IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


“රාජපක්ෂ පවුල උතුරු නැගෙනහිරට කළ දෙයක් නෑ“

(නිමල කොඩිතුවක්කු)

ද්‍රවිඩ ජනතාවගේ කිසිදු සහයක් නැති පිල්ලයාන් නැගෙනහිර මහ ඇමති කරවන බවට ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරන්නේ ඒකාධිපති බලය යොදා ගෙන මෙරට පළාත් සභා ක්‍රමයද කඩා විනාශ කිරීමට යයි එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මඩකළපුවේදී ප්‍රකාශ කළේය.

දෙමළ මුස්ලිම් ජනතාව පිළිබඳව අද කිඹුල් කඳුළු හෙළන රාජපක්ෂලා ජාතික ගීය දෙමළෙන් ගායනා කරනවට විරුද්ධ ඇයි කියා ප්‍රථමයෙන් කිව යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
දේශපාලන වාසි වෙනුවෙන් ජාතිවාදය ඇද ගන්නා රාජපක්ෂ පවුල උතුරු නැගෙනහිර ජනතාවට කළ දෙයක් නැති බව පැවසූ අග්‍රාමාත්‍යවරයා නොවැම්බර් 16 වැනිදා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කිරීමෙන් උතුරු නැගෙනහිරද ඇතුළුව රටේ සියලු ප්‍රදේශ දියුණු කිරීමට හැකි වෙතැයි සඳහන් කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා මඩකළපුව පැවති ජන රැලියට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.
“2015 ජනවාරි 08 වැනිදා ඔබ රටේ වෙනසක් කළා. එදා රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් ජාතික සමගිය ඇති කළා. නොවැම්බර් 16 වැනිදාට තිබෙන්නේ එය ඉදිරියට ගෙනයනවද නැතිනම් ඒක කඩාකප්පල් කරගන්නවාද කියන තීරණය ගැනීමයි.

රටේ පළමුවැනි අගමැති අපේ පක්ෂයේ ප්‍රථම නායක ඩී.එස්. සේනානායක මහතාට කිව්වේ මහා කළු සිංහලයා කියලයි. ඔහු කිව්වේ සිංහල මිනිස්සු ශක්තිමත් වෙන්න නම් දෙමළ මිනිස්සුයි මුස්ලිම් මිනිස්සුයි එක්ක එකතු වෙලා වැඩ කරන්න ඕනෑ කියලයි. ඒ නිසා ශ්‍රී ලාංකේය අනන්‍යතාවක් ඇති කරමු කියා ඔහු එදා පැවසුවා.

ඒක අමතක වුණු නිසා අවුරුදු 25ක යුද්ධය ඇති වුණා. අප එකට එකතු වෙලා ගමන යන එක 2015 ජනවාරි 08 වැනිදා යළි ආරම්භ කළා.

පොහොට්ටුව බලන්නේ ජාතිවාදය යළි ඇති කරන්නයි. ජාතිවාදය ගැන කතා කළ පොහොට්ටුවේ මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ දැන් නැගෙනහිරට දෙමළ මහ ඇමති කෙනෙකු ඕනෑ කියනවා. ඒ නිසා තමන් පිල්ලයාන් මහ ඇමති කරනවා කියනවා.

පිල්ලයාන්ට දෙමළ ජනතාවගේ කිසි සහයෝගයක් නැහැ. අප ඡන්දය තියා දෙමළ ජනතාවට තමන් කැමති කෙනා ප්‍රධාන ඇමති කරන්න අවස්ථාව දෙනවා. නැගෙනහිර ඉන්නේ දෙමළ අය විතරක් නෙවෙයි මුස්ලිම් අයත් සිංහල අයත් එහේ ඉන්නවා.

මුස්ලිම් අයටත් මහ ඇමති වෙන්න අවස්ථාව තිබෙන්න ඕනෑ. සිංහල අයටත් ඒ අවස්ථාව තිබෙන්න ඕනෑ. ප්‍රශ්නය තිබෙන්නේ ජාතිය මොකක්ද කියන එක නොවෙයි වැඬේ කරන්න පුළුවන්ද බැරිද කියන එකයි.

සිංහල වුණත්, දෙමළ වුණත්, මුස්ලිම් වුණත් හැම වෙලේම වැඩ කරන්න පුළුවන් කෙනෙකු මහ ඇමති කළ යුතුයි. රාජපක්ෂලා පිල්ලයාන් මහ ඇමති කරන්න යන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ඒකාධිපති බලය යොදාගෙනයි. ඒ කියන්නේ පළාත් සභා ක්‍රමය කඩා හදිසි නීතිය දමා රාජපක්ෂලාට ඕන කෙනෙකු මහ ඇමති කරන්න යනවා.
රාජපක්ෂලා පිල්ලයාන්ට කැමතියි කියනවා. ඒ නිසා දෙමළ ජනතාවට තමන් කැමතියි කියනවා. එහෙමනම් ඇයි පරරාජසිංහම්ව මරා දැම්මේ? එයාට අකමැති නිසාද ඔහු මැරුවේ කියා මා අහනවා. බොරු කියා කිඹුල් කදුළු හෙළන්නේ නැතිව ඇත්ත කතා කරන්න කියලත් මා රාජපක්ෂලාට කියනවා.

මෙතන දෙමළ ජනතාව ඉන්නවා, සිංහල ජනතාව ඉන්නවා, මුස්ලිම් ජනතාව ඉන්නවා. මේ ඔක්කොම එකට එකතු වෙලා වැඩ කළ යුතුයි. මුස්ලිම් අයට ඔක්කොම දෙනවා කියා දැන් රාජපක්ෂලා කියනවා. ඒත් හිස්බුල්ලව අපේක්ෂකයා කළේ අප නම් නෙවෙයි.

හිස්බුල්ලා අපේක්ෂකයා දෙවැනි මනාපය ගෝඨාභය රාජපක්ෂට දෙන්නලු. ඔහොම බොරු කියා වැඩක් නැහැනේ? අප ඔක්කොම ලංකාවේ කොටසක්. අප ඔක්කොම එකට එකතු වෙලා ජීවත් වෙන්න ඕනෑ.

රාජපක්ෂලා බලන්නේ ජාතිවාදයෙන් සමගිය කඩන්නයි. අප ඔක්කොම එකතු වෙලා ගමන යමු. මා ඩී.එස්. සේනානායක අගමැතිතුමා කියපු එකට සම්පූර්ණයෙන්ම එකඟයි.

පාස්කු ඉරිදා බෝම්බයෙන් පසු මොකක්ද කරන්නේ කියා ඇහුවා. සංහිඳියාව සාර්ථකව ක්‍රියාත්මක කරමු. ත්‍රස්තවාදය තිබෙන තැන එයට විරුද්ධව තදින් ක්‍රියා කරමු යයි මා කියන්න කැමතියි.

පිල්ලයාන්ට කැමති මහින්ද රාජපක්ෂගෙන් එක ප්‍රශ්නයයි, මට අහන්න තිබෙන්නේ. ජාතික ගීය දෙමළෙන් ගායනා කරනවාට රාජපක්ෂලා විරුද්ධ වුණේ ඇයි? මේවා ගැන තව කතා කර කාලය නාස්ති කර වැඩක් නැහැ.

අප සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක කළා. ජාතික ආරක්ෂාව සළසමින් ජාතීන් අතර සාමය ගොඩනගමින් රට දියුණු කරන්න මා කටයුතු කරනවා. රටේ භෞමික අඛණ්ඩතාවට කිසි විටක අප හානි කරන්නේ නැහැ. හැම කෙනාටම එක හා සමානව සළකනවා.

ඒකීය රාජ්‍යය තුළ බලය බෙදා හැර දේශපාලන විසඳුම දෙන්න අප කටයුතු කරන බව මා විශේෂයෙන්ම කියන්න කැමතියි.

ඒකට උපයෝගී කරන්නේ රණසිංහ ප්‍රේමදාස මහතාගේ වාර්තා, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ වාර්තා සහ මහින්ද රාජපක්ෂ මහතා ළඟ තිබුණු වාර්තාවයි. මා ගෝඨාභය රාජපක්ෂටත් මහින්ද රාජපක්ෂගේ යෝජනා වලට සහයෝගය දෙන්න කියනවා.

මේ ප්‍රදේශවල විශාල සංවර්ධනය මා ඇති කරනවා. ප්‍රංශ රජයේ ආධාර ඇතිව මිලියන 15000 ක ඇස්තමේන්තුවෙන් කිතුල්වැව ව්‍යාපෘතිය අරම්භ කරලා. මේ සමගම අක්කර 20000ක් අස්වද්දන්න පුළුවනි.

ඒ වගේම මඩකළපුවේ පානීය ජල ප්‍රශ්නය මා විසඳනවා. මඩකළපුව පුස්තකාලයේ වැඩ අවසන් කර ඒක දියුණු කරනවා. මඩකළපුව ඇතුළු නැගෙනහිර ආර්ථිකය මා දියුණු කරනවා.

ඒ වගේම ධීවර කර්මාන්තය නවීකරණය කරනවා. කෘෂිකර්මාන්තය දියුණු කරනවා. දැනටමත් හැරිසන් ඇමතිතුමයි, අමීර් අලී ඇමතිතුමයි ඒ ගැන සැළසුම් සකස් කරගෙන යනවා. මා බලන්නේ වියළි කලාපයේ වී වගාවෙන් අක්කරයෙන් ලැබෙන අස්වැන්න තව වැඩි කරන්නයි. ඒ වගේම තවත් සහනාධාර දෙනවා. අනෙකුත් භෝග වගා පිළිබඳවත් මා අවධානය යොමු කර තිබෙනවා.

ඒ වගේම ශීත ගබඩා ඉදිකිරීම කර්මාන්ත වෙනුවෙන් පෞද්ගලික අංශයටත් සහනාධාර දෙනවා. කිරි පට්ටි පාලනය නවීකරණය කර කිරි නිෂ්පාදනය දියුණු කිරීමේ විශේෂ වැඩසටහන නැගෙනහිරයි, උතුරෙයි, රජරටයි ක්‍රියාත්මක කරනවා.

මේ ප්‍රදේශවල ජනතාවට කප්පන්තුරෙයි යන්න පුළුවනි. වැල්ලවායට යන්න පුළුවනි. නැතිනම් තමන්ගේ ප්‍රදේශයේ ඉන්නත් පුළුවනි. මඩකළපුවට මා ආර්ථිකය ලබාදෙනවා.

මඩකළපුව ගුවන්තොටුපළ ළඟදීම මා විවෘත කරනවා. චෙන්නායිවල ඉඳලා මඩකලපුවට යන්නත්, එතැන ඉඳන් කොළඹට යන්නත් මෙතනින් අවස්ථාව ලැබෙනවා. මත්තල ගුවන්තොටුපලත් දැන් මා දියුණු කරගෙන යනවා.
ඒ වගේම මඩකළපුව, කල්මුණේ, අම්පාර ප්‍රදේශවල තොරතුරු තාක්ෂණය දියුණු කරනවා. මේ කටයුතු තව ඉදිරියට ගෙනයන්න නොවැම්බර් 16 වැනිදා සජිත් ප්‍රේමදාසට ඡන්දය දෙන්න කියා මා ඉල්ලා සිටිනවා.

 



අදහස් (4)

“රාජපක්ෂ පවුල උතුරු නැගෙනහිරට කළ දෙයක් නෑ“

singapuli Thursday, 07 November 2019 06:47 AM

ඔබ මේ රට කොටින්ට ලියා දෙන්න ගිය බව ජනතාව දන්නවා. ඔබ කළේ මහා බැංකුව හොරා කාපු එකයි, ත්‍රස්තවාදීන්ට උදව් කළ එකයි, රට පාවා දී බුද්ධි අංශ විනාශ කරපු එකයි නේද?

:       1       121

RaveendraThursday, 07 November 2019 08:21 AM

මිලේනියම් සිටි පාවා දුන්නේ කවුද? මහබැංකුවේ සල්ලි ටිකට යාළුවා ඇමුණුවේ කවුරුන්ද? පැරදී පැරදී වාර්තා තිබ්බේ දිව්‍යලෝකේ ගොන් අලියෙක්ද ? අනේ ඇරියොත් කට පිස්සා බව පැහැදිලියි නේද?

:       1       141

Bandara Thursday, 07 November 2019 07:52 AM

නැහැ. නැහැ. කිසිදෙයක් කරලා නෑ. තොප්පිගල කැලෑවක් කිව්වෙත් රාජපක්ෂනේ.

:       1       83

senarath Thursday, 07 November 2019 01:46 PM

යුද්දේ නවතපු එකම මදිද ? අවුරුද්දකට කට කීයක් මැරුණද ? දැන් ළමා සොල්දාදුවෝ ඉන්නවද ? ද්‍රවිඩ අම්මලාට දැන් බය නැතිව ඉන්න පුළුවන්. උතුරේ පාරවල් හදලා , ගෙවල් නොමැති ලක්ෂ ගණනකට ගෙවල් හදලා දුන්නා. බිම් බෝම්බ ඉවත්කරලා දුන්නා. නැවත ඔවුන්ට අතපාන්නේ නැතිව තමන්ම වවාගෙන කන්න පුළුවන් පුළුවන් විදියට ඉඩ සැලසුවා. ඔබලා මොනවද උතුරට කළේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 430 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 943 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1192 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7417 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 892 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 359 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 96 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1122 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site