(රංජිත් රාජපක්ෂ)
වත්මන් රජය බලයට පැමිණීමත් සමඟ රටේ සංවර්ධන ඇණ හිට ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බව පැවසූවේ අද (23) නාවලපිටිය නගරයේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සංවිධානය කර තිබූ රැස්වීමක් අමතමිණි.
මෙම රැස්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, එස්.බී දිසානායක, ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන්,උදය ගම්මපිලම,වාසුදේව නනායක්කාර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
රැස්වීම අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.
‘‘අපි තමුන්නාන්සේලා වෙනුවෙන් වැඩසටහනක් ඉදිරිපත් කරලා තියෙනවා, අපි ඒ වැඩසටහන හදලා තියෙන්නේ මේ රටේ පවතින ප්‍රශ්න විවිධ ක්ෂේත්‍රවල ආර්ථික සම්බන්ධ ප්‍රශ්න, ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්න මේවා ගැන අපි කතා කරලා විසඳුම් හදලා තියෙනවා.
තමුන්නාන්සේලා සමඟ සාකච්ඡා කරලා තමයි අපි මේ ප්‍රශ්න වලට විසඳුම් හදලා තියෙන්නේ. ඒ අනුව තමයි අපේ ප්‍රතිපත්ති මලාව හදලා තියෙන්නේ. මගේ වගකීම තියෙන්නේ මහජනතාව වෙතට මේ රටේ රටවැසියා වෙනුවෙන්. මගේ සම්මුතිය තියෙන්නේ තමුන්නාන්සේලා සමගයි.ඒ අනුව තමයි වැඩසටහනක් ඉදිරිපත් කරලා තියෙන්නේ.
මම ගැන මහින්ද රාජපක්ෂ මහතා ගැන අපේ කණ්ඩායම ගැන ඔබලා විශ්වාසය තියලා තියෙනවා. අපි අභියෝග ජයගත් කණ්ඩායමක්. මේ රටේ ආරක්ෂාව , ආර්ථිකය , සංවර්ධනය මේ සෑම අංශයකම අභියෝග අපි භාරගෙන ජය ගත්තා.
අපි නෙවෙයි මේ රටේ යුද්ධයක් ආරම්භ කළේ, යුද්ධයක් ඇති කරලා අවුරුදු 30 ක් මේ රටට බෙදෙන තත්ත්වයට ගෙනවා. අපේ රටේ ජනතාව මරුමුවට පත්වුණා. සිංහල දමිල මුස්ලිම් බර්ගර් සියළු දෙනාම ජිවිත පූජා කිරීමත් සමඟ අපේ ආර්ථිකයත් කඩා වැටුණා.
මෙම යුද්ධය අවුරුදු 30 විවිධ රජයන් යටතේ විවිධ ජනාධිපතිවරුන් යටතේ ඇදි ඇදි එමින් තිබුණා, එත් අපි මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ අවුරුදු 2 ½ වැනි කෙටි කාලයකදී ත්‍රස්තවාදය අවසාන කරලා මේ රටේ සෑම කෙනෙකුටම සෑම ප්‍රදේශයකටම සාමය ගෙනාවා.
එ නිසා අපිට පුළුවන් වුණා රට සංවර්ධනය කරන්න. අපි උතුර දකුණ නැගෙනහිර සංවර්ධනය කළා. අපි පැහැදිලි දර්ශයක් සමඟ සංවර්ධන කටයුතු ආරම්භ කළා නමුන් මේ ආණ්ඩුව පැමිණියාට පස්සේ සංවර්ධන කටයුතු සියල්ලම ඇණ හිටියා.
ඒ නිසා මේ සංවර්ධන ව්‍යාපාරවලට සම්බන්ධ වුණ ව්‍යාපාරිකයන් ව්‍යසායකයින් , කොන්ත්‍රාත්කරුවන් , සැපයුම්කරුවන් සියලු දේනාගේම ව්‍යපාර නැති වෙලා ගියා. ඒ නිසා සෘජුවම ලක්ෂ 4 ක් පමණ රැකියා අවස්ථා නැති වුණා.‘‘
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘‘වත්මන් රජය බලයට පැමිණීමත් සමඟ රටේ සංවර්ධනය නතරවුණා‘‘
Chathuri Thursday, 24 October 2019 03:01 AM
රටේ සංවර්ධනයද අඩුවුණේ?... එහෙම නැතිනම් පරම්පරාවේ පෙට්ටගම් පුරවන එකද අඩු වුනේ බලය තියෙනකොට...? පවුලේ කට්ටිය එකතුවෙලා හොඳට වර්ධනය වුණා. සියලුම ආයතන නූගත් කම්බ හොරු පාලනය කෙරුවේ... ඒවා අමතකද? ලොකුම හොරා මස්සිනා නේද? උදයංග දිව්රුම් දෙනකම් හැංගිලා ඉඳලා එළියට ගනියි. ඇමරිකාවේ පුරවැසිකමත් නැතිකරගෙන ජනාධිපති වෙන්න අාවේ. අධිකරණයට හොර, දූෂණ නඩු අහන්න අයිතියක් නැති නිසාද? තවත් පිටරට ඉන්නවා ලංකාවේ උගත්, බුද්ධිමත් මහාචාර්යවරු... ඒ අයටවත් නැහැනේ මෙහෙම අමාරුවක්... ආදරයක් රටයි, ජනතාවයි ගැන... මේ රාජපක්ෂවරු පුදුම ආදරයක් තියෙන්නේ රටට, ජනතාවට ජයට මගුල් කාලා... නඩු කල්දමලා සල්ලි හිඳිලා තියෙන්නේ...
nimalThursday, 24 October 2019 04:27 AM
chathuri, ඒ මිනිස්සු කියන්නේ කරපු දේවල්... ඇත්තනේ ඒවා... ඔයා නිකන් සුළඟේ කතාකරනවා. ඔයා කැමති නැතුව ඇති ගෝඨාට සහ ඡන්දේ දෙන එකකුත් නැහැ. ඔයා හිතන්න දැන් ඉන්න කට්ටිය කලේ මොනවද කියලා. මහබැංකුව කොල්ල කෑම, රට පරිහානියට පත්කිරීම, තව බොහෝ තිබෙනවා. හිතලා ගෝඨාට ඡන්දේ දෙන්න..