(බිඟුන් මේනක ගමගේ)
පක්ෂයේ පූර්ණ ප්‍රතිසංස්කරණයකින් තොරව තරග කිරීමට කටයුතු කළහොත් එක්සත් ජාතික පක්ෂය මහමැතිවරණයේදී දැඩි අර්බුදයකට යනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ‘ලංකාදීප’ යට අද(13) පැවැසීය.
සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ නායකත්වය නොදී විපක්ෂ නායක ධුරය දුන් පමණින් එක්සත් ජාතික පක්ෂයට මහමැතිවරණය පහසු වනු ඇතැයි සිතිය නොහැකි යැයි ද හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කළේය.
කාර්යක්ෂම වැඩක් කළ හැකි තරුණ නව කණ්ඩායමක් ඉදිරි පෙළට පැමිණ මැතිවරණය මෙහෙයවුවහොත් ජනාධිපතිවරණයේදී අහිමි වූ මධ්‍යම පාංතික ඡන්ද නැවත එජාපයට ආකර්ශනය කරගත හැකි යැයි කී හෙතෙම පවතින නායකත්වය සමග එවැනි අභියෝගයකට මුහුණ දිය නොහැකි යැයි ද කීවේය.
පක්ෂ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් එ.ජා.ප නායකත්වය නම්කළ නව කමිටුව සම්බන්ධයෙන් කළ විමසීමේදී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ ද කීවේය.
“ මහ ඡන්දයට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් වෙනවා නම් සම්පූර්ණ වෙනසක් විය යුතුයි. හැබැයි ඒකත් ප්‍රජාතන්ත්‍රවාදීව තීරණය විය යුතුයි. රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාසට ගෙදරට කතා කරලා ‘ඔන්න ඔයා නායකයා’ කියන එක නෙවෙයි. පක්ෂෙ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ හා පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතර ඡන්දයකින් විමසිය යුතුයි.
නායකයා පමණක් නෙවෙයි ව්‍යවස්ථාවත් වෙනස් කරන්න ඕනෑ. නියෝජ්‍ය නායකයා, සභාපතිවරයා තෝරනවා නම් එහෙමයි. මහලේකම් හා භාණ්ඩාගාරික තමන්ට කැමැති කෙනකු තෝරාගැනීමට නායකත්වයට ඉඩ දිය යුතුයි. අනෙක් නිලධාරින් බහුතර ඡන්දයෙන් තේරීපත් විය යුතුයි. එහෙම නැතිව මෙහෙම ගියොත් නම් මැතිවරණයකට ඇත්තටම ඡන්දෙ ඉල්ලන්න එක්සත් ජාතික පක්ෂයේ කවුරු ඉදීවිද දන්නේ නෑ” යැයිද හෙතෙම පැවසීය.
2025 දෙසැම්බර් මස 04
794
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘එජාපයට ඕනෑ පූර්ණ ප්‍රතිසංස්කරණයක්’
Dhilak Gamage Friday, 13 December 2019 09:48 AM
දැන් ඉතින් මොන ප්‍රතිසංස්කරණයක් කළත් වැඩක් වෙන්නේ නැහැ...
අජිත් පි Friday, 13 December 2019 07:28 PM
එජාපයට ඕනෑ පූර්ණ ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය නම් එය පක්ෂය තුළ කතා සාකච්ඡා කර විසඳා ගන්නවා වෙනුවට මාධ්‍ය සාකච්ඡා තිබ්බට විසඳුම් ලබන්නේ හෝ නායකත්වයේ වෙනසක් සිදුවන්නේම නැත. විනයක් නොමැති කණ්ඩායමක් දැනට වසර 10ක පමණ සිට නායක නෙරපීමට උත්සාහ කළත් ඵලක් නොවීය. ඔවුන් එදත් අදත් කරන්නේ මාධ්‍ය සකච්ඡා තබමින් පක්ෂය දෙකඩ කිරීම පමණි. පරාජයෙන් පසු නායකයට බනින මේ කට්ටිය 2015 මැතිවරණයෙන් පසු නායක නෙරපීමට කටයුතු නොකළේය.
රණවක Friday, 13 December 2019 11:28 PM
එජාපයට ඕනෑ පූර්ණ ප්‍රතිසංස්කරණයක් නම් පරාජිතයන් කිහිප දෙනෙකු නෙරපා අලුත් හික්මීමක් තිබෙන කණඩායමක් පත් කිරීමට පක්ෂ නායකත්වය කටයුතු කළ යුතුය. මොවුන් සැමදෙනාම පැරදවි ඇත්තේ අතිවිශාල පරතරයකින් නිසා මොවුන් වෙනුවට අලුත් කණඩායමක් ඉදිරිපත් කළ යුතුය. රනිල් පක්ෂයේ නායකයාය පරාජිතයන්ගේ පදයට නටන්නට ඔහු සුදානම් නැත. එජාපය පරාජය වීමට හේතුව නායකයා නොව පක්ෂයට එකතුවූ දේශපාලන අවබෝදයක් නොමැති මෝඩයන් කණ්ඩායමක් දිගින් දිගටම නායකයයව ප්‍රසිද්දියේ විවේචනය කිරීම නිසා පර්ක්ෂිකයන් කලකිරී ඇත. පක්ෂය පරාද කරන්නේ ඔවුන්ය. එජාපයට කොඩිවිනයක්ව සිටින පරාජිත කණ්ඩායම පක්ෂයෙන් නෙරප දැමීමට කාලය පැමිණ ඇත. නොමැතිනම් මෙම පක්ෂයට ගොඩයමක් නොමැත.ජේ.ආර්. සිටියා නම් මොවුන් සියලුදෙනාගේ මේවන විට පක්ෂ සමාජිකත්වය තහනම් කොට පක්ෂයෙන් පන්නලය.
waruna Saturday, 14 December 2019 04:34 AM
ඔබතුමා උගතෙක් හා අවංක අයෙක් හැටියටයි මම සිතුවේ... නමුත් බොරු සමීක්ෂණ වාර්තා හදලා සජිත්ට ගමේ විශාල බලයක් තිබෙනවා. ඔහු අනිවාර්යයෙන් දිනනවා වගේ බොරු සමාජගත කරලා පාක්ෂිකයන් නොමග අැරියා. ඔබතුමාත් දැන් අනිත් අයගේ ගානට වැටිලා තියෙන්නේ. කරුණාකර රටේ ජාතික නායකත්වට සුදුසු පරිණත නායකයෙක් යෝජනා කොට ඒ වෙනුවෙන් කැපවෙන්න. සජිත් රටක් ජාතික නායකත්වයට කිසිම ආකාරයකින් සුදුසු නොවේ.