(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් කිසිම සංවාදයක් පක්ෂය තුළ ආරම්භ වී නැතැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය.
පක්ෂ සම්මේලනයක් කැඳවා පක්ෂයේ තනතුරු පිළිබද යෝජනා කිරීමට නියමිතව තිබුණත් එම සම්මේලනය කැඳවන දිනය සම්බන්ධයෙන් පවා මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉදිරි සතිය දෙක තුළ රැස්වී මේ පිළිබද අවසන් තීන්දුවක් ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි ඕන කෙනෙකුට නායකත්වය වෙනස් කරන්න පුළුවන්...
මෙන්න මෙයාව තමයි එජාප එකෙන් මුලින්ම යවන්න ඕනේ. මෙයා තමයි රනිල් එක්ක එකතුවෙලා UNP එක නැත්තට නැති කලේ. හැබෑටම රටේ UNP කාරයෙක් නැහැනේ.. කුණු බිත්තරවත් ගහලා මේ අයව පක්ෂයෙන් එලවා දාන්න.
එහෙනම් ඉතින් ඔහොමම තව අවරුදු 25 ක් විපක්ෂයේම ඉන්න පුළුවන්.