IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


“වේගවත් ඩිජිටල් යුගය නිර්මාණය කරන්න සුදුසු එකම අපේක්ෂකයා සජිත්“

(අංජුල මහික වීරරත්න සහ ගම්පහ - තිලකරත්න දිසානායක)

තරුණ පරපුරට අසීමාන්තික නිදහස දෙමින් වේගවත් ඩිජිටල් යුගය නිර්මාණය කිරීමට සුදුසු එකම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස බව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගම්පහදී පැවැසීය.

රට බෙදන බවට දේශපාලන සටන් පාඨ කියමින් ජනතාව දුප්පත් ජීවිතයටම හිර කරන්න හොර රාජපක්ෂ කල්ලියට ඉඩ නොදෙන්නැයි ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

ජනපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා ගම්පහ නගරයේදී පෙරේදා (11) පැවැති ජන රැලිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේය.

තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.

“ඔබේ අනාගතය තීරණය කරන්න දවසක් නැවත උදා වෙලා. ඔබේ අනාගතය ආරක්ෂා කළ හැක්කේ කාට දැයි හොඳින් කල්පනා කර ඡන්දය පාවිච්චි කරන ලෙස මා ඉල්ලා සිටිනවා. 2015 වසරේ ජනවාරි 8 වැනිදා ලැබුණු ජන වරම අනුව අප වැඩ කටයුතු ගණනාවක් ඉටු කළා. ඒ වැඩ සියයට 100ක්ම අවසන් කරන්න හැකි වූවා යැයි අප කියන්නේ නැහැ.

නමුත් අපට මෙරට නිදහස ස්ථාපිත කරන්න හැකි වුණා. අතුරුදන් වීමේ සිද්ධි නැවැත්තුවා. සුදු වෑන් එන එක නැවැත්තුවා. විවේචනය කරන්න වුවත් අසීමිත නිදහස දුන්නා. බැණ වැදුණා යයි කියා සුදු වෑන්වලින් ගෙන ගියේ නැහැ.

අධ්‍යාපනය දියුණු කරන්න මා කටයුතු කළා. අඛණ්ඩව වසර දහතුනක් අධ්‍යාපනය දෙන්න කටයුතු කළා. වෘත්තීය මෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය දියුණු කළා. විශ්වවිද්‍යාලයට පිවිසෙන සංඛ්‍යාව වැඩි කළා. රැකියා සංඛ්‍යාව වැඩි කළා.

තරුණ තරුණියන් අද අසීමිත නිදහසක් ඉල්ලා සිටිනවා. මීටත් වඩා නිදහසේ ජීවත් වන්නට අයිතිය ඉල්ලනවා. මීටත් වඩා විවේචනය කරන්න අයිතිය ඉල්ලනවා. වැඩි වැටුපක් සහිත රැකියා ලබා ගැනීම සඳහා දියුණු වීමේ අවස්ථාව ඉල්ලනවා. ජීවිතේ සෑම සේවාවක්ම ඔන්ලයින් කරන ලෙස ඉල්ලා සිටිනවා. පරම්පරා පරතරය ඇත්තේ එතැනයි. තරුණ පරපුරේ බලාපොරොත්තු පාර්ලිමේන්තුවේ සිටින උදවියට ඉටු කළ හැකි දැයි ඔවුන් ප්‍රශ්න කරනවා.

අපගේ පරණ පරම්පරාව ඇණලොග් පරපුරයි. තරුණ පරම්පරාව ඩයලොග් පරපුරයි. අපගේ දේශපාලන ක්ෂේත්‍රය ඇණලොග් වන අතර තරුණ පරපුර ඩිජිටල් පරම්පරාවයි.

තරුණ පරපුර සිතන වේගයට අප ද යා යුතුයි. දේශාපලනය මෙන්ම තරුණ තරුණියන් ද ඔන්ලයින් විය යුතුයි. ඇණලොග් කියන්නේ ප්‍රමාදයයි. ඩයලොග් කියන්නේ වේගයයි. ඇනලොග් කියන්නේ දුර්වලයි. ඩිජිටල් කියන්නේ ප්‍රබලයි. ඇනලොග් සීමිතයි. ඩිජිටල් අසීමිතයි. දැන් තාක්ෂණය ජී-4 සිට ජී-6 දක්වා ගමන් කරනවා. එය කළ හැකි අපේක්ෂක අප ඉදිරිපත් කළා. සජිත් ප්‍රේමදාස තරුණ පරපුරේ ඒ යුගයට ගමන් කළ හැකි පුද්ගලයකු ලෙස මා හඳුන්වා දෙනවා.

ගෝඨාභය රාජපක්ෂ පැරැණි දුරකතන යුගයට අයත් පුද්ගලයෙක්. තරුණයන්ගේ වේගයට ඔහුට ගමන් කරන්න හැකි යැයි කිසිවකුත් සිතන්නේ නැහැ.

ඔබේ නිදහස ආරක්ෂා කර දිය හැක්කේ කාටදැයි කල්පනා කළ යුතුයි. ඩයලොග් යුගයට ඔන්ලයින් යුගයට යාම සඳහා තෝරා ගන්නේ කවුද?

රට ඉදිරියට ගෙන යා හැකි කාටදැයි ඔබ තීරණය කළ යුතුයි. ඩී.එස්. සේනානායක යුගයේ සිට ආර්. ප්‍රේමදාස යුගය වන තෙක් අප වැඩ පෙන්වා ක්‍රියාවෙන් ද ඔප්පු කර තිබෙනවා.

නිදහස් අධ්‍යාපනය, ගොවිතැන් කිරීමේ නිදහස, නිදහස් සෞඛ්‍යය ආදී සියල්ලම අප දුන්නා. අතීතයේ දී රූපවාහිනිය මෙන්ම පරිගණක ශ්‍රී ලංකාවට ගෙනැවිත් දුන්නා. ඉලෙක්ට්‍රොනික් යුගය නිර්මාණය කිරීමට පුරෝගාමී වුණා. යුගයට ගැළැපෙන දේශපාලනඥයා ලෙස සජිත් ප්‍රේමදාස අප ජනාධිපතිවරණයට ඉදිරිපත් කළා.

ඔබේ බලාපොරොත්තුව කුමක් ද? හොඳ ජීවිතයක් මෙන්ම හොඳ ආදායමක් සියලුම දෙනා බලාපොරොත්තු වෙනවා. නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් ඔබ බලාපොරොත්තු වෙනවා. දරුවන්ට හොඳ අනාගතයක් ඔබ බලාපොරොත්තු වෙනවා.
පළමුවෙන්ම ශ්‍රී ලංකාව දියුණු රට බවට පත්කළ යුතුයි. දේශපාලන සටන් පාඨ සහ රට බෙදන බව කියමින් ජනතාව දුප්පත් ජීවිතයක සිර කරන්න බැහැ. පළමුවෙන්ම කළ යුත්තේ රට දියුණු කිරීමයි. ශ්‍රී ලංකාව පොහොසත් රටක් බවට පත් කිරීමයි. සජිත් ප්‍රේමදාසට මා බාර දුන්නේ ඒ වගකීමයි.

අප දියුණුව කරා යා යුතුයි. හැමදාම හිඟා කන්න බැහැ. හැමදාම ණය ගන්න බැහැ. ණය බරින් තොර ආර්ථිකයක් සඳහා ඔබේ පරම්පරාවට අවස්ථාව තිබිය යුතුයි.

රටේ ආනයන වියදම වැඩි වීම සඳහා අපනයන වියදම අඩු වීම නිසා හැමදාම ණය ගන්න හැකියාවක් නැහැ. ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකය බවට පත් කිරීම මගේ අරමුණයි.

අප ඇති කළ නව යටිතල පහසුකම් ගැන කල්පනා කර බලන්න. මහනුවරට නව අධිවේගී මාර්ගයක් ඉදිකෙරෙනවා. කොළඹ වරාය දියුණු වනවිට ජාඇල දක්වා දියුණු කෙරෙනවා. 2015 වසරේදී හම්බන්තොට වරායේ නැව් නැහැ. අද ක්‍රමානුකූලව හම්බන්තොට වරාය දියුණු කරලා. හම්බන්තොට වරාය වෙනුවෙන් ලැබුණු බදු මුදල් නිසා ණය ගෙවීමට හැකියාව ලැබුණා. දැන් ක්‍රමානුකූලව හම්බන්තොට වරායට නැව් එනවා. වසර දහයකින් ඒ වරාය ලාබ ලබන තත්ත්වයට ගෙන එන්න හැකියාව තිබෙන බවට චීන සමාගම පවසනවා. දැන් අලාභය ගෙවන්නේ ද ඒ සමාගමයි.

යාපනයේ ගුවන් තොටුපළක් විවෘත කළා. ඒ අනුව පළමු ගුවන් ගමන යාපනයට පැමිණියා. ජනවාරි මාසය වනවිට මඩකළපුව ගුවන් තොටුපළ විවෘත කරනවා. ලබන වසරේ මැද භාගය වනවිට මත්තල ගුවන් තොටුපළ වෙත ගුවන් යානා රැගෙන ඒමට ඉන්දීය ගුවන් සමාගම සමග එක්ව පියවර ගන්නවා.

1977 වසර වනවිට කොළඹ දියුණුව ගම්පහ ප්‍රදේශයට මා ලබා දුන්නා. දැන් මේ දියුණුව තවත් ඉදිරියට ගෙන යා යුතුයි.

කර්මාන්ත ඉදිකිරීම් සඳහා බිංගිරියේ අක්කර 1000ක භූමි භාගය වෙන් කර තිබෙනවා. අයෝජන කලාපයක් සඳහා හම්බන්තොට අක්කර දසදහසක් වෙන් කළා. මෙය දකුණු ආසියාවේ විශාලතම ආයෝජන කලාපය ලෙස හැඳින්විය හැකියි. තවත් ආයෝජන කලාපයක් සඳහා අවිස්සාවේල්ල සහ කළුතර ප්‍රදේශයේ අක්කර දහසක් වෙන් කෙරෙනවා.

 



අදහස් (2)

“වේගවත් ඩිජිටල් යුගය නිර්මාණය කරන්න සුදුසු එකම අපේක්ෂකයා සජිත්“

Raveenda Wednesday, 13 November 2019 09:50 AM

හොඳ වෙලාවට පෝය පහුවෙලා තමයි මෙදාපාර මොලේ කචල් වෙලා තියෙන්නේ... අපරාදේ කියන්න බැහැ... දැන් නම් සූත්තර පුංචා නියම කවටයෙක් වෙලා. අනේ පව්..!!!

:       0       32

sam Wednesday, 13 November 2019 12:17 PM

ඔය අහිංසක මිනිස්සුන්ට කියලා දෙන්න ඉස්සෙල්ලා ඔය වචනේ තේරුම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 685 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 944 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1195 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7417 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 892 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 374 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 98 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1125 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site