IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


“පොඩි මිනිහාගේ අතමිට සරුවන්න සජිත් ජනපති පුටුවට යවන්න“

(අංජුල මහික වීරරත්න)

පොඩි මිනිහගේ  ආර්ථිකය කඩා බිඳ දමා විදේශිකයන්ට ඉඩම් විකිණූ පාලකයන් වෙනුවට පොඩි මිනිහගේ ආර්ථිකය ගොඩනගන පාලනයක් සඳහා සජිත් ප්‍රේමදාස මහතා ජනපති කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ පිටකොටුවේ දී පැවසීය.

“ආර්ථිකය ගොඩ නගන්නට නම් කුඩා ව්‍යාපාරිකයා  මෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයන් අත්වැල් බැඳගෙන ගමන යා යුතු බව පැවසූ  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එය නොතේරෙන පුද්ගලයන්ට රටේ ආර්ථිකය මෙහෙයවන්නට හැකි දැයි ප්‍රශ්න කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූවේ ඉකුත් 21 වැනිදා පිටකොටුව ස්වයං රැකියා ලාභීන්ගේ හා පදික  වෙළඳුන්ගේ හමුව අමතමිනි. පිටකොටුව ගුණසිංහපුර  අඩි සීය වෙළෙඳපොළ භූමියේ දී හමුව පැවැත්විණි.

වැඩිදුරටත් අග්‍රාමාත්‍ය රනිල්   වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
        
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකවරයා කොළඹ ලොකු ව්‍යාපාරිකයන් සියලුදෙනා ෂැංග්‍රිලා හෝටලයට  කැඳෙව්වා. මා අද පිටකොටුවේ  පදික වෙළඳ වෙළඳපොළට පැමිණ අඩි සීයේ පාරෙදි පොඩි මිනිහගේ ආර්ථිකය ගැන ඔබ සමඟ කතා කරනවා.

ගෝඨාභය රාජපක්ෂට කුඩා වෙළෙඳසල් අවශ්‍ය නැහැ. නමුත් මට ඒ වෙළෙඳසැල් අවශ්‍යයි. පොඩි මිනිහගේ ආර්ථිකය නැතිව රටේ ආර්ථිකය ගෙන යාමට හැකියාවක් නැහැ. අපේ සහ ඒ අයගේ වෙනස එයයි.
ජේ.ආර්. ජයවර්ධන ජනපති විවෘත ආර්ථිකය මෙරටට  හඳුන්වා දුන්නේ පොඩි මිනිහාගේ ආර්ථිකය ඇති කරන්නයි. කොළඹ පොඩි මිනිහගේ ආර්ථිකය ගෙන යන්නට අවස්ථාව හදා දුන්නේ රණසිංහ ප්‍රේමදාස ජනපති බව මා කිව යුතුයි. එතුමාගේ පුත්‍රයා වන අපගේ ජනපති  අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දී නොවැම්බර් 16 වැනිදා පොඩි මිනිහගේ ආර්ථිකය ආරක්ෂා කරන්නැයි මා කියනවා.

1977 වසරෙන් පසුව පොඩි මිනිහගේ ආර්ථිකය දියුණු වුණා. ඒ ගැන ඉරිසියාවෙන් ගෝඨාභය රාජපක්ෂ  2014 වසරේදී කොළඹ නගරයෙන් ඔබ සියලු දෙනාම වාගේ පන්නා දැමුවා. පදික වෙළෙඳුන් පන්නා දැමූ ඔහු ඒ වෙනුවට ෂැංග්‍රිලා උදවිය ගෙනැවිත් ගෝල්ෆේස් පිටිය ලබා දුන්නා.

ඔබ ගෝල්ෆේස් පිටියෙන් ද පන්නා දැමුවා. නැවත ඔබට ඒ යුගයට යා යුතුද? නැතිනම් දිනූ නිදහස ආරක්ෂා කර රට දියුණු කරනවද? එසේනම් නොවැම්බර් 16 වැනිදා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත් කරමු. එක්සත්  ජාතික පක්ෂය ඉහළට ගෙන එමු.

ඔබ නැතිනම් ඉහළ ව්‍යාපාරිකයන්ට ඉදිරියට යන්න හැකි ද? ජංගම දුරකතන විදේශවලින් මෙරටට ගෙන ආවත් ඒවා විකුණන්නේ ලොකු ව්‍යාපාරිකයන්  නොවෙයි. කුඩා ව්‍යාපාරිකයනුයි. ඉතින්, ලොකු ව්‍යාපාරිකයන් හා තනියම ගමනක් යන්නේ කෙසේද?

එදා බියගම මා දුන් ඉඩමේ කොකාකෝලා සමාගම තිබුණත් ඒවා විකුණන්නේ කවුද? කුඩා ව්‍යාපාරිකයා  සහ මහා පරිමාණ ව්‍යාපාරිකයන් අත්වැල් බැඳගෙන  ගමන යා යුතුයි. මෙය තේරෙන්නේ නැතිනම් රටේ ආර්ථිකය හදන්නේ කෙසේද? රට බාර දෙන්න හදන්නේ එවැනි මිනිසුන් කණ්ඩායමකටද?

රට බාර දෙන්න හදන්නේ කොම්පඤ්ඤවීදියේ ගෙවල් කඩා දැමූ පිරිසකටද පොහොට්ුවට දෙන ඡන්දය තමන්ගේ ගෙදර කඩන්න දෙන බලපත්‍රයක් ලෙස මතක තබා ගන්න.

අප තට්ටු නිවාස ඉදි කරද්දී එක්කෙනකුවත් බලෙන් ඉවත් කළේ නැහැ. තට්ටු නිවාස ඉදිකර එහි පදිංචිව සිටි ජතතාවටම ඒවා දුන්නා. පොඩි මිනිහට අප ඉන්න තැනක් දුන්නා. මේ අය පොඩි මිනිහා පන්නා දමා ලොකු අය සමග ඩුබායි හෝ සිංගප්පූරුව හෝ හදන්න උත්සාහ කරනවා. අප පොඩි මිනිහා එකතු කරගෙන ඩුබායි හෝ සිංගප්පූරුවක් හදනවා.

ඩුබායි - සිංගප්පූරුව වැනි රටවල පොඩි මිනිසුන් කී දෙනකු ව්‍යාපාරික කටයුතු කරනවාද? ආර්ථිකය තවත් ඉදිරියට ගෙන යා යුතුයි.

2015 වසරේදී රට බාර ගන්නා විට ණය ගෙවා ගන්නටවත් බැරිව තිබුණා. ණය ගෙවන්නවත්, ණය ගන්න බැරි තත්ත්වයක් එදා තිබුණා. අපට අමාරු කාලයට මුහුණ දෙන්න වුණා. වැට් බදු වැඩි කරන්න සිදුවුණා. එවැනි පියවර ගන්න වුණේ රට  බංකොළොත් වීමෙන් වළක්වා ගන්නයි.

පසුව හොඳම පාසල - ළඟම පාසල වැනි වැඩසටහන් ක්‍රියාත්මක කළා. පෙට්‍රල් මිල අඩු කළා. ආහාර ද්‍රව්‍ය මිල පාලනය කරමින් ඉදිරියට යනවා.

මේ තත්ත්වය ඉදිරියට ගෙන යා යුතුයි. ආර්ථිකය හදන විට බැංකු පොලිය වැඩි කරන්න සිදු වුණා. බැංකු පොලිය අඩු කරගන්න සැලසුම් කර තිබුණා. එහෙත් අපට දින පනස් දෙකෙහි කුමන්ත්‍රණයට මුහුණ දෙන්න සිදුවුණා. පාස්කු බෝම්බයට මුහුණ දෙන්න සිදුවුණා. ඒ ප්‍රශ්න නිසා බැංකු පොළිය වැඩි වුණා. ලබන වසර වන විට බැංකු පොලිය අඩු කරන බව මා පවසනවා.

ආර්ථිකය ගෙන යන්න නම් ලොකු ව්‍යාපාරිකයන්ට මෙන්ම පොඩි ව්‍යාපාරිකයන්ටත් බැංකු ණය ගන්න අවශ්‍යයි. ඒ තත්ත්වය ඇති කරන්න මා කටයුතු  කරනවා.

ඔබ  මුහුණ දෙන තව ප්‍රශ්නයක් තිබෙනවා. ස්වයං රැකියා කරගන්න නොහැකි කාලයේදී ජීවත් වන්නේ කෙසේ ද යන ප්‍රශ්නය යි. ස්වයං රැකියා කරන අය සඳහා අනාගතයට රක්ෂණ ක්‍රමය ස්ථාපිත කරන බවට පොරොන්දු වෙනවා. ව්‍යාපාර ලියාපදිංචි  කිරීමේ දී  ප්‍රශ්න තිබෙන බව මට දැනගන්න ලැබුණා. එය විසඳා දෙන්නම්.
ව්‍යාපාර කිසිදිනක නතර කළයුතු නැහැ. එය දිගටම කර ගෙන යා යුතුයි. ඒ තුළින් ඔබේ ඉදිරි පරපුරට ඔබට වඩා ඉහළ ව්‍යාපාරය කරගෙන යන්න අවස්ථාව උදාවෙනවා.

ව්‍යාපාරික දැනුම වර්ධනය කළ යුතුයි. ව්‍යාපාරික හැකියාව තුළින් රට දියුණු කිරීම මගේ අරමුණුයි. ස්වයං රැකියා සම්බන්ධයෙන් උපකාර කරන වෙනම අංශය ස්ථාපිත කර එය ඉදිරියට ගෙන යන්න මා බලාපොරොත්තු වෙනවා.

කොළඹ නගර සභාවේ සහ ආණ්ඩුවේ ඔබට ආධාර උපකාර කරන ඒකකය ස්ථාපිත කරනවා. පොඩි මිනිහටත් එක තැනකට ගොස් තමන්ගේ කටයුතු කර ගන්න අවස්ථාව දිය යුතුයි.
 
ත්‍රිරෝද රථ කර්මාන්තය දියුණු කළ යුතුයි.  මෙරට ත්‍රිරෝද රථ ගෙන ආවේ 1977 වසරේදීය. සිරිල් මැතිව් මැතිතුමා ත්‍රිරෝද රථ මෙරටට ගෙන්වනු ලැබුවා.  ත්‍රිරෝද රථයට එදා කොළපාට යෙදුවේ ඒ නිසයි. දැන් ඇතැමුන් විවිධ පාට වලින් ත්‍රිරෝද රථ වර්ණ ගන්වනවා. ඒත් ඔබ  ඉතිහාසය දැනගත ගත යුතුයි.

ගෝඨාභය  රාජපක්ෂගේ පොහොට්ටුවට ඡන්දය දුන්නොත් පොඩි මිනිහාගේ ආර්ථිකය ආරක්ෂා කරන්න හැකිද? එලෙස ඡන්දය දුන්නොත් ඔබ සාමාන්‍ය පාවහන් ඉවත්කර පහර දෙන විට දුවන්න. ක්‍රීඩා පාවහන් පැළඳ ගන්න. අප සමඟ සෙරෙප්පු දාගෙන  වුවද යා හැකියි.  කිසිම ප්‍රශ්නයක් නැහැ. ක්‍රීඩා සපත්තු විකුණන්න තබාගන්න.

අද විදේශවලින් විවිධ භාණ්ඩ ගෙනැවිත් මෙහි විකුණන්න අවස්ථාව තිබෙනවා. සිංගප්පූරුව ආදී  රටවල්වලට ගොස් බඩු භාණ්ඩ ගෙනැවිත් මෙහි විකුණනවා. ව්‍යාපාරයක් ගෙන යන්න තිබෙන අවස්ථා තවත් දියුණු  කළ යුතුයි. ඒ සමගම ඔබේ ජීවිතය දියුණු විය යුතුයි.

අද පාසල්  අධ්‍යාපනය දියුණු කර තිබෙනවා. මැද  කොළඹ විද්‍යාලද දියුණු කිරීමට සැලසුම් කර තිබෙනවා.
රට දියුණු  වීමට නම් ආනයන සඳහා ගෙවීමට අපනයන වර්ධනය කළ යුතුයි. එමෙන්ම අලුත් තාක්ෂණය සමඟ ඉදිරියට යන්න අවශ්‍යයි. අපේ එක් පරමාර්ථයක් වන්නේ අපනයන ආර්ථිකයක් ඇති කිරීමයි.

දෙවැනි කාරණය වන්නේ  නවීන කර්මාන්ත විප්ලවයට එකතු වීමයි. තුන්වැනි කාරණය වන්නේ ඩිජිටල් ආර්ථිකය ස්ථාපිත කිරීමයි. හතරවැනි කාරණය පොඩි මිනිහාගේ ආර්ථිකයක් ඇතිකර ගැනීමයි.

මෙම කාරණා ඉටුකර ගැනීම සඳහා කළ යුත්තේ සජිත් ප්‍රේමදාස මහතාට නොවැම්බර් 16 වැනිදා ඡන්දය දීමයි. මේවා විනාශ කරන්න බෝම්බකාරයන් අවශ්‍ය නැහැ. විනාශ කර ගන්න අවශ්‍ය නම් ගෝඨාභය රාජපක්ෂට, පොහොට්ටුවට  ඡන්දය දෙන්න.  ඔබේ ආරක්ෂාව සහ දියුණුව සඳහා සජිත් ප්‍රේමදාසට ඡන්දය දෙන්න
වැඩකටයුතු සියල්ල මා කළේ පාර්ලිමේන්තුවේ බහුතරය නැතිවයි. ජනාධිපතිවරයා අප සමග නැති තත්ත්වය යටතේ බවද කිව යුතුයි. අප කටයුතු කළේ සුළුතර ආණ්ඩුවක් යටතේයි. අපට ජනාධිපතිවරයකු සහ බහුතර ආණ්ඩුවක් දෙන්න. එවිට රොකට්ටුවක් අයුරින් ඉදිරියට යාමට හැකියාව තිබෙනවා යයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එක්සත්  ජාතික පක්ෂයේ උප නායක විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා:-
සජිත් ජනපති කිරීම සඳහා අප සැම එක්ව සිටිනවා. ඔබ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන පිරිසයි. අතීතයේ බිහිසුණු ගමනට නැවත යා යුතු නැහැ. අප ගෙයින් ගෙට ගොස් ඒ පණිවිඩය දෙමු. මෙවර අපගේ ජනාධිපති අපේක්ෂකයා අනිවාර්යෙන්ම ජයග්‍රහණ කරන බව කිව යුතුයි.

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ආර්ථිකය සකස් කළ යුතුයි. ඔබේ රැකියාවට ස්ථිර බවක් තිබිය යුතුයි.  ඒ සඳහා අප රක්ෂණ ක්‍රමයක් කිරීමට බලාපොරොත්තු වෙනවා.

එක්සත්  ජාතික පක්ෂයේ මැද කොළඹ ප්‍රධාන  සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා:-
නගරයේ එක් පසෙක කෝටිපති ජනතාව ජීවත් වෙනවා. අනෙක්  පැත්තේ ඉතා අසීරුවෙන් ජීවත්වන පිරිස ඉන්නවා.  පදික වෙළඳාම, කම්කරු රැකියාව කරන බොහෝ අය ජීවත් වෙනවා. එදා සිට ඔබ වෙනුවෙන් කටයුතු කළේ එක්සත් ජාතික පක්ෂ නායකයන් බව සඳහන් කළ යුතුයි.

ගෝඨාභය රාජපක්ෂ එදා කළේ කුමක්ද? පදික වෙළෙන්දන් හමුදාව පොලිසිය ලවා එළවා දැමුවා. ඔවුන් වාහනවලින් යන විට අනෙක් පැත්ත හැරී බලාගෙන ඉන්නට කිව්වා. ඔබේ ඉඩම් බහුජාතික සමාගම්වලට  විකිණුවා. එලෙස ජනතාවට සැලකූ ගෝඨාභය නැවත එන්න හදනවා.

 කොළඹ කුණු ගෙන ගොස් මීතොටමුල්ලේ කුණු කන්ද හැදුවා. එයින් විශාල පිරිස මිය ගියා. කොළඹ හතේ නෝනලාට ඇවිදින මංතීරු ටිකක් හැදූ ඔහු ඔබ  පදිකවේදිකාවෙන් එළවා දැමුවා. පොඩි මිනිහාගේ දුක හඳුනන නායකයකු අපට අවශ්‍යයි. ඒ නිසා කොළඹ  ගොඩනැගූ ප්‍රේමදාසගේ පුතා ජනපතිවරණයට ඉදිරිපත් කළා.
එක්සත්  ජාතික ස්වයං රැකියා  වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප්  චාල්ස්,  ලේකම් එම්.ඒ.එම්. ෆායිස් මහත්වරුද ද අදහස් දැක්වූහ.

විශාල පිරිසක් ජන හමුවට එකව සිටියහ.

 



අදහස් (3)

“පොඩි මිනිහාගේ අතමිට සරුවන්න සජිත් ජනපති පුටුවට යවන්න“

Winiwida Wednesday, 23 October 2019 07:26 AM

මට මතකයි 2004 ග්‍රීසියේ ඔලිම්පික් උළෙල තිබුණා. ඒ වෙනුවෙන් ග්‍රීසියේ රජය විශාල මංමාවත් හැදුවා. විශාල ක්‍රීඩාංගන හැදුවා. ලෝකයෙන් එන ක්‍රීඩකයන්ට නවාතැන් දෙන්න විශාල මහල් නිවාස හැදුවා. ඒ වෙලාවේ ග්‍රීසියේ විපක්ෂ නායිකාව ජනතාව අමතලා කිව්වා "උඹලට කවදහරි කන්න වෙන්නෙ මේ කොන්ක්‍රීට්" කියලා. 2008 වෙනකොට මොකද උනේ ? ග්‍රීසිය ලෝකයේ බංකොලොත්ම රාජ්‍ය බවට පත් උනා. සංවර්ධනය කියන්නෙ කොන්ක්‍රීට් වනාන්තරක් හදන එක නෙවෙයි. සංවර්ධනය ජන ජීවිත එක්ක බද්ධ වෙන්න ඕන. ඔබ ගිහිල්ලා බැලුවොත් සූරියවැව ක්‍රීඩාංගනය තියන පාර මංතීරු හයක එකක්. බේස්ලයින් එකටත් වඩා ලොකුයි. ඒ පාර අවට ජීවත්වන ජනතාවගෙ ජීවිත කොහෙද තියෙන්නේ? පාසල් ඇරිලා එන දරුවෝ දිවුල් වාරෙට පාර අයිනෙ දිවුල් විකුණනවා.දෙහි වාරෙට පාර අයිනේ දෙහි,දොඩං තියන් විකුණනවා.දැවැන්ත පාරක් තියනවා.මේ දැවැන්ත පාරයි මිනිස්සුන්ගේ ජීවිතයි අතර සම්බන්ධයක් නෑ. මිලියන ගණනක ජනතාවක් දුප්පත්කමේ ගිලිලා. මේ පාලකයෝ හැමදාම ඒ දුප්පත්කම විකුණනවා. අපි මේක වෙනස් කළ යුතු නැද්ද ?

:       1       118

nimalWednesday, 23 October 2019 09:02 AM

මේවා රටේ ඉදිරිය බලලා කරපු වැඩ. දෙයක් ඉබේ දියුණු වෙන්නේ නැහැ. නිසි පරිදි දියුණුව කරා ගෙනයන පාලක පිරිසක් ඕන. අවාසනාවකට විවේචන පමණයි. දියුණුව සදහා ???

:       36       0

BamunuarachchiSaturday, 26 October 2019 02:08 PM

රටේ ඉදිරිය දැකපු හැටි තමයි ඒ. අපිටත් කන්න වෙන්නේ අපේ මුදලින්ම පිනට දීපු ගෙවල් තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 395 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 943 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1192 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7417 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 892 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 359 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 94 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1122 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site