IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


“දුක-කඳුල වේදනාව යළි විඳින්න ඉඩක් තබන්නේ නෑ“

(අංජුල මහික වීරරත්න, මාතලේ විශේෂ - මහේෂ් කීර්තිරත්න, දඹුල්ල - කාංචන කුමාර ආරියදාස, රවින්ද්‍ර විරාජ් සහ නාවුල - ඉන්දික අරුණ කුමාර)

“දුක, කඳුළ, වේදනාව මැද වද හිංසා විඳිමින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය එවන කාන්තාවන් සේවය කරන රාජ්‍ය සමඟ ගිවිසුම් අත්සන් කර හිංසනයෙන්, පීඩාවෙන් තොරව කාන්තාවට එතෙර රැකියා කිරීමේ නිදහස දෙන සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ලග්ගලදී පැවැසීය.

ශ්‍රී ලංකාවේ කාන්තා පරපුරේ දේශපාලන, සමාජ, සුබසාධන, සිවිල්, මානව ඇතුළු සියලු අයිතිවාසිකම් තහවුරු කරමින් කාන්තා ප්‍රඥප්තියක් තව දින කිහිපයකින් අත්සන් කරන බවද” අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
ජනාධිපතිධුර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා මෙදින සංවිධානය කළ පළමු ජන රැලිය ලග්ගල නව නගරයේදී පැවැත්වුණු අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ මැති ඇමැතිවරු රැසක් රැලියට සහභාගී වී සිටියහ.

රත්තොට - හතරලියද්ද, අකුරණ හා වත්තේගමද මෙදින ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රැලි පැවැත්විණි.

ජන රැලියේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවැසීය.

“අමාරුවෙන් ජීවිතය ගොඩනගා ගන්නා ලග්ගල ජනතාව ඇතුළු රටේ සමස්ත ජනතාවට වැදගත් පණිවුඩයක් ඉදිරිපත් කරන්න තිබෙනවා. දුෂ්කර ජීවිතයක් ගත කරන ජනතාවගේ ජන ජීවිතය 16 වැනිදා ජයග්‍රහණයත් සමඟ මගේ බලාපොරොත්තුව, මගේ පැතුම ඔවුන්ට උසස් ජන ජීවිතයක්, සෞභාග්‍යමත් ජීවිත උදා කර දීමයි.

මේ ප්‍රදේශයේ බහුතර ගොවි ජනතාව ජීවත් වෙන්නේත් ගොවිතැනේ නියැලෙන්නේත් අමාරුවෙනුයි. ජන ජීවිතය ගැටගහ ගන්නා ගොවි පරපුරේ දුක, කඳුළ, වේදනාව දන්නා එකම අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස කියන එක අමුතුවෙන් කිවයුතු නැහැ.

ජනතාව රටේ ජනාධිපති තනතුරට කවුද පත් කරන්නේ කියන එක ගැන තීරණ ගන්න විට හෘද සාක්‍ෂියට එකඟව ඒ තීරණය ගන්නවා. මොකද, රටේ අති බහුතරයගේ ප්‍රාර්ථනය වන්නේ පොදු ජනතාවගේ හඬ ජනාධිපති ලෙස නියෝජනය කිරීමය. මුළු මහත් ශ්‍රී ලංකා ද්වීපයේම පුංචි මනුස්සයා නියෝජනය කරන ගොවි, කම්කරු, ධීවරයා රැක ගනිමින් සාමාන්‍ය ජනතාවගේ එකම බලාපොරොත්තුව බවට මා පත්වූ පසු ජනතාවගේ ජීවිත සුඛිත මුදිත කරනවා.

මා ප්‍රභූ දේශපාලනය කරන්නේ නැහැ. වී.අයි.පී. පොලිටික්ස් මා කරන්නේ නැහැ. 16 වැනිදායින් පසුවත් මා මේ විදියට පොඩි මිනිහාගේ දෙපතුල ළඟට එනවා.
 
මේ බල ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු බොහෝමයක් තිබෙනවා. මැණික් කර්මාන්තයේ නිරතව සිටින පොඩි මනුස්සයන්ගේ ගැටලු අපමණයි. ඒ ගැටලු විසඳන්න මා අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. අවතැන් වූ පවුල්වලට වන්දි දීමේදී, ඉඩම් ලබාදීමේදී, අඩුපාඩුකම් රැසක් ඇතිවෙලා.

හුදකලා වූ ගම්මානවල ජීවනෝපායට මා අත - හිත දෙනවා. ඉඩම් තිබෙන අයගේ ඉඩම් ගැටලු ටික විසඳලා දෙනවා. අලි - මිනිස් ගැටලු නිසා අවතැන් වූ ජනතාවට කාර්යක්ෂම වැඩසටහනක් ක්‍රියාත්මක කර අලි මිනිස් - ගැටලුව අවසන් කරනවා.

පුරන් කුඹුරු ජල සම්පතින් පෝෂණය කිරීම සඳහා “වැව් උදාව” වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. වැව් උදාව වැඩසටහන යටතේ වසර දෙකක් තුළ මුළු රටේම තිබෙන වැව් පද්ධති ප්‍රතිසංස්කරණය කර අවසන් කර රටේ ආහාර සම්පත නිර්මාණය කරන, රටට බත සපයන ගොවි පරපුර සුරක්ෂා කරනවා.

ග්‍රාමීය රෝහල් වැඩිදියුණු කරන්න මා කටයුතු කරනවා. ස්වයං රැකියා කිරීමේදී පෞද්ගලික කටයුතු සඳහා වැලි කැණීමේදී වන අපහසුතාව සොයා බලා, පොඩි මනුස්සයට යම්කිසි දෙයක් කරන්න යනවිට ඇතිවෙන දුෂ්කරතා මඟ හරවනවා. පොඩි මනුස්සයට සතුටින් ජීවත් විය හැකි කාලයක් මා ඇති කරනවා.
 
රැකියා විරහිතභාවයෙන් පෙළෙන තරුණ පරපුර වෙනුවෙන් සෑම උප දිසාපති කොට්ඨාසයකටම කර්මාන්තපුර ඇති කරනවා. රණසිංහ ප්‍රේමදාස මහතා නගරයෙන් ගමට කර්මාන්තශාලා ගෙනාවා වගේ කර්මාන්තපුර හදනවා. ඉන් තරුණ පරපුරේ ජීවිත සුඛිත මුදිත වෙනවා.

සංවර්ධන ක්ෂේත්‍රයේ අලුත් පිම්ම පනින්න අද කාලය ඇවිල්ලා. රට හැටියට උසස් දියුණුව ලබන්න කාලය ඇවිල්ලා. ඩිජිටල් නවීන තාක්ෂණය, තොරතුරු තාක්‍ෂණය කේන්ද්‍ර කරගත් නව ආර්ථීකයක් රටට ගෙනෙන්නයි මා කටයුතු කරන්නේ. එතැනදී ඉංග්‍රීසි භාෂා සාක්‍ෂරතාව වැඩි කිරීම උදෙසා සෑම උප දිසාපති කොට්ඨාසයකටම ජාත්‍යන්තර මට්මේ නව තාක්‍ෂණ විද්‍යාව මා බිහි කරනවා.

එවිට ගමේ ඉන්න තරුණ පරපුරට නොමිලේ ජාත්‍යන්තර මට්ටමේ නව තාක්‍ෂණය, නව නිපැයුම් නවෝත්පාදන වැඩපිළිවෙළට සහභාගී වෙන්න පුළුවනි. අගනුවර සුළු ජන කොටසට සීමා වූ අධ්‍යාපනික වරප්‍රසාද අනිවාර්යෙන්ම මා ගමට ගෙනෙනවා. සුළු කොටසකට පමණක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළට යන්න තිබෙන මහා ඉනිමඟ නොමිලේ අධ්‍යාපන ක්‍රමවේද තුළින් ගමට දෙනවා.

රටේ තරුණ පරපුර, කාන්තා පරපුර ජන සමාජයේ අති වැදගත් කොට්ඨාස දෙකයි. තරුණ පරපුර සමඟ සමාජ ගිවිසුමට මා එළැඹෙනවා. තරුණ ප්‍රඥප්තිය මා නිර්මාණය කරනවා. තරුණ ප්‍රඥප්තිය තුළ තරුණ අයිතිවාසිකම්, තරුණ ඉල්ලීම්, තරුණයන්ගේ පැතුම, තාරුණ්‍යයේ බලාපොරොත්තුව ඇතුළු කර ජයග්‍රහණයෙන් මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවේ නෛතික බලය රටේ තාරුණ්‍යයට නිදහස් - නිවහල් සංවර්ධිත ජන ජීවිතයක් මා උදා කරනවා.

කාන්තා පරපුර වෙනුවෙන් තව දින කිහිපයක් තුළ කාන්තා ප්‍රඥප්තියට අත්සන් තබනවා. රටේ කාන්තා පරපුර වෙනුවෙන් කාන්තාවන්ගේ අයිතිය, දේශපාලන, සමාජයීය, සුබසාධන, ආර්ථික අයිතිය, සිවිල් මානව අයිති්ය කියන හැම අයිතියක්ම ප්‍රඥප්තියට ඇතුළත් කරනවා. කාන්තාවන්ගේ ඕනෑ එපාකම්වලට ගැලපෙන ලෙස සියලු අපේක්‍ෂා ඒ ප්‍රඥප්තියේ වගන්තිවලට ඇතුළත් කර සියයට 51 ක් වූ කාන්තා ජනගහනයත් සමඟ මා සමාජ ගිවිසුමට එළැඹෙනවා.

ඒ සමාජ ගිවිසුමත් ජයග්‍රහණයෙන් මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නෛතික බලය කාන්තාවගේ හදවතේ කැකෑරෙන දුක, කඳුළ, බලාපොරොත්තුව, සිහිනය අවබෝධ කරගෙන කාන්තාවන්ට දිය යුතු සමාජ රැකවරණය ඇති කරනවා. ඒ ඓතිහාසික ශක්තිය දීමෙන් රටේ සංවර්ධන ගමනේ පෙරමඟ ගමන්කරුවන් බවට පත් කරන්න කාන්තාවට අයෝමය දායකත්වය මා දෙනවා.

විදේශ රැකියා ක්ෂේත්‍රයේ අපේ ජනතාව දුක - කඳුළ - වේදනාව මැද වද හිංසා විඳිමින් උපයා දෙන විදේශ විනිමය තමයි, අපේ රටේ ජීවනාලිය වෙන්නේ. එයයි, අපේ රටේ හදගැස්ම. කාන්තාවන් පිටරට රැකියා කරන්නේ දුෂ්කරතා රැසක් මැද්දෙයි. ඒ නිසා ඒ රටවල් කෙතරම් බලවත් වුවද 16 වැනිදා ජයග්‍රහණයෙන් පසු ඒ රටවල්වල රාජ්‍ය නායකයන් හමුවෙලා ද්විපාර්ශික ගිවිසුම් අත්සන් කර අපේ රටේ කොඳුනාරටිය වන විදේශ සේවාවේ නිරතවී සිටින කාන්තාවන්ට හිංසනයෙන් හිරිහැරවලින් තොරව අඩංතේට්ටම්වලින් තොරව සුරක්ෂිත රැකියාවක් කිරීමේ අයිතිය ඇති කරනවා.

ඒ රටවල් සමඟ ගිවිසුම් අත්සන් කර මෙරටට විදේශ විනිමය එවන කාන්තාවන් රැක ගන්න, සුරකින්න විශේෂිත වූ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.

මගේ ප්‍රතිවාදියා රුපියල් 350 පොහොර නිකන් දෙනවා කිව්වා. පොහොර මිල රුපියල් 500 යි කියලාවත් ඔහු දැනගෙන හිටියේ නැහැ. පොහොරවල නියම මිලවත් නොදැන වී ගොවියාට පොහොර නිකම් දෙනවා කී මෙයා ගොඩ බෝග වගාකරුවාව අමතක කළා.  හේන් ගොවියා - පලතුරු ගොවියා - තේ - පොල් - රබර් ගොවියා අමතක කළා. මා ජනතාවට කියනවා මා නිර්මාණය කරන ආණ්ඩුවෙන් හැම ගොවි පරපුරකටම නොමිලේ පොහොර දෙනවා. එය එක කොටසකට සීමා කරන්නේ නැහැ.

ගොවි ජනතාව ගැන කතා කරන විට සමස්ත ගොවියාටම සහන දෙන්න ඕනෑ. ගොවි ජනතාව අතර භේද - බින්නවීම් කර ගැටුම් ඇතිකර කොටස් කර එක් එක් පුද්ගලයන් රජ වන්නට හදපු උත්සාහය පරාජය කර සමස්ත ගොවි ජනතාව දිනවන්න 16 වැනිදාට පොඩි මිනිහගේ නියෝජිතට බලය දෙන්න.

අනාගතය සුබයි. අනාගතය ආලෝකමත්, අනාගතය ශක්තිමත් කරන්න මට හයිය දෙන විට සද්ධන්ත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා යැයිද” සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

ගලගෙදර රැලියේදී මහනුවර දිස්ත්‍රික් නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ කීවේය.

“2015 දී හිටපු ජනාධිපතිතුමා තවත් වසර දෙකක් තමාටත් තම නඩයටත් රට පාලනය කරන්න තිබියදී රට නැවත ජනාධිපතිවරණයකට ගෙන ගියේ රටේ අභ්‍යන්තරයේ කරගෙන ගිය නීති විරෝධී - අශිෂ්ට පාලනයට විරුද්ධව ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙනුත් වර්ධනය වෙමින් පැවතුණු විරෝධතා නිසයි.
අද රටට ඕනෑ අලුත් පරම්පරාවට උචිත තීන්දු තීරණ ගන්න පුළුවන් විශ්වවිද්‍යාල දැනුම තිබෙන අලුත් පිම්මකින් රට ඉදිරියට ගෙන යන්න පුළුවන් නායකයන්. ඒ අවශ්‍යතාවට ඉතා හොඳින් ගැලපෙන්නේ අපේ සජිත් ප්‍රේමදාස මහතායි. එතුමාට අලුත් පරම්පරාවේ නියෝජිතයෙකු හැටියට රටේ පොඩි මනුස්සයා ගැන අංගසම්පූර්ණ දැනුම තිබෙනවා.”

රත්තොට ජන රැලියේදී අදහස් දැක්වූ සංචාරක සංවර්ධන වනජීවී ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා:-
“මේ ආණ්ඩුව තරම් වැඩ කළ රජයක් රටේ ඉතිහාසයෙම තිබී නැහැ. නමුත් අප කළ වැඩ ගැන මාධ්‍ය කතා කරන්නේ නැහැ. වංචා දූෂණය නැති අපේක්ෂකයකු අප ගෙනත් සිටිනවා. ලබන 16 වැනිදාට සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ලෙස පත් කර රට සංවර්ධනය කරා රැගෙන යන යුගය ආරම්භ කරනවා.”

එක්සත් ජාතික පක්ෂ ලග්ගල ආසන සංවිධායිකා රෝහිණී කවිරත්න මහත්මිය:-
“අද සුවිශේෂී මංසන්ධියකට පැමිණ ඉන්නවා. අප රජය ලෙස විශාල වැඩ කොටසක් කළා. වසර 20ක් නිදා සිටි ලග්ගල වසර 4ක් ඇතුළත ඇහැරවූ බව කිව යුතුයි.

අපට මෙතෙක් කර ගන්න බැරි වූ වැඩ ටික කර ගන්න හැකි මිනිසෙකු ජනපති පුටුවෙහි වාඩිකර ගනිමු. වගා කරන්න ඉඩම් තිබෙනවා නම් සමෘද්ධි අවශ්‍ය නැති බව අපේ ජනතාව කියනවා. ඔබ ඉල්ලූ අපේක්ෂක අප ඉදිරිපත් කළා. ඔහු ජයග්‍රහණය කරවමු”

රත්තොට ජන රැලියේදී වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතාද අදහස් දැක්වීය. ජනරැලි සඳහා සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, දඹුල්ල එජාප ප්‍රධාන සංවිධායක ප්‍රියාන් විජේරත්න, හිටපු අමාත්‍ය වී. පුත්‍රසිගාමනි, හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර් යන මහත්ම මහත්මීහු සහභාගි වී සිටියහ.

 



අදහස් (0)

“දුක-කඳුල වේදනාව යළි විඳින්න ඉඩක් තබන්නේ නෑ“

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 426 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 943 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1192 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7417 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 892 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 359 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 96 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1122 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site