IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


“බත් කනවාද? වෙඩි කනවාද? නොවැ-16 තීරණය කරන්න“

(අංජුල මහික වීරරත්න)

“නොවැම්බර් 16 වැනිදා ජනතාව ගත යුත්තේ බත් කනවද, වෙඩි කනවද, යන තීරණය බව” එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලග්ගලදී ඉකුත්දා (19) පැවැසීය.

“බත් කන්න ඕනෑ නම් ජයග්‍රාහී අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දෙන ලෙස කී අග්‍රාමාත්‍යවරයා, වෙඩි කන්න අවශ්‍ය නම් ඡන්දය දිය යුත්තේ කාටදැයි ජනතාව හොඳින්ම දනිතැයිද?” සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා ලග්ගල නව නගරයේ පැවැති ජන රැලිය අමතමිනි.

ජන රැලියේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.

“ලබන 16 වැනිදා අපගේ ජයග්‍රාහී අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත් කිරීම එකම වගකීමයි. සජිත් ප්‍රේමදාස මහතා එතුමාගේ ප්‍රතිපත්ති ගැන කතා කළ නිසා මං මේ ආසනය ගැන කියන්නම්.

1977 වසර වනතුරු ලග්ගල තිබෙන්නේ කොහේද කියාවත් ජනතාව දැනගෙන සිටියේ නැහැ. ප්‍රදේශයේ දියුණුව ඇති කළේ විජේරත්න බණ්ඩා මැතිතුමා බව කිව යුතුයි. ඔහු මා සමඟ එකට පාර්ලිමේන්තුවට ආවා. එකට කටයුතු කළා. එකල මේ ආසනයට එන්න වාහන තියා ට්‍රැක්ටරයක්වත් තිබුණේ නැහැ. අප මෙහි ආවේ එවන් දුෂ්කරතා මැදයි.

මහවැලි ව්‍යාපාරය කරන අතරතුර ප්‍රදේශයේ දියුණුව ගැනත් අප හොයා බැලුවා. ප්‍රේමදාස ජනපති සමයේත් ප්‍රදේශයට විශාල දියුණුවක් පැමිණියා.

ඇඟලුම් කම්හල් ආරම්භ කළා. මහා සටනක් කර දඹුල්ල - කණ්ඩලම හෝටලය අරඹා සංචාරක ව්‍යාපාරය දියුණුවට පත් කළා. එය සටනක් ලෙස හැඳින්වුවහොත් නිවැරැදි නැහැ. මා එකල එහි තදින්ම සිටි නිසා ඒ ගැන හොඳින් දන්නවා.

 ඉන්පසුව රජයන්ට ලග්ගල නැවත අමතක වුණා. ලග්ගල ගැන කවුරුවත් කතා කළේ නැහැ. 2015 වසරේ මා ආණ්ඩුව බාරගත් පසු රෝහිණී මන්ත්‍රීතුමිය මැදිහත් වී ප්‍රදේශයේ විශාල දියුණුවක් ඇති කළා. මෙහි රෝහල් දියුණු කර තිබෙනවා. ගම්පෙරළිය වැඩසටහන යටතේ ග්‍රාමීය මාර්ග සියල්ල දියුණු කළා. මහාමාර්ග දෙපාර්තමේන්තුවේ මාර්ග සියල්ලටම අද තාර දමලා. පළාත් පාලන මාර්ග සියල්ලම තාර යොදා තිබෙනවා.
ළඟම පාසල - හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් ගණනාවක් දියුණු කරනවා. ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ලැබුණු නිසා යුරෝපා සංගමයේ රටවල්වලට අපනයන ඇරඹුවා.

අපනයන බෝගවලට හොඳ මිලක් ලැබෙනවා. සමෘද්ධි සහනාධාර වැඩි කළා. මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 5000 ක් දක්වා වැඩි කෙරුණා. ගැබිනි මාතාවන් සඳහා රුපියල් 20000 ක පෝෂණ මල්ලක් දෙනවා. අද මාර්ග සියල්ලෙහිම වැඩ අවසන් කරලා.

මේ ආසනයට පානීය ජලය දීම වෙනුවෙන් රෝහිණී මන්ත්‍රීතුමිය බිලියන අටක මුදලක් වියදම් කළා.

 මිනිපේ ඇළ සංවර්ධනයටත්, බෙදුම් ඇළ සංවර්ධනයටත් තවත් බිලියන අටක් වියදම් කර තිබෙනවා. අවතැන්වූවන් සඳහා සියයට 50 ක අතිරේක වන්දි දුන්නා. දරුපවුල් විශාල සංඛ්‍යාවකට එවැනි සහන රාශියක් සලසා ඇති බව කිව යුතුයි.

දැන් අප ප්‍රදේශයේ ප්‍රශ්න විසඳීම ආරම්භ කර තිබෙනවා. රටේ ආර්ථිකය දියුණු කරන පියවර සජිත් ප්‍රේමදාස එතුමාගේ කතාවේදී සඳහන් කළා.

ලග්ගල පල්ලේගම රෝහල දිස්ත්‍රික් රෝහල බවට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කටයුතු කරනවා.

වත්තේගෙදර වැව ප්‍රතිසංස්කරණය, නාලන්දා ජලාශයේ සිට ජලය දීමේ කටයුතු කළ යුතුව තිබෙනවා.
ප්‍රදේශවල කුඹුරු සඳහා ජලය දීමටත් එතුළින් හැකියාව ලැබෙනවා. මෙහි අලුතින් රබර් අක්කර 5000 ක් වගා කරන්න බලාපොරොත්තු වෙනවා. බස්නාහිර පළාතේ රබර් වතු කර්මාන්ත සඳහා යොදා ගන්නා අවස්ථාවලදී ලග්ගල පල්ලේගම අක්කර 5000 ක් රබර් වගාව සඳහා වෙන් කර තිබෙනවා.

අපනයන බෝග වගා කිරීම සඳහා මූලික අවධානය යොමු කර තිබෙනවා. ඒ සඳහා ශීතකරණ ගබඩා අවශ්‍යයි. එක් ශීතාගාර ගබඩාවක් දඹුල්ලේ ආරම්භ කරනවා. තවත් ගබඩාවක් මේ ප්‍රදේශයට දෙනවා.
මැණික් ව්‍යාපාරය දියුණු කළ නිසා නිදහසේ මැණික් ගැරීමේ අයිතිය අද ඔබට හිමියි.

ජනතාවට ඉඩම් ප්‍රශ්න තිබෙනවා. ඒ ප්‍රශ්න විසඳීම සඳහා නව පියවර ගෙන තිබෙනවා. ඉදිරියේදී වන්දි ලබාදීමේ කටයුතුත් කරනවා.

නාවුල යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ තට්ටු තුනෙහි ගොඩනැගිල්ලක් සහ පරිගණක පුහුණු මධ්‍යස්ථානයක් ප්‍රදේශයට දෙනවා. දියුණුව ඉදිරියට ගෙන යන්නේ මේ ආකාරයටයි.

දියුණුව ලග්ගල ප්‍රදේශයට අත්‍යවශ්‍යයි. ලග්ගල සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් කිරීම අපේ අරමුණයි. යාපනය ගුවන් තොටුපොළ ජාත්‍යන්තර තත්ත්වයට මා ගොඩනැගුවා. ඊළඟට මඩකළපුව ගුවන් තොටුපොළ දියුණු කළ විට මේ ප්‍රදේශයට එතැන සිට එන්න ගත වන්නේ පැය එක හමාරක කාලයක් පමණයි.
ගෝඨාභය අලුත් රටක් හදන බව කියනවා. ඒ රට හදන්නේ කොහොමද?

වසර 10 ක් ඔවුන් රට පාලනය කළා. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ එකල රට පාලනය කළා. නැවත බැරි වෙලාවත් ජයගත හොත් රට පාලනය කරන්නේ කවුද? මේ කණ්ඩායමම තමයි. වෙනස කුමක්ද? රාජපක්ෂලා රාජපක්ෂලාම තමයි.

එදා මැදමුලන දියුණු කළ ද අඹන්ගඟ කෝරළය දියුණු කළේ නැහැ. එදා සූරියවැවට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දුන්නා. එහි ඉන්නේ වල් අලි පමණයි. හම්බන්තොටට විශාල සම්මන්ත්‍රණ ශාලාවක් දුන්නා. කවුරුවත් නැහැ. මේ ප්‍රදේශවලට රාජපක්ෂලා මුදල් යෙදෙව්වේ නැහැ.

දැන් පොහොර අඩු කරන්නලු. නොමිලේ දෙනවාලු. මට අහන්න තිබෙන්නේ මේ ප්‍රශ්නය පමණයි. රාජපක්ෂලා පාලනය කරන සමයේ බඩු මිල අඩු කළේ නැත්තේ ඇයි?

තෙල් මිල අඩු කරන්න කියා හලාවතදී පෙළපාළි ගිය ඇත්තන්ව වෙඩි තබා මැරුවා. එමෙන්ම අර්ථසාධක මුදල රැක ගන්න පෙළපාළි ගිය කටුනායක රොෂේන් චානකට වෙඩි තබා මැරුවා. වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ජනතාවට වෙඩි තබා ඝාතනය කළා. අප 2015 වසරේ බලයට පත් වුණා. එතැන් සිට ඇති කළ ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ගෙන යා යුතුයි.

නොවැම්බර් 16 වැනිදා ඔබට ගන්න තිබෙන්නේ එක තීරණයයි. බත් කනවාද? වෙඩි කනවාද? කියා නොවැම්බර් 16 වැනිදා තීරණය කරන්න වෙන බව කියන්න කැමැතියි. බත් කන්න ඕනෑ නම් අපේ ජයග්‍රාහී අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දී ජයග්‍රහණය කරවන්න. වෙඩි කන්න ඕනෑ නම් කළ යුත්තේ කුමක් දැයි ජනතාව දන්නවා. ඒ නිසා නොවැම්බර් 16 වැනිදාට පසු බත් කන්න හංසයාට කතිරය ගසන්න යැයිද” අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීය.

 



අදහස් (11)

“බත් කනවාද? වෙඩි කනවාද? නොවැ-16 තීරණය කරන්න“

nisha Thursday, 24 October 2019 08:37 AM

වෙඩි නැතිව බෝම්බ කමු.

:       0       11

RaveendraThursday, 24 October 2019 11:16 PM

නැ මේ අපේ සුත්තර පුංච මතක් කළා එයාගේ "බටලන්ද" හේනක් තිබුනනේ 88/89 කාලේ ඒක ගැන වෙන්න ඇති. නැතුව මේ එකපාරටම බත් කනවද වෙඩි කනවද කියල මතක් වුනේ බටලන්ද හේනේ පැල්කොටේ මතක් වෙලාම තමයි නේද පුන්චෝ.. මේ බලය ගන්න දේශපාලුවෙක් කියන කතාද මේවා ?? හැබැයි කියන්නේ ආසියාවේ හොදම උගතා බුද්ධිමතා කියා.

:       0       1

Bandara Thursday, 24 October 2019 08:39 AM

බෝම්බ වලින් මැරෙනවට වඩා වෙඩි කාලා මැරෙනවා හොඳයි.

:       0       44

RaveendraThursday, 24 October 2019 11:21 PM

බත් කනවද වෙඩි කනවද ඇසුවේ සුත්තරයානේ..// බටලන්ද හේනේ බත් වෙඩි කොයිකත් සුදානම් නේ..// බටලන්ද හේනේ අයිතිය කාගේද තොපි දන්නවනේ..// 88/89 මම එහි ගමරාල බව කාටත් අමතකද ..//

:       0       23

nimal Thursday, 24 October 2019 11:09 AM

බෝම්බ, වෙඩි වලින් සැමව බේරුවේ මහින්ද යුගය. ඔහෙලා යලි බෝම්බ ගෙනවා. මුළු රටම වෙඩි නොකා බත් කන්න බලන් ඉන්නේ. ඔහේලට බෝම්බ හේදිලම යන්න ජන්දේ දෙනවා. මහබැංකුව කොල්ල කෑමේ මුලිකයා ඔබ. කවදා හරි වන්දි ගෙවන්න බලන් ඉන්න.

:       0       105

nimal Thursday, 24 October 2019 11:17 AM

අපේ නිවස ඉදිරිපිට කඩයක් තියෙනවා. එජාප පාක්ෂිකයන් මුණගැහෙනවා. ඒ අය කියන්නේ මේ රනිල්ව එලවන්න කියලා. විකට කතා කියන රටේ අගමැති..

:       0       4

anura Thursday, 24 October 2019 12:26 PM

හැමතැනම ඉඳලා වෙඩිකාලා, බෝම්බකාලා, ගෝනි බිල්ලා මාමාගෙන් ත්‍රාසජනක කතන්දර අහලා, කටුකම්බි කෑවේ ඒ කට්ටිය හිටපු කාලේ.

:       0       40

chandima Thursday, 24 October 2019 01:28 PM

ප්‍රේමදාස මහත්තයා කරපුවයි අරයා කරපුවයි මෙයා කරපුවයි නොකියා පසුගිය අවුරුදු හතරේ ඔයා කරපුව කියන්නකෝ. අපි දන්නා තරමින් නම් වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් හැදුවා. අපට බ්‍රේස්ලට් දුන්නා. වයිෆයි දුන්නා. මත්තල වී ගබඩා කළා.හම්බන්තොට වරාය වික්කා. ලෙඩ වෙච්ච කිරිහරක් තොගයක් ගෙනාවා. පිටරටින් යාලුවෙක් එක්කගෙන ඇවිත් මහබැංකුවේ මිලියන ගානකට විද්දා. පැරදී පැරදී ඡන්ද කරපුවගේ ණය බේරන්න සාමකාමිව තිබුණු රටේ පල්ලි වලට පාස්කු දා බෝම්බ ගහනකල් උඩබලාගෙන උන්නා. රුපියල තවත් සියයට විස්සකින් තිහකින් පහළ බැස්සුවා. ලෝකේ පුර තානාපති කන්තෝරුවල නිදහස් දිනේට පවත්වපු අභිමානවත් ජාතික දින සැමරුම් උත්සව නවත්වල එදාට විස්කි බ්‍රැන්ඩි පාටියක් දාන්න කටයුතු කළා. තව එමටයි.

:       0       3

yasika Friday, 25 October 2019 11:56 AM

අපි නම් කන්නේ තණකොළ..

:       0       0

Bamunuarachchi Saturday, 26 October 2019 02:05 PM

“බත් කනවාද? වෙඩි කනවාද? නැතිනම් 1989 වගේ වෙඩිනොකා පනපිටින්ම ටයර් සෑය වල පිච්චේනවාද? නොවැ-16 තීරණය කරන්න“

:       0       0

DD Wednesday, 13 November 2019 05:01 AM

එක්කෝ බෝම්බ කනවද? ඒ ප්‍රශ්නය ඔයාම අහන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 430 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 943 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1192 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7417 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 892 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 359 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 96 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1122 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site