IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


“සමස්ත පුරවැසි පරපුරම ශක්තිමත් කරනවා“

(අංජුල මහික වීරරත්න, නිමල කොඩිතුවක්කු, කලවාන - උපේන්ද්‍ර ජාතුන්ගම, වේවැල්කඳුරේ - පත්ම බන්දු, අම්බලන්ගොඩ - හේමන්ත සිල්වා සහ ගෝනාපීනුවල - දයා සිරිල් ධම්මික)

“දූෂණ-වංචා සහ ජාතික සම්පත් කොල්ලකෑම්වලට සම්බන්ධ කිසිවකුත් තම රජයට ඇතුළත් කරගන්නේ නැතැයි” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක, එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කලවානේදී පැවැසීය.

“යල් පැනගිය ඇටුවන් බැහැපු අය සමඟ නොව අලුත් ජවය ශක්තිය සහිත සමස්ත පුරවැසි පරපුර ශක්තිමත් කරන රජයක් බිහිකරන බවද” ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

කලවාන ජන රැලියට අමතරව සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් මෙදින හිනිදුම, බෙන්තර, ඇල්පිටිය, රජ්ගම, බලපිටිය සහ බණ්ඩාරගමදී ද ජන රැලි පැවැත්විණි.

කලවාන ජනරැලි අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවැසීය.

“රත්නපුර දිස්ත්‍රික්කයේ දියුණුව ගැන සිතන සැමගේ සිහිනය වන්නේ ආපදා නොවන ආකාරයට, පරිසර හානියක් නොවන ආකාරයට රුවන්පුර අධිවේගී මාර්ගය නිර්මාණය කිරීමයි. 16 වැනිදායින් පසුව වැඩක් කරන, වැඩක් කළ හා දැවැන්ත වැඩක් කරන්න සිටින පුද්ගලයකු ලෙස රුවන්පුර අධිවේගී මාර්ග සිහිනය සැබෑ කරනවා.

ගංවතුරෙන් යටවන අයගම හරහා දිවෙන ඉඩංගොඩ කලවාන මාර්ගය මංතීරු දෙකක් සහිතව සංවර්ධනය කරනවා. කුකුළේ ගඟ විදුලි යෝජනා ක්‍රමය ස්ථාපිත කිරීම තුළ පීඩාවට අසහනයට පත්වූ ජතතාවට සහන මා දෙනවා. කුකුළේ ගඟ ව්‍යාපෘතිය හරහා අසාධාරණයට ලක් වූ සැමට සුදුසු වන්දි ගෙවනවා.

රබර්, තේ, කර්මාන්තය, පතල් කර්මාන්තය, සුළු අපනයන භෝග හා ගම්මිරිස් වගාව යන කර්මාන්තවල බොහෝ දෙනෙකු නිරතව සිටිනවා. මෙරට කෘෂි විප්ලවයක් මා අරඹනවා. මෙරට ජනතාවට අවශ්‍ය ආහාර ඉල්ලුම මෙරටින් සපුරනවා. පිටරටින් ආනයනය කරනවා වෙනුවට අපේ වගා විප්ලවය තුළ රටේ ඉල්ලුමට සැපයුම දෙනවා පමණක් නොව මෙරට කෘෂි නිෂ්පාදන අපනයනය කරන්න ද කටයුතු කරනවා.

වී වගාව හෝ වේවා තේ-පොල්-රබර් වගාව වේවා එළවළු-පලතුරු ගොඩ භෝග වගාව ශක්තිමත් කරන්න නිෂ්පාදන වියදම පහත හෙළන්න සියලු පොහොර වර්ග නොමිලේ දෙනවා. ඊට අමතරව තේ සඳහා හොඳ සහතික මිලක් දෙනවා. ගම්මිරිස්වලට හොඳ මිලක් දෙනවාසේම ගම්මිරිස් ප්‍රතිඅපනයනය තහනම් කරනවා.

තේ කර්මාන්තය නඟා සිටුවීම සඳහා විශේෂ අවධානය යොමු කරනවා. තේ කර්මාන්තය සශ්‍රික කරනවා. තේ කර්මාන්ත ශාලා නැවතත් ශක්තිමත් කර කුඩා තේ වතු හිමියන්ගේ නිෂ්පාදන කටයුතු ජව සම්පන්න කරනවා.

පතල් කර්මාන්තයේ නිරත වෙන සියලු දෙනාට මා කියන්නේ 16 වැනිදා නිර්මාණය වන්නේ නව යුගයක්. ඒ නව යුගය තුළ පරිසරය ආරක්‍ෂා කරමින් පතල් කර්මාන්තය කරගෙන යන්න අවශ්‍ය ශක්තිය දෙනවා.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති පත් කිරීම මේ කර්මාන්තයේ නිරත සියලු දෙනාට දෙනවා. පතල් කර්මාන්තයේ නිරතවන අයට අවසරය ගන්න එක එක තැන්වලට යන්න වෙලා. එකම තැනක සිට ඒ අවසරය දෙන ක්‍රියාවලිය මා ක්‍රියාත්මක කරනවා. පතල්කරුවන් ව්‍යාපාරිකයන් රස්තියාදු වූ යුගයට මා තිත තබනවා.

මේ බල ප්‍රදේශයේ නිවාස ප්‍රශ්නය විසඳන්න දිය හැකි උපරිම සහයෝගය මා දෙනවා. නිවාස ඉදි කරන්න, ඉඩම් ගන්න ගැටලුවක් තිබෙනවා. රටේ ජනාධිපතිවරයා ලෙස 2025 සියලු දෙනාට සෙවන දෙන අවස්ථාවේදී මේ ප්‍රදේශයටත් නිවාස දෙනවා.

සංචාරක කර්මාන්තය හොඳින් මේ ප්‍රදේශයේ ක්‍රියාත්මකයි. එය තවදුරටත් ශක්තිමත් කර බලප්‍රදේශය ඍජු සංචාරක කලාපයක් බවට පත් කරනවා. ලෝක උරුමයක් වන සිංහරාජයට ඍජු සම්බන්ධතාවක් කලවානට තිබෙනවා. දේශීය විදේශීය සංචාරකයන් ආකර්ෂණය වන බලප්‍රදේශයක් ලෙස කලවාන දියුණු කිරීමේ වගකීම මා භාර ගන්නවා. මේ බල ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස පත් කොට ප්‍රදේශයේ ජනතාවගේ අතමිට සරු කරනවා.

පතල් කර්මාන්තයේ නිරතව සිටින කම්කරුවන් ඉතා ලොකු අවදානමක් ගෙන තමයි පතල් කර්මාන්තයේ නිරත වන්නේ. පතල් කර්මාන්තයේ නිරත අය වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ඇතිකර පතල්කරුවන්ගේත් ඔවුන්ගේ පවුල්වලත් ආරක්ෂාව සුරක්ෂිත කරනවා.

මෙරට දුගී - දුප්පත්කම තුරන් කිරීමේ සමෘද්ධි වැඩසටහන තවදුරටත් ශක්තිමත් කර එය දිරි ගන්වනවා. එතැනින් නතර නොවී හැමදාම රටේ දුප්පත්කම තිබිය නොහැකියි. දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙළ යටතේ රණසිංහ ප්‍රේමදාස මහතාගේ ජනසවිය වැඩසටහනත් ක්‍රියාත්මක කරනවා.

පාසල් යන දුවා දරුවන්ට මගේ පියාණන් නිල ඇඳුම්, දිවා ආහාරය දුන්නා. නමුත් මගේ ප්‍රතිවාදියාගේ කණ්ඩායම පාසල් දූ දරුවන්ගේ දිවා ආහාරය කපා දැමුවා. මෙරට පාසල් දරුවන් වෙනුවෙන් කළ යුතු නොනිමි මෙහෙවරක් තිබෙනවා. මෙරට 44 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට නිල ඇඳුම් කට්ටල දෙකයි, දිවා ආහාරයයි, සපප්තු කුට්ටමයි තුනම මා ජනාධිපති වූ පසු දෙනවා.

කිසිවකු පෙර පාසල් අධ්‍යාපනයට අවධානය යොමු කරන්නේ නැහැ. දරුවෙකුගේ මොළය වර්ධනය වෙන්නේ ඉපදුනදා සිට අවුරුදු පහක් යන තුරුයි. එය වෛද්‍යවරුන් පෙන්වා දී තිබෙනවා. සියයට 80ක මොළය වර්ධනය වන්නේ අවුරුදු පහක කාලය තුළයි. නමුත් මේ කාලය තුළ නොමිලේ අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. ඒ දරුවන්ට වෙනම ශක්තිය දෙන්නේ නැහැ. ඒ නිසා පෙර පාසල් ගුරුවරුන්ගේ, සහාය පාලිකාවන්ගේ ගෞරවය රැක ඔවුන්ගේ වැටුප් - චේතන රාජ්‍ය අනුග්‍රහය යටතේ සෑම පෙර පාසල් අධ්‍යාපනය නිදහස් නිවහල් අධ්‍යාපන ක්‍රමය බවට පත් කරනවා.

හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක කර්මාන්තපුර හදනවා. එවිට තරුණ - තරුණියන්ට ගමේ ඉඳගෙනම රැකියා කිරීමේ අවස්ථාව උදාවෙනවා.

අපේ රටට එන්න තිබෙන ඍජු විදේශ ආයෝජන කාම්බෝජයට, ඉන්දියාවට, වියට්නාමයට, බංග්ලාදේශයට යනවා වෙනුවට මෙරටට ගෙන්වා ගන්නවා. එමගින් තරුණ-තරුණියන්ගේ රැකියා ප්‍රශ්නයට විසඳුමක් දෙනවා.

පොලිස් නිලධාරීන් ගැන වචනයක් කිව යුතුයි. කණගාටුවෙන් වුවද කිව යුත්තේ ඔවුන්ට ලැබිය යුතු රුපියල් 20,000 බටා එක දෙන්න යනකොට අපේ විරුද්ධවාදීන් මැතිවරණ කොමිසමට කියා එය නතර කළ බවයි. මා පොලිස් නිලධාරීන්ට කියනවා ජනාධිපති වී පැය 72ක් තුළ බටා එක පමණක් නොව ආහාර දීමනාව ද දෙන්න මා අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. උස් පහත් බේදයකින් තොරව ඒ ආහාර දීමනාව දෙනවා. තනතුරු අනුව එය වෙනස් විය නොහැකියි. ලබන 16 වැනිදා මා ආරම්භ කරන්නේ නව යුගයක නව ආරම්භයයි. අලුත් ගමනක් බොරු නොකියන ගමනක් මර්දනය නැති ගමනක් ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් පොදුජන අයිතිය ශක්තිමත් කරන ගමනක් පනස් දෙහැවිරිදි ජනාධිපතිවරයෙකු පත්කර ගෙන දිවා රෑ නොබලා ශීඝ්‍රගාමී සංවර්ධන යුගය නිර්මාණය කරන්න සියලු දෙනාම හයිය දෙන්න.

මෙරටට අවශ්‍ය යල් පැන ගිය, ඇටුවන් බැහැපු අය නොව අලුත් ජවය අලුත් හයිය සමඟ තරුණ කාන්තා පරපුරට, සමස්ත පුරවැසි පරපුරටම ශක්ති දෙන නව රජයක් දූෂණය මර්දනය කළ කොල්ල කෑම කළ ජාතික සම්පත් විනාශ කළ කිසිවකු මගේ රජයට ඇතුළත් කර ගන්නේ නැහැ. පිරිසුදු ගමනක් පවිත්‍ර දර්ශනයක් ජනතාවාදී ජනහිතකාමී පිළිවෙතක් හරහා අනිවාර්යෙන්ම මා රට දියුණු කරනවා. එමෙන්ම පුරවැසි පරපුරම රැක ගන්නවා. අපේ මාතෘ භූමිය දිවි හිමියෙන් සුරකිනවා.

මා ජනතාවට කියන්නේ ගෙයක් - ගෙයක් ගානේ ගොස් පක්ෂ පන්ති පාට බේදයකින් තොරව අලුත් - අවංක - පිරිසුදු ගමන, භීෂණයෙන් තොර ගමන, රාජ්‍ය ත්‍රස්තවාදයෙන් තොර ගමන, සුදු වෑන් වලින් තොර ගමන, මිනීමැරුම්වලින් තොර ගමන ජනතාව ජීවත් කරවන ගමනට ශක්තිය දෙන්න කියලයි.

වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1500ක් කරමින් රටේ සියලු දෙනාට සෞභාග්‍ය සම්පන්න අනාගතය නිර්මාණය කරනවා යයි”ද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

කොළඹ පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය සමුළුව ඇමතූ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා :-
“මෙවර ජනාධිපතිවරණය තීරණාත්මකයි. මෙය ජනාධිපතිවරණයක් පමණක්ම නොවෙයි. ජනාධිපතිවරණයෙන් තේරී පත් වන ජනාධිපතිවරයා ලබන මාර්තු මාසයේදී මහ මැතිවරණය පැවැත්වීමට තීරණයක් ගත යුතුයි. ඒ වගේම පළාත් පාලන මැතිවරණ පැවැත්වීමටත් අවශ්‍ය පියවර ගත යුතුයි.

ඒ නිසා ජනාධිපතිවරණයේදී නිවැරදි හා බුද්ධිමත් තීරණය ගැනීම වෙනුවෙන් ජනතාව මෙහෙය වීමේ වගකීම මාධ්‍යවේදීන් සතුයි.

රාජපක්‍ෂ යුගයේදී මිනිස් නිදහස හෙමින් - හෙමින් ඇකිලිගෙන යන ආකාරය අප දුටුවා. කතා කිරීමේ නිදහස පාලනය වෙන ආකාරය දැක්කා. එරෙහිව කටයුතු කරන මාධ්‍ය ආයතනවලට කළ කී දෑ අප දැක්කා. ඒ වගේම විරුද්ධවාදීන් මර්දනය කිරීමට ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හිරගෙට දැම්මා”.

නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග සහ හේෂා විතාන, එක්සත් ජාතික පක්‍ෂ කලවාන ආසන සංවිධායක සරත්චන්ද්‍ර රාමනායක යන මහත්වරු ද අදහස් දැක්වූහ.

අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය ද ජන රැලියට සහභාගි වී සිටියාය.



අදහස් (3)

“සමස්ත පුරවැසි පරපුරම ශක්තිමත් කරනවා“

mangala Wednesday, 06 November 2019 05:58 AM

එතකොට මහා බැංකු හොරුන්ට මොකද කරනේ.?

:       51       47

Raveendra Wednesday, 06 November 2019 07:13 AM

"සමස්ත පුරවැසි පරපුර ශක්තිමත්" කරනවා කියලා ලොකු ටෝක් දෙන එකේ කියන්නකෝ ප්‍රසිද්ධියේම ඇමරිකාව එක්ක අත්සන් කරන්න යන ගිවිසුමට කැමතිද අකමැතිද කියලා කෙලින්ම .

:       0       8

Bamunuarachchi Thursday, 07 November 2019 02:38 AM

මේ අවුරුදු 5ම සිටියේත් ඔබලාමනේ මේ අවුරුදු 5 කරන්න බැරි උනදෙවල් ඔබ කොහොමද පරණ බාස්ලා එක්ක නැවත කොරන්නේ. මොලේ කලනදක් තිබෙන මිනිසුන්ට පෙනෙනවා ,ඒ එන්න හදන්නේ පරණ ටිකම තමයි කියලා. ඉතින් කොහොමද අලුත් රටක් හදන්නේ කියලා ටිකක් හිතන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 452 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 943 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1194 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7417 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 892 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 360 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 96 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1122 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site