(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු පුහුණු මධ්‍යස්ථානාධිපති, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු උපදේශක නැදගමුවේ විජය මෛත්‍රී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනාහිමියෝ අද 24 අලුයම අපවත් වී වදාළහ
අපවත් වන විට 73 වියේ පසු වූ අනුනාහිමියෝ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය මහා ලේඛකාධිකාරී පදවිය ද හෙබවූ තෙර නමකි.1963 වර්ෂයේදී පැවිදි දිවියට පත් උන් වහන්සේ සම්බුද්ධ ජයන්ති කමිටුවේ මෙන්ම තවත් කමිටු රැසක තනතුරු දරා ඇත.. විවිත්‍රධර්ම කථිකයෙකු වන නැදගමුවේ විජයමෛත්‍රී අනුනාහිමියෝ විදේශ ධර්ම දූත සේවාවන්හි නිරත වෙමින් විශාල ශාසනික මෙහෙවරක් ඉටු කරමින් රාමඤ්ඤ මහා නිකායේ බැබළවීමට ක්‍රියා කළ තෙරනමක් ලෙසද ප්‍රසිද්ධය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජය මෛත්‍රී ස්වාමීන්වහන්සේ බුදු සසුන බැබළවු, භික්ෂු සමාජයට ආදර්ශමත්ව ජිවත් වූ සැබෑ භික්ෂුවකි. අනෙකාගේ දුක වේදනාව තේරුම් ගත් උන්වහන්සේ පරාර්ථය වෙනුවෙන් ජීවිතය කැප කලහ. උන්වහන්සේට නිවන් සැප ලැබේවා.
අනතිමානි ගුණයෙන් පිරි කාරුණික හදවතක් තිබුන මහා තෙර නමකි .උන් වහන්සේගේ අපවත්වීම සසුනට වෙසෙසින් අප රටට සිදු උන බලවත් පාඩුවකි.නාහිමිපාණන් වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා
විජය මෛත්‍රී ස්වාමීන්වහන්සේ ට නිවන් සැප ලැබේවා