IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගම්මිරිස් - කරාබු - සාදික්කා වලට සහතික මිලක් ලබාදෙනවා

(මොහොමඩ් ආසික්)

සුළු අපනයන බෝග ගොවීන්ගේ ගැටළු විසඳීම සඳහා තමන් ජනාධිපති වූ විගස සුළු අපනයන බෝග අධිකාරියක් පිහිටුවා ගම්මිරිස් , කරාබු සහ සාදික්කා ඇතුළු  සුළු අපනයන බෝග සඳහා සහතික මිලක් ලබා දෙන බව නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කීය.

අද (05) වැනිදා මහනුවර හල්ඔළුව ප්‍රදේශයේ පැවැති රැළියක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.

      ‘‘සාදික්කා කරාබු ගම්මිරිස් වගාවන් තුළින් බොහෝ දෙනෙකු අද ජීවිකාව කරගෙන යනවා. අපේ රටේ හැම බෝගයකටම  වෙනම රජයේ දෙපාර්තමේන්තුවක් තිබෙනවා.

16 වැනිදා ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමඟ  මුළු ලංකාවේම සුළු අපනයන බෝග වගාකරුවන් වෙනුවෙන් වෙනමම සුළු අපනයන බෝග වගා අධිකාරියක්  ආරම්භ කරලා  විශේෂයෙන්ම ගම්මිරිස් කරාබු සාදික්කා වැනි නිෂ්පාදනවලට සහතික මිලක් ලබා දීලා  ඒ කර්මාන්තයේ වගාව කරගෙන යන සියලුම දෙනාගේ ජන ජීවිතය ශක්තිමත් කරන්න කටයුතු කරනවා.

ඒ වගේම අපි අපේ කෘෂිකර්මානත්තයට ඉතිහාසයේ පළමු වතාවට දැවැන්තම ජාතික වැඩ සටහන ආරම්භ කරනවා.  ඒ තුළින් රටේ ආහාර නිෂ්පාදනය අපි  ඉහළට ගන්නවා.  

රටේ ආහාර අවශ්‍යතාවය අපේ රටේ නිෂ්පාදනවලින් පමණක් සපයා ගන්නට අපි සැලසුම් හදනවා. පිටරටවල් වලින් අපි  භවබෝග ආනයනය කරන්නට අවශ්‍ය නෑ . අපේම රටෙන් අපට පුළුවන් දේශිය ඉල්ලුමට අවශ්‍ය සැපයුම ලබා දීමටත් එතැනින් නතර නොවී අපනයනය කිරීමේ වැඩපිළිවෙළටත් යන්න පුළුවන්‘‘ යැයිද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කීය.

 



අදහස් (0)

ගම්මිරිස් - කරාබු - සාදික්කා වලට සහතික මිලක් ලබාදෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site