IMG-LOGO

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා


“ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති සියලු පොරොන්දු ධූර කාලය තුළදිම ඉටුකරනවා“


(නාලක සංජීව දහනායක පන්නල සිට)

තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් සියලුම පොරොන්දු තම ධුර කාලය ඇතුළතදීම ඉටු කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිකුරාදා (1) පන්නලදී පැවැසීය.

එම අභියෝගය ජයගත හැකි කණ්ඩායමක් තමන් සමග සිටින බවද ඔහු සඳහන් කළේය.

පන්නල ප්‍රජා ශාලා භුමියේ සිකුරාදා (1) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු මෙසේද පැවැසීය.

අප පසුගියදා අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වූවා. එය සකස් කිරීමේදී ගමන් මග පිළිසඳරක් වැඩසටහනේදී ඔබලාගෙන් ලබාගත් අදහස් හා විද්වතුන් හා වෘත්තිකයන්ගේ අදහස් ලබා ගත්තා. එහි ඇතුළත් වන්නේ ප්‍රායෝගික විසඳුම්. මාගේ ධුර කාලය ඇතුළතදී එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සියල්ලම ඉටු කිරීමට මම බලාපොරොත්තු වෙනවා.

අපගේ රජය යුද්ධය අවසන් කළා. නමුත් ඉන් පසුවත් රටේ ආරක්ෂාව වෙනුවෙන් අප සුවිශේෂී ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ඒ නිසා අපගේ පාලන කාලයේදී කිසිම ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ.

නමුත් මෙම රජය බලයට පත් වීමත් සමග ජාතික ආරක්ෂාව ගැන එතරම් තැකීමක් කළේ නැහැ. අප යොදා තිබූ ආරක්ෂක සැළසුම් ඉවත් කළා. ඒ නිසා රටත්, ජනතාවත් අනාරක්ෂිත වුණා.

නමුත් අපගේ රජයක් යටතේ මේ රට සුරක්ෂිත කරනවා. නැවත මේ රටේ අන්තවාදී ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ තියන්නේ නැහැ. අන්තවාදීන් සමග එකතුවිය නොහැකි නිසා දෙමළ පක්ෂවල ඉල්ලීම් අප ප්‍රතික්ෂේප කළා.

අප බලයට පත්වී රටේ කෘෂිකර්මාන්තය නගාසිටුවීමට ක්‍රියා කරනවා. ඒ වෙනුවෙන් නොමිලයේ පොහොර සහනාධාරය ලබාදෙනවා. ගොවි ණය කපා හරිනවා. ගොවි විශ්‍රාම වැටුප, ලබා දෙනවා. ගුණාත්මක බීජ, උසස් බීජ ගොවීන්ට ලබාදෙනවා. ගොවි ජනතාව දුප්පත් කමින් මුදවාගත යුතුයි.

එමෙන්ම වර්තමානයේ ක්‍රියාත්මක බදු ක්‍රමය නිසා ව්‍යාපාර කඩා වැටිලා. ඒ නිසා සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා. වැට් බද්ද සියයට 8 දක්වා අඩු කරනවා. මේ හරහා රටට වැඩියෙන් ආයෝජන ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා.

එමෙන්ම අපගේ රජය පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරනවා. ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් දීර්ඝකාලීන හා කෙටි කාලීන සැලසුම් සකස් කරනවා.

උසස් පෙළ විභාගයෙන් ලක්ෂ දෙකක සිසුන් පිරිසක් සමත් වුවත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නේ 35000ක සිසුන් පිරිසක් පමණයි. ඒ නිසා සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට හැකි වන පරිදි විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරනවා. නව පාඨමාලා හඳුන්වා දෙනවා. උපාධිධාරියාට රස්තියාදු නොවී රැකියාවක් ලබාගැනීමට හැකි වන පරිදි නව ක්‍රමවේදයන් සකස් කරනවා.

තොරතුරු තාක්ෂණය අංශයෙන් රැකියා ලබා ගැනීමට උපාධියක් අවශ්‍ය වන්නේ නැහැ. අද තොරතුරු තාක්ෂණය අංශයෙන් රටට රුපියල් බිලියන දෙකක පමණ ආදායමක් ලැබෙනවා. මෙය රුපියල් බිලියන තුනක පමණ ආදායමක් ලබා ගැනීමට පුහුණු ප්‍රජාවක් අවශ්‍යයි. ඒ නිසා තරුණ පරපුරට අතරමංවීමට ඉඩ නොදී අවශ්‍ය පුහුණුව ලබාදීමට මා කටයුතු කරනවා.

තේ, කුරුඳු, ගම්මිරිස් වැනි අපනයන බෝග හරහා රටට විශාල විදේශ විනිමයක් ගෙන ආ හැකියි. නමුත් වත්මන් රජයේ අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා ඒ කර්මාන්ත කඩා වැටිලා.

අප අභියෝග බාර ගත් කණ්ඩායමක්. බාරගත් සෑම අභියෝගයක්ම සාර්ථකව ජයගත් කණ්ඩායමක්. ඒ නිසා ඔබ මා ගැන විශ්වාසය තබන්න. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර මම ඔබට සුරක්ෂිත රටක් බිහිකර දෙනවා යැයිද ඔහු සඳහන් කළේය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.

රට සංවර්ධනය කරන්න තමන් ආරම්භ කරන වැඩපිළිවෙළ ගැන අපේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කතා කළා. ඔහුට පැහැදිලි සැලැස්මක් තිබෙනවා.

විශේෂයෙන්ම රටේ ආර්ථිකය ගොඩ නැගීමේදී අප කෘෂිකර්මාන්තය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. කෘෂිකර්මාන්තයට වැඩියෙන්ම පහසුකම් සැලසුවේ අපගේ රජයයි. රුපියල් 350ට පොහොර සහනාධාරය දුන්නා. රට සහලින් ස්වයංපෝෂිත කළා. ගුවන් තොටුපොළක වී ගබඩා කරන්න වෙන තරමටම රට සහලින් ස්වයංපෝෂිත වුණා.

නමුත් මේ රජය බලයට පත්වී කෘෂිකර්මාන්තයට මොනවද කළේ. අපි දීපු පොහොර සහනාධාරය නතර කළා. කුඹුරු ඉඩම් ලක්ෂයක් වගාකිරීම නතර කළා. ඒ අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා අද පිටරටින් සහල් ගෙන්වනවා.

සංවර්ධන කාර්යයන්වලදී කර්මාන්ත සංවර්ධනය කිරීම ගැනත් අපි අවධානය යොමු කරනවා. එහිදී විශාල වශයෙන් රටට විදේශ විනිමය ගෙන ඒමට හැකි කර්මාන්ත රටට ගෙනඑනවා. ඇඟලුම් කර්මාන්තය අද ගමට ඇවිල්ලා තියෙනවා. ඒ සේවක සේවිකාවන්ට අභිමානයෙන් ජීවත් විය හැකි වටපිටාවක් අප ඇති කරනවා. එමෙන්ම තරුණ පරපුර එයට ආකර්ෂණය වන රැකියාවක් බවට අපි එය පත් කරනවා.

වත්මන් රජය මේ ප්‍රදේශයේ ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ආරම්භ කළා. නමුත් තවම වාහන නිෂ්පාදනය වෙන්නේ නැහැ. මාස 6ක් ඇතුළත ඉන් වාහනයක් නිපදවුණේ නැත්නම් අප ඒ ඉඩම නැවත රජයට පවරා ගන්නවා. රටේ ඉඩම් නිකරුණේ පිට අයට දෙන්න බැහැ.

ජනතාව බලාපොරොත්තු වුණ දේවල් මේ ආණ්ඩුවෙන් ලැබුණේ නැහැ. ජනතාවට නොලැබුණ දේවල් හුඟාක් තියෙනවා. රටේ සම්පත් විකුණුවා. මහ බැංකුව මංකොල්ලකෑවා. රටට මුකුත් කළේ නැහැ.

සජිත් ප්‍රේමදාස අද රටට විහිළු සපයනවා. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව, තමන්ගේ ආසනය දිස්ත්‍රික්කය දිනාගන්න බැරි කෙනාට ජනාධිපතිවරණයක් දිනන්න පුළුවන්දැයි ප්‍රශ්නයක් තිබෙන බවද විපක්ෂනායකවරයා කීය.

 පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.

මේ ආණ්ඩුවට ආයුෂ තියෙන්නේ තවත් මාස 6යි. ඊට පස්සේ රට බාර ගන්නේ ගෝඨාභය රාජපක්‍ෂයි. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරණය දිනන බව ඇමරිකාවත් දන්නවා. ඒ නිසා ඡන්දයට කලින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන ලෙසට ඔවුන් රජයට බලකරනවා.

මේ පණ අදින ආණ්ඩුව එක්ක අත්සන් කරන ගිවිසුම් ඔට්ටු නැහැ. ඒ නිසා ඕනෑම ගිවිසුමක් ගැන 17 වැනිදායින් පසුව ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයත් එක්ක සාකච්ඡා කරන ලෙසට අප ඇමරිකාවට කියනවා.

පසුගියදා සජිත් ප්‍රේමදාස තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. ඒකේ සිංහල පිටපතේ තියෙන එක නෙවෙයි ඉංග්‍රීසි පිටපතේ තියෙන්නේ. ඉංග්‍රීසි පිට පතේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට ඕන දේයි. ඒ කියන්නේ සජිත් දින්නොත් ක්‍රියාත්මක වෙන්නේ ඉංග්‍රීසි පිටපතේ තියෙන දෙයයි.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවැසීය.

සජිත්ගේ පියා රණසිංහ ප්‍රේමදාස වෙලා රටේ ජනාධිපති නොවුණ නම් අඩුම තරමේ සජිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්නෙවත් නැහැ. නමුත් ඔහු අද රාජපක්‍ෂලාගේ පවුල් දේශපාලනය ගැන කතා කරනවා. මේ රටේ පවුල් දේශපාලනය හැමදාම තිබුණා.

මුළු රටම  මහින්දට - ගෝඨාට ආදරය කරන්නේ ඔවුන් රටට වැඩක් කළ නිසයි. ඒ ආදරයට ඊර්ෂියා කරලා වැඩක් නැහැ. වෛර කරලා වැඩක් නැහැ.

එදා සජිත්ගේ පියා බලයෙන් වියරු වැටුණා. අන්තිමට මිනිස්සුන්ට ප්‍රේමදාස එපා වුණා.

අද සජිත් යන්නෙත් තමන්ගේ පියා ගිය මාර්ගයේමයි. ඔහුගේ රැස්වීමකදී ආධාරකරුවන් පිරිසක් තරුණයකුට පහරදුන්නා. ඒ වෙලාවේ සජිත් වේදිකාවේ හිටියත් ඒ පහරදීම නවත්වන්න කටයුතු කළේ නැහැ. ඔහුගේ මානසිකත්වය ඉන් තේරුම් ගත හැකියැයිද ඔහු කීය.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙසේ පැවැසීය.
මේ රටේ ජාතිභේද ඇති වුණේ ඉකුත් රජය කාලේ බවට මතයක් පැතිරෙනවා. ඒක බොරුවක්. මේ රටේ ජාති භේදය ඇති වුණේ ජේ.ආර්. ජයවර්ධන රජය කාලයේදීයි. යාපනය පුස්තකාලය ගිනි තිබ්බේ ඒ රජය සමයේදීයි.

එක්සත් ජාතික පක්‍ෂය පාලනය කළ හැම කාලයකදීම මේ රටේ මුස්ලිම් ප්‍රශ්න ඇති වුණා. අපි ජාතිවාදය වපුරන රටේ සමගිය නැතිකරන පක්‍ෂයක් නෙමෙයි. ජාතීන් අතර සමගිය ඇති කළ පක්‍ෂයක්.

ආසියාවේ වේගවත්ම ආර්ථික සංවර්ධනය තිබූ මේ රට එක්සත් ජාතික පක්‍ෂ රජය යටතේ ලොව දුප්පත්ම රට බවට පත්වුණා. අද මේ රටේ මිනිස්සු  ජීවත් වෙන්නේ මාර අවුලක. රටේ මිනිස්සු අනාගතය ගැන හිතන්නත් බයයැයිද ඔහු සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එජාප) ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා මෙසේ පැවැසීය.
යහපාලන ආණ්ඩුව බලයට පත් වී සති දෙකක් යනවිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගන්න අගමැතිවරයා උත්සාහ කළා. මම එයට විරුද්ධ වුණා.

එමෙන්ම ආයෝජන මණ්ඩලයේ හිටපු දූෂිතම නිලධාරියා නැවත රටට ගෙනත් මහ බැංකු අධිපති ධුරයට පත් කළා. ඒ  පත්කිරීම කළේ මහ බැංකුව කොල්ල කන්නයි. ලොව කිසිම රටක අගමැතිවරයෙක් තමන්ගේ රටේ මහ බැංකුව කොල්ල කෑවේ නැහැ. නමුත් අගමැතිවරයා ඒ දේ කළා.

එමෙන්ම යුද්ධය නිම කිරීමට නායකත්වය දුන් මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු සියලුම රණවිරුවන්ට විරුද්ධව ජිනීවා නුවරදී ගිවිසුම් අත්සන් කළා. ඇමතිකම් පැත්තකට දාලා මම ඒවාට විරුද්ධව සටන් කළා.

තමන් බලයට පත්වුවහොත් පිටරට පදයට නටන්නේ නැති බව සජිත් ප්‍රේමදාස කියනවා. නමුත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම හරහා මේ රට ඇමරිකාවට පාවාදෙන්න රජය උත්සාහ ගන්නවා.

එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 15,000ක් විදේශිකයන්ට විකුණනකොට ඇමතිකම පැත්තකට දාලා මම ආණ්ඩුවෙන් එළියට ආවා. නමුත් රට ගැන මහා කැක්කුමකින් කතා කරන සජිත් ප්‍රේමදාස මහතා ඒවාට විරුද්ධව වචනයක්වත් කතා කළේ නැහැ. ඔහු රටට එරෙහි හැම යෝජනාවටම අත ඉස්සුවා.

මේ ආණ්ඩුව බලයට පත් වූ දවසේ සිටම රටත් ජනතාවත් අනාරක්ෂිත වුණා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර එල්ල වීමට මාස ගණනකට කලින් එවැනි ප්‍රහාරයක් එල්ලවීමට ඇති අවදානම ගැන මම පාර්ලිමේන්තුවේදී කතා කළා. නමුත් ආණ්ඩුව තමන් ජාතිවාදියෙක් කළා මිස ප්‍රශ්නය විසඳන්න ක්‍රියා කළේ නැහැ.

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පැවසීය.
අපි කුඩා කාලේ ආච්චිලා සීයලාගෙන් රස කතා ඇසුවා. අද අපි රස කතා අහන්නේ සජිත් ප්‍රේමදාස මහතා ගෙනුයි. රටට විශාල අනතුරක් එල්ල වී තිබෙන මොහොතකදී රට සුරක්ෂිත කිරීම ගැන කතා කරනවා වෙනුවට ඔහු කාන්තාවන්ගේ සනීපාරක්‍ෂක තුවා ගැන කතා කරනවා.

නමුත් ගෝඨානය රාජපක්‍ෂ මහතා රට හදන ආකාරය, අධ්‍යාපනය, ආර්ථිකය සංවර්ධනය කිරීම ගැන කතා කරනවා. ඔහු වේදිකාවල හිස් වචන කතා කරන්නේ නැහැ. ගෙම්බෝ සජිත්, සජිත් කියල කෑගැහුවට මිනිස්සු කෑගහන්නේ ගෝඨා... ගෝඨා කියලා යැයිද ඔහු කීය.

පන්නල ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ලංසකාර මහතා මෙසේ පැවැසීය
රට විකුණපු, රණවිරුවන් මහා සංඝරත්නයට අපහාස කළ මේ වගේ කාලකන්නි ආණ්ඩුවක් රටට අවශ්‍ය නැහැ. මේ රට ගොඩගන්න අලුත් නායකත්වයක් අවශ්‍යයි. ගෝඨාභය රාජපක්‍ෂ නිකරුණේ කතා කරන කෙනෙක් නෙවෙයි. ඔහු කතා කරන හැම වචනයකම වටිනාකමක් තිබෙනවා යැයිද හෙතෙම සඳහන් කළේය.

එක්සත් ජාතික පක්‍ෂ රජයේ හිටපු අමාත්‍යවරයකු වූ උපාලි දසනායක මහතා මෙහිදී ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය දක්වමින් වේදිකාවට එක්විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර, වයඹ පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ නායක අසංක නවරත්න මහතාද ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගි වූහ.



අදහස් (0)

“ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති සියලු පොරොන්දු ධූර කාලය තුළදිම ඉටුකරනවා“

ඔබේ අදහස් එවන්න

දේශපාලන

‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 2338 24

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 3149 17

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 3558 10

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 2435 15

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 297 6

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1239 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 721 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2248 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1927 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site