ගුවන්විදුලියෙන් දොට්ට දැමූ අපූරු ගාන්ධර්වයා
කොළඹ වරාය අසල හෝ පිටකොටුවේ ජනාකීර්ණ වීදියක, කරවල ලෑල්ලක් ඉදිරිපිට වාඩි වී සිටින, රළු කපු පිළියෙන් සැරසුණු මිනිසකු දෙස ඔබ බැලුවහොත්, ඔහු මේ රටේ සංගීත ඉතිහාසය වෙනස් කළ යුග පුරුෂයා යැයි ඔබට මොහොතකටවත් සිතේවිද?