“ප්‍රධාන පක්ෂ වසර 71 ක් රටට කළ දෙයක් නෑ“ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා රට හදන්න එයාට ඡන්දය දෙන්න කියලා. එහෙම නම් එයා ආරක්ෂක ලේකම් වෙලා ඉන්න වෙලාවේ එයාගේ අයියාට තිබුණාගේ රට හදන්න. අනෙක් පැත්තෙන් කියනවා රට හදන්න සජිත්ට දෙන්නලු. 2015 ඉඳලා එයාලනේ ආණ්ඩු කළේ. එතකොට රනිල් අගමැති සජිත් ඇමැති ඉතින් ඒ අයට තිබුණනේ රට හදන්න. මේ ප්‍රධාන පක්ෂ දෙක වසර 71ක් කළේ එක එක සන්ධානවලින් ඇවිත් රට පාලනය කරපු එක යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. 04 November 2019
“ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති සියලු පොරොන්දු ධූර කාලය තුළදිම ඉටුකරනවා“ තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් සියලුම පොරොන්දු තම ධුර කාලය ඇතුළතදීම ඉටු කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිකුරාදා (1) පන්නලදී පැවැසීය. 04 November 2019
“ශ්‍රී ලංකා ෆස්ට් දැක්මට සියලු ජාතීන්ගේ ශක්තිය ලැබෙනවා“ “මේ අපේ ශ්‍රී ලංකාවයි” යන හැඟීම දකුණේ මෙන්ම උතුරේ සියලු ජනතාවට දැනෙන නිදහසේ ජීවත් විය හැකි ජාතික ආරක්ෂාව තහවුරු කරන ලද මාතෘභූමියක් ගොඩනගන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වවුනියාවේදී පැවසීය. 04 November 2019
“අපිට වැරදුණා කියා පසුතැවිලි වෙන්න ඉඩ තියාගන්න එපා“ රට ගොඩනැගීමට නම් වංචාවෙන් දූෂණයෙන් තොර ආණ්ඩුවක් බිහි කළ යුතු බවත් ඒ සඳහා සුදුසුම පිරිස සිටින්නේ ජාතික ජන බලවේගය සමග බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඉකුත්දා (28) පැවැසීය. 01 November 2019
“මමත් රාජ්‍ය සේවකයෙක් නිසා ඔවුන්ගේ දුක් ගැහැට වෙන කාටත් වඩා හොඳට මට තේරෙනවා“ තමාද රාජ්‍ය සේවකයකු හෙයින් රාජ්‍ය සේවකයා විඳින දුක් ගැහැට, ඔවුන් විඳින අපහසුතා අන් කාටවත් වඩා තමා හොඳින් දන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මහරගමදී පෙරේදා (30) පැවැසීය. 01 November 2019
“අයිඑස් නායකයාගේ ඝාතනය ගැන රාජපක්ෂලා තවම වචනයක්වත් ප්‍රකාශ කළේ නෑ“ “අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය දුරු කරලීම සඳහා ජාත්‍යන්තරය සමග කටයුතු කළ යුතු බව තමන් ප්‍රකාශ කළ අවස්ථාවේ එය විවේචනය කළ රාජපක්ෂලා මේ වන තෙක් අයි.එස්.අයි.එස්. නායකයාගේ ඝාතනය පිළිබඳව එකම වචනයක්වත් ප්‍රකාශ කර නැතැයි” එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවැසීය. 01 November 2019
’’සියලු ජාතීන්ට සාමයෙන්-සංහිඳියාවෙන් ජීවත් විය හැකි රටක් ගොඩනඟනවා’’ “සියලු ජාතීන්ට සහ ආගමිකයන්ට එක මවකගේ දරුවන් මෙන් සහෝදරත්වයෙන් සංහිඳියාවෙන් සහ මිත්‍රශීලි බවෙන් ජීවත්විය හැකි මාතෘභූමියක් ගොඩනඟන බව” නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා “සජිත් සමාජ විප්ලවය” ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනගත කිරීමේ උත්සවය අමතමින් ඊයේ (31) පැවසීය. 01 November 2019
“විනයගරුක රටක් හදනවා“ “ත්‍රස්තවාදය, කුඩු, කප්පම්, මිනීමැරුම්, අපචාර නැති විනය ගරුක ශ්‍රී ලංකාවක් බිහි කරන බව” නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා බියගමදී පෙරේදා (29) පැවසීය. 31 October 2019
“අද අපිට ඉතිරි වී තිබෙන්නේ නීතියක් විනයක් නැති රටක්“ ශ්‍රී ලංකා යූඇන්පී හැත්තෑ එක් වසරක පාලනය අවසානයේ අපට ඉතිරි කර තිබෙන්නේ මහා විනාශයක්. එදා 94 දී රට හදන්න කියල විහාර මහාදේවිය ආවා. 2005 දී දුටුගැමුණු ආවා. 2015 දී පොලොන්නරුවේ ගැමියා ආවා. මොකද කළේ රට හැදුවද. නැහැ. කරපු එකම දේ තමයි ජාතීන් අතර ගැටුම් ඇති කෙරුවා, ජාතිවාදයල ආගම්වාදය ඇවිස්සුවා. ඒ ඇරෙන්න වෙන මොනවද කරල තිබෙන්නේ යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා තිහාරියේදී ඉකුත්දා පැවැසීය. 31 October 2019
“අප රජයක් යටතේ ගොවි ජනතාව නගා සිටුවීමට පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා“ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 70කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (29) අම්පාරේ දී පැවැසීය. 31 October 2019
“ආණ්ඩුවේ වැඩ ප්‍රචාරය කරන්න ජනතා මුදල් ගත්තේ නෑ“ රටේ නිදහස ප්රජාතන්ත්රවාදය තහවුරු කරන අතරම ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් නොකළ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් ගෙන යාමට වත්මන් ආණ්ඩුවට හැකි විණැයි එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී ඊයේ (30) පැවැසීය. 31 October 2019
“පරිසරය සුරැකීම අංක එක විය යුතුයි“ පරිසර සංරක්ෂණයේ දී ගන්නා ක්‍රියාමාර්ග කවරේදැයි ජනාධිපති අපේක්ෂකයන් තම මැතිවරණ ප්රතිඥාවල දී සහ මැතිවරණ ප්‍රකාශනවලදී හෙළි කළ යුතුයැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (29) ප්‍රකාශ කළේය. දේශපාලනඥයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ පරිසර සංරක්ෂණය පිළිබඳ වගකීමට අංක එක හිමිවිය යුතු යැයි ද ජනාධිපතිවරයා පැවසීය. 31 October 2019
‘‘ජාතික ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන්වත් ගෝඨාභයට විධිමත් වැඩපිළිවලක් නෑ‘‘ රට ගොඩනැගීම සඳහා ප්‍රතිපත්තියක් නොමැතිව ජාතික ආරක්ෂාව මතුරන ගෝඨාභය රාජපක්ෂට මේ රටේ ප්‍රශ්න විසඳීමට නොහැකි බවත් ජාතික ආරක්ෂාව තහවුරු කරමින් රටේ අනෙකුත් ප්‍රශ්න විසඳීමට නම් සජිත් පේ‍්‍රමදාස මහතා රටේ ජනාධිපති කළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (30) පැවැසීය. 31 October 2019
“අපේ රජය තරම් රාජ්‍ය සේවකයා ගැන සොයාබැලූ කිසිදු ආණ්ඩුවක් නෑ“ “වත්මන් රජය තරම් රාජ්‍ය සේවකයා ගැන සොයා බැලූ කිසිදු ආණ්ඩුවක් නැති බවත්, රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් සහ දීමනා වැඩිකරමින් රාජ්‍ය සේවකයාට අභිමානයෙන් තම වෘත්තීය කරගෙන යාමට අවස්ථාව වත්මන් රජය උදා කළ බවත්” එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය. 30 October 2019
“ලෝකය පනින පිමි තුළ ඇත්තේ නව තාරුණ්‍යයයි“ “රටක අනාගතය පිළිබඳ වැඩ පිළිවෙළක් හා දැක්මක් නැති පාලකයෝ ඉන්න විට තරුණයන්ට ෂුවර් අනාගතයක් හැදෙන්නේ නැහැ. ඔබේ අනාගතය ගොඩනැගීමට දැක්මක් ඇති, වැඩපිළිවෙළක් ඇති එකම ව්‍යාපාරය ජාතික ජනබලවේගය පමණක්” යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉකුත්දා (27) පැවසීය. 30 October 2019
“සියලු ජනතාවට ශ්‍රී ලාංකිකයන් ලෙස ජීවත්විය හැකි අභිමානවත් රටක් ගොඩනගනවා“ සියලු ජාතීන්ට ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජීවත් විය හැකි අභිමානවත් දේශයක් ගොඩනැගීමට කැපවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනයේ දී පැවැසීය. 30 October 2019
’’තරුණයන්ට යටත් විජිත බවෙන් මිදෙන්න කාලය ඇවිත්’’ “මෙපමණ කලක් ධනවතුන්, බලවතුන්, දේශපාලනඥයන් පසුපස ගිය තාරුණ්‍යයට යටත් විජිතභාවයෙන් මිදී කොන්ද කෙළින් තබාගෙන ජන සමාජයේ විශිෂ්ටයින් බවට පත්වීමේ මාර්ගය උදාකරන බව” නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ප්‍රකාශ කළේය. 30 October 2019
‘‘රණවිරුවන් වෙනුවෙන් ඕනෑම තොන්ඩුවකට බෙල්ල තියන්න ලෑස්තියි‘‘ රණවිරුවන්ගේ ප්‍රශ්නයකදී වග කියන්නෙත් තමන් බවත් වග වෙන්නෙත් තමන් බවත් රණවිරුවන් වෙනුවෙන් ඕනෑම තොන්ඩුවකට බෙල්ල තියන්න ලෑස්තිව සිටින බවත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (29) දිවුලපිටියේදී පැවසීය. 29 October 2019
මේ රට හදන්නේ මා නොව අපියි “මා ඉන්ද්‍රජාලිකයෙක් නොවේ. අපේ පාලනයක් යටතේ මේ රට හදන්නේ මා නොව අපියි. මානව සමාජය මෙතෙක් අත්පත් කරගත් සංවර්ධනය සේම රටක් ලෙස හෙට දවසේ අපි අත්පත් කරගන්නා ජයග්රහණයන් සියල්ලත් සාමූහික ප්රයත්නයක ප්‍රතිඵල මිස මාගේ ඉන්ද්‍රජාලික ක්‍රියාවක් නොවේ“ යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (26) පැවසීය. 26 October 2019
පාසැල් සිසුන් ලක්ෂ 40කට දිවා ආහාරය දෙනවා රණසිංහ ප්‍රේමදාස මහතා විසින් පාසැල් සිසුන් සඳහා ලබා දුන් දිවා ආහාරය මහින්ද රාජපක්ෂ රජය පවතින කාලයේදී නතර විය. පසුගිය රජය විසින් නතර කරන ලද එම දිවා ආහාරය මේ රටේ හතලිස් ලක්ෂයක් වූ පාසැල් සිසුන්ට නැවත ලබා දෙන්නට තමා පියවර ගන්නා බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (26) පෙරවරුවේ ඇඹිලිපිටියේ පැවති ජනහමුවකදී පැවසීය. 26 October 2019
“රට වෙනුවෙන් තීන්දු ගන්නා තැන්වල කාන්තා නියෝජනය වැඩි කරනවා“ “උසස් අධ්‍යාපනයේ ඉහළම නියෝජනයක් පෙන්වන කාන්තාවෝ රටේ වැදගත් තීන්දු තීරණ ගන්නා තැන්වල අවම වෙලා. මේ පරතරය වෙනස් කර, තමන් වෙනුවෙන් රට වෙනුවෙන් තීන්දු ගන්නා තැන්වල කාන්තා නියෝජනය වැඩි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා යැයි” ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා (20) පැවසීය. 25 October 2019
“අපේ රජය කිසිදු රාජ්‍ය ආයතනයක් විකුණන්නේ නෑ“ පැවැති බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම විකෘතිකර වත්මන් ආණ්ඩුව මහජනතාවගේ සාක්කු සුද්ධ කිරීමට පටන්ගෙන තිබෙන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා මාළබේ, අරංගල දී පැවැසීය. 25 October 2019
“ජනදුක ගැන මට කාගෙවත් ටියුෂන් ඕනෑ නෑ“ “ජාතික නිෂ්පාදනය වර්ධනය කිරීම තුළින් ජනතාව මත පනවන බදු බර අඩු කර පීඩනකාරී ජීවන රටාවෙන් සමස්ත ජනතාවම මුදාගන්නා බව” නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පන්නල දී පැවැසීය. 25 October 2019
‘‘ගාමිණි දිසානායක කැපවීම සියලු දේශපාලඥයන්ට ආදර්ශයක්‘‘ මහවැලි ව්‍යාපාරයෙන් රට සහලින් ස්වයංපෝෂිත කරමින් රටේ බල ශක්තිය ඇතිකරමින් රටේ දිශානතිය වෙනස් කළ ගාමිණි දිසානායක මහතා දේශපාලඥයෙක් වෙනුවට රටේ ඉතිහාසය වෙනස් කළ දැවැන්තයෙක් ලෙස සැළකිය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. 24 October 2019
“බත් කනවාද? වෙඩි කනවාද? නොවැ-16 තීරණය කරන්න“ “නොවැම්බර් 16 වැනිදා ජනතාව ගත යුත්තේ බත් කනවද, වෙඩි කනවද, යන තීරණය බව” එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලග්ගලදී ඉකුත්දා (19) පැවැසීය. 24 October 2019
“නිවාස ව්‍යාපෘති සියල්ල මහල් නිවාස විය යුතුමයි“ “අද පවතින නිවාස ප්‍රතිපත්තියේ රජය සිටියොත් තව අවුරුදු දහයකදී වගා කරන්න තිබෙන බිමෙන් අක්කර විසිලක්ෂයක් නිවාසවලට යට කරන්න වෙනවා. කෘෂිකාර්මික බිම රැකගන්න නම් රජයේ නිවාස ව්‍යාපෘති සියල්ල මහල් නිවාස විය යුතුය යන ප්‍රතිපත්තියේ අපි ඉන්නවා.” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (22) පැවැසීය. 24 October 2019
“අප රජයක් යටතේ සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා“ තම රජයක් යටතේ සරල බදු ක්‍රමයක් හඳුන්වාදීමට ක්‍රියාකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කඹුරුපිටියේදී ඉරිදා (20) පැවැසීය. 24 October 2019
“දුක-කඳුල වේදනාව යළි විඳින්න ඉඩක් තබන්නේ නෑ“ “දුක, කඳුළ, වේදනාව මැද වද හිංසා විඳිමින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය එවන කාන්තාවන් සේවය කරන රාජ්‍ය සමඟ ගිවිසුම් අත්සන් කර හිංසනයෙන්, පීඩාවෙන් තොරව කාන්තාවට එතෙර රැකියා කිරීමේ නිදහස දෙන සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ලග්ගලදී පැවැසීය. 24 October 2019
‘‘වත්මන් රජය බලයට පැමිණීමත් සමඟ රටේ සංවර්ධනය නතරවුණා‘‘ වත්මන් රජය බලයට පැමිණීමත් සමඟ රටේ සංවර්ධන ඇණ හිට ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 23 October 2019
“පෞද්ගලික අංශයේ කර්මාන්ත හෝ වෙනත් ආයතන වහන්නේ නෑ“ “අපි පෞද්ගලික අංශයේ කර්මාන්ත හෝ වෙනත් ආයතන වසා දමන්නේ නැහැ. රටට ආදායම් උපයා දිය හැකි, ආර්ථිකය ශක්තිමත් කරන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් ඉලක්ක සහගත නිෂ්පාදන කර්මාන්තය කරා කැඳවන උන්මාදයක් ඇති කරනවා” යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර දිසානායක මහතා පෙරේදා (21) පැවසීය. 23 October 2019
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026