IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


“සෑම ජන කොටසකටම බය නැතිව ජීවත්වෙන්න පරිසරය හදනවා“

(නාලක සංජීව දහනායක හා මාරවිල - ටි්‍රක්සි කොන්ස්ටන් හලාවත සිට)

පාස්කු ඉරුදින ප්‍රහාරය වැනි ත්‍රස්තවාදී ප්‍රහාර මින් ඉදිරියට මෙරටේ ඇති වීමට තමා ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා හලාවතදී පැවැසීය.

සෑම ජන කොටසකටම එකිනෙකා කෙරෙහි අවිශ්වාසයෙන් තොරව ජීවත්විය හැකි රටක් බිහි කරන බවද ඔහු කීය.

රාජපක්‍ෂ මහතා මේ බව පැවැසුවේ හලාවත නගරයේදී පෙරේදා (4) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ රැලියේදීය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා එහිදී මෙසේද කීය.

අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ ඉටුකළ හැකි ප්‍රායෝගික පොරොන්දු මාගේ ධුර කාලය ඇතුළතදී ඒ සියලුම පොරොන්දු ඉටුකරන බවට මම පොරොන්දු වෙනවා.

 ජනතාව මගෙන් ඉල්ලන්නේ සුරක්‍ෂිත රටක්. ඒ ඉල්ලීම ඉටු කරන බවට මම ඔබට පොරොන්දු වෙනවා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ අප එදා යුද්ධයෙන් මේ රට බේරා ගත්තා. ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් මමත් එයට සම්බන්ධ වුණා.

 හමුදාමය ක්‍රියාවකින් යුද්ධය නතර කරනන් බැරි බව මට එදා විදේශීය උපදේශකයෝ කිව්වා. නමුත් යුද්ධය අවසන් කළ හැකි බවට අපට විශ්වාසයක් තිබුණා. ඒ නිසා හමුදාමය ක්‍රියාවලියකින් අවුරුදු දෙක හමාරක් තුළ යුද්ධය අවසන් කළා.

 ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් අපට අවබෝදයක් තිබුණා. ඒ නිසා යුද්ධයෙන් පසුවත් අප ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කළා. හමුදාව පොලිසිය හා බුද්ධි අංශ එකතු කරල ආරක්‍ෂක සැලසුම් ක්‍රියාත්මක කළා. ඒ නිසා අපගේ කාලයේදී මේ රටට ත්‍රස්තවාදී හෝ අන්තවාදින්ගෙන් තර්ජනයක් එල්ල වුණේ නැහැ.

 ත්‍රස්ත මර්දන කොට්ඨාසය, අපරාධ විමර්ශන කොට්ඨාසය පාවිච්චි කරලා ත්‍රස්තවාදීන් ගැන විස්තර හෙව්වා. නමුත් මේ රජය එම ආයතන පාවිච්චි කළේ දේශපාලන විරුද්ධවාදීන් ගෙන් පළිගන්නයි.

 මේ රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාව අත්අංගුවට ගන්න සූදානම් වුණා. විජේදාස රාජපක්‍ෂ මහතා ඒකට විරුද්ධ වුණා. ත්‍රස්තවාදය අවසන් කරපු මනුස්සයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නේ කොහොමද?
මේ රජය රණවිරුවන්ගේ මානසිකත්වය කඩා දැම්මා. ත්‍රස්තවාදීන්ට එරෙහිව කටයුතු කරන්න ඔවුන්ට ඉඩක් දුන්නේ නැහැ.

පසුගිය කාලයේදී මඩකළපුව ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙන්නෙක් ඝාතනය වුණා. එය ත්‍රස්ත ක්‍රියාවක් බව රජය කිව්වා. නමුත් එය අන්තවාදින්ගේ ක්‍රියාවක් බව බුද්ධි නිලධාරියෙක් මට කිව්වා. ඔහු ඒ තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන්නා.

 නමුත් රජය දමිළ තරුණයන් දෙන්නෙක් අත්අඩංගුවට අරගෙන සිරගත කළා. පස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සහරාන්ලා ගාව ඒ තුවක්කුව තිබිලා අහුවුණා. දේශපාලන බලපෑම්වලට යට නොවී අර පොලිස් නිලධාරීන් දෙන්නාගේ ඝාතනය ගැන සෙව්ව නම් පාස්කු ප්‍රහාරය නවත්ත ගන්න තිබුණා.

 ත්‍රස්තවාදී ක්‍රියා ගැන හොයන්න වෙනම ඒකකයක් හදලා තිබුණා. වෙනම නිලධාරීන් පුහුණු කරලා තිබුණා. අද ඒවා කෝ. බුද්ධි නිලධාරීන් පිටරට යැව්වා. කිසිම අවබෝදයකින් තොරව කටයුතු කළ නිසා මහා විනාශයක් ඇති වුණා.

 ත්‍රස්තවාදය අවසන් කළ අපිට පමණයි ජාතික ආරක්‍ෂාව සුරක්‍ෂිත කළ හැක්කේ. රණවිරවන් ගැන විෂ්වාශයක් නැත. විදේශීය අවශ්‍යතාවන් මත කටයුතු කරන රජයට ජාතික ආරක්‍ෂාව තහවුරු කරන්න බැහැ. අපගේ රජයක් යටතේ නැවත මේ රටේ අන්තවාදී හෝ ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ තියන්නේ නැහැ.

රටේ ප්‍රශ්න ඇති කළේ එක්සත් ජාතික පක්‍ෂයයි. අපි යුද්ධය අවසන් කළ අය මිස යුද්ධය පටන්ගත් අය නෙවෙයි.

යුද්ධය අවසන් කර රට සංවර්ධනය කළා. රටට ආයෝජන ගෙනාවේ මේ අපියි. ඒ ව්‍යාපෘති සමග සම්බන්ධ වීමට දේශීය ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලැබුණා. ඒ හරහා සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් බිහිවුණා. නමුත් මෙම රජය යටතේ ඒ ව්‍යාපෘති නතර වුණා. ඒ නිසා ලක්‍ෂ හතරකට පමණ රැකියා අවස්ථා නැති වුණා.

 අපගේ රජය ධීවර කර්මාන්තය හා කෘෂිකර්මාන්තය වෙනුවෙන් සුවිශේෂී අවධානයක් යොමු කරනවා. මේ රටේ සියයට 33ක් ජීවත්වන්නේ කෘෂි කර්මාන්තයෙන් හා ධීවර කර්මාන්තයෙන්. රට වටේටම මුහුද තිබුණත් අපි තවමත් මාළු පිටරටින් ගේනවා.

 ධීවරයන්ට වැඩියෙන්ම සහන සැලසුවේ මහින්ද රාජපක්‍ෂ රජයයි. ධීවරයාගේ ආරක්‍ෂාව වෙනුවෙන් අප මුහුදු ආරක්‍ෂක ඒකකයක් හැදුවා. ඒ හැදුවේ ධීවරයන්ට ආරක්‍ෂාවට මෙන්ම විදේශීය ධීවර බෝට්ටු මෙරට මුහුදට ඇතුළුවීම වළක් වන්නයි.

 එමෙන්ම ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් අප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. සියයට 70ක් වන මෙරට ග්‍රාමීය ප්‍රදේශ දියුණු කිරීමට අප අවධානය යොමු කරනවා. ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශ තුළ වැඩි ඉඩක් ලබාදී තිබෙනවා.

 ජීවන වියදම වැඩි නිසා දුප්පත් අයට සහන ලබාදීමට පැකේජයක් ලබාදෙනවා. නුදුරේදීම අප එම පැකේජය ඉදිරිපත් කරනවා.

 අධික බදු බර නිසා ජනතාව පීඩාවට පත්වෙලා ඉන්නවා. අපගේ රජය වැට් බද්ද සියයට 8 දක්වා අඩු කරනවා. විදුලිය හා ජලය සම්බන්ධයෙන් සහන මිලක් ඇති කළ යුතුයි.

 සරල බදු ක්‍රමයක් හඳුන්වාදීම හේතුවෙන් නිපැයුම් හා ආයෝජන හා වැඩි කිරීමටත්, ඉතිරිකිරීම් වැඩි කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ගෙවිය හැකි තරමේ බදු ක්‍රමයක් තිබෙන විට හැමදෙනාම බදු ගෙවනවා යැයිද ඔහු කීය.
විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේ පැවැසීය.

ජනතාවට ගෑස් ටිකවත් දීගන්න බැරි ආණ්ඩුවක් රටේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද?

වත්මන් ආණ්ඩුව ධීවරයන් වෙනුවෙන් කළේ මොකද්ද? පිටරටින් ගේන මාළුවලට පනවා තිබූ බදු අයින් කිරීම නිසා අපේ ධීවරයෝ අසරණවෙලා. වැල්ල පාගපු නැති කෙනකුට ධීවර ඇමතිකම කරන්න බැහැ. අපි ගොඬේ ඉපදුනත් වැල්ල පෑගුවා. තිස් අවුරුදු යුද්ධ නිමාවීමෙන් පසුව අර්ථිකය සංවර්ධනය වුණා. විරැකියාව නැති වුණා. ඒක පුද්ගල ආදායම වැඩි වුණා. අද අපි ඉන්නේ ඇෆ්ගනිස්ථානයටත් පහළ තත්ත්වයකයි.

 රටේ ඇතැම් ප්‍රදේශවල ජනතාව තුන්වේලට රොටි කාල ජීවත් වෙනවා. මේවා කාලා ශක්තිමත් ජාතියක් ගොඩනගන්නේ කොහොමද? අපි දුප්පත් අයට නොමිලයේ පෝෂණ මල්ලක් ලබාදෙනවා. ජනතාව හාමතේ තියලා ජාතියක් ගොඩනගන්න බැහැ.

අපි පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ප්‍රහාරය ගැන හිතන්න ඕන. ජනාතවට පල්ලි යන්න, පන්සල් යන්න බැරි වුණා. ඉතිහාසයේ පළමු වතාවට මුස්ලිම් ජනතාව පල්ලි යන්න බැරිවුණේ මෙම රජය යටතේයි.

අද එක් ජාතියක් තවත් ජාතියකට බියවෙලා. එහෙම ජීවත් වෙන්න ඕන නැහැ. සියලුම ජාතීන් එකට ජීවත්විය යුතුයි.
 ත්‍රස්තප්‍රහාරය ගැන තොරතුරු ලැබිලත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් ක්‍රියා නොකළේ තමන්ට ලැබෙන ඡන්දය ගැන හිතලයි. ඒ ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනාට අපගේ රජයක් යටතේ දඬුවම් දෙනවා.

 ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරණයට නම් කළේ මම නොවෙයි ජනතාවයි. ඔහුට ජාතික ආරක්‍ෂාව සුරක්‍ෂිත කරන්න පුළුවන්.

 රජයේ අදූරදර්ශී ප්‍රතිපත්තිය සංචාරක කර්මාන්තය කඩා වැටිලා ආයෝජන එන්නේ නැහැ. බදු වැඩි නිසා ව්‍යාපාරිකයන් අපහසු වෙලා. සාමාන්‍ය ජනතාවත් අපහසුතාවට පත්වෙලා. බදු වැඩි කිරීම හරහා ආණ්ඩුව ජනතාවට නොදැනෙන්න ජනතාවගේ පොකට් එකට ගහනවා.

අපි හොරකම් කළේ නැහැ. නමුත් මහබැංකුව හොරාකාපු අය අපිට හොරා කියනවා. අපගේ රජයක් යටතේ බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙනවා.

 අද තේ, පොල්, රබර්, ගම්මිරිස් කර්මාන්තය කඩා වැටිලා. ඒවා පිටරටින් අපේ රටට ගෙනල්ලා අපේ රටේ නමින් නැවත පිටරටට යවනවා. දේශීය කර්මාන්ත කරුවා අසරණ වෙනවා.

අද රටට අවශ්‍ය වැඩ කරන්න පුළුවන් මිනිහෙක් මිස කියව කියව ඉන්න මිනිහෙක් නෙවෙයි. ගෝඨාභය රාජපක්‍ෂ රටට වැඩක් කළ කෙනෙක්. අපිට එරෙහිව කෙතරම් බොරු ප්‍රචාර ගෙනගියත් මෙවර ජනතාව රැවටෙන්නේ නැතැයිද ඔහු කීය.

පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවැසීය.

 මව්බිම ඇමරිකාවට විකුණා දමන දේශද්‍රෝහී මිලේනියම් වැලෙන්ජ් ගිවිසුම ආණ්ඩුව අත්සන් කළා. ඇමරිකාව මුලින්ම කිවේවේ ජනාධිපතිවරණය අවසන් වනතුරු ඒ ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලයි.

 නමුත් ඇමරිකානු සී.අයි.ඒ. සංවිධානයේ වාර්තා අනුව මෙවර ජනාධිපතිවරණයෙන් පස්සේ ප්‍රේමදාස අන්ත පරාජයක් ලබන බව හෙලිවී තිබෙනවා. ඒ නිසා ඡන්දයට කලින් මෙම ගිවිසුම අත්සන් කරන ලෙසට ඇමරිකාව රජයට බලපෑම් කළා.

 මෙය අතිශයින්ම භයානක ගිවිසුමක්. ලෝකයේ කිසිම රටක් මේතරම් භයානක ගිවිසුමක් අත්සන් කරලා නැහැ. මේ පන අදින ආණ්ඩුව සමඟ අත්සන් කරන ගිවිසුම් අපි පිළිගන්නේ නැහැ. මේ රටේ නියත ජනපති ගෝඨාභය රාජපක්‍ෂයි. ඒ නිසා අපගේ රජයක් යටතේ මෙම ගිවිසුම ඉරලා විසි කරනවා.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා මෙසේ පැවැසීය.

 මහින්ද රාජපක්‍ෂ මහතා ධීවර ඇමැති වශයෙන් ධීවරයන් වෙනුවෙන් සුවිශේෂී සහන ලබාදුන්නා. නමුත් මෙම රජයේ වැඩ කටයුතු නිසා ධීවරයන් අන්ත අසරණවෙලා.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා මෙසේ පැවැසීය.
 ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අගමැති වනතුරා ජනතාව බලාගෙන ඉන්නවා. රටේ ජාතික සම්පත් ටික මේ ආණ්ඩුව විකුණාගෙන කනවා. රටේ ජාතික ආරක්‍ෂාව කඩා වැටිලා. ආර්ථිකය කඩා වැටිලා. අපට නැවැතත් සංවර්ධනය කියන එක සිහිනයක් බවට පත්වෙලා.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාංසා මහතා මෙසේ පැවැසීය.
 යහපාලන හොරු එලවන මැතිවරණය මේකයි. ජාතික ආර්ථිකය වළපල්ලට දාපු ආර්ථිකය විනාශ කළ මේ ආණ්ඩුව එළවා දැමිය යුතුයි.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එ.ජා.ප.) අශෝක ප්‍රියන්ත මහතා මෙසේ පැවැසීය.
 දෛවය විසින් බාරදුන් සියලුම අභියෝග ගෝඨාභය රාජපක්‍ෂ ජයග්‍රහණය කළා. ඔහු හොඳ සොල්දාදුවෙක්. මාතෘ භූමිය ආරක්‍ෂා කරගත හැක්කේ ඔහුට පමණයි.

වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී පාලිත රෝහණ, හලාවත නගර සභාවේ විපක්‍ෂනායක චින්තක කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙක්ද එහිදී අදහස් දැක්වූහ.



අදහස් (0)

“සෑම ජන කොටසකටම බය නැතිව ජීවත්වෙන්න පරිසරය හදනවා“

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 403 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 943 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1192 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7417 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 892 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 359 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 95 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1122 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site