලෙස ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ අපේකම ආරක්ෂා කරන ගමන් නූතන පරම්පරාවට ගැළපෙන ආකාරයට රට සකස් කිරීමට නවීකරණය සඳහා ගමන් කිරීමට එකතුවන ලෙස ඉල්ලා සිටින බව ද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔය මූණු ටික බලාගන්න. හාන්න වත් ගන්න හොඳ නෑ ඔය අම්බරුවො ටික නම්.
රට වනසපු මහ හොරු කැළක් එක තැනක සෙට් වෙලා
වටේ ඉන්න සෙට් එක
රටේ මිනිසුන්ගේ අහිංසක බලාපොරොත්තු උපන් ගෙයිම මරලා දාපු ඔබලා නැවත ඒ බලාපොරොත්තු ඉටු කරනවා යැයි කීම විහිළුවක් කියලා හිතෙන්නේ නැද්ද?
රට හූරා කෑමට ඔබට ඇති අහින්සක බලාපොරොත්තුවද ?
පොදුජන පෙරමුණ රාජපක්ෂවරුන්ගේ පක්ෂය කිව්වොත් නිවැරදියි. නාකත්වය රාජපක්ෂවරුන්ගෙන් පිටට නොදෙනබව පැහැදිලිවම පෙන්වාදී ඇත.මෙය සාමාන්‍යයෙන් දේශපාලන පක්ෂයක සිදුවන දෙයක් නොවේ.ඒ නිසා බලය ලැබුනොත් මොනවා කරයිදැයි සිතාගත නොහැක.
සිංහල බෞද්ධ නායකයෙක් රටට අවශ්‍ය . මෙතුමා පළමුව තරුණ පරපුරක් පමණක් ළඟට ගත යුතුයි . පරම්පරා ගාණක් හොරකමට හුරු වූ අය ඉවත් කරගත යුතුයි .අනාගතයේ දිනයක ඔහු ජනාධිපති වන්නෙ එවිටයි.
ලංකාවේ අහිංසක ජනතාවගේ ලේ මාංශ උරා බීලා පරම්පරා ගණනාවකට ඇති වෙන්න හොරා කාලා රට නැති කරපු කාලකණ්නි හොර හැත්ත දැන්ද කරන්න හිතුවේ. ඔයා හිතන්නේ ජනාධිපති කියලාද? කවදාවත්ම හරියන්නේ නැහැ. සීලරතන හිමිට ජන්දය දුන්නත් ඔයාට නම් දෙන්නේ නැහැ. සේරම හොරු...
කිරිපුතේ උඹලාට ඒ කාලේ තිබුණු ගාය අපිට අමතක නැහැ . නැවත මේ සසරේදී රාජපක්ෂලාට මේ රටේ බලය ලැබෙන්නේ නැහැ .
දූෂිත පවුල් පාලනේ අය රටට කරපු විනාසේ හොඳට ඇති. මහ එකාලා කිව්වේත් ආසියාවේ ආශ්චර්යය, සෞභාග්‍යයේ දැක්ම, තාරුණ්‍යයට හෙටක් කරනවයි කියලා. ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු දූෂිත, බලලෝභී, බඩගෝස්තරවාදී රැවටිලි කාරයෝ රටට සාපයක්..., ස්වභාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දඬුවම් ලැබේවා...!
මේ හොරුන්ට ආවඩන මිනිස්සු තවත් ඉන්නවනේ... අනේ අපොයි කවදා මොවුන්ට මොලේ පෑදේවිද මන්දා...?
මෙතන නාමල්ට බනින ජේප්පෝ දැක්කේ නැතුව ඇති අනුර කුමාර කට පුරා හිනා වෙලා නමල්ගේ අත් දෙක අල්ලාගෙන සතුටු සාමීචියේ යෙදෙන හැටි...
නාමල්ට ගොඩක් අය බයෙන් ඉන්නේ. ඒකනේ මේ සැදී පැහැදී මඩ ගහන්නේ...!
මේ රට විනාශයට ගෙන ගිය (JVP ) මාලිමාව මේ මැතිවරණයේදී අන්ත පරාජයකට පත් වේවා, මියගිය තරුණ තරුණියන්ගේ ලේ වල සාපය මාලිමාවට අත්වේවා..!