IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


‘බෙදුම්වාදයෙන් ඉවත්වුණොත් ඉඩම් - පොලිස් බලතල දෙනවා’

(බිඟුන් මේනක ගමගේ)

උතුරු නැගෙනහිර ජනතාව බෙදුම්වාදයට පක්ෂ දේශපාලන කණ්ඩායම්වලින් ඉවත්වන්නේ නම් පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල දීමට හැකි යැයි ජලසම්පාදන පහසුකම් රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර මහතා ‘ලංකාදීප’ යට අද(15) පැවැසීය.

ආණ්ඩුවට සම්බන්ධ පිල්ලෙයාන්, ඩල්ගස් දේවානන්දා හා අතාවුල්ලා බෙදුම්වාදයට විරුද්ධ දේශපාලකයන් යැයි ද උතුරු නැගෙනහිර ජනතාව එවැනි නායකයන් සමග අත්වැල් බැඳගන්නේ නම් පළාත් සභාවලට සම්පූර්ණ බලය දීමෙහි ගැටලුවක් නැතැයි වාසුදේව නානායක්කාර මහතා කීය.

ඒකීය රාජ්‍යක් තුළ පළාත් සභා පැවැතිය යුතුය යන්න ජනාධිපතිවරයාගේත් අදහස යැයි කී හෙතෙම බෙදුම්වාදයට නැඹුරු දේශපාලන කණ්ඩායම් ශක්තිමත්ව සිටින තෙක් එය කළ නොහැකි යැයි අවධාරණය කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණට සිංහලයන්ගේ හා බෞද්ධයන්ගේ බහුතර ඡන්දය මුල් වූ බව සත්‍යක් වුවද කතෝලික සිංහලයන්ගේ කතෝලික දමිළයන්ගේ දායකත්වයද ඊට නොඅඩුව ලැබුණේ යැයි නානායක්කාර මහතා පැවැසීය.

එනිසා ජනවාර්ගික පදනමින් ජනාධිපතිවරණ ප්‍රතිඵල විග්‍රහ කිරීම නිරර්ථක යැයි ද රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (5)

‘බෙදුම්වාදයෙන් ඉවත්වුණොත් ඉඩම් - පොලිස් බලතල දෙනවා’

Devinda Uduwara Sunday, 15 December 2019 03:55 PM

13ඒ තමයි තියෙන්නේ...

:       0       0

vidya Monday, 16 December 2019 02:42 AM

වාසුදේව මහත්තයෝ , වේලි වේලි ඉඳල ලැබිච්ච අමාත්‍යාංශය හරියට මේ මාස තුන ඇතුලත කරලා පෙන්වන්න. සොයා බලන්න කොළඹ ජලය කපන්නට වූණු හේතුව. වැඩිය අරව මේවා කියවන්නේ නැතිව . ජනාධිපති තුමා සහ විද්වත් මණ්ඩලය අනිත් කටයුතු බලා ගනී. පාර්ලිමේන්තුවට ගියාම විද්වත් වැඩිහිටියෙක් වගේ හැසිරෙන්න.

:       0       36

maalaka Monday, 16 December 2019 06:11 AM

තමුන්ට හිතෙන විදිහට පොලිස් බලතල දෙන්න.. ඒවා තමුන්ගේ අම්ම අප්පාගේ දේපල කියලා හිතුවද?

:       0       34

lalithmMonday, 16 December 2019 07:41 AM

මස්සිනා ඩීල් එකක් ගහලා. ගේ ඇතුලේ සාම්බාරු හැලිය තියාගෙන අපිට නිකම් සුදුළූණු පොඩිකරලා පෙන්නන්න හදනවා. ලෝකෙට පෙන්නන්නේ ද්‍රවිඩ විරෝධය...

:       0       19

ranjith Saturday, 25 January 2020 10:09 AM

මෙයා එහෙම දෙන්නේ මේක එයාගේ දේපලක්ද? සමසමාජ පක්ෂයත් විනාශ කරලා වාමාංශික දේශපාලනය විනාශ කළා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 250 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 438 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 178 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site