(මුදිතා දයානන්ද)
(ඡායාරූප - ඉෂාන් සංජීව)
“මා ඉන්ද්‍රජාලිකයෙක් නොවේ. අපේ පාලනයක් යටතේ මේ රට හදන්නේ මා නොව අපියි. මානව සමාජය මෙතෙක් අත්පත් කරගත් සංවර්ධනය සේම රටක් ලෙස හෙට දවසේ අපි අත්පත් කරගන්නා ජයග්‍රහණයන් සියල්ලත් සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵල මිස මාගේ ඉන්ද්‍රජාලික ක්‍රියාවක් නොවේ“ යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (26) පැවසීය.
ඔහු මේ බව පැවසූයේ ශ්‍රි ලංකා පදනම් ආයතනයේදි පැවති ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්විමේ අවස්ථාවට එක්වෙමිනි.
තවදුරටත් ඔහු මෙසේද පැවසීය.
“මැතිවරණ ප්‍රකාශන හුදු ලියවිල්ලක් වීම වළක්වා එය ජනතාවත් සමග බද්ධ වූ නිතීමය ලියවිල්ලක් බවට පත්කෙරෙන නීති අපි සම්පාදනය කරනවා. එවිට පොරොන්දු කඩකරන්නන්ට එරෙහිව අධිකරණයට යාමට ජනතාවට අවස්ථාව උදාවෙනවා.
අපි අපේ රටේ ප්‍රධාන ප්‍රශ්න මූලික කරගෙන ඒ ඒ ක්ෂේත්‍රවලට අදාල ප්‍රතිපත්තින් 8ක් පසුගිය දිනවල ඉදිරිපත් කළා. දැන් අපෙන් අහනවා මේවා ක්‍රියාත්මක කරන්න ඔබලාට කෝ බලවේගයක් කියලා. මම සහතික වශයෙන්ම කියනවා මෙතෙක් මේ රට පාලනය කළ සියලු දෙනාටම වඩා හොඳින් මේ රට හදන්න පුලුවන් බලවේගයක් අප සමග සිටිනවා. මෙතෙක් මේ රටේ මුදල් ඇමතිවරු බවට පත්වු සියලු දෙනාටම වඩා අධ්‍යාපනික දැනුමෙන් ප්‍රායෝගික දැනුමෙන් නවීන දැනුමෙන් පෝෂිත වූ විද්වතුන් අපි සමග ඉන්නවා.
මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හැදුවා වගේම මේක ක්‍රියාවට නැංවීමේදීත් ඒ සියල්ල අපි සිදුකරන්නේ හුදු තනි පුද්ගලයෙකුගේ කාර්යයක් ලෙස නොවේ. මේ හැම දෙයක්ම සාමූහික ප්‍රයත්නයක්. ඒ සාමූහික ප්‍රයත්නයන් මාගේ දක්ෂතාවයන් ලෙස දක්වන්න මා සූදානම් නැහැ. මිනිස් සමාජය දඩයම් යුගයේ සිට අද දක්වා ඉදිරියට ආවේ සාමූහික ක්‍රියාකාරිත්වයක ප්‍රතිඵල ලෙසයි. එදා සතෙක් දඩයම් කරගත්තෙන් සාමූහිකවයි. දරුවන් බලාගත්තේ සාමූහිකවයි. අදත් අපි ආර්ථීකමය සාධකවලින් නිෂ්පාදන ක්‍රියාවලියෙන් එකිනෙකාට බැඳිලා.
ජාතින් වශයෙන් ගම නගරය වශයෙන් වගේම රට රටවල් ලෙසත් අපි එකිනෙකා එකට බැඳිලා. ඒ නිසා අපි කාටවත් හුදෙකලා මිනිසුන් ලෙස කිසිවක් සාර්ථක කරගන්න බැහැ. අපේ මේ වැඩපිළිවෙල එවැනි සාමූහික ප්‍රයත්නයක් තුළින් මේ රටේ සියලු ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට සමත් වැඩපිළිවෙලක්..“ යැයි වැඩිදුරටත් සඳහන් කළේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ ඉතිහාසයේ පළමු වරට තමා මේ වගේ සවිස්තරාත්මක දැක්මක් සහිත ප්‍රතිපත්ති ප්‍රකාශන මාලාවක් අපේක්ෂකයෙක් හෝ පක්ෂයක් විසින් ඉදිරිපත් කරනවා අපි දකින්නේ... මේ වැඩපිළිවෙලට අපේ සහයෝගය නොදෙන්න කිසිම හේතුවක් තියෙනවද මිත්‍රවරුනි..
මා දන්නා තරමින් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස්කර ඇත්තේ විශ්විද්‍යාල මහාචාර්යවරු 200 දෙනෙකුට අධික පිරිසක් ඇතුළු ජාතික විද්වත් සංවිධානය ඉදිරිපත් කළ රට ගොඩනගන වැඩ පිළිවෙලක් මූලික කරගනිමින්... මෙවැනි යථාර්ථවාදී වැඩපිළිවෙලක් මේ වනතෙක් කිසිම පාර්ශවයක් විසින් ඉදිරිපත් කර නැහැ.
ඔබේ නිහතමානී කමට මගේ ආචාරය. 2015 රාජපක්ෂ පාලනය ගෙදර යවපු හැට දෙලක්ෂයක් ජනතාවගේ අපේක්ෂාවන් සිරිසේන - රනිල් යුගලය පාවා දුන්නා. ඔවුන්ගේ පන්තිය ආරක්ෂා කළා. නැවත එසේ නොවීමට නම් විකල්ප ජන බලයක් දිනවිය යුතුමයි.
ලංකා මැතිවරණ ඉතිහාසයේ කිසිම අපේක්ෂකයෙක් හෝ පක්ෂයක් මෙවර ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත්කර ඇති ආකාරයේ සවිස්තරාත්මක යතාර්ථවාදී ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කර නැහැ. කණගාටුවට කරුණ නම් කිසිම මාධ්‍යයක් විසින් ඒ විශිෂ්ඨ කාර්ය ජනතාව අතරට ගෙනයාමට ප්‍රමාණවත් ප්‍රචාරයක් ලබා නොදීමයි.
තරගය තියෙන්නේ තුන් දෙනෙක් අතර. ගෝඨා, සජිත් හා ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ඉන්නවා. ඒ තුන් දෙනාගෙනුත් පොහොට්ටුව අලියා එකම පිලක. අනුර විකල්ප පිලේ. තුන් දෙනාගෙන් වඩාත්ම උගත්, දූෂණ, වංචා, චෝදනා නැති රට ගොඩනගන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන අපේක්ෂකයා බුද්ධිමත්ව තෝරාගනිමු.
හොර කල්ලි දෙකෙන් මේ වතාවේ ඉදිරිපත් කරලා තියෙන කවටයෝ දෙන්නා ටෙනිසන් කුරේ, බන්දු සමරසිංහ පරාදයි. අනුර දිසානායකගේ උගත්කම, දේශපාලන දැක්ම, අදුෂිත චරිතය, කැපවීම, අත්දැකීම් සමග සම කල හැකි වෙනත් අපේක්ෂකයෙක් නැහැ.
මේ මැතිවරණ ව්‍යාපාරය තුළ එවැනි හැකියාවක් පෙන්වන විකල්ප වැඩපිළිවෙලක් ඇති එකම බලවේගය ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයයි.
පවතින මජර දේශපාලනය වෙනස් කිරීම තනි පුද්ගලයෙකුට හෝ කිහිප දෙනෙකුට කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා සංවිධානාත්මක දැනුවත් ජනතා බලවේගයක් අවශ්‍ය වේ.
අවුරුදු 20ක් පාර්ලිමේන්තුවේ කාර්යක්ෂම මන්ත්‍රීවරයා අපේ රටේ කාර්යක්ෂම ජනාධිපතිවරයා වනු දැකීම අපගේ අපේක්ෂාවයි. ජනතා අපේක්ෂාවන්ගේ අපේක්ෂකයා දිනවමු.
සැබෑ දක්ෂයන් කවදත් තනියෙන් නැගිටින්නේ නැත...
මෙම උත්සාහයට පොදුජන සහයෝගය ලබා දුනහොත් රටේ ඉදිරිගමන වැළැක්විය නොහැකිය අනාගත පරම්පරාවට උරුමකරදිය යුත්තේ එවන් රටකි . ඒ සදහා පෙළගැසිය යුතුය .
කාලෙකට පස්සේ මෙන්න නියම මනුස්සයෙක්...
ගෝඨාද? සජිත්ද? කියලා කල්පනා කරකර හිටියේ...
වර්තමාන තත්වය අනුව, රටේ නායකත්වයට අවශ්‍ය වන්නේ රටේ සාමාන්‍ය මිනිසුන් නියෝජනය කරන කෙනෙක්... මා සිතන්නේ ඒ සජිත් ප්‍රේමදාස කියයි...