IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


පාසැල් සිසුන් ලක්ෂ 40කට දිවා ආහාරය දෙනවා

(රන්න චන්ද්‍ර සේන ගමගේ)

රණසිංහ ප්‍රේමදාස මහතා විසින් පාසැල් සිසුන් සඳහා ලබා දුන් දිවා ආහාරය මහින්ද රාජපක්ෂ රජය පවතින කාලයේදී නතර විය. පසුගිය රජය විසින් නතර කරන ලද එම දිවා ආහාරය මේ රටේ හතලිස් ලක්ෂයක් වූ පාසැල් සිසුන්ට නැවත ලබා දෙන්නට තමා පියවර ගන්නා බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (26) පෙරවරුවේ ඇඹිලිපිටියේ පැවති ජනහමුවකදී පැවසීය.

කොළොන්න ආසනයේ එජාප ප්‍රධාන සංවිධායක පී.අබේනායක මහතා විසින් සංවිධානය කරන ලද එම ජනහමුවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ මේ රටේ හත් වැනි විධායක ජනාධිපති වරයා වශයෙන් තමන් පත් වූ වහාම මෙම දිවා ආහාරය ලබා දෙන බවත් ඉන් නොනැවතී තමන් සෑම පාසැල් සිසුවෙකුටම නිලඇඳුම් කට්ටල දෙකක්ද, පාවහන් යුගල දෙකක්ද ලබා දෙන බවත් පැවසීය.

එමෙන්ම දේශපාලකයින් විසින් විනාශ කරන ලද ඇඹිලිපිටියේ කඩදාසි කම්හල තමා යටතට ගෙන එය දියුණුකර ඇඹිලිපිටියේ ජනතාවට රැකියා ලබා දෙන්නට පියවර ගන්නා බවද ඔහු පැවසීය.



අදහස් (8)

පාසැල් සිසුන් ලක්ෂ 40කට දිවා ආහාරය දෙනවා

Bandara Saturday, 26 October 2019 09:39 AM

මෙයාගේ තාත්තත් දුන්නා.

:       0       40

sunil Saturday, 26 October 2019 11:28 AM

කව්රු හරි සල්ලි දෙනවා නම්, ඕක මටත් කරන්ට පුළුවන්.

:       0       30

BamunuarachchiSaturday, 26 October 2019 02:01 PM

කෝටි 5000 ක් වැඩ කරපු කොන්ත්‍රාත්තුකරුවන්ට ගෙවන්න භාණ්ඩාගාරයේ සල්ලි නැතිබව ඊයේ පෙරේදා පත්තරවල තිබුනා. මම හිතන්නේ මෙයා මේ වියදම් කොරන්න හදන්නේ තාත්තාගේ අවෑමෙන් කෙහෙල්වත්තේ සුචරිත ගෙදරින් ලොරිවලින් ගෙනගියා කියන සල්ලිවලින් වෙන්න ඇති. අර මැට්ටෝ 62 ට නම් කනේ මීපැණි වක්කරනවා වගේ ඇති.

:       0       41

chandima Saturday, 26 October 2019 09:15 PM

ඒ කාලේත් ඇට අටක් දෙනවා කියල නේද ඡචන්දෙ ගත්තේ?

:       0       29

Kumar Sunday, 27 October 2019 01:41 AM

අදහස නම් හොඳයි. ඒක කරගෙන යන්න රජයට අදායමකුත් ඕනෙ නේද. ඔය කියන දෙය කරන්න හැකි දෙයක් කියල හිතන්න අමාරුනේ. ඔය කතාව හරියට සිරිමාවෝ මතිනිය ඇටඅට දුන්නා වගේද

:       0       8

Raveendra Sunday, 27 October 2019 06:59 AM

දරුවන්ට අහාර වේලක් දෙන එක ඉතාම වටිනවා. හැබැයි ඔහේ කියවන්න රුසියා.. සහ මෙයා කොහොමත් කටින් පිපිඤ්ඤා, ඇපල් අඟහරු ලෝකේ පෘථිවියට සමාන්තරව හිටවන හාදයනේ. කියනවකෝ කට ඇරලා නිධන් වදුල පරිශීලනය කරන අය... කොළ නැති වෘක්ෂයේ එල්ලා තබනවා කියලා නිකමට හරි... කීයටවත් මේ ගොයියට කියන්න බැහැ මෙයා තාත්තගේ කාලේ නිධන් වදුල පිළිබඳ පශ්චාත් උපාධිය හදාරලා තියෙන්නේ. දැන් මේ තොත්ත බබා වගේ කතාව...

:       0       36

නාමල් බේබි Monday, 28 October 2019 01:22 AM

ඊට කලින් පොරොන්දු වෙච්ච ටැබ් එක දීලා ඉන්න.

:       0       0

Gamarala Monday, 28 October 2019 01:24 AM

දෙන දේවල් ගැන කියනවා මිසක් ඒවා දෙන්න මුදල් සොයාගන්නේ කෙසේද යන්න වහාම හෙළි කල යුතුයි. බදු අඩු කරනවා වගේම බොහෝ දේවල් දෙන්න පොරොන්දු වී ඇති හෙයින් අද සිට ඉදිරියට මුදල් සොයා ගන්න හැටි කියන එක ඉතා වැදගත්. ඒ වගේම ඉටු කල නොහැකි බොරු පොරොන්දු දී ජනතාව රවටන්න එපා. පාසල් සිසුන්ට එක එක දේවල් දෙනවට වඩා රැකියා අවස්ථාවන් සපයා දීමෙන් ආර්ථිකය ඉහල යනවා මෙන්ම පවුල් සංස්ථාවටත් රැකෙනවා නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17658 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site