IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


“රණවිරු සුබසාධනය වෙනුවෙන් කැපවී වැඩකරනවා“

(නාලක සංජීව දහනායක, මාතලේ - ඇම්.ඩබ්ලිව්. සෝමරත්න)

යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන්ට හා මියගිය රණවිරුවන්ගේ පවුල්වල යැපෙන්නන්ට මාසික වැටුප හා විශ්‍රාම වැටුප දිගටම ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (8) දඹුල්ල නගරයේදී පැවැසීය.

තම රජය රණවිරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් කැප වී ක්‍රියාකරන බව ද ඔහු කීය.

දඹුල්ල, ගම් උදා ක්‍රීඩාංගණයේදී ඉකුත්දා (8) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැලියකට සහභාගි වෙමින් ඔහු මේ බව කීය. දඹුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් රැලිය සංවිධානය කර තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීවේය.

ත්‍රස්තවාදය අවසන් කර නැවත මේ රටේ ත්‍රස්තවාදයක් ඇති නොවීමට ආරක්ෂක වැඩපිළිවෙළක් යෙදුවා. ඒ නිසා අපේ කාලයේදී මේ රටේ කිසිම ත්‍රස්තවාදී ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ.

ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසුව අප රටට සංවර්ධන යුගය උදා කළා. නමුත් වත්මන් රජය අප විසින් ක්‍රියාත්මක කළ ආරක්ෂක සැලසුම් ඉවත් කළා. රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙනයාමට විදේශීය රටවල් සමග එක්වී කටයුතු කළා. රණවිරුවන් සිරගත කරලා ඔවුන්ගේ මානසිකත්වය කඩා දැම්මා.

විදේශීය බලපෑම්වලට හා රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාවන් වෙනුවෙන් ක්‍රියාකරන වත්මන් රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වය දී ක්‍රියා කළේ නැහැ.

ජාතීන් අතර අවිස්වාසයක් ඇතිවී ආර්ථිකය කඩා වැටෙන තත්ත්වයක් නිර්මාණය වූයේ රජයේ දුර්වලතාවන් නිසයි.

විශේෂයෙන්ම යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන් වෙනුවෙන් හා යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් හා මාසික වැටුප දිගටම ලබාදීමට අපගේ රජය ක්‍රියා කරනවා.

අපි පසුගියදා අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. අවුරුදු හතරක් පුරා විද්වතුන්, ව්‍යවසායකයන් හා ව්‍යාපාරිකයන්ගේ අදහස් ලබාගෙන එය සකස් කළා. එය ඉතාම ප්‍රායෝගික වැඩපිළිවෙළක්. මාගේ ධුර කාලයේදී එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සියලුම පොරොන්දු ඉටු කරනවා. මහින්ද රාජපක්ෂ රජය කෘෂිකර්මාන්තයට විශේෂිත තැනක් දුන්නා. අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කෘෂිකර්මාන්තයට විශේෂිත තැනක් දී තිබෙනවා.

වත්මන් රජය ගොවියා ගැන අවධානයක් යොමු කළේ නැහැ. ඒ නිසා වැවිලිකරුවන්ට ආදායම් නැති වෙලා.
අපගේ රජයක් යටතේදී රට ආහාරයෙන් ස්වයංපෝෂිත කිරීමට ගොවියාට නොමිලයේ පොහොර සහනාධාරය ලබා දෙනවා. එමෙන්ම සියලුම ගොවි ණය කපා හරිනවා. ගොවි රක්ෂණය හා ගොවි විශ්‍රාම වැටුප හඳුන්වා දෙනවා.

අඩු වියදමකින් වැඩි ආදායමක් ලබාගැනීමට හැකි බීජ වර්ග ජල කළමනාකරණය හා නව තාක්ෂණය ගොවියාට හඳුන්වා දෙනවා.

දඹුල්ලේ වැඩිපුරම ඉන්නේ ලූනු ගොවීන්. වත්මන් රජය පිටරටින් ලූනු ගෙන්වීම නිසා දැන් ගොවීන් ලූනු වගාකරන්නේ නැහැ. නමුත් අපගේ රජය වීවලට මෙන්ම අල හා ලූනු අස්වැන්න සඳහා සහතික මිලක් ලබාදෙනවා.

ගොවියා ව්‍යවසායකයකු කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. කොමඩුවලින් පැණි හදන්න, තක්කාලිවලින් සෝස් හදන්න ගොවීන් පොළඹවනවා. මේ මඟින් අප බලාපොරොත්තු වන්නේ දේශීය ගොවියා නගාසිටුවීමටයි.
පිටරටින් බාල තේ, කුරුඳු, ගම්මිරිස් මෙරටට ගෙන්වා නැවත ප්‍රති අපනයනය කිරීම නිසා එම වගාවන් කඩා වැටිලා. ඒවා නතර කරනවා. ගුණාත්මක හා උසස් අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් බලයට පත් වූ මුල් වසරේ සිටම දීර්ඝ කාලීනව හා කෙටි කාලීනව සැලසුම් සකස් කර තිබෙනවා. ඒ වෙනුවෙන් විශාල ආයෝජනයක් කරන්නත් අප බලාපොරොත්තු වෙනවා.

දීර්ඝකාලීන අධ්‍යාපන සැලසුම් අනුව 1 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වාත් දරුවන්ට වෘත්තීය දැනුමක් ලබාදෙනවා. විශේෂයෙන්ම එම ශ්‍රේණිවල දරුවන්ට ඉංග්‍රීසි හා ගණිතය දැනුම ලබාදෙන්නටත් ක්‍රියා කරනවා. කෙටි කාලීන සැලසුම් අනුව උසස් පෙළ සමත් සෑම දරුවකුටම විශ්වවිද්‍යාල උපාධිය ලබාගත හැකි ක්‍රමයන් සකසනවා.

කලා අංශයෙන් අධ්‍යාපනය ලැබූ දරුවන්ට තොරතුරු තාක්ෂණය මූලික කරගත් පාඨමාලා හඳුන්වා දෙනවා. ඒ අනුව ඉතාම කෙටි කාලයකින් ඔවුන්ට හොඳ රැකියා ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම කලා අංශය සඳහාත් තොරතුරු තාක්ෂණය විෂයන් හඳුන්වා දෙනවා.

ඉන්දියාවේ සිට චීනය දක්වා විශාල මධ්‍යම පාංතියක් සිටිනවා. අද ලෝකය පුරාම සංචාරය කරන්නේ ඔවුන්. ඔවුන්ව අප රටට ගෙන්වා ගැනීමට අප පහසුකම් සලසනවා. සංචාරකයන් ලක්ෂ හතක් මෙරටට ගෙන්වා ඉතාම කෙටි කලකින් ඇමරිකානු ඩොලර් බිලියන හතක ආදායමක් ලබා ගැනීමට අප අදහස් කරනවා.

සමෘද්ධිය ලබන ආබාධිත අයට හා දුප්පත් අයට නොමිලයේ පෝෂණ මල්ලක් ලබාදෙනවා. ජලය හා විදුලියට පනවා තිබෙන බදු අඩු කරලා අනෙකුත් ක්‍ෂේත්‍රවලටත් සහන ලබාදෙනවා.

එමෙන්ම රාජ්‍ය සේවයේ ඇබෑර්තු පුරවනවා. ඊට අමතරව නිපුණත්වයක් අවශ්‍ය නොවන රජයේ රැකියාවන් සඳහා දුප්පත් පවුල්වල සාමාජිකයන් බඳවා ගන්නවා.

රට සංවර්ධනය කරන්නත් රටේ ආරක්ෂාව තහවුරු කිරීමටත් ආර්ථිකය ගොඩනැගීමටත් අපට පැහැදිලි දැක්මක් වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ නිසා ඔබ ඔබගේ යුතුකම ඉටුකරන්න. මම ඔබ බලාපොරොත්තු වන ආරක්ෂාකාරී රට, ආර්ථික සංවර්ධනයක් රටට ලබාදෙන බව ද ඔහු කීය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

දේශීය ගොවියා සම්පූර්ණයෙන්ම බිමට ඇදලා දැම්මේ මේ ආණ්ඩුවයි. අපගේ රජය කෘෂිකර්මාන්තය වෙනුවෙන් සුවිශේෂි අවධානයක් යොමු කරනවා. අපේ කාලයේදී මේ රට සහලින් ස්වයංපෝෂිත කළා. ඒක කොච්චරද කියනවා නම් මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කරන තරමට මේ රටේ වී ගබඩා පිරිලා තිබුණා.

ගුවන්තොටුපළ වී ගබඩා කළ ලෝකයේ එකම ආණ්ඩුව වත්මන් රනිල් - සජිත් ආණ්ඩුවයි.

මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කිරීම සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ නඩු පැවරිය හැකි බව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙනවා. තවම ඒ වාර්තාව එළියට දාලා නැහැ.

දඹුල්ල සංවර්ධනය වුණේ අපේ කාලයේදීයි. අපි දඹුල්ලට හැදූ අධිවේගී මාර්ගය අද නතර වෙලා. අපි සිටියා නම් ඒ මාර්ගය දඹුල්ල පහුකරලා මේ වෙනකොට පොලොන්නරුව පැත්තට ගිහිල්ලා.

රට පාවාදෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ජනාධිපතිවරණයෙන් පසුව අත්සන් කරන බව ආණ්ඩුව කියනවා. ඒ ගිවිසුම අත්සන් කළොත් ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා ආර්ථික කොරිඩෝවක් හැදෙනවා. අපේ රටේ ඉඩම්වල අයිතිය පිටරටට යනවා. ජනාධිපතිවරණයක් පැවැත්වෙන පසුබිමකදී හා මහා මැතිවරණයට මාස තුනක් තියෙන වෙලාවකදී අත්සන් කරන ගිවිසුම් අපි පිළිගන්නේ නැහැ.

මේ මොහොතේදී මොන දේශපාලන කඳවුරේ හිටියත් තමන් ගැන නෙවෙයි රට ගැන හිතල කතා කරන්න ජනතාව සූදානම්. වසන්ත සේනානායක ඇමැතිතුමා අපේ වේදිකාවට ආවා. තවත් කට්ටිය මඟ එනවා. ඒ සාකච්ඡා පැවැත්වෙනවා යැයිද ඔහු කීය.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.
රට, ජාතිය, ආගම බේරාගත හැකි අන්තවාදීන්ට ඉඩ නොදෙන නායකත්වයක් මේ මව්පොළොව ඉල්ලනවා. කොන්ද කෙළින් තියාගෙන තීන්දු තීරණ ගත හැකි නායකත්වයේ පිපාසාවකින් මව්පොළොව පෙළෙනවා. ඒ නායකත්වය දිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂට පමණයි.

පරාජය පෙනි පෙනී සජිත්ලා ගෝඨාභයට මඩ ගහනවා. හෙට අනිද්දාට සහරාන්ගේ බිරිඳ මාධ්‍ය ඉදිරියට ගෙනත් සහරාන් හා ගෝඨාභය අතර සම්බන්ධකමක් තිබූ බව ප්‍රකාශ කරවීමට උත්සාහ ගන්නවා. රාජිත, මංගල, සහරාන්ගේ නෝනා කොළඹට ගෙනත් මාධ්‍ය හමුවට ඇය සූදානම් කරවනවා.

පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවැසීය.
එක්සත් ජාතික පක්ෂය දැනටමත් පරාජය පිළිගෙන ඉවරයි. රාජිත, චම්පික ඇතුළු මැති ඇමැතිවරුන් දැනටමත් අමාත්‍යංශවල බඩු භාණ්ඩ අයින් කරනවා.

තමන් ජනාධිපති වී පිරිසුදු ආණ්ඩුවක් හදන බව සජිත් කියනවා. බැඳුම්කර හොරු, අන්තවාදීන්, කැලෑ හොරුන් ඔක්කොම ඉන්නේ සජිත්ගේ වේදිකාවෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ පැවැසීය.
එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ඉරහඳ හැරුණුකොට අනිත් සේරම දෙන්න පොරොන්දු වෙනවා. ප්‍රබල ඇමැතිවරයෙක්ව සිට කිසිම වැඩක් නොකළ කෙනෙක් ජනාධිපති වී වැඩ කරන්නේ කොහොමද කියලා අපි ප්‍රශ්න කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී (එ.ජා.ප.) අතුරලියේ රතන හිමියෝ මෙසේ පැවැසූහ.
රට භයානක අර්බුදයකට මුහුණ දී සිටිනවා. 2015 දී අප ජනාධිපති තනතුරට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පත් කළත් ආණ්ඩුව කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි. මේ ආණ්ඩුව ඉදිරි දින කිහිපයේදී මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් කරලා රටට කළ හැකි ලොකුම හතුරුකම කරන්න සූදානම් වෙනවා.

මධ්‍යම පළාත් හිටපු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙසේ පැවැසීය.
මහින්ද රාජපක්ෂ මහතාගේ කඳවුර හදන්න අපි හුඟාක් මහන්සි වුණා. ඒ වෙනුවෙන් ලේ, කඳුළු, දහඩිය හෙළන්න වුණා. අද ඒ කඳවුරේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්නව දැක්කම මට හුඟක් සතුටුයි.

දඹුල්ලේ දරුවන්ට ටැබ්, තට්ටු ගොඩනැගිලි දෙන්න කලින් ගණිත, විද්‍යා, ඉංග්‍රීසි ගුරුවරු දෙන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා. එමෙන්ම දඹුල්ලේ ගොවි ජනතාව වෙනුවෙන් නියමිත වෙලාවට වතුර ටික, බීජ, අස්වැන්නට නියමිත මිලක් ලබා දෙන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා. ඔබගේ රජයක් යටතේ මේ කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා යැයිද ඔහු කීය.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත, මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක යන මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙක් ද එහිදී අදහස් දැක්වූහ.

මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (0)

“රණවිරු සුබසාධනය වෙනුවෙන් කැපවී වැඩකරනවා“

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 2719 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 591 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1714 10

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 967 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1207 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 656 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 169 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1200 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site