“බෝම්බ පිපිරීමට පටන්ගත්තේ ජාතික ආරක්ෂාව අමතක කළ නිසයි “ රට පුරා නැවත බෝම්බ පිපිරීමට පටන් ගත්තේ මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව සහමුලින්ම අමතක කර දැමූ නිසා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇඹිලිපිටියේ දී පැවැසීය. 23 October 2019
“පොඩි මිනිහාගේ අතමිට සරුවන්න සජිත් ජනපති පුටුවට යවන්න“ පොඩි මිනිහගේ ආර්ථිකය කඩා බිඳ දමා විදේශිකයන්ට ඉඩම් විකිණූ පාලකයන් වෙනුවට පොඩි මිනිහගේ ආර්ථිකය ගොඩනගන පාලනයක් සඳහා සජිත් ප්‍රේමදාස මහතා ජනපති කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ පිටකොටුවේ දී පැවසීය. 23 October 2019
’’විශේෂ ආරක්ෂක ජනපති කාර්ය සාධක බළකායක් හදනවා’’ “දේශපාලනීකරණයට ලක්ව ඇති ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සියල්ල මා නිර්දේශපාලනීකරණය කරන්නේ යැයි” නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවසීය. 23 October 2019
“ජාතික ආරක්ෂාව - ආර්ථිකය ශක්තිමත් කිරීමේ අභියෝගය බාරගන්නවා“ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ හා ආර්ථිකය ශක්තිමත් කිරීමේ අභියෝගය තමන් බාරගන්නා බවත්, ආරක්ෂක ලේකම්වරයා ලෙස තම වගකීම් ඉටුකළ අයුරින්ම ඉදිරියේදීත් රට වෙනුවෙන් වන වගකීම් ඉටුකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මාතර, මුලටියනදී පෙරේදා (20) පැවසීය. 22 October 2019
“ණය මුදල් යොදවන්නේ අදායම් ඉපයිය හැකි ආයෝජනයක් ලෙසයි“ “අපි රටේ හදන්නේ යාචක ආර්ථිකයක් නොවෙයි. සංවර්ධන ආර්ථිකයක්. අපි ණය ගන්නවා. එහෙත් ඒ ණය මුදල් යොදවන්නේ ආදායම් ඉපයිය හැකි අයෝජනයක් ලෙස පමණයි. එයින් රට සංවර්ධනය කිරීම අපේ අරමුණ” යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ඉකුත්දා (19) පැවසීය. 22 October 2019
“සමාජ මාධ්‍ය ඔස්සේ මට අපහාස කළත් කාටවත් මම වද හිංසා කර නෑ“ සිය ධුර කාලය තුළදී ප්රජාතන්ත්රවාදය, මානව නිදහස සහ මාධ්‍ය නිදහස උපරිමයෙන් ලබා දී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ දී පෙරේදා (20) පැවැසීය. 22 October 2019
“කාන්තාවන්ට අභිමානයෙන් ජීවත්විය හැකි රටක් හදනවා“ කාන්තාවන් දූෂණයට, භීෂණයට සහ ප්‍රචණ්ඩත්වයට ලක්වූ යුගය අවසන් කරමින් කාන්තාවනට අභිමානයෙන් හා සුරක්ෂිතව ජීවත්විය හැකි රට තමා ගොඩ නඟන බව නව ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවැසීය. 22 October 2019
“තේ කම්හල් හිමියන්ට පොරොන්දු රැසක්“ “රටේ ව්‍යාපාර දියුණු කිරීමට නම් සෑම ව්‍යාපාරිකයකුටම බලපාන මේ සංකීර්ණ බදු ක්‍රමය සරල ක්‍රමයක් බවට පරිවර්තනය කළ යුතු” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 21 October 2019
“අපි සියලු ජාතීන්ට සාධාරණය ඉටු කරනවා“ වසර 30ක් පුරාවට පැවැති එල්.ටී.ටී.ඊ. යුද්ධයේදී මැති ඇමැතිවරුන්ගේ දරුවන් හෝ කිසිවකු මියගියේ නැතැයි පොදු ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මීගමුවේදී පැවැසීය. 21 October 2019
“අපි ජාතික ආරක්ෂාවට මුල් තැන දෙනවා“ “අපේ ආණ්ඩුව කාලේ ගොවියාට පොහොර සහනාධාර ලබාදීලා අස්වැන්න වැඩි කළා. අපේ කාලයේ වී අස්වැන්න කොහොම තිබුණ ද කිව්වොත් මේ ආණ්ඩුව ඇවිල්ලා මත්තල ගුවන්තොටුපළෙත් වීවලින් පිරෙව්වා. එහෙම තිබුණ මේ රටට අද පිටරටට අතපාන්න වෙලා. ඒ තත්ත්වය ඇති කළ මේ ආණ්ඩුවේ අපේක්ෂකයකුට කෘෂිකර්මය ගැන කතා කරන්න බැහැ.” යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (19) පැවැසීය. 21 October 2019
‘‘අනාගත රජය තුළ දක්ෂයන්ට පමණක් තැන දෙනවා‘‘ අනාගත රජය තුළ දක්ෂයන්ට පමණක් තැන දෙන බවත් පෞද්ගලික හිතවත්කම මත කිසිම තනතුරක් ලබා නොදෙන බවත් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (20) කොත්මලේදී පැවැසීය. 20 October 2019
තමන්ගේ ආසනයත් පරාද වූ පළමු ජනපති අපේක්ෂකයා සජිත් බව මහින්ද කියයි තම ප්‍රාදේශීය සභාව, ආසනය සහ දිස්ත්‍රික්කය පරාද වූ පළමු ජනාධිපති අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක යැයි කියාගන්නා පුද්ගලයා බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද(20) තංගල්ලේදී පැවසීය. 20 October 2019
“මගේ බෙල්ල ගියත් ජනතාවත් රණවිරුවනුත් රකිනවා මිස කවදාවත් පාවාදෙන්නේ නෑ“ “බෙල්ල දී හෝ රණවිරුවන් සහ ජනතාව රැකගන්නවා මිස ප්‍රශ්න ගැටලු හමුවේ රණවිරුවන් පාවාදී තමා කිසිවිටෙක පලා යන්නේ නැතැයි” 18 October 2019
“වසර 30 ක් කතාවට සීමා වූ යාපන ගුවන් තොට වසරකදී හැදුවා“ “වසර 30ක් පුරා සාකච්ඡාවට පමණක් සීමාවී, වැඩ ආරම්භ නොකළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වැඩ වසරක් තුළ නිමකර කලාපීය ගුවන් ගමනාගමනය සඳහා විවෘත කිරීමට රජයට හැකිවූ බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17) යාපනයේදී පැවැසීය. 18 October 2019
“කන්නන්ගර නිදහස් අධ්‍යාපන චින්තන පර්යේෂණ ආයතනයක් පිහිටුවිය යුතුයි“ කන්නන්ගර නිදහස් අධ්‍යාපන චින්තනය පිළිබඳ පර්යේෂණ ආයතනයක් පිහිටුවිය යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹදී පෙරේදා (16) පැවසීය. 18 October 2019
“අපි මුලින්ම වැඩ අල්ලන්නේ ජනතාව බදු බරින් නිදහස් කරලයි“ “රටේ නාස්තිය දූෂණය නැති කළා නම් ජනතාවගේ බදු බර විශාල ප්‍රමාණයකින් අඩුකළ හැකි වුවත් දූෂණය නාස්තිය ජාති ලක්ෂණය කරගත් පාලකයන්ට එය කළ නොහැකියි. 17 October 2019
“මා ජනපති වූ පසු රජවෙන්නේ පොඩි මිනිසා ඇතුළු සමස්ත ජනතාවයි“ “ජනාධිපති ධුරයට පත්වූ පසු රජවන්නේ මෙරට පොඩි මිනිහා ඇතුළු සමස්ත ජනතාව බව” නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක එක්සත් 17 October 2019
’’මේ ආණ්ඩුව රණවිරුවන්ටත් රටටත් කොඩිවිනයක්’’ ආණ්ඩුව පසුගිය වසර හතරහමාර තුළ මහබැංකුව කොල්ල කෑවා පමණක් නොව, රටේ සම්පත් ටිකත් විකුණා දැමූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මැල්සිරිපුර දී පෙරේදා (15) පැවැසීය. 17 October 2019
‘‘ආරක්ෂාව ගැන හිතන්නැති ඇමතිවරු සිටින තුරා සුරක්ෂිත රටක් බිහිවෙන්නේ නෑ‘‘ ජාතික ආරක්ෂාව ගැන තැකීමක් නැති ඇමති මණ්ඩලයක් සිටින තුරා සුරක්ෂිත රටක් බිහිවේ යැයි විශ්වාස කළ නොහැකි බව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) හොරණදී පැවසීය. 16 October 2019
“රෝගී සමාජයක් සමග රටක් ගෙනියන්න බෑ“ රෝගී සමාජයක් සමග රටක් ඉදිරියට ගෙන යා නොහැකියි. ජාතික ජනබලවේගය ලෙස අපේ සැලැස්ම නිරෝගී පුරවැසියෙක් බිහිකර ගැනීමත් සෑම පුරවැසියෙකුටම සමාන සෞඛ්‍ය සේවයක් ලබාදීමත් යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ඊයේ (15) පැවසීය. 16 October 2019
“හංසයාගේ සෙවණ සමස්ත ජනතාවටම හිමිවෙනවා “ ගෝනි බිල්ලන් භීෂණ කප්පිත්තන් වෙනුවට රටට සොඳුරු නායකත්වය තමා සපයන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා බලංගොඩ පැල්මඩුල්ල ඇහැලියගොඩ ජනරැලි වලදී පැවැසීය. 16 October 2019
“මගේ මුල් තැන ගොවියා නගා සිටුවීමයි“ රටේ ආරක්ෂක සැලැස්ම විනාශ කරළ මේ ආණ්ඩුව රටේ ගොවි ජනතාවද වළපල්ලට යැවූ බවද අනාථ වූ ගොවියා නගා සිටුවීමට තම අරමුණු අතර ඉදිරියෙන්ම ඇති බව ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (14) සවස නිකවැරටියේදී පැවසීය. 16 October 2019
“ගිවිසුම් වලට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි“ යුධ සමයේදී මෙරට මානව හිමිකම් කඩවූ බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්කර ඇති වාර්තාව පිළිනොගන්නාමුත් එම සංවිධානය සමග ඉදිරියටත් සුහදව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (15) පැවැසීය. 16 October 2019
‘ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අපේක්ෂකයා අන්ත පරාජයක් ලබනවා’ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සියළුම අපේක්ෂකයන්ට බාරදීම සඳහා දෙමළ ජාතික සන්ධානය හා සී.වී.විග්නේශ්වරන්ගේ පක්ෂය ඇතුළු උතුරේ දෙමළ දේශපාලන පක්ෂ 5 ක් සරසවි සිසුන් විසින් පිළියෙළ කරන ලද යෝජනාවලි සංදේශයකට එම දේශපාලන පක්ෂවල නායකයින් විසින් අත්සන් කර ඇත. 15 October 2019
“පැය 24ම ජනතාව ගැන සොයන පාලනයක් ගෙනියනවා“ පරණ තාලේ ඉබිගමන් නවතා වේගයෙන් තමා සමග වැඩ කරන්න සියලු දේශපාලකයන් සූදානම් විය යුතුයි.නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැල්ලවාය පස්සර බිබිල මැදගම 200 හාලිඇළ සහ දියතලාවෙ ජන රැලි අමතමින් සති අන්තයේදී පැවැසීය. 15 October 2019
“රටේ ආර්ථිකය කාබාසිනියා කළ ආණ්ඩුව පන්නා දැමීමේ පළමු වෙඩිමුරය ඇල්පිටියෙන් තැබුවා“ ‘වසර හතර හමාරක් තිස්සේ රටේ ආර්ථිකය කාබාසිනියා කළ මේ ආණ්ඩුව පළවා හැරීමේ පළමු වෙඩිමුරය ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලයෙන් පෙන්නුම් කළා. සියයට 70 ඡන්ද ප්‍රතිශතයක් ලබාදෙමින් මුළු රටම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සපථ කෙරෙන බව සනාථ වුණා. ඇල්පිටිය ජනතාව මේ ආණ්ඩුවට කුජීත වෙන්නම දුන්නා’ යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල (12) ගුණවර්ධන මහතා මාකඳුරේදී ඉකුත්දා (12) පැවසීය. 15 October 2019
“ඔබ ඔබේ යුතුකම ඉටුකරන්න.මම මගේ යුතුකම ඉටුකිරීමට සූදානම්“ තරුණ ජීවිත ටයර් සෑයවල පිච්චෙන යුගයක් නැවතත් මේ රටට අනවශ්‍ය යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (14) ගල්ගමුවේදී පැවැසීය. 15 October 2019
‘‘රාජපක්ෂවරු ආර්ථිකය ගැන කිඹුල් කදුළු හෙළනවා‘‘ ගෑස්, ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාන්ඩ වල මිල 2015 ට වඩා අඩුවෙන් තිබියදීත් රාජපක්ෂවරුන් ජීවන වියදම සහ ආර්ථිකය ගැන කිඹුල් කදුළු හෙළමින් සිටින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය. 14 October 2019
“සම්බුද්ධ ශාසනයේ ස්වර්ණමය යුගය නිර්මාණය කරනවා“ කතාවට, දේශපාලනයට සීමා වූ බෞද්ධකම වෙනුවට ප්‍රායෝගික ආගමික සංවර්ධන ක්‍රියාදාමයක් තුළින් රටේ සමස්ත විහාර පද්ධතිය ශක්තිමත් සංවර්ධනයකට ලක් කරන බව එක්සත් ජාතික පෙරමුණ ප්රමුඛ නව ප්රජාතාන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 14 October 2019
“සුරක්ෂිත රටක් බිහිකරන්න බුද්ධි අංශ සන්නද්ධ කර නීතිමය ආරක්ෂාව ලබා දෙනවා“ වසර පහකට බලයට පත්වන ආණ්ඩුවකට අනාගත පරපුරට හිමි රාජ්‍ය සම්පත් විකිණීමට කිසිම අයිතියක් නැතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (13) මහරදී පැවැසීය. 14 October 2019
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026