යුද හමුදාවේ 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කරමින් සිටි ලුතිතන් කර්නල් රවීන්ද්‍ර රත්නායක මහතා අභාවප්‍රාප්ත විය.
මිය යන විට (48) හැවිරිදි වියේ පසු වු ඒ මහතා යුද හමුදාපති ආරක්ෂක මුරයේ කටයුතු කරමින් සිටියදී ඊයේ (10) හදිසියේ මියගොස් තිබුණි.
තඹුත්තේගම මධ්‍යම මහා විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවෙක් වු ඒ මහතා 1997 ජුලි මස 04 දින 47 වැනි බදවා ගැනීම යටතේ කෙඩෙට් නිලධාරියකු වශයෙන් යුද හමුදා නිත්‍ය බලසේනාවට බැදී ඇති අතර පුහුණුවෙන් අනතුරුව 2 වන කොමාන්ඩෝ රෙජිමේන්තුවට එක්ව ඇත.
වසර 26 ක යුද හමුදා සේවා කාලයක් පසුරා ඇති ඒ මහතා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ විවිධ නිළතල හොබවමින් ත්‍රස්වාදය පරාජය කිරීමේ සටනේ අවසානය දක්වාම දිවි හිටියෙන් කැපවී කටයුතු කළ දක්ෂ නිලධාරියකු විය.
යුද හමුදාව සේවා කාලය තුළ මාතෘ භූමිය වෙනුවෙන් කළ උත්තරීතර සේවය අගයමින් ඒ මහතා රණශූර පදක්කම, උත්තම සේවා පදක්කම, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම,පූර්ණ භූමි පදක්කම, උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම සේවා පදක්කම, ඇතුලු පදක්කම් රැසකින් පිදුම් ලබා ඇත.
ඒ මහතාගේ දේහය කෑගල්ල, කුරුදුහින්න අංක ඊ /1/7 දරණ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු පුර්ණ හමුදා ගෞරවය මැද හෙට (12) පස්වරු 2.00 ට ඔලගන්කන්ද පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.
(ඉන්දිකා රාමනායක)
ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය.
මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය.
ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍ර
ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය
දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය
සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත විය.
ලුතිතන් කර්නල් රවීන්ද්‍ර රත්නායක මිය යයි