“මන්දිර දේශපාලනය, ජනපති වැටුප, වෙඩි නොවදින වාහන එපා“ “ධීවර, කෘෂිකර්ම සහ සංචාරක කර්මාන්ත දියුණු කරමින් තොරතුරු තාක්ෂණය පදනම් කරගත් ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ගොඩනැගීමට කැපවන බව”, නව ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තංගල්ලේදී පැවැසීය. 12 November 2019
“රට ගොඩනැගීමේ නිවැරදි වැඩපිළිවෙල ඇත්තේ අපිටයි“ ප්‍රධාන පක්ෂ දෙකේ දේශපාලන අපේක්ෂකයන් ඡන්ද දායකයා විහිළුවට ගෙන ඇති බවත් බොරු පොරොන්දු වෙනුවට රටේ සියලු ජනතාව ඒකරාශී කරගනිමින් රට ගොඩනැගිය හැකි නිවැරැදි වැඩපිළිවෙළ ඇත්තේ තම කඳවුරේ බවත් ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මහනුවර දී ඉකුත්දා පැවැසීය. 11 November 2019
“ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රජාතන්තවාදය ඇත්තේ එක තැනකයි“ “පිටු 80කින් යුත් ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ‘ප්රජාතන්ත්රවාදය’ වචනය සඳහන් වී ඇත්තේ එකම එක තැනක පමණකැයි අවධාරණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එමඟින් පිළිබිඹු වන්නේ ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක් පිළිබඳව ඔහු තුළ කැපවීමක් හෝ විශ්වාසයක් හෝ නැති බව” යැයි ප්‍රකාශ කළේය. 11 November 2019
“16 වැනිදා උදාවෙන්නේ මානව හිතවාදී යුගයයි“ “ජාති ආගම් බේදයෙන් තොරව එක නීතියක් යටතේ සැමට සමානව සලකන රටක් බිහි කරන බව” නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා උතුරු සහ නැගෙනහිර පළාත්වල ජන රැලි අමතමින් පැවැසීය. 11 November 2019
“රණවිරු සුබසාධනය වෙනුවෙන් කැපවී වැඩකරනවා“ යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන්ට හා මියගිය රණවිරුවන්ගේ පවුල්වල යැපෙන්නන්ට මාසික වැටුප හා විශ්‍රාම වැටුප දිගටම ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (8) දඹුල්ල නගරයේදී පැවැසීය. 11 November 2019
‘‘සියලු ආගම් - ජාතීන් සුරකින රටක් නිර්මාණය කරනවා‘‘ බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදෙන අන් ජාතින් සුරක්ෂා කරන ජාතිආගම් බේද නැති ඒකීය ශ්‍රීලංකාවක් ගොඩනගන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (10) වැනදා පැවසීය. 10 November 2019
ජනවාරියේ රැකියා 54,000 ක් දෙනවා මේ වන විට රට පුරා උපාධිධාරින් 54,000 ක් සිටින බවත් දැනට රාජ්‍යය අංශයේ පවතින ලක්ෂයක පමණ රැකියා අබැර්තු වලින් ලබන ජනවාරියේ සිට එම උපාධිධාරීන්ට රැකියා දෙන බවත් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි. රාජපක්ෂ මහතා එසේ කීවේ අද (9 වැනිදා) නුවරඑළියේදී පැවැති ජනාධිපතිවරණ රැළියකදීය. 09 November 2019
සජිත්ගේ ඉල්ලුම දෙගුණවෙලා නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයාට රටේ ඇති ඉල්ලුම දෙගුණ වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය. 09 November 2019
‘‘ගෝඨාභය බලයට පැමිණීමෙන් පසු බියෙන් - සැකයෙන් තොරව ජීවත්වෙන්න පුළුවන්‘‘ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණීමත් සමඟ මේ රටේ සියළු ජාතීන්ට බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වීමට හැකි වන බවත් ඔහු සියළු ජාතීන්ට හිමි විය යුතු ගෞරවය හා ආරක්ෂාව සලසා දීමට කැප වෙන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා අද (08) අගුණකොළපෑලැස්සේදී පැවසීය. 08 November 2019
‘ජනතාව සිතිය යුත්තේ දිනන්නේ කවුද කියා නොව දිනවිය යුත්තේ කවුද කියායි’ මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව කල්පනා කළ යුත්තේ දිනන්නේ කවුද කියා නොව දිනවිය යුත්තේ කවුද කියා බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා අද(08) පැවසීය. 08 November 2019
“අපි මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප කපලා දානවා“ “මේ රට දුප්පත්. ඒත් මේ රට පාලනය කරන පාලකයන් පෝසත්” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 08 November 2019
“ප්‍රතිවාදියා ප්‍රශ්නවලින් පැන යන්නෙක්“ “නායකත්වය යනු ජනතාවට බලපාන ප්‍රශ්න හඳුනාගෙන විසඳුම් දීම මිස ප්‍රශ්න අනුන්ගේ කර මත පටවමින් පැන යෑම නොවේ” යයි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හාරිස්පත්තුවේදී පැවැසීය. 08 November 2019
“රාජපක්ෂ ආණ්ඩුව කිසිදාක දෙමළ, මුස්ලිම් ජනයාට එරෙහි වුණේ නෑ“ මහින්ද රාජපක්ෂ රජය කිසිවිටකත් මුස්ලිම් ජනතාවට හා දෙමළ ජනතාවට විරුද්ධව කටයුතු නොකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (6) බේරුවලදී පැවසීය. 08 November 2019
‘‘වෙඩි කන්නට ඕනෑ නම් පොහොට්ටුවට ඡන්දය දෙන්න බත් කන්නට ඕනෑ නම් හංසයාට ඡන්දය දෙන්න‘‘ බලයට එන්නට පෙර මිනිසුන්ට වෙඩි තබන්නට හැකියාව තිබෙන කල්ලියට වැරදීමකින් හෝ බලය ලැබුණහොත් සිදුවන්නේ කුමක්දැයි ජනතාවට අමුතුවෙන් කිව යුතු නැති බව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙනියාය මොරවකදී අ(07) පැවසීය. 07 November 2019
“රාජපක්ෂ පවුල උතුරු නැගෙනහිරට කළ දෙයක් නෑ“ ද්‍රවිඩ ජනතාවගේ කිසිදු සහයක් නැති පිල්ලයාන් නැගෙනහිර මහ ඇමති කරවන බවට ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරන්නේ ඒකාධිපති බලය යොදා ගෙන මෙරට පළාත් සභා ක්රමයද කඩා විනාශ කිරීමට යයි එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මඩකළපුවේදී ප්‍රකාශ කළේය. 07 November 2019
“මෙතෙක් රට පාලනය කළ සැමට වඩා උගත් බුද්ධිමත් කණ්ඩායමක් අප සමග ඉන්නවා“ “සමහරු අපෙන් අහනවා ඔයාලගේ සැලසුම් ප්‍රතිපත්ති සියලු දේ හොඳයි ඒත් වැඬේ කරන්න පිරිසක් කෝ කියලා. මෙතෙක් රට පාලනය කළ සියලු කණ්ඩායම්වලට වඩා, වඩා හොඳ, උගත් බුද්ධිමත් කණ්ඩායමක් අපට ඉන්නවා මේ වේදිකාව පිරිලා තිබෙන්නේ ඔවුන්ගෙන්” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඉකුත් දෙවෙනිදා පැවසීය. 07 November 2019
“කාන්තා හිංසනය නතර කිරීමට පියවර ගන්නවා“ කාන්තාවන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීම සඳහා කාන්තා හිංසනය නතර කිරීමට තම රජය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (5) ගලගෙදරදී පැවැසීය. 07 November 2019
“මගේ දේශපාලනය පොඩි මිනිහාටයි“ මහ පොළොව කොතනදැයි නොදැන වළාකුළුවල ජීවත්වන ඇත්තන්ට දුප්පත් ජනතාවට සේවය කරන්න තේරෙන්නේ නැතැයි, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හොරොව්පොතාන කහටගස්දිගිලිය ජන රැලියේදී පැවැසීය. 07 November 2019
“සමස්ත පුරවැසි පරපුරම ශක්තිමත් කරනවා“ “දූෂණ-වංචා සහ ජාතික සම්පත් කොල්ලකෑම්වලට සම්බන්ධ කිසිවකුත් තම රජයට ඇතුළත් කරගන්නේ නැතැයි” නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කලවානේදී පැවැසීය. 06 November 2019
“අපි දුප්පත්කම විකුණන්නේ නෑ“ මේ දවස්වල මැතිවරණ වේදිකාවල නත්තල් පප්පලා වගේ දෙන්නෙක් ඇවිත් දකින දකින දේ අපි නොමිලේ දෙනවා කිය කියා යනවා. අපි දුප්පත්කම විකුණන්නේ නැහැ. හැමෝටම හම්බකරගෙන කන්න පුළුවන් ආර්ථිකයක් රටක් නිර්මාණය කරනවා යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා (31) පැවසීය. 06 November 2019
“සෑම ජන කොටසකටම බය නැතිව ජීවත්වෙන්න පරිසරය හදනවා“ පාස්කු ඉරුදින ප්‍රහාරය වැනි ත්‍රස්තවාදී ප්‍රහාර මින් ඉදිරියට මෙරටේ ඇති වීමට තමා ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හලාවතදී පැවැසීය. 06 November 2019
ගම්මිරිස් - කරාබු - සාදික්කා වලට සහතික මිලක් ලබාදෙනවා සුළු අපනයන බෝග ගොවීන්ගේ ගැටළු විසඳීම සඳහා තමන් ජනාධිපති වූ විගස සුළු අපනයන බෝග අධිකාරියක් පිහිටුවා ගම්මිරිස් , කරාබු සහ සාදික්කා ඇතුළු සුළු අපනයන බෝග සඳහා සහතික මිලක් ලබා දෙන බව නව ප්රජාතාන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කීය. 05 November 2019
“මෙරට ලොකුම දේශද්‍රෝහියා හිටපු ජනපතියි“ “මහින්ද රාජපක්ෂ පැවසූ කරුණු නිකුත් කළ වාර්තා උපයෝගී කර ගනිමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන කණ්ඩායම දේශද්‍රෝහීන් නම් මෙරට ලොකුම දේශද්‍රෝහියා හිටපු ජනාධිපතිවරයා විය යුතු යයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිලිනොච්චිය සහ යාපනයේදී ප්‍රකාශ කළේය. 05 November 2019
“ගම හා නගරය සම්බන්ධකරන ආර්ථිකයක් ගොඩනගනවා“ ගමේ ජනතාව ගමේම තියමින් ගම හා නගරය එකිනෙකට සම්බන්ධ කරන ආර්ථිකයක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බත්තරමුල්ලේ දී ඊයේ (4) පැවසීය. 05 November 2019
“ගොවීන්ට විධිමත් විශ්‍රාම වැටුපක් හදුන්වාදෙනවා“ පිට රටින් රබර් ගෙන්වීම සම්පූර්ණයෙන්ම නවතන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා බුලත්සිංහලදී පැවැසීය. 05 November 2019
“තම නීති රීති ලංකාවේ ක්‍රියාත්මක කරන්නැයි මට බලකරන්න කිසිදු රටකට හැකියාවක් නෑ“ “වෙනත් රටවල නීති-රීති ලංකාවේ ක්‍රියාත්මක කරන්නැයි සැබෑ ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වන තමාට බල කරන්න කිසිදු රටකට හැකියාවක් නැතැයි” නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 05 November 2019
‘‘ගෝඨාභය නිදහස් අධ්‍යාපනයේ මළගම සිදු කිරීමේ උත්සාහයක‘‘ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා වන ඉසෙඩ් ස්කෝර් ක්‍රමය අහෝසි කරමින් රටේ තරුණ තරුණියන්ගේ අනාගතය ඝාතනය කරමින් නිදහස් අධ්‍යාපනයේ මළගම සිදු කිරීමේ උත්සාහයක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නිරත වී සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය. 04 November 2019
මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම ගැන පාඨලී කියයි මිලේනියම් චැලේන්ජ් කෝපරේසන් ගිවිසුම ඇමරිකාවේ සී. අයි. ඒ ආයතනය විසින් හදපු මර උගුලක් නොවන බවත් එය 2008 වසරේදී මහින්ද රාජපක්ෂ විසින් ඇති කරපු, විමල් වීරවංශ මහත්තයා ගැසට් නිවේදනයක් වශයෙන් නිකුත් කරපු ජාතික භෞතික සැලැස්ම විද්‍යාඥයෝ එකතුවී කළ යාවත්කාලීන කිරීමක් බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹදී අද (4) පැවසීය. 04 November 2019
‘චන්ද්‍රිකාට පෙර ශ්රීලනිපය කැඩු මහින්දට විනය පරික්ෂණ කරන්න ඕනෑ’ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට විනය පරික්ෂණ සිදුකිරිමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර හැරි මහින්ද රාජපක්ෂ මහතාට විනය පරික්ෂණ පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න කීවාය. 04 November 2019
“සියලු ජනයාගේ අනන්‍යතාව රැකෙන සේ බලය බෙදන වැඩසටහන සකසනවා“ “මුළු රටේම සිටින ශ්‍රී ලාංකේය ජනතාවගේ අනන්‍යතාව ආරක්ෂා කරමින් බලය බෙදාහැරීමේ වැඩසටහනක් සකස් කරමින් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව”ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. 04 November 2019
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026