IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


“පොහොට්ටුව ලබන නියත ජය සාමකාමීව භුක්ති විදින්න“

(නාලක සංජීව දහනායක සහ හෝමාගම - ප්‍රියන්ත ජයලත්)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබන නියත ජයග්‍රහණය විරුද්ධවාදීන්ට කිසිදු හිංසාවක් ඇති නොවන ආකාරයට සාමකාමීව භුක්ති විඳින්නැයි සියලු රට වැසියන්ගෙන් ආදරණීයව ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හෝමාගමදී ඊයේ (13) පැවැසීය.

එමෙන්ම ඉදිරි දින තුන තීරණාත්මක බැවින් අසත්‍ය ප්‍රචාරවලට හසු නොවී බුද්ධිමත්ව කටයුතු කරන ලෙසට ද ඔහු ඉල්ලා සිටියේය.

හෝමාගම නගරයේදී ඊයේ (13 වැනිදා) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජන රැලියට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ද කීය.
“මේ රජය මාව හිරේ දමන්න සූදානම් වුණා. අභූත චෝදනා ඉදිරිපත් කළා. ඒ දේවල් ඉදිරි දින කිහිපයේදී තවත් දැඩිව එල්ල විය හැකියි. ඔබ ඒවාට හසුවන්න එපා. බුද්ධිමත්ව කටයුතු කරන්න.

මාගේ ජයග්‍රහණය ස්ථිරයි. ඒ ජය සාමකාමීව සමරන්න කටයුතු කරන්න.

අපගේ රජය රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කැපවී ක්‍රියා කරනවා. යුද්ධය නිම වුණත් නැවත රටට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල නොවන ආකාරයට අපි ආරක්ෂක සැලැස්මක් දියත් කර තිබුණා.

ඒත් මේ රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වය දී ක්‍රියා කළේ නැහැ. රණවිරුවන්ගේ, බුද්ධි අංශ නිලධාරීන්ගේ මානසිකත්වය කඩාවැටෙන ආකාරයට කටයුතු කළා. පාතාල, ත්‍රස්තවාදීන් ගැන විමර්ශනය කළ නිලධාරීන් සිරගත කළා.

රටට එල්ල වී තිබෙන තර්ජන ගැන බුද්ධි අංශ නිලධාරීන්ට ආරක්ෂක මණ්ඩලයේදී කතා කරන්න අවස්ථාව දුන්නේ නැහැ. ඒ නිසා රටට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා. අපගේ රජය යටතේ නැවත මේ රටට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ තියන්නේ නැහැ. ඔබගේත් දරුවන්ගේත් ආරක්ෂාව මම බාරගන්නවා.

කඩාවැටුණ ආර්ථිකය ගොඩ ගන්නා අතරම කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ස්ථාපිත කරනවා.

මේ රජය කෘෂිකර්මය, වැවිලි ආර්ථිකය ගැන අවධානය යොමු කළේ නැහැ. අද කෘෂි ආර්ථිකයත් වැවිලි ආර්ථිකයත් කඩාවැටිලා. බාල තේ හා ගම්මිරිස් ප්‍රතිඅපනයනය කිරීම නිසා ඒ ක්ෂේත්‍රයේ නියුතුවූවන්ගේ ආදායම කඩාවැටිලා.

අවුරුදු ගණනාවක් රටට විදේශ විනිමය ගෙනා මේ කර්මාන්ත ආරක්ෂා කර ගැනීමට කැපවී ක්‍රියා කරනවා.

විදේශ භාණ්ඩ ගෙන්වීම නිසා දේශීය කර්මාන්තය කඩාවැටිලා. අප දේශීය කර්මාන්තකරුවා ආරක්ෂා කරනවා.

එමෙන්ම ජනතාව මත පටවා තිබෙන අනවශ්‍ය බදු ඉවත් කරනවා. වැට් බද්ද සියයට 8 දක්වා අඩු කරලා සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා. ඒ තුළින් රටට ආයෝජන ගෙන ඒමටත් දේශීය ව්‍යාපාරිකයා ගොඩනැගීමටත් අප බලාපොරොත්තු වෙනවා.

කඩාවැටුණු සංචාරක කර්මාන්තය ගොඩනැගීමට අප කැපවී ක්‍රියා කරනවා. ඒ වෙනුවෙන් අපගේ රට ගැන විදේශවල ප්‍රචාරය කරන්න කටයුතු කරනවා. එමෙන්ම සංචාරකයන් වෙනුවෙන් ආගමන විගමන කටයුතුවලදී පහසුකම් සලසන්න අප ක්‍රියා කරනවා.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් රටට රැකියා උත්පාදනය කරගත හැකියි. ඒ වෙනුවෙන් තරුණ පරපුර ඒ ක්ෂේත්‍රයට යොමු කරනවා. ඉතාම කෙටි කාලයක් තුළදී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් පුහුණුවක් ලබාදී වැඩි වැටුපක් ලබන රැකියාවක් සඳහා තරුණ පරපුර යොමු කළ හැකියි.

එමෙන්ම විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙන්නත් අප ක්‍රියාත්මක කරනවා. අපගේ රාජ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කිරීමට බලාපොරොත්තු වෙනවා.

උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීමට පියවර ගන්නවා. ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාල සංවර්ධනය කරන්නත් ආචාර්යවරුන් බඳවා ගන්නත් අප ක්‍රියා කරනවා. තොරතුරු තාක්ෂණයේ යෙදී සිටින සමාගම් රටට ඇමෙරිකා ඩොලර් බිලියන දෙකක ආදායමක් ගේනවා. එය ඇමෙරිකානු ඩොලර් බිලියන තුන දක්වා වර්ධනය කළ හැකියි. ඒ වෙනුවෙන් තරුණ පරපුරට නිපුණතාවක් ලබාදිය යුතුයි. ඒ නිසා ඒ වෙනුවෙන් කැපවී ක්‍රියා කරනවා. මා විසින් ඉදිරිපත් කර තිබෙන්නේ ඉතාම ප්‍රායෝගික වැඩපිළිවෙළක්. මාගේ ධුර කාලය ඇතුළතදී එම වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමට මා ක්‍රියා කරනවා.

එමෙන්ම ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ නන් අයුරින් සහාය දැක්වූ ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට මම මාගේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා. මට ලබාදුන් සියලුම වගකීම් මා ඉටුකර තිබෙනවා. තිස් අවුරුදු ත්‍රස්තවාදී යුද්ධය අවුරුදු දෙක හමාරකින් අවසන් කරන්න මට පුළුවන් වුණා. පසුව මා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තනතුරට පත් කළා. කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණු වන නගරය බවට පත්කරන්න මට හැකියාව ලැබුණා.

මා මට පැවැරූ සෑම වගකීමක්ම නිසි පරිදි ඉටුකර තිබෙනවා. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේදී ඔබ මට ලබාදෙන වගකීමත් මම ඉටුකරනවා. ඔබ ඔබගේ යුතුකම ඉටුකරන්න. ඔබට සුරක්ෂිත රටක් බිහි කරදීමේ වගකීම මම ඉටුකරනවා.” යැයි ද ඔහු කීය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ රට ගොඩගන්න තමන්ගේ සැලසුම් ඔබට කියාවි. අපි ඩී.ඒ. රාජපක්ෂගේ පුත්තු. ඒ අය ඇමෙරිකන් කාරයෝ නෙමෛයි. ගෝඨාභය ඇමෙරිකානු පුරවැසි බව අත්හැරියා. ඔහු දැන් ලාංකික පුරවැසියෙක්.

මේ ආණ්ඩුව බලයට පත්වූ දවසේ ඉඳලම හොරකම් කළා. අපි හදපු අධිවේගී මාර්ග, වරාය ගුවන්තොටුපොළ පිටරටට වික්කා. මේ වැඩපිළිවෙළ තවදුරටත් කරගෙන යන්න ඉඩ දෙන්න බැහැ. මේ දේපළ අයිති නූපන් පරපුරටයි. මේ භූමිය පිටරටකට විකුණන්න ඉඩදෙන්න බැහැ.

අනාගත පරපුර වෙනුවෙන් රට ආරක්ෂා කරගන්න නම් මේ ආණ්ඩුව පරාජය කළ යුතුමයි. මේ ආණ්ඩුව පලවාහැරීමේ පළමු වෙඩි මුරය නොවැම්බර් 16 වැනිදා පත්තුකරමු. දෙවැනි වෙඩි මුරය මහා මැතිවරණයකදී තබමු. ඒ මහා මැතිවරණය කවදා ලැබෙයිද අපි දන්නේ නැහැ. එය ජනාධිපතිවරයා විසින් තීරණය කරාවි. කෙසේ වෙතත් ජනපතිවරණය ජයගෙන අපේම ආණ්ඩුවක් හදමු යැයිද ඔහු කීය.

ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවැසීය.
අප අරගලය ඉදිරියට ගෙනත් තිබෙනවා. දැන් තිබෙන්නේ අරගලය ජය භූමිය කරා ගෙන යාමයි. රට ජාතිය, ආගම ආරක්ෂා කරගන්න අපට තිබෙන අවසන් අවස්ථාව මේකයි.

තමන්ට මොන විවේචන එල්ල වුවත් ගෝඨාභය රාජපක්ෂ මහතා රට, ජාතිය, ආගම ගැන හැඟීමෙන් කටයුතු කරනවා. ජාතික නිදහස සුරක්ෂිත කර ආර්ථිකය සංවර්ධනය කිරීමට ඔහු පැහැදිලිව වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා.

 මේ ජනාධිපතිවරණයේදී ජනතාව එය අනුමත කරන බවට කිසිම සැකයක් නැතැයිද ඔහු කීය.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවැසීය.
අපගේ විරුද්ධ අපේක්ෂකයා ජනාධිපතිවරණ වේදිකාවේ සිට ජනතාවට සරල පොරොන්දු දෙන විට ගෝඨාභය රාජපක්ෂ මහතා රට සංවර්ධනය කරන්න ජාතික වැඩපිළිවෙළ ඉදිරිපත් කරනවා.

ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතරින් ජාතික වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙන එකම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා පමණයි.

රජයක පළමු කාර්යය වන්නේ ජාතික ආරක්ෂාව සැලසීමයි. එහෙත් වත්මන් රජයට ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමට නොහැකි වුණා. එමෙන්ම ආණ්ඩුව කම්කරුවාගේ සිට සියලුම ජනතාවගේ කර මත අධික බදු බරක් පැටෙව්වා. ජනතාව මත පටවා තිබෙන එම අධික බදු ඉවත් කර ජනතාවට සහන සලසන බවට පොරොන්දුවී සිටින එකම අපේක්ෂකයාත් ගෝඨාභය රාජපක්ෂ මහතා පමණයි යැයි ද ඔහු කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී (එජාප) අතුරලියේ රතන හිමි, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ආචාර්ය විජයදාස රාජපක්ෂ වසන්ත සේනානායක, සුසිල් ප්‍රේමජයන්ත, කෙහෙලිය රඹුක්වැල්ල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද මෙහිදී අදහස් දැක්වූහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු තවත් විශාල පිරිසක් මෙම රැලියට එක්ව සිටියහ.



අදහස් (1)

“පොහොට්ටුව ලබන නියත ජය සාමකාමීව භුක්ති විදින්න“

Rata Perata Friday, 15 November 2019 05:56 PM

කට අැරගෙන බලන් ඉන්න දිනනකම්...

:       63       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 629 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17609 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site