IMG-LOGO

2024 මැයි මස 15 වන බදාදා


“මමත් රාජ්‍ය සේවකයෙක් නිසා ඔවුන්ගේ දුක් ගැහැට වෙන කාටත් වඩා හොඳට මට තේරෙනවා“

(සුජිත් හේවාජුලිගේ, මහරගම ගාමිණී සරත් ගුණවර්ධන හා කැස්බෑව ජී.එස්.එම්. කහටපිටිය)

තමාද රාජ්‍ය සේවකයකු හෙයින් රාජ්‍ය සේවකයා විඳින දුක් ගැහැට, ඔවුන් විඳින අපහසුතා අන් කාටවත් වඩා තමා හොඳින් දන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මහරගමදී පෙරේදා (30) පැවැසීය.

තමා එදා රාජ්‍ය නිලධාරින්ට දුන්නේ දේශපාලන ඉලක්ක නොවේ යැයි කී රාජපක්ෂ මහතා තම රජයක් යටතේ රාජ්‍ය ආයතනවලට ඉදිරියේදී පත් කරන්නේ දක්ෂ කාර්යශූර අය පමණක් යැයිද ප්‍රකාශ කළේය.

කුළල් කා ගත්තා මිසක මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව ගැන සත පහකට මායිම් නොකළ බවද ඔහු කීය.

රාජපක්ෂ මහතා මේ බව පැවැසුවේ මහරගම නගරයේදී පෙරේදා (30) පස්වරුවේ පැවැති මැතිවරණ ජනහමුවේදීය.

විශාල පිරිසක් වර්ෂාව මැද්දේ රැස්වීමට සහභාගි වූහ.

ගෝඨාභය රාජපක්ෂ මහතා පස්වරු 6.00 ට පමණ රැස්වීම් භූමියට පැමිණි අතර මේ අවස්ථාවේදී ජනතාවගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.

ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී මෙසේද කීය.
තිරසර සංවර්ධනය ඇති කිරීමට අප අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය රටට ඉදිරිපත් කළා. මෙය හුදු දේශපාලන පොරොන්දුවක් නොවෙයි. ඉටු කළ හැකි ප්‍රායෝගික වැඩපිළිවෙළක්. අප මේ ප්‍රතිපත්ති හැදුවේ විද්වතුන් බුද්ධිමතුන් සමග අවුරුදු ගණන් සාකච්ඡා කරලයි. අපි ඇති කරන්නේ ජාතික ආරක්ෂාවට මුල් තැන දෙන ඒකීය භාවය තහවුරු කරන රජයක්.

යුද්ධයෙන් පසුව අප රටේ විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. රටේ තවදුරටත් බෝම්බ පිපිරීම් නතර වුණේ ඒ නිසයි. අපි කොටි නායක කේ.පී. පිටරට ඉඳලා අල්ලාගෙන ආවා. එදා බුද්ධි අංශවල චිත්ත ධෛර්යය ඉහළම තැනක තිබුණා. පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන සියලු තොරතුරු මේ රජයට කල්තියා ලැබිලා තිබුණා. නමුත් ආණ්ඩුව ඒ ප්‍රහාරය වළක්වන්න අසමත් වුණා. අසමත් රාජ්‍යයක්. මේ ආණ්ඩුවට ජාතික ආරක්ෂාව ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. රණවිරුවන් බුරුතු පිටින් දංගෙඩියට ගෙන ගියා. අප ඇති කළ ආරක්ෂාව මේ අය පැමිණ නැති කළා. අප බලයට පැමිණ මේ රටේ ආරක්ෂාව තහවුරු කරනවා.

එදා අප ටී.අයි.ඩී., සී.අයි.ඩී. පාවිච්චි කළේ ත්‍රස්තවාදය හිස එසවීම නැති කරන්නයි. නමුත් මේ ආණ්ඩුව බුද්ධි අංශ යෙදවූයේ විරුද්ධවාදීන්ගෙන් පලිගන්නයි. රටේ ජාතික ආරක්ෂාව නැතිවුණේ මේ නිසයි.

අප යුද්ධය නිමා කර රට සංවර්ධනය කරා ගෙන ගියා. පාරවල් හැදුවා. නව නගර හැදුවා. අප හදපු මත්තල ගුවන් තොටුපළේ වායු සමීකරණ කාමරවල මේ අය වී ගබඩා කළා. රටේ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමට කටයුතු කරනවා. සියලු ව්‍යාපාර අද කඩාවැටිලා. ඒවාට තේරුමක් නැති බදු පටවලා. අප රටේ අනවශ්‍ය බදු සියල්ල ඉවත් කරනවා. ජනතාවට ගෙවිය හැකි පහසු බදු ක්‍රමයක් ඇති කරනවා.

සමස්ත ව්‍යාපාර ප්‍රජාවම අද ණය බරින් පීඩාවට පත්ව සිටිනවා. අප ඒ අයට ඉදිරියේදී සහන දෙනවා. සෑම ප්‍රදේශයකම යටිතල පහසුකම් වර්ධනය කරනවා.

මේ ආණ්ඩුව ලංකාවේ තේ වෙළෙඳපොළ බිමටම වැට්ටුවා. සිලෝන් ටී නාමය අද හෑල්ලුවට පත් වෙලා. වැරදි ක්‍රමවේදයන් සම්පූර්ණයෙන්ම නවත්වනවා. වැවිලි ආර්ථිකය දියුණු කරනවා. අපේ රටේ බුද්ධිමතුන් ආර්ථික වර්ධනය සඳහා මෙහෙයවිය යුතුයි. අප තාක්ෂණය මුල්වුණු ආර්ථිකයක් හදනවා.

ඒ වගේම අධ්‍යාපනයට විශාල ආයෝජනයක් කරනවා. විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරනවා. කාර්මික හා තාක්ෂණ විද්‍යාල අලුතින් පටන් ගන්නවා. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා. උසස් පෙළ සමත් වන සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට ඉඩ හසර ලබා දෙනවා.

අප ලෝක වෙළෙඳ පොළේ ඉල්ලුම මොකක්ද කියලා බලන්න ඕන. නුපුහුණු අය පිටරට යවනවාට වඩා නිපුණත්වය දී යැවීම වැදගත්. එතැනදි වැඩි වේතනයක් ලබා ගැනීමට හැකි වෙනවා.

රාජ්‍ය සේවකයාගේ අපහසුකම් මා දන්නවා. මා එදා රාජ්‍ය සේවකයා දිරිමත් කළා. එදා කොළඹ හැදුවේ පිටින් ඇවිත් නොවෙයි. අප රාජ්‍ය නිලධාරීන්ට දුන්නේ දේශපාලන ඉලක්ක නොවෙයි.

රාජ්‍ය ව්‍යාපාර රැසක් වැරදි කළමනාකරණය නිසා අද පාඩු ලබනවා. අප මේ ආයතනවලට පත් කරන්නේ දක්ෂ අය විතරයි. රාජ්‍ය දේපල පුද්ගලික අංශවලට විකුණන්න බැරි නීති ගේනවා. අප නිලධාරීන්ට ඉලක්ක දෙනවා. අප අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් තට්ටු නිවාස ඇති කළා. දැන් ඒ වැඩ ඇනහිටලා. ජනතාවට පහසු මිලට නිවෙසක් ලබා ගැනීමට අවස්ථාව ඇති කරනවා.

පැහැදිලි දැක්මක් අපට තියෙනවා. අපි අභියෝග බාරගෙන ඒවා ඉටු කරපු අය. මා කෙරෙහි විශ්වාසය තියන්න. මා ඔබලාට සුරක්ෂිත රටක්, අභිමානවත් දේශයක් ගොඩනගනවා.

ශ්‍රී ලංකා මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා:-
මහා ජයග්‍රහණයකට පෙළගැසෙමින් සිටින මොහොතක්. නොවැම්බර් 16 වැනිදා ලක් ඉතිහාසය අලුතින් ලියවෙනවා. ගෝඨාභය රට වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. ඔහු විනයගරුක වැදගත් නායකයෙක්. විරුද්ධ පක්ෂයේ කිසිම අයකු විවේචනය කළේ නැහැ. රට කඩාවැටුණේ රනිල් සජිත් යුගයේදීයි. රටේ ඒකීය භාවය රැකිය හැක්කේ ගෝඨාභයටයි. පාලන තන්ත්‍රය ආණ්ඩුක්‍රම නාඩගමක් බවට පත් කළා.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:-
මේ රටට අද ඉන්නේ විදේශයන්ගේ පදයට නටන නායකයකු නොවෙයි. මේ ආණ්ඩුව ඇවිත් එක පාරක් හැදුවෙ නැහැ. සහරාන්ලා හැදුවේ මේ ආණ්ඩුවයි. රට ජාතික ආරක්ෂාව ඉල්ලනවා. පුතාණෝ සනීපාරක්ෂාව දෙන්න යනවා. මේ ආණ්ඩුව ඇවිත් දුප්පතාට බඬේ පාර හැදුවා. සනීපාරක්ෂක තුවාවල බද්ද වැඩි කළේත් මේ ආණ්ඩුවයි. මේ ආණ්ඩුව ව්‍යාපාරිකයාට කනේ පාර දුන්නා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා:-
පාස්කු ඉරුදින සිද්ධියට අපේ අයත් ගාවල මඩ ප්‍රහාරයක් ගහන්න සූදානම් වෙනවලු. ඒ ප්‍රහාරයේ වගකීම මේ රජය බාරගත යුතුයි. රජයේ හිටපු සජිතුත් ඊට වග කියන්න ඕන. මහ බැංකු හොරකමට වගකිවයුත්තේ රනිල්.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා:-
යහපාලන ආණ්ඩුව වැඩ කටයුතු ආරම්භ කළේ මහ බැංකුව කොල්ලකාලයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා මේ රට බෙදුම්වාදයට ගෙන යන්න මේ ආණ්ඩුව කටයුතු කළා. ත්‍රස්තවාදය, අන්තවාදය පෝෂණය කළේ මේ ආණ්ඩුවයි. පාස්කු ඉරුදින ප්‍රහාරය ඇතිවුණේ මේ නිසයි. මේ ආණ්ඩුව යටතේ ලක්ෂ හතරකගේ රැකියා නැතිවුණා. බුද්ධි අංශවල තුන්සිය විසි දෙනෙක් හිරේට දැම්මා.

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා:-
අද සජිත් බදුබර ගැන කිඹුල් කඳුළු හෙළනවා. රණවිරුවන්ට ගැහුවේ මේ ආණ්ඩුව කියලා අද සජිත් දන්නෙ නැහැ. සජිත්ට මේ රට ගියොත් අගමැති මමයි කියලා අද රනිල් ප්‍රකාශ කළා. එතකොට සජිත් සිග්නල් කණුවක් විතරයි. සියයට 37 ට වඩා අරගෙන පෙන්වන්න කියලා මම සජිත්ට අභියෝග කරනවා. අද සජිත් කවටයන් අතර පෙරමුණට ඇවිල්ලා. අවුරුදු දෙකෙන් කොටියා නැති කළේ ගෝඨාභයයි. හතරේ ගණන් දන්නෙ නැති සජිත්ට ආචාර්ය ගෝඨාභය සමග මොන විවාදද?

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා:-
ගෝඨාභය ජයග්‍රහණය කරවන්න අද සියලු දේශපාලන පක්ෂ එකතුවී සිටිනවා. ගෝඨාභය දිනවන්න අද රටම එකතුවී සිටිනවා. විජයදාස රාජපක්ෂත් ගෝඨාභයට සහය දෙන්න ඉදිරිපත් වුණා.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා:-
ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැරි ආණ්ඩුවක් පාලනයට සුදුසු නැහැ. මේ රටේ ත්‍රස්තවාදය නැති කිරීමට අණ දුන් එකම නායකයා මහින්ද රාජපක්ෂයි. සියලු ජාතීන්ට නිදහසේ ජීවත් වීමට හැකි රටක් නිර්මාණය කළේ ගෝඨාභය රාජපක්ෂයි. මේ ආණ්ඩුවට රුපියල ආරක්ෂා කරන්නත් බැරිවුණා. මුදලට අගයක් දෙන්න බැරි ආණ්ඩුවක්. මහ බැංකුව මහ දවල් කැඩුවා.

පොලී අනුපාතය කරටි කඩලා යනවිදියට වැඩිවුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා:-
මේ මැතිවරණයේදී සියලු දෙනා එක වහළක් යටට ගේන්න අපට හැකිවුණා. සහරාන් බෝම්බ පුපුරවන කොට ඔබලාට මතක් වුණේ මහින්ද-ගෝඨායි. ආරක්ෂක ලේකම් සත පහක් වංචා කළ අයකු නොවෙයි. රාජ්‍ය සේවයට ගෞරවයක් දුන්නේ ඔහුයි. කොළඹ පැල්පත් නැතිකළා. ගෝඨා හිටියා නම් මේ වෙනකොට ගෙවල් 35,000 ක් හදලා ඉවරයි.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-
මේ ආණ්ඩුවේ ඉන්නවා අයන් මෑන්. දැන් අලුත්ම කෙනා පෑඞ් මෑන්. 13 වැනිදා වෙනකොට මෙයා තව මොනවා ගෙනත් දේවිද දන්නෙ නැහැ. ජනාධිපති අපේක්ෂකයකු ගන්න වැඩිම ඡන්ද ප්‍රතිශතය ගන්නේ ගෝඨාභයයි. සජිත් ආණ්ඩුවේ අගමැති මමයි කියලා අද රනිල් කියනවා. මේ රට සිංහල බෞද්ධ රටක් නොවෙයි කියලා කිව්වේ මංගලයි. 16 වැනිදා සජිත් එක්ක මංගලත් ගෙදර යවනවා. අද මහරගම ජන ගඟක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි:-
එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ රනිල්ගේ පඹයෝ ටිකක් විතරයි. සජිත් කියන්නේත් එක පඹයෙක් විතරයි. ඔහුට කිසිම දැක්මක් නැහැ. රට අද බරපතළ අර්බුදයකට ලක්ව සිටිනවා. සෝෆා ගිවිසුම අත්සන් කරනවාට කැමතිද නැද්ද කියලා සජිත් ප්‍රකාශයක් කළ යුතුයි. සිංගප්පූරු ගිවිසුම අස්සන් කළේ පිටරට ජාවාරම්කරුවන්ට මෙරටට පැමිණීමටයි. මේ රට ගොඩනැගිය හැකි නායකයා ගෝඨාභයයි. තවම මේ රටට ජාතික ප්‍රතිපත්තියක් නැහැ. කඩදාසි ටික එන්නෙත් පිටරටින්. සජිත් සිංගප්පූරු ගිවිසුම ගැන එක වචනයක් කතා කළේ නැහැ. රනිල්, සජිත්, මලික් මුළු පෙරමුණම පරාජය කරනවා. සිගරට්, අරක්කු දෙකටම බිලියනයක් වියදම් කරන රටක්. මේක නවත්වන්න රටට ආදරය කරන නායකයකු ගේන්න ඕන. රාජ්‍ය භාණ්ඩාගාරය හිස්. නමුත් සජිත් අරවා දෙනවා මේවා දෙනවා කියලා බොරු කියනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා:-
මහරගම ප්‍රදේශයේ ජීවත්වන්නේ උගත් ජනතාවක්. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ හත්වැනි විධායක ජනපති වශයෙන් පත්වීම ස්ථිරයි. මහරගම ජනතාවගේ ප්‍රශ්න විසඳීමට මේ යහපාලන රජය කිසිම දෙයක් කළේ නැහැ. මහින්ද යුගයේ අලුත් රක්ෂා නව ලක්ෂයක් බිහි කළා. තිබුණු රක්ෂා ලක්ෂ හතරක් මේ රජය යටතේ නැවතුණා. අද පොලී අනුපාතය සියයට හැටකින් අඩුවෙලා. සමාගම් වහනවා. ව්‍යාපෘති නතර වෙලා. ඩොලරය අද රුපියල් 184 යි. අද උපාධිධාරීන්ට රැකියා නැහැ.

ගෝඨාභය රට වෙනුවෙන් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා තියෙනවා. අද හමුදාපති පත් කරන්න උපදෙස් දෙන්නෙත් විදෙස් රටවල්. ගෝඨාභය කියන්නේ ප්‍රතිඵල පෙන්නූ නායකයෙක්. ඔහුගේ එඩිතර නායකත්වය රටට අවශ්‍යයි. මේ රට ගොඩ ගන්න පුළුවන්. ඒකට නායකත්වයක් අවශ්‍යයි. වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ඔහු දිනවන්නැයි මහරගම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, පළාත් සභා හිටපු අමාත්‍ය උපාලි කොඩිකාර මහත්වරු ඇතුළු පිරිසක්ද මෙහිදී කතා කළහ.

 



අදහස් (5)

“මමත් රාජ්‍ය සේවකයෙක් නිසා ඔවුන්ගේ දුක් ගැහැට වෙන කාටත් වඩා හොඳට මට තේරෙනවා“

Chanak Los Angeles Friday, 01 November 2019 06:39 AM

අමු බොරු සංවර්ධනයක් ගැන නොකියා හංසයා දිනුවට පසු ඔක්කොම හොරු ටික ජම්පරේ අඳින්න ලෑස්ති වුනොත් හොඳයි.

:       196       208

WarnakulasuriyaSunday, 03 November 2019 10:24 AM

2015 ජනවාරිවලත් අපි ඔය සිහිනය දුටුවෙමු. ඒ වුණාට වුනේ ජම්පරේ අඳින්න ඕනේ අයට අනාගත ජනාධිපති වෙන්නත් ඉඩ ලබාදීමක්... මේක හවුලේ කෑමක් බව ජනතාව තේරුම් නොගැනීම රටේ අවාසනාවයි.

:       0       0

සෙනෙවිරත්න Sunday, 03 November 2019 01:44 AM

අනේ දුක දැනිච්ච රාජ්‍ය සේවකයෙක්. මේ විහිළු කතා පොහොට්ටු රාජ්‍ය සේවකයෝ පිළිගනීවි.

:       0       1

සෙනෙවිරත්න Sunday, 03 November 2019 01:54 AM

නල්ලමලේ දුක දැනිච්ච රාජ්‍ය සේවකයා.

:       0       0

චමින්ද Monday, 04 November 2019 01:15 AM

ඔබත් රාජ්‍ය සේවකයෙක් නම් ඔබටත් වඩා සුදුස්සා වෙන්නේ හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතාය. එතුමා හමුදාපති කෙනෙකු වුණත් ඔබතුමාට එම තත්වය ගන්න බැරිවුනා. ඒ වගේම එතුමා සමග සිටින වැඩි දෙනෙක්ද රජයේ සේවයේ සිටි උසස් දැනුමක් සහිත නිලධාරීන්ය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 2335 24

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 3149 17

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 3556 10

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 2434 15

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 295 6

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1239 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 716 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2244 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1926 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site