IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


“ස්වේච්ඡා ජනපතිවරයෙකු වී පළමු ආදර්ශය දෙනවා“

(අංජුල මහික වීරරත්න, නුවරඑළිය - ෂෙල්ටන් හෙට්ටිආරච්චි, ඇල්ල - ප්‍රසාද් රුක්මල්, රත්නපුර - අප්සරා යෝසිත් සහ පී.ඒ.කේ. විජේසුන්දර)

දේශපාලකයන්ගේ සුර සැප ජීවිත අවසන් කර ඉතිරි කරගන්නා සියලු මුදල් මැතිවරණ ප්‍රකාශයේ පොරොන්දු ඉටු කිරීම සඳහා සම්පූර්ණයෙන් යොදවන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නුවරඑළියේ ජන රැලියේදී පැවැසීය.

නොමිලේ සේවය කරන ස්වේච්ඡා ජනාධිපතිවරයකු බවට පත්ව පළමු ආදර්ශය තමාගෙන් දෙන බව කී සජිත් ප්‍රේමදාස මහතා, තමා ජනාධිපති වූ පසුවත් පෞද්ගලික වාහනයට තමාගේ වියදමෙන් ඉන්ධන සපයාගෙන පාවිච්චි කිරීම අරමුණ යැයි ද සඳහන් කළේය.

නුවරඑළිය ජන රැලියට අමතරව සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් තලවකැලේ, බදුල්ල, රත්නපුර සහ කෑගල්ලේදී ජන රැලි පැවැත්විණි.

ජන රැලි අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවැසීය.

“සහෝදර අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ සංවිධායකත්වය යටතේ නුවරඑළියේ රැස්වීම පැවැත්වෙනවා. මගේ දේශපාලන ගමනේදී පළමු සංවිධායක ධුරය දුන්නේ දිවංගත අමාත්‍ය ගාමිණී දිසානායක මහතායි.

1994 ජනාධිපතිවරණයේදී එතුමා අපේක්ෂක ලෙස නම් කෙරුණු විට මා හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායක ලෙස පත්කරනු ලැබුවා. ගාමිණී දිසානායක මහතා එලෙස මට දුන් මූලාරම්භය ප්‍රයෝජනයට ගෙන අද මා කැබිනට් අමාත්‍ය ලෙසත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ලෙසත් හංසයාගෙන් ජනාධිපති අපේක්ෂක ලෙසත් ඉදිරිපත්ව සිටිනවා. කළගුණ දන්නා පුද්ගලයකු ලෙස ගාමිණී දිසානායක මහතා ඉතා ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.

නුවරඑළියේ ජනතාවට බලපාන ප්‍රශ්න පිළිබඳවත් ඊට මා දෙන්න යන විසඳුම් පිළිබඳවත් මෙහිදී කතා කරන්න කැමැතියි. ගොවි ජනතාව සඳහා සහනදායී ක්‍රමයට ණය වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙහි බොහෝ ජනතාව කෘෂිකර්මාන්තයෙන් ජීවිකාව ගෙන යනවා. කෘෂිකර්මාන්තයේ ශක්තිමක් ගමනක් යන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවට ගොවිතැන් කරගෙන යෑම සඳහා අත හිත දිය යුතුයි. ලබන 16 වැනිදා මා ජයග්‍රහණය කළ පසුව නවීන් දිසානායක සහ කේ.කේ. පියදාස මහත්වරුන් සමග නුවරඑළියට පැමිණ සහන ණය ක්‍රමය මගේ අතින්ම ජනතාවට ලබාදීමට කටයුතු කරනවා.

මේ වනවිටත් පිටරටින් ආනයනය කරන අර්තාපල් සඳහා විවිධ තහංචි පනවලා. මගේ උනන්දුව තිබෙන්නේ පිටරටින් ගෙන්වන අර්තාපල් පිළිබඳව නොව නුවරඑළිය, බදුල්ල ආශ්‍රිත ගොවීන් සම්බන්ධවයි. මා නොම්මර එකේ දේශීයත්වය අගයන ජනාධිපති අපේක්ෂකයා බව මෙහිදී අවධාරණය කළ යුතුයි. මා මේ රටේ උපත ලබා රටේ පුරවැසිභාවය තිබෙන අපේක්ෂකවරයා විදියට මේ පොරොන්දු දෙනවා.

නුවරඑළියේ අර්තාපල් ගොවියා පිළිබඳ මට ඇමෙරිකාවෙන් ටියුෂන් අවශ්‍ය නැහැ. නුවරඑළියේ අර්තාපල් ගොවියා ආරක්ෂා කරන්න පමණක් නොව ඔබේ නිෂ්පාදන අපනයනය කිරීම සඳහා ජාතික වැඩසටහන් මෙහෙයවනවා.

අර්තාපල් පමණක් නොව මල් වගාව එළවළු ඇතුළු අනෙකුත් වගා නිෂ්පාදන සඳහා දේශීය පමණක් නොව විදේශීය වශයෙන් ද වෙළෙඳපොළ සොයාගෙන මෙහි ජනතාවට ශක්තිය දිය යුතුයි. අපනයන වෙළෙඳපොළ සොයා ගැනීම රජයේ වගකීමක් බව සඳහන් කරනවා. අපනයන ප්‍රවර්ධනය උදෙසා විශේෂ වැඩසටහනක් ක්‍රිියාත්මක කර නුවරඑළිය දිස්ත්‍රික්කයේ වගා කටයුතු මෙන්ම වෙනත් නිෂ්පාදන කටයුතු කරන සියලුම දෙනාගේ නිෂ්පාදන අපනයනය කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.

එමෙන්ම ගොවීන් සඳහා ගුණාත්මක බවින් ඉහළ උසස් බීජ වර්ග දිය යුතුයි. බීජ වගාව කිරිම වෙනුවෙන් ද සහන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන නුවරඑළිය ඇතුළු වෙනත් ප්‍රදේශවල ගොවීන් සඳහා බීජ නිෂ්පාදන වැඩසටහන ක්‍රියාත්මක කරනවා. විදේශ බීජ මත තවදුරටත් යැපෙන්න අවශ්‍ය නැහැ. රටක් ලෙස අප සෑම දෙයකින්ම ස්වයංපෝෂිත විය යුතුයි.

මෙරට කෘෂිකාර්මික විප්ලවය අනිවාර්යයෙන්ම දියත් කරනවා. මගේ ජයග්‍රහණයත් සමග නුවරඑළියේ මෙන්ම සියලුම කෘෂි ප්‍රජාව සඳහා ඍජුවම රජයේ ආධාර දෙන්නට කටයුතු කරනවා.

ජාතික වශයෙන් ද මෙරට කිසි කලෙක ක්‍රියාත්මක නොවූ ආකාරයේ කෘෂිකාර්මික විප්ලවයක් ක්‍රියාත්මක කරනවා. වී ගොවියා පමණක් නොව තේ, පොල්, රබර් මෙන්ම සුළු අපනයන බෝග ගොවීන් සහ හේන් ගොවීන්, සියලුම ක්ෂේත්‍රයේ කාෂිකාර්මික නිෂ්පාදකයන් ශක්තිමත් කර රටක් ලෙස ආහාරවලින් ස්වයංපෝෂිත වන්න කටයුතු කරනවා.

විදේශවලින් ආහාර ගෙන්වන්න මට අවශ්‍ය නැහැ. විදේශීය ආහාර අවශ්‍යතාවන්ට සරිලන ආකාරයට නිෂ්පාදන කරන්න අපට ශක්තිය තිබෙනවා. ගොවි පරපුරේ නිෂ්පාදන වියදම් අඩු කිරීම සඳහා සෑම වගාවකටම නොමිලේ පොහොර දෙනවා.

රණසිංහ ප්‍රේමදාස ජනපති පාසල් දූ දරුවන් සඳහා නිල ඇඳුම් සහ දිවා ආහාරය දුන්නා. නමුත් මගේ ප්‍රතිවාදියා පිටුපස සිටින දේශපාලන කල්ලිය ඒ සහනය දැයේ දූ දරුවන්ගෙන් උදුරා ගත්තා. ලබන 16 වැනිදාට ජනතාව පොදු ජන යුගය ආරම්භ කරන විට දැයේ දූ දරුවන් සඳහා නිල ඇඳුම් කට්ටල දෙකක්, සපත්තු කුට්ටම සහ දිවා ආහාරය දෙන්න පොරොන්දු වෙනවා.

දුප්පත්කම තුරන් කිරීමේ සමෘද්ධිය වැඩසටහන දැනට ක්‍රියාත්මක කෙරෙනවා. සමෘද්ධිය වැඩසටහන තවත් ශක්තිමත්ව ඉදිරියට කරගෙන යන්න කටයුතු කරනවා. ඒ වෙනුවෙන් තවත් වැඩිපුර මුදල් වෙන් කරන්න කැප වෙනවා. නමුත් හැමදාම දුප්පත්කම පිළිබඳව කතා කරමින් ඉන්න හැකියාවක් නැහැ. ඒ සඳහා ඉක්මන් විසඳුමක් අවශ්‍යයි. රණසිංහ ප්‍රේමදාස ජනපති ඇරැඹූ ජන සවිය වැඩසටහන නැවතත් ආරම්භ කර සමෘද්ධිය සහ ජනසවිය යන වැඩසටහන් දෙකම ක්‍රියාත්මක කර දුප්පත්කම තුරන් කරන්න කටයුතු කරනවා.

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම කේන්ද්‍ර කරගනිමින් නවීන තාක්ෂණ මධ්‍යස්ථානයක් ඇති කිරීමට කටයුතු කරනවා. නැනෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, පරිගණක විද්‍යාව, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව තරුණ පරපුර සඳහා නොමිලේ දෙන්න කටයුතු කරනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක බැගින් මධ්‍යස්ථාන දෙන්න කටයුතු කරනවා. නුවරඑළිය වැනි දිස්ත්‍රික්කයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක් තිබෙනවා. ඒ නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ප්‍රමාණය වැඩි කර බලප්‍රදේශ සඳහා විධිමත් සේවාවක් සපයා දීමට කටයුතු කරනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වසම් පන්සිය හැත්තෑහයක් තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක් තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 491ක් තිබෙනවා. නමුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තිබෙන්නේ පහයි. ඒ ප්‍රමාණය තවත් වැඩි කිරීමට මා කටයුතු කරනවා. ඒ තුළින් ශක්තිමත් මහජන සේවයක් සැලසීම මාගේ අරමුණයි.

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නවීන තාක්ෂණ විද්‍යාල ආරම්භ කර ඒ අසලම තොරතුරු තාක්ෂණ උද්‍යාන ආරම්භ කරනවා. තාක්ෂණ විද්‍යාලයෙන් සමත් වී ව්‍යාපාරය පටන් ගන්න යන යෞවන යෞවනියන් සඳහා තොරතුරු තාක්ෂණ උද්‍යානයේ භූමිය දී ව්‍යාපාරය සඳහා අතහිත දීමට කටයුතු කරනවා. ව්‍යාපාරය ඇරැඹීම සඳහා මූලික ප්‍රාග්ධනය ද දෙනවා.

සෑම තඹ සතයක්ම මා කැප කරන්නේ පොදු ජනතාවගේ සහ මාතෘ භූමියේ දියුණුව සඳහා බව සඳහන් කළ යුතුයි.” යැයි ද ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා මහතාද කතා කළ අතර ජන රැලිය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස, රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.



අදහස් (0)

“ස්වේච්ඡා ජනපතිවරයෙකු වී පළමු ආදර්ශය දෙනවා“

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 803 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site