IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


“තරුණයන්ට තාක්ෂණික, කාර්මික පුහුණුව දී රැකියා ප්‍රශ්නය විසඳනවා“

(නාලක සංජීව දහනායක)

තරුණ පරපුරට කාර්මික, තාක්ෂණික වෘත්තීය අංශවලින් නිපුණත්වයක් ලබා දීමෙන් රැකියා ප්‍රශ්නයට විසඳුම් සොයාගත හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (12) මිනුවන්ගොඩදී පැවැසීය.

නිපුණතාවක් සහිත ශ්‍රමිකයන්ට විදේශ රටවල රැකියා ඇබෑර්තු තිබෙන බව ද ඔහු කීය.

ගම්පහ, මිනුවන්ගොඩ නගරයේ ඊයේ (12) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ද කීය.

අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන්නේ ප්‍රායෝගික පොරොන්දුයි. මාගේ ධුර කාලය ඇතුළතදී ඒ සියල්ලම ඉටු කරනවා.
එමෙන්ම අපගේ පාලන කාලයේදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සුවිශේෂ අවධානයක් යොමු කරනවා. යුද්ධය නිම වූ පසුවත් අප ජාතික ආරක්ෂාව වෙනුවෙන් සැලසුම් ක්‍රියාත්මක කළා.

නමුත් විදේශීය බලවේගවල අවශ්‍යතාවයන් හා රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාවයන් වෙනුවෙන් කටයුතු කරන වත්මන් රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් අවධානයක් යොමු කළේ නැහැ.

රටට එල්ල වන සතුරු තර්ජන ගැන රජයට දැනුම් දෙන්නේ බුද්ධි අංශයි. මේ රජය බුද්ධි අංශ ආරක්ෂක මණ්ඩලයේදී කතා කරන විට යුද මානසිකත්වය නැවත ඇති කිරීමට කටයුතු කරන බව කියමින් ඔවුන්ට කතා කරන්න දුන්නේ නැහැ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම හැඟීමක් නැතිව කටයුතු කළ නිසා පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණා.

නමුත් අපගේ රජය බුද්ධි අංශ නිලධාරීන්ට නිදහසේ කටයුතු කිරීමට අවශ්‍ය වාතාවරණය සලසා දෙනවා. අපි යුද්ධය නිමකර රටේ යටිතල පහසුකම් දියුණු කළා. රටට සංවර්ධන ව්‍යාපෘති ගෙනාවා. අප විසින් ආරම්භ කළ අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග ඉදිකිරීම වැනි ව්‍යාපෘති මේ රජය අතරමග නතර කළා. සංවර්ධන ව්‍යාපෘති නතර කිරීම නිසා ලක්ෂ හතරකට පමණ පිරිසකට රැකියා අහිමි වුණා. ඔවුන් එලෙස කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතා සමච්චලයට ලක් කිරීමටයි.

එමෙන්ම කෘෂිකර්මාන්තය දියුණු කිරීමට පොහොර සහනාධාරය නොමිලයේ ලබා දෙනවා. වගා ණය කපා දමා ගොවි විශ්‍රාම වැටුප රක්ෂණ ක්‍රමය ලබා දෙනවා. ගොවියා දුප්පත්කමින් ඉහළට ගෙන ඒමට අප සැලසුම් සකසා තිබෙනවා.

රටට ප්‍රධානතම වශයෙන් විදේශ විනිමය ලැබුණේ වැවිලි කර්මාන්තයෙනුයි. නමුත් බාල තේ සමග කළවම් කර මෙරට තේ පිටරට යැවීම නිසා තේ කර්මාන්තය කඩා වැටිලා. ගුණාත්මක තේ පමණක් පිටරට යවා නැවත විදේශ වෙළෙඳපොළ ලබාගන්න අපගේ රජය කටයුතු කරනවා.

එමෙන්ම පොල් කර්මාන්තය හා රබර් කර්මාන්තය සංවර්ධනය කරන්න අපට සැලසුම් තිබෙනවා. මම ගිය දිස්ත්‍රික්ක නවයකම ප්‍රධානතම වැවිලි භෝගය බවට පත්ව තිබුණේ ගම්මිරිස් වගාවයි. නමුත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් බාල ගම්මිරිස් පිටරට යැවීම නිසා අද වන විට ගම්මිරිස් වගාව කඩාවැටිලා.

ආසියාවේ රටවල් සංවර්ධනය උදාකරගෙන තිබෙන්නේ තාක්ෂණයේ දියුණුවෙනුයි. අපගේ තරුණ පරපුර තාක්ෂණයට යොමු කළ යුතුයි. මාස 6ක් වැනි කෙටි කාලයකින් එම පුහුණුව ලබා දීමෙන් රටට ව්‍යවසායකයන් බිහි කර ගත හැකියි. රැකියා ලබාගත හැකියි.

තොරතුරු තාක්ෂණය කලා අංශයේ සිසුන්ටත් ලබා දෙන්න කටයුතු කරනවා. රජය පුද්ගලික අංශය සමග එකතු වී ඒ වෙනුවෙන් කටයුතු කරනවා.

ගම්පහ දිස්ත්‍රික්කය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා. ඉංජිනේරු පීඨයක් අප කැලණිය විශ්වවිද්‍යාලයට ලබා දෙනවා. උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලුම සිසුන් විශ්වවිද්‍යාලයට ඇතුළත් කරන්න අපගේ රජය කටයුතු කරනවා.
ලෝකයත් සමග ඉදිරියට යන්න නිපුණත්වයක් අවශ්‍යයි. නිපුණත්වයක් සහිත තරුණයන් වෙනුවෙන් ලෝකයේ ඕනෑතරම් රැකියා තිබෙනවා. ජර්මනියේ පමණක් ලක්ෂ 2ක හෙද පුරප්පාඩුවක් තිබෙනවා. අපගේ හෙද විද්‍යාලයෙන් උපාධි ලබා දෙන මට්ටමට දියුණු කිරීමෙන් අපට ඒ අවස්ථාවන් ලබා ගත හැකියි.

එමෙන්ම විභාග කේන්ද්‍රිය අධ්‍යාපන ක්‍රමය වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රිය අධ්‍යාපනයක් වෙනුවෙන් අප ක්‍රියා කරනවා. ඉංග්‍රීසි හා ගණිතය විෂය හැම දරුවකුටම ලබාදීමට කටයුතු කරනවා.

එමෙන්ම ජීවන වියදම දරාගත නොහැකි පවුල් වෙනුවෙන් සහන මල්ලක් ලබා දෙන්න කටයුතු කරනවා. මධ්‍යම පාන්තිකයා වෙනුවෙන් විදුලිය, ජල, ගෑස් සඳහා සහන ලබා දෙනවා. නිවාස නොමැති රණවිරුවන්ට, අඩු ආදායම්ලාභීන්ට පැල්පත්වාසීන්ට නිවාස ලබා දෙනවා.

අප අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළේ සෑම ක්ෂේත්‍රයක් ගැනම දැඩි අවධානයක් යොමු කරලයි. ඔබ ඔබගේ යුතුකම ඉටු කරන්න. මම ඔබට අභිමානයෙන් පත්විය හැකි ආරක්ෂිත රටක් ලබාදීමේ අභියෝගය භාරගන්නවා යැයි ද ඔහු කීය.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

රටේ වෙන්නේ මොනවද කියල අවබෝධයක් තියෙන ගම්පහ ජනතාවට මම අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ.
චන්ද්‍රිකා මැතිනිය ප්‍රභාකරන්ට කතා කරන්නේ සර් කියලා. ඒ කතාව අද වීරකේසරී පුවත්පතේ දාල තියෙනවා. මිනීමරු නායකයෙක් වෙනුවෙන් එහෙම කතා කරන්නේ කොහොමද?

ගෝඨාභය රාජපක්ෂ රට හදන තමන්ගේ සැලැස්ම රටට කියනවා. ඔහුට රට ගොඩගන්න ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. නමුත් සජිත් ප්‍රේමදාස වේදිකාවේ මොනවද කියන්නේ. ඔහු කියන කතා මටත් වඩා හොඳට ඔබ දන්නවා.

සජිත් ප්‍රේමදාස දැනටමත් පරාජය බාරගෙන. ඒ නිසා කිසිම හරයක් නැති කතා කියනවා. මේක ජනාධිපතිවරණයක් මිස කවටයෙක් තෝරා ගන්න මැතිවරණයක් නොවෙයි.

පොකට් ගහන කෙනා අනුන්ට හොරා කියනවා. මේ ආණ්ඩුවත් බලය අරගෙන කළේ ඒකමයි. රටේ මහ බැංකුව හොරා කාපු ලෝකයේ එකම ආණ්ඩුව මේකයි. බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලුම දෙනා අපගේ රජයන් යටතේ නීතිය ඉදිරියට ගේනවා.
අපි රටට ජාතික සම්පත් එකතු කළා. රජය අරගෙන අපි රටට සම්පත් එකතු කළා. අපි හදපු වරාය, ගුවන්තොටුපොළ කිසිම හැඟීමක් නැති විදියට විකුණලා දැම්මා.

මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරීම නිසා සිදුවූ අලාභය ගැන මේ ආණ්ඩුව පත් කරපු ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ අයටත් අපගේ රජයන් යටතේ දඬුවම් ලබා දෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි පිටපත්වල එකිනෙකට පරස්පර කතා සඳහන් කරලා නැහැ. නමුත් සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සිංහල පිටපතේ ඒකීය රටක් ගැන සඳහන් කරලා, දෙමළ පිටපතේ එක්සත් රාජ්‍ය සංකල්පය ගැන  සඳහන් කරලා තියෙනවා. මේ රවට්ටන්න හදන්නේ කවුද?

එදා ප්‍රභාකරන් ඉල්ලපු දේ සජිත් ප්‍රේමදාස ලවා අරන් දෙන්න අද චන්ද්‍රිකාත් එකතු වෙලා ඉන්නවා.

එමෙන්ම නළ දරු උපත් සඳහා අවශ්‍ය ප්‍රතිකාර රජයේ රෝහල්වලින් නොමිලයේ ලබා දෙන්න පියවර ගන්නවා යැයි ද ඔහු කීය.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.
ඉදිරි දින කිහිපයේදී ජනතාව නොමග යැවීමට විවිධ බොරු ප්‍රචාරය කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා. ආණ්ඩුව මොන බොරු කියුවත් ඒ ගෝඨාභයගේ ජයග්‍රහණය සක්කරයටවත් වළක්වන්න බැහැ.

මේ ජනාධිපතිවරණය පක්ෂ අතර සටනක් නොවෙයි. ස්වදේශිකයාගේ ජයග්‍රහණය ලබන දිනය නොවැම්බර් 16 වැනිදායි. මේ රට දැන් අපේ රටේ නැහැ.  රටේ ඉඩම් අක්කර තිස් ලක්ෂයක් කොල්ල කන්න බලාගෙන ඉන්න රැල එළවිය යුතුමයි.

ඇක්සා ගිවිසුමට අනුව හදිසි අවශ්‍යතාවකදී අප රටට ඇමරිකානු හමුදාවට අපේ රටට ගොඩබහින්න පුළුවන්ය කියන වගන්තිය ඇතුළත් කළා. ඒ හදිසි තත්ත්වය නිර්මාණය කරන්නයි පාස්කු ඉරු දින සහරාන් ලවා බෝම්බ පුපුරුවා හැරියේ.

පාස්කු ඉරු දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මීගමුවේදී සමාව ඉල්ලනවා. ඒ අපරාධකරුවන් සියලුම දෙනා එකට තියල බැඳල දාන්න ජනතාව මග බලාගෙන ඉන්නවා.

බටහිර ගැති, පරගැති, රූකඩ පාලනය මේ මවු බිමෙන් පලවාහැරිය යුතුයි. මේ පාලකයන් තවදුරටත් තියාගන්නවාද කියලා ඔබ නොවැම්බර් 16 වැනිදා තීරණය කළ යුතුයි.  පාස්කු ප්‍රහාරයේ වාඩුව ගන්නා දිනය එදායි.

දුප්පත් ජනතාව ගැන කතා කරන සජිත් පසුගිය අවුරුදු හතර හමාරටම අමාත්‍යාංශයේ මහජන දිනයට අමාත්‍යාංශයට ගිහිල්ලා නැහැ. තමන්ගේ සහෝදර මන්ත්‍රී කෙනකුගේ ගෙදරින් තේ උගුරක් බොන්නේ නැති සජිත් වැඩිපුරම ඉන්නේ යාල කැලෙයි.
මව් රට තමන්ගේ ඇහැ වගේ ආරක්ෂා කරන නායකයෙක් අද මේ රට බලාපොරොත්තු වෙනවා. ඒ නායකත්වය දිය හැක්කේ  ගෝඨාභය  රාජපක්ෂටයි.

ගෝඨාභය  රාජපක්ෂ අතීතය කාල්ගාන්නෙත් නැහැ. අනාගතයට දොස් පවරන්නෙත් නැහැ. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරල නූතන ශ්‍රී ලංකාවක් නිර්මාණය කළ හැක්කේ ඔහුටයි.

සජිත්ට ඒ හැකියාව නැහැ. පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් සමාව ඉල්ලුවාට සහරාන්ලා හදපු රිෂාඞ්, හකීම් ඉන්නේ සජිත්ගේ වේදිකාවෙයි. අන්තවාදීන් හුරතල් කළ අය එක්ක ඉන්න සජිත්ට අන්තවාදය නැතිකරන්න බැහැ.

සිංහලයා පරාජය කළ හැක්කේ හංසයාට කතිරය ගැසුවොත් පමණක් බව සුමන්දිරන් කියනව. අපි දෙමළ ජනතාව පරාජය කරන්න මේ වේදිකාවේ කතා කරන්නේ නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාව ගොඩනැගිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂ  මහතාගේ නායකත්වයෙන් යුත් රජයකට පමණයි.

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.
සජිත් ප්‍රේමදාසගේ වේදිකාවල ප්‍රබල ඇමැතිවරුන් නැහැ. ඉන්නේ පසුපෙළ මන්ත්‍රීවරුන් විතරයි. ඇමැතිවරුන් දැන් අමාත්‍යංශවල බඩු පැක් කරනවා ගෙදර යන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රී (එජාප) අතුරලියේ රතන හිමියෝ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් යන මහත්වරුද මෙහිදී කතා කළහ.
වසන්ත සේනානායක, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, නිමල් ලංසා, ඩුලිප් විජේසේකර, අරුන්දික ප්‍රනාන්දු යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූහ.



අදහස් (0)

“තරුණයන්ට තාක්ෂණික, කාර්මික පුහුණුව දී රැකියා ප්‍රශ්නය විසඳනවා“

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 678 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 944 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1195 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7417 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 892 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 373 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 97 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1125 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site