IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


‘‘වෙඩි කන්නට ඕනෑ නම් පොහොට්ටුවට ඡන්දය දෙන්න බත් කන්නට ඕනෑ නම් හංසයාට ඡන්දය දෙන්න‘‘

(එස්. ඩි. කොඩිකාර )

බලයට එන්නට පෙර මිනිසුන්ට වෙඩි තබන්නට හැකියාව තිබෙන කල්ලියට වැරදීමකින් හෝ බලය ලැබුණහොත් සිදුවන්නේ කුමක්දැයි ජනතාවට අමුතුවෙන් කිව යුතු නැති බව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙනියාය මොරවකදී අ(07)  පැවසීය.

වෙඩි කන්නට ඕනෑ නම් පොහොට්ටුවට ඡන්දය දෙන ලෙසත් බත් කන්නට ඕනෑ නම් හංසයාට ඡන්දය දෙන ලෙසත් මා මීට කලින් පවසා තිබූ කරුණ දැන් ඔප්පු වී තිබෙන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එසේ පැවසුවේ  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ  ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා  දෙනියාය  මොරවක පැරණි බස්නැවතුම් පොළ භූමියේ (07) පැවති ජන හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද කීය.

      ‘‘දැන් එළඹිලා තියෙන්නේ නැවතත් අපේ ආණ්ඩුවක් ඇතිකරන අවස්ථාවක්. 16 දා ඡන්දේ දෙන්නේ අපේ අනාගතය වෙනුවෙන්. සංවර්ධනය, නිදහස ඉදිරියට ගෙනියනවද ආපසු අදුරු යුගයකට යනවද සමහරු අහනවා මේ ආණ්ඩුව කළේ මොනවද කියලා.

අමුතුවෙන් කියන්න දෙයක් නෑ.අපි සමෘද්ධි මුදල් වැඩිකලා. මහපොළ ශිෂ්‍යාධාරය වැඩිකළා. පාසැල් සිසුන්ට නොමිලේ රක්ෂණයක් දුන්නා. භික්ෂුන් වහන්සේලාට නොමිලේ රක්ෂණයක් දුන්නා. රන්මාවත් එකෙන් මං මාවත් දියුණු කළා. ගම්පෙරලිය යටතේ ගමේ සංවර්ධනයක් ඇති කළා.

අපි මේ රටට එන සංචාරකයින් දෙගුණයක් කළා. ලගම පාසල හොදම පාසල යටතේ අළුත් ගොඩනැගිලි ලබාදුන්නා. උපකරණ ලබාදුන්නා. පුහුණු ගුරුවරු ලබාදුන්නා. පාසල් අධ්‍යාපනය දියුණු කළා. අළුත් පීඨ 13 ක් ආරම්භ කළා.

විශ්ව විද්‍යාල ශිෂ්‍ය නේවාසිකාගාර 400ක් ලබා දුන්නා. මේ විදියට කාටත් බලපාන කටයුතු වැඩි කළා. අධිකරණ, පොලිසි, මැතිවරණ කොමිසමට නිදහස දුන්නා. දැන් නිදහස් සමාජයක් ඇතිවෙලා තිබෙන නිසා නිදහස් සාධාරණ මැතිවරණයක් පවත්වනවා. සුදු වෑන් නැවැත්තුවා.

අද ජීවන වියදම ගැන සමහරු කතා කරනවා. එදා 162 ට තිබුණ පෙට්‍රල් ලීටරය අද 137යි. එදා 110 තිබුණ ඩීසල් අද 104යි. එදා 110 තිබුණ භූමිතෙල් අද 90යි. එදා පරිප්පු 240යි. අද 120යි. ග්‍රෑම් 400 කිරිපිටි එදා 470යි. අද 345යි. සීනි එදා 120යි අද 100යි.සැමන් 275යි අද 190 යි. එදා තෙල් මිල බඩු මිල අඩුකරන්න බැරුව හිටපු පොහොට්ටුව අද බඩු මිල අඩුකරන්න කතා කරනවා.අපි බඩු මිල අඩු කරපු නිසා ඉල්ලුම වැඩි වෙලා බඩුවල හිගයක් තියෙනවා. අපි ගෑස් මිල අඩුකරපු නිසා ඉල්ලුම වැඩිවෙලා ගෑස් හිගයක් ඇතිවුණා. ඒ නිසා අපි වැඩිපුර ගෑස් ගේනවා.

රජයේ සේවකයින්ගේ පෞද්ගලික අංශයේ පඩි අපි වැඩි කළා. ස්වයං රැකියා කරන අයගේ ආදායම වැඩිවුණා. අවුරුදු 10ක් ඉදලත් මහින්දටත්, ගෝඨාභයටත් , බැසිල් රාජපක්ෂටත්  මේක කරන්න බැරිවුණා.

බඩු මිල අඩුකරන්න බැරිවුණා. මේ අය බඩු මිල අඩු නොකර ඔබේ බඩට පහර ගැහුවා. අද මොකක්ද ජීවන වියදම ගැන කතා කරන්නේ කියලා පොහොට්ටුවෙන් අහන්න කැමතියි. වෙනත් භාණ්ඩ තියෙනවා. අපි ඊලග අවුරුදු පහේදී ඒවායේ මිලත් පාලනය කරනවා. සාධාරණ මිලකට ලබා දෙනවා.

හම්බන්තොට වරාය අද කිසිම ණය බරක් නැතුව කරගෙන යනවා. අපිට අනාගතයට යන්නට අවශ්‍යයි. අපි සංචාරක ව්‍යාපාරය දියුණු කළා.

දෙනියායේ මොනින්සයිඩ් හා එන්සල්වත්ත අක්කර 500 සංචාරක කලාප දෙකක් ආරම්භ කරනවා. මේකෙන් මේ පැත්ත දෙනියාය, මොරවක රක්වාන දියුණු වෙනවා .

මහනුවර ඉදන් හම්බන්තොටට මාර්ග පද්ධතියක් ඇතිකළා. කඩාවැටුන ආර්ථිකය හදලා ස්ථාවර තත්වයක් ඇති කරලා ඔබේ අනාගතය වෙනුවෙන් වැඩ සටහන් කරගෙන යන්නේ.

තේ කර්මාන්තය දියුණු කරන්න තියෙනවා. අපසු යළි වගාව කරන්න තියෙනවා. සහනාධාරය දෙන්න තියෙනවා. සහනාධාරය වැඩි කරන්න තියෙනවා. මිල වැඩි කරන්න තියෙනවා. විද්‍යානුකූලව තේ වගා කරන්න,

තේ නිෂ්පාදනය කරන්න තියෙනවා. කෘෂිකර්මාන්තය වගේම කර්මාන්තත් දියුණු කරන්න ඕන.සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න විශාල වැඩ සටහන් ආරම්භ කරලා තියෙනවා.මහනුවර ඉදන් කොළඹට, කොළඹ ඉදන් හම්බන්තොට මාර්ග පද්ධතිය ඉදිවෙනවා.දකුණේ අධිවේගී මාර්ගය අපියි පටන් ගත්තේ. අපියි මුදල් හොයලා දුන්නේ. මහින්ද රාජපක්ෂ යෝජනා කළාට.

දැනටමත් බිංගිරියේ කර්මාන්ත පුරවරයකට අක්කර 1000ක් වෙන්කරලා තියෙනවා. දැනටමත් මෙහි කර්මන්ත 10ක් ආරම්භ කරලා තියෙනවා.හම්බන්තොට අක්කර 10000ක් අරන් තිබෙනවා.

විශාල වෙළද කලාප ඇතිකරලා රැකිය අවස්ථා වැඩි කරලා,  යටිතල පහසුකම් ඇතිකරලා සංවර්ධනය ඇතිකරන්න පුළුවන්.සංචාරක කලාප දැනටමත් ඉරණවිල දකුණේ දෙද්දුව,  අකුරල තිබෙනවා.

මත්තල ගුවන් තොටුපොල ලබන වසරේ අපි ආරම්භ කළාම මේ පැත්තට සංචාරකයෝ එනකොට මේ පැත්තත් දියුණු වෙනවා. රට ඉදිරියට ගෙනියන්න පුළුවන් සැලැස්මක් තිබෙන්නේ අපිට විතරයි. බලය ගන්න ඉස්සර මිනිස්සුන්ට වෙඩි තියන්න පුළුවන්නම් බලය ගත්තම මොකද වෙන්නේ. ඒ නිසා වෙඩි කන්න ඕනනම් පොහොට්ටුවට ඡන්දේ දෙන්න. බත්කන්න ඕනනම් හංසයාට ඡන්දේ දෙන්න‘‘.යැයි අගමැතිවරයා පැවසීය.



අදහස් (4)

‘‘වෙඩි කන්නට ඕනෑ නම් පොහොට්ටුවට ඡන්දය දෙන්න බත් කන්නට ඕනෑ නම් හංසයාට ඡන්දය දෙන්න‘‘

Kasun Thursday, 07 November 2019 05:27 PM

මේ රට හදන්න ඕනේ... හැබැයි මම දන්නවා රට හදන්නේ ගෝඨාභය...

:       0       0

Raveendra Thursday, 07 November 2019 09:04 PM

කාරුණිකව මධ්‍යස්තව හිතන්න. මොනවද මේ කියවන්නේ...

:       0       0

Bandara Thursday, 07 November 2019 09:20 PM

එතකොට බෝම්බ කන්න ඕනනම්?

:       0       1

nokia Friday, 08 November 2019 04:00 AM

රට වැසියනේ , රට වනසන්ඩ නම් හංසයාට දෙන්න රට දියුණු වෙන්ඩ නම් පොහොට්ටුවට දෙන්ඩ. මෙයාලට දීලා බත් ඕනේ නැහැ, දීලා දැන් කන්නේ කුණු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 330 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 943 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1192 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7417 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 892 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 357 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 93 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1121 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site