
(නාලක සංජීව දහනායක)
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ හා නොකළ සියලුම දෙනාට ඔහුගේ වැඩපිළිවෙළ සමග එකතුවී වැඩ කළ හැකි බව ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (20) පැවැසීය.
ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ අනුව ක්‍රියාකිරීමෙන් රටට අලුත් පරිවර්තන යුගයක් උදා කළ හැකි යැයි ද ඔහු කීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙසේ ද පැවැසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉතාම ආදර්ශමත් මැතිවරණ ව්‍යාපාරයක් රටට හඳුන්වා දුන්නා. අනාගතය බාර ගැනීමට සිටින රාජ්‍ය නායකයා වශයෙන් ඔහු පුද්ගල විවේචන නොකර, පරිසර හිතකාමීව මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම මැතිවරණ කොමිසමටත් ඉතාම පහසුවක් වුණා. ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ සමඟ ඡන්දය දුන් හා නොදුන් සියලුම දෙනාට එකතුවී වැඩ කළ හැකියි.
එමෙන්ම මෙම ජනවරමට හිස නමමින් අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව ඉවත්වේ යැයි අපි බලාපොරොත්තු වෙනවා. අගමැතිවරයා ඉවත්වීමත් සමගම මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති තනතුරට පත්කර අලුත් ආණ්ඩුවක් පත්කර ගැනීමට ජනාධිපතිවරයාට හැකියාව ලැබෙනවා. නව ජනාධිපතිවරයාට රට තුළ අලුත් පරිවර්තනයක් සිදුකිරීමට ඉඩදෙන ලෙස අපි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටිනවා.
මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ පැවැසීය.
ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ දී අපට එරෙහිව මඩ ප්‍රහාර, අවලාද, චරිත ඝාතන කිරීම් සිදු වුණා. අප මේ ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙය වූයේ බාධාවන් රාශියක් මැදයි. ඉතිහාසයේ පළමු වතාවට ඇමරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකාවන් පවා පාවිච්චි කරන්න ආණ්ඩුව ක්‍රියා කළා. ජනතාව ඒ සියල්ලන්ටම උත්තර දුන්නේ ඒ මඩ ප්‍රහාර හා අවලාද එල්ල කළ දේශපාලන චරිත සියල්ලම දේශපාලන භූමියෙන් අතුගා දමන්නට ක්‍රියාකිරීමෙනුයි. ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ මිලියන හතක ජනතාව පූජනීයය
ජනාධිපතිවරණයට නායකත්වය දුන්නේ විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතායි. ඔහුගේ මගපෙන්වීම අප අගය කරනවා. එමෙන්ම ඉතිහාසයේ ශක්තිමත්ම මැතිවරණ ව්‍යාපාර යාන්ත්‍රණය නිර්මාණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාත් අප අගය කරනවා. මෙම මැතිවරණයේ දී මැතිවරණ කොමිසම හා මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන කළ කාර්යභාරයත් අපගේ ඇගයීමට ලක් වෙනවා. ඉතිහාසයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුම මැතිවරණය මෙයයි. මෙවැනි වෙනස්වීමක් සිදුවුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් හඳුන්වාදුන් නව මැතිවරණ ක්‍රමය නිසයි. පරාජිතයාට අපහාස නොකර මතවාදීව ඔහු ක්‍රියා කළා. මැතිවරණ ව්‍යාපාරය තුළ ජනාධිපතිවරයා කිසිම අවස්ථාවක දී රනිල්, සජිත්, එ.ජා.ප, ජ.වි.පෙ යන නම් ටිකවත් භාවිතා කළේ නැහැ. ලෝකයේ කිසිම රටක මෙවැනි පරමාදර්ශි මැතිවරණ ව්‍යාපාරයක් පවත්වා නැති බව අපි විශ්වාස කරනවා.
ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාට වැඩිම ඡන්ද ප්‍රතිශතය සියයට 68.5ක් ලබාදුන්නේ මාතර දිස්ත්‍රික්කයේ ජනතාවයි. මැතිවරණ කොට්ඨාස අතරින් සියයට 71.5 ප්‍රතිශතයක් ලැබුණේ කඹුරුපිටිය ආසනයෙනුයි. ඒනිසා මේ ජයග්‍රහණයෙ ගෞරවයෙන් විශේෂ තැනක් නිල්වලා නිම්නයේ ජනතාවට උරුම විය යුතුයි.
ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමඟ අපගේ ආධාරකරුවන් විසින් එක්සත් ජාතික පක්‍ෂයේ ආධාරකරුවන්ගේ නිවෙස්වලට රතිඤ්ඤා විසිකිරීම් වැනි පුංචි පුංචි සිදුවීම් කිහිපයක් සිදුවී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කැපවී සිටින්නේ නීතිගරුක රාජ්‍යයක් නිර්මාණය කිරීමටයි. ඒනිසා එවැනි සිදුවීම් සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා. අපි ඉතිහාසය අලුතින් ලියමු. අනාගතයට අලුත් පරිච්ඡේද රාශියක් එකතු කරමු.
මේ මැතිවරණ ව්‍යාපාරය තුළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හිටපු ජනාධිපතිවරුන්ට ලොකු අගෞරවයක් කළා. ඇය මේ මැතිවරණයේ දී විශ්‍රාමික ජනාධිපතිවරුන් සූරා ඉවත් කළ සංවර්ධන ලොතරැයියක් මට්ටමට පත්කළා. එය හොඳ කාර්යයක් නොවේ යැයි ද ඔහු කීය.
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.
සාමාන්‍යයෙන් මැතිවරණයක දී පාවිච්චි නොකරන අන්දමේ ආයුධ මේ මැතිවරණයේ දී ප්‍රතිවාදීන් අපිට එරෙහිව පාවිච්චි කළා. ව්‍යාජ වීඩියෝපට, කූඨ ලේඛන ඔවුන් පාවිච්චි කළා. ඒ සෑම කූඨ ලේඛනයක් සම්බන්ධයෙන්ම අපගේ රජය නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙක් දිවුරුම්දෙන විට මාර්ගය වසා දමනවා. ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩ බාරගන්න පැමිණ නිල රථයෙන් බැහැල කිව්වේ මාර්ගය වසන්න එපා කියලයි. එමෙන්ම එම ස්ථානයේ තිබූ ගිනිනිවන රථ ඉවත් කරන්නත් ඔහු කටයුතු කළා. තමන්ගේ ඡායාරූපය වෙනුවට රාජ්‍ය ආයතනවල රාජ්‍ය ලාංඡනය සවිකරන්නත්, ජනාධිපති ලේකම් කාර්යමණ්ඩල සංඛ්‍යාව 250 දක්වා අඩු කරන්නත් ක්‍රියා කරනවා. මේ රටට නව දේශපාලන පරිච්ඡේදයක් හඳුන්වා දෙන්න දැඩි උද්යෝගයෙන් යුතුව කටයුතු කරනවා. ඒ පරිවර්තනයන්ට ජනතාව වචනයකින් හෝ සහයෝගය පළකරමින් සිටිනවා.
එමෙන්ම මෙම ආණ්ඩුව 2015 වසරට පෙර පැවැති අපගේ ආණ්ඩුවට නොයෙකුත් චෝදනා එල්ල කළා. අදටත් ඒ චෝදනා අධිකරණයක් හමුවේ ඔප්පු කරගන්න ඔවුන්ට බැරි වුණා. නීතිය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මේ ආණ්ඩුවට චෝදනා එල්ල වුණා. ඒ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කර ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ රජයේ යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට කොමිෂන් සභා කිහිපයක් පත් කළා. ඒ අනුව සජිත් ප්‍රේමදාස, රාජිත සේනාරත්න, අකිල විරාජ් කාරියවසම් යන ඇමතිවරුන්ට චෝදනා එල්ලවී තිබෙනවා. ඒ චෝදනා සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වනවා.
එමෙන්ම රාජගිරිය ප්‍රදේශයේ දී තරුණයකු යටකර පළායාම සම්බන්ධයෙන් ඇමැතිවරයකුට චෝදනා එල්ලවුණා. එම අනතුර සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනෙකු සාක්‍ෂි දුන්නත් එල්ලවූ තර්ජන හමුවේ ඔවුන් විදේශගත වුණා. අනතුරටපත් තරුණයා සම්බන්ධයෙන් නැවත පරීක්‍ෂණයක් කරන ලෙසට මව්පියන් අපෙන් ඉල්ලා සිටිනවා. එම අනතුර සම්බන්ධයෙන් නැවත පරීක්‍ෂණයක් පැවැත්වීමටත්, බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලුම දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා.
එමෙන්ම මෙම ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වූ දූෂණ මර්දන කමිටුව නම් කමිටුවක් තිබුණා. එම කමිටුවේ සියලුම සාමාජිකයන්ගේ වත්කම් අසීමාන්තිකව වර්ධනය වෙලා තියෙනවා. ඒ සම්බන්ධවත් අපි පරීක්‍ෂණයක් ආරම්භ කරනවා. අපි මේ පරීක්‍ෂණ පවත්වන්නේ මේ ආණ්ඩුවම පිහිටවූ එෆ්.සී.අයි.ඩී. ආයතනය ප්‍රතිසංවිධානය කරලයි. මේ ආණ්ඩුව ඒ ආයතනය හරහා නීතිය නැව්වා. අපි එහෙම ක්‍රියා කරන්නේ නැහැ.
එමෙන්ම දේශපාලන රැකවරණය මත යුරෝපයේ ජීවත්වන මුස්ලිම් හා දෙමළ ජනතාව අපේ රට සම්බන්ධයෙන් වැරදි මත ප්‍රචාරය කරනවා. ඔවුන්ට දේශපාලන රැකවරණය ලැබෙන්නේ අවුරුදු පහකටයි. ඒ කාලය දිගු කරගන්නයි ඔවුන් මෙලෙස ක්‍රියා කරන්නේ. එහිදී ඔවුන් ජාත්‍යන්තර මාධ්‍ය උපයෝගී කරගනිමින් මුදල් ගෙවා අපේ රට සම්බන්ධයෙන් වැරදි ප්‍රචාරයන් කරනවා. මෙවැනි ව්‍යාජ මත ප්‍රචාරය නොකරන ලෙසට අපි බී.බී.සී. සේවය ඇතුළු ජාත්‍යන්තර මාධ්‍යයන්ගෙන් ඉල්ලීමක් කරනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මෙසේ පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපි සියලුම දෙනා ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන විට දී පක්‍ෂයේ අනුශාසිකාවක් වශයෙන් ක්‍රියා කරන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මහත්මිය එම තීරණයෙන් පිටගොස් ක්‍රියා කළා. අඩුම තරමින් ගම්පහ දිස්ත්‍රික්කයවත් ජයග්‍රහණය කරවන්න ඇයට බැරි වුණා. ජනාධිපතිවරණයෙන් ඇය උදව් කළ පාර්ශ්වය පරාජය වුණා. දැන් ඇය වෙනත් රටකට යාවි. ඇය සමඟ සිටි පිරිස් අසරණ වෙනවා. අපි මේ බව මුල ඉඳලම ඔවුන්ට කිව්වා.
පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවැසීය.
ජනාධිපතිවරණයේ දී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුනොවූ බවට කෙරෙන ප්‍රකාශය වැරදියි. මේ ජනාධිපතිවරණයේ දී එ.ජා.ප.ය භෞතික ප්‍රචණ්ඩ ක්‍රියා වෙනුවට මානසික ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවුණා. බොරු නඩු 17ක් ගොනු කරලා ගෝඨාභය දූෂිතයකු කරන්න මුලින්ම උත්සාහ ගත්තා. එමෙන්ම ලංකාවේ පුරවැසියකු නොවේ, තවමත් ඇමරිකානු පුරවැසියෙක්, සුදු වෑන්වලින් තරුණයන් මිනී මෝරුන්ට කන්න දුන්නා, පාස්කු ප්‍රහාරය ගෝඨාගේ සැලැස්මක්, ගෝඨා රට පනින්න සූදානමක් තිබෙනවා ආදී වශයෙන් නොයෙකුත් බොරු කිව්වා. මේවා ඇත්තටම මානසික ප්‍රචණ්ඩ ක්‍රියා. එක්සත් ජාතික පක්‍ෂය මේ මැතිවරණය ජයගන්න උත්සාහ ගත්තේ එවැනි බොරු වැස්සකිනුයි.
මීට පෙර ජනාධිපතිවරණවල දී මෙන්ම අන්තවාදීන් හා බෙදුම්වාදීන් රටට සතුරු කොන්දේසි දමමින් ජනාධිපති අපේක්‍ෂකයන් සමඟ කේවල් කළා. රට පාවා දී ලැබෙන ජනාධිපතිකමට වඩා පරාජය උතුම් කියලා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඒ යෝජනා ප්‍රතික්‍ෂේප කළා. නමුත් ජනතාව ජනාධිපතිකම වෙනුවට මව්බිම තෝරාගත් ඒ උතුම් මිනිසා ජනාධිපති ධුරයට ඔසවා තැබුවා. දැන් උදාවී තිබෙන්නේ වලිගය විසින් සිංහයා නැටවූ යුගය වෙනුවට සිංහයා විසින් වලිගය නටවන යුගයක් යැයි ද ඔහු කීය.
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, ලංකා සමසමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපති රාජා කොල්ලුරේ හා දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේරම හරි කියලා හිතමුකෝ.., ජනාධිපති දිව්රුම් දෙනකොට රුවන්වැලිසෑය ඉදිරිපිට... එහි කොත නැහැ නේද? එහි වටිනාම සම්පත එයයි.. හාමුදුරුවරු මෙය නොදන්නවා නොවේනේ නේද? හැමදේම වැරදි හොයන කට්ටියට මේ වැරැද්ද පෙනුනේ නැතිද? මොලයක් තියෙනවා නම් කල්පනා කරලා බලන්න. අපි දෙයක් අධිෂ්ඨානය කරන්නේ කොහොමද? එය අංග සම්පූර්ණ නැතිනම්, හාමුදුරුවෝ එහෙම එකක් නැහැ.. අපි අලුත් චූඩා මාණික්‍යයක් පළඳවන්න ඕනෑ නිසයි එය අයින් කෙරුවේ කියලා කොහොමත් එහෙම දෙයක් කියන්න බැහැ.. නුවර මාලිගාවට යන්න තිබුණා.. එහෙම නැතිනම් ගමේ පන්සලට, බුදුහාමුදුරුවෝ කොහෙත් එක විදියට වැඩ ඉන්නේ, තමන් භක්ති වන්තයි නම් ගෙදර බුදුපහනත් හොඳයි... ඕනෑ කෙනෙක් ඕන දෙයක් කියපු දෙන, රටට පේන්න, කාවත් සනසවන්න අවශ්‍ය නැහැ. මෙතරම් බලගතු රාජකාරිය හිස් දාගැබක් ඉදිරියේ දිව්රුම් දුන්නා. මේ වගේ දේවල්වලින් මිදෙන්න. හැමදාම වඳින බුදුපහනට වඳින්න.
රුවන්වැලිසෑයේ පිහිටි කොත සහ චූඩා මාණික්‍යය ගැන කිව්වොත්, රුවන්වැලිසෑය හදලා ඉවර වුනහම දුටුගැමුණු රජ්ජුරුවෝ සෑය මුදුනේ තමන්ගේ රාජකීය කුඩය දින 7ක් තියලා ලංකාවේ ස්වෛරීභාවය රුවන්වැලිසෑයට පැවරුවා සහ පසුව එම රාජකීය කුඩේ නිරූපණය වෙන ආකෘතියක් ලී වලින් හෝ ගලින් පලිඟුවක් එතන තිබ්බා කියලා මහාවංශයේ කියලා තියෙනවා. අනික තමයි ධර්මාශෝක රජ්ජුරුවෝ, බුදුහාමුදුරුවන්ගේ ශාරීරික ධාතූන් තැන්පත් කර තිබු ස්ථූප 8 සහ ඒ ධාතූන් එකතු කරපු රන් කළය (කුම්භය) සහ අළු තැන්පත් කරපු ස්ථූප දෙකත් එක්ක ස්ථූප 10 විවෘත කරලා එහි තිබ්බ ධාතූන් වහන්සේලා විවිධ ප්‍රදේශ වලට බෙදා හැරියා කියන එක. මහාවංශයේ XXXI 97-100 කියන විදිහට දුටුගැමුණු රජ්ජුරුවෝ රුවන්වැලිසෑයේ ධාතුන්වහන්සේලා නිදන් කරනකොට ධාතුන්වහන්සේලා වැඩ හිටපු කරඬුව අහසට නැගිලා බුදු රුවක් මැවිලා තියෙනවා. ඇත්ත කතා 433 වෙනි පිටුවේ කියනවා අවුරුදු 5000ක් ගිය තැන සියලු ධාතූන්වහන්සේලා ලංකාවේ රුවන්මැලිසෑය ළඟ එකතු වෙලා ඉන්දියාවේ ශ්‍රී මහා බෝධිය ළඟට වැඩම කරලා පිරිනිවන් පානවා කියලා.
අලුත් බෝතලයකට පරණ වෙච්ච 100% විශ සහිත කසිප්පු පුරෝවා අලුතින් ලේබල් අලවා තැබූ බව අපගේ මුල් පුරවැසියා හොදින්ම දන්නා කරුණකි. එමෙන්ම ඔහු තොත්ත බබෙක් නොවන බවත් අපගේ හැගීමයි. කෙසේ වෙතත් ඔහුගේ අදහස් ක්‍රියාත්මක කිරීමට කාලය ලබාදී පුරවැසියන් වන අප නිරීක්ෂණ මැදිරිවල සිට බලාසිටිම වැදගත් වේයැයි අපගේ අදහසයි. එනමුත් අලුත් පුරවැසියා හොද දෙයක් කරේ නම් අප එය ඉතාමත් නිහතමානිව අගය කිරීමට කිසිවිට පැකිලෙන්නේ නැත. එලෙසම ඔහු විසින් වැරදි වැඩක් කරන්නේ නම් ඒ පිළිබදව අපගේ විරෝධය පෑමට හෝ විරෝධ වීමට අප කිසිවිට පසුබට නොවෙන බවත් කීමට කැමැත්තෙමු. එය පුරවැසියන්ගේ යුතුකම සහ වගකීම බවත් සදහන් කිරීමට කැමැත්තෙමු.මක්නිසාදයත් මේ රට ඔබේ , මගේ අපේ රට බැවිනි.තවද " එක එකාට ඕනා විදියට එක එක හිවල් පක්ෂ සමග රටට අහිතකර ගිවිසුම් හොරෙන් අත්සන් කළ අයටද " අපගේ මෙම අදහස් කියවීමට හැකි වේවා !!!
ජාතිවාදය සහ ආගම්වාදයත්, යහපාලනයේ අසාර්ථක පාලනයත් මත බලය ලැබු පමණින් රටේ ජනතාව මී හරක් යයි සිතා වීරවංශ මහතා අදහස් ප්‍රකාශ කිරීම කණගාටුවට කරුණකි. ඔහු විසින් සඳහන් කරන ඇමතිවරු පමණක් නොව රාජපක්ෂ පාලනයේද චෝදනාවන්ට ලක්වුවන් ගැන අමතක කර කතා කිරීම සාධාරණ නැත. චෝදනාවන් ඔප්පු නොවන්නේ වැරදි නොකළ නිසාම නොවන බව වහලුන් නොවන ජනතාව දනි. තමන් වගේම තම පාර්ශවයේ බොහෝ දෙනාගේද වත්කම් අසීමාන්තිකව වර්ධනය වී ඇති බව වීරවංශ මහතා අමතක කර කතා කිරීම පුදුම සහගතය. අතීතයේ කුණු අවුස්සා වර්තමානයේ යැපෙන්නට උත්සහ කරනවාට වඩා අනාගතයේ නිවැරදි මඟක් ගැන කතා කරනවා නම් අපි සතුටු වෙමු. නව ජනාධිපතිවරයා යම් පමණකින් හෝ එම තත්ත්වයෙන් කටයුතු කිරීමට උත්සාහයක් ගන්නා බව පෙනෙන්නට තිබීම සතුටුවිය යුත්තකි.
රාජපක්ෂ පවුලේ සහ වහලුන්ගේ නම් පරිවර්තනයක් වෙයි. කෝටිපතියන්, ප්‍රකෝටිපතියන් වෙයි.
කොහොමද වෙනස සැපද? පස්, වැලි පර්මිට් එපා. ජාවාරම්කාරයෝ ඇමැතිලා වෙලා. ගෝඨාභය මහතාගේ පරිසර ප්‍රතිපත්ති කොළයට සීමාවෙලා. අයියෝ පතපු වෙනස...! සති දෙකෙන් කිරිකලේට ගොම...