IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


ලාංකේය මැක්සිම් ගෝර්කි ඩොමිනික් ජීවා

නොසැලෙන පන්හිඳ - 11

 

 

ඔහු ලංකාවේ මැක්සිම් ගෝර්කි ලෙස හැඳින්වීමට මම මැලි වෙන්නෙ නැහැ. මන්ද කියනවනම් ඔහුත් මැක්සිම් ගෝර්කි වගේම සමාජය පත්ලේ සිට ගොඩනැගුණු ලේඛකයෙක් නිසයි. ලාංකික සිංහල සාහිත්‍ය ජීවිතයේදී වගේම සමාජ ජිවිතයේදීත් ඔහු තරම් අභියෝගවලට මුහුණ දුන් ලේඛකයෙක් ලංකාවෙ ඇති කියල මට හිතෙන්නෙ නැහැ. කලක සිටම මම ඩොමිනි්ක් ජීවා ගැන අසා තිබුණත් සජීවව මට ඔහු දැකගන්නට ලැබුණේ අදින් දශකයකට හමාරකට වසරකට පමණ පෙරයි.  යුද ගැටුම් නිමා වීමත් සමග සිංහල දෙමළ හා මුස්ලිම් ලේඛකයන් එක් වී ගොඩනැගූ ‘සිංහල දෙමළ ලේඛක එකමුතුවේ” මංගල රැස්වීමේදි තමා මට ඔහු සජීවිව දැකගන්න ලැබුණෙ.  දෙමළ සාහිත්‍යයේ පතාක යෝධයා ලෙස සැලකෙන ඩොමිනික් ජීවා සම`ග කතා කිරීමට භාග්‍යය උදා වුණේ. 

ඔහු සමස්ත ශී‍්‍ර ලාංකිකයන්ගේම ආදර ගෞරවයට පාත‍්‍ර විය යුතු සුහද මිනිසෙක්. ‘මල්ලිකෛ’ ස`ගරාව ම`ගින් කළ සේවයම වුණත් ඔහුට ඉහළම සම්මානයක්  පිදීමට ඇති සුදුසුකමක් ලෙස මම සලකනවා. ‘පිච්චමල’ නම් අරුත ඇති එම ස`ගරාව අඩ සියවසක් පමණ කාලයක් ඔහු පළ කළේ ස්ව උත්සාහයෙන්. ඔහුගේ හිතවතුන්ගේ උදව් උපකාර මිස කිසිදු රජයක් ඔහුගේ මෙම ජාතික මෙහෙවරට අනුග‍්‍රහයක් දුන්නේ නැහැ.  ජීවා යාපනය කොමියුනිස්ට් පක්ෂ ශාඛාවේ සාමාජිකයකු වූයේ යොවුන් වියේදීමයි. ඒ වගේම ඔහු  කුලභේදයෙන් ඔඩු දිව ගොස් තිබුණ යාපනයේ කුලහීන ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ මුල්ම තරුණ කණ්ඩායමේ ප‍්‍රමුඛ සටන්කාමියකුද වුණා.

පස් වන පන්තියේදී ජීවා පාසලෙන් පන්නා දමන්නෙ කුලවාදයෙන් හිස උදුම්මා ගත් ගුරුවරයකු විසින්. ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ ඒ සිද්ධියයි. ජීවා සිය අඩුපාඩුවක් පෙන්නා දීම නිසා උරන වූ ඒ ගුරුවරයා කුලහීනයකු වූ ජීවාට පීඩා කරන්නේ එලෙසයි. එකල දකුණේ මෙන්ම උතුරේද ප‍්‍රභූ වංශිකයෝ කුලහීන ජනයාගේ දරුවන්ට සිප්සතර ලබා දීම සැලකුවේ මහත් අපරාධයක් ලෙසයි. ජීවා මුහුණ දුන් ඒ අත්දැකීම කෙතරම් කටුක වුවත් පසු කලෙක ඔහුට එය වෙස් වලාගෙන පැමිණි ආශිර්වාදයක් වුණා. සැබවින්ම ඔහුට ලේඛකයකු වීමට ම`ග පාදා දුන්ණේ එම පන්නා දැමීමයි.  ඩොමිනික් ජීවා සම`ග සි`ඵමිණ පුවත්පතට සාකච්ඡුවක් කිරීමට මට මීට වසර කිහිපයකට පෙර අවස්ථාවක් උදා වුණා. මෙහිදී පරිවර්තන කටයුතුවලින් උදව් කළේ සම්මානනීය පරිවර්තකයකු හා ලේඛකයකු වන දික්වැල්ලේ කමාල් සහෝදරයා. පහේ වසරේදී සිදු වූ එම වේදනාකාරි සිද්ධිය විස්තර කරමින් ජීවා පැවසූ වදන් දික්වැල්ලේ කමාල් සිංහලට නැගුවේ මෙලෙසයි. ‘‘උඹේ අප්පා අඩුකුලේ බාබරයෙක්. ඒ වගේ රස්සා කරන උන්ට මොන අධ්‍යාපනයක්ද..?” කවදහරි පේරාෙදණිය විශ්ව විද්‍යාලයට යන්න හීන මවපු ජීවා අන්තිමට ගිහින් නතර වුණේ අප්පගෙ බාබර් සාප්පුවෙ. ඔහු බාබර් සාප්පුවෙ පොළොවට අත ගහල ඔහුටම මෙසේ  දිවුරගත්තා. ”මම කවද හරි සමාජයම පිළිගත්ත මිනහෙක් වෙලා එයාට උත්තර දෙනවා...” ඇත්තම කියනවා නං පන්තියෙන් පැන්නුවටත් වඩා ඔහුට දරාගන්න බැරි වුණේ අප්පගෙ රස්සාවට නිග‍්‍රහ කරපු-එක.

ජීවාගේ විශ්වවිද්‍යාල සිහිනය බිඳ වැටුණත් රටේ නමක් දිනූ මිනිසකු වීමේ අපේක්ෂාව ඔහු අතහැරියේ නැහැ. ඔහු අප්පගේ ජෝසප් සැලූන් එකේ වැඩ කරන ගමන් විවේකයක් ලද හැම විටකම පොත් කියවීමට පෙලඹුණා. පූබාලසිංහම් පොත් සාප්පුව තිබුණේ ඔවුන්ගේ බාබර් සාප්පුවට නුදුරින්. ඒ ඉදිරිපිට ලී බංකුවේ හිඳගෙන පොතක් කියවන යෞවනයකුගේ දසුන ටික කලක් ගත වන විට එහි යන එන කාගේත් නෙත ගැටුුණා. පොත් සාප්පුවේ හිමිකාර පූබාලසිංහම් මහත්තය මේ උද්‍යෝගිමත් කොලූවාට කිසිදු බාධාවක කළේ නැහැ. ජීවාට රාජගෝපාල් ගුරුතුමා මුණගැසුණේ මෙසේ බංකුව උඩට වී පොත් කියවමින් සිටින අතරතුරේදියි. කුල අභිමානයෙන් ඉදිමුණු එක් ගුරුවරයෙක් ජීවාව පන්තියෙන් පැන්නුවත් යාපනයේ ගුරුවරු සියල්ල එහෙම වුණේ නැහැ. රාජගෝපාල් ගුරුතුමා ජීවාට කතා කළේ දින තිහිපයක්ම ජීවාව නිරික්ෂණය කිරීමෙන් පසුවයි. ”පොත් කියවල විතරන් මදි.. ලියන්නත් පුරුදු වෙන්න  ඕනා ළමයා..” ඇත්තටම එතුමාගේ ඒ වචන කීපය තමා ලිවීමේ ආසාව නමැති ගිනිසි`ඵව ජීවා තුළ දැල්වූවෙ. ටික දවසක් ගතවුණ විට ඔහු පුංචි පුංචි දේවල් ලියන්න පටන් ගත්තා. ගුරුතුමා ඒවා කියවලා අඩුපාඩු පෙන්නා දුන්නා. ඒ කාලෙ ජීවා වැඩි උනන්දුවක් දැක්වුවේ කෙටිකතා ලියන්න. ලංකාවෙ දෙමළ පත්තරවලට අමතරව ඉන්දියාවේ පත්තර ස`ගරාවලත් ජීවාගේ නිර්මාණ පළ වුණා. දකුණු ඉන්දියාවේ වාමවාදි අදහස් දරපු ‘වසන්දම්’ ‘සරස්වතී’ ‘තාමෙරෙ’ වගේ ප‍්‍රකාශනත් ඔහුට ලොකු රුකුලක් සැපයුවා.

ඩොමිනික් ජීවා තැළෙන පෑගෙන පීඩිත ජනතාවගේ කඳු`ඵ අතරින් බිහි වූ ලේඛකයෙක් විදිහට මම හඳුන්වන්නෙ මෙන්න මේ නිසයි. ඔහුගේ පන්හිඳ පන්නරය ලැබුවේ කුල පීඩනයට එරෙහිව හා ජීවත් වීමේ අයිතිය ඉල්ලා සටන් වැදුණු ජනතාවගේ ලේ හා කඳු`ඵ තුළින්. වරක් ජීවා යාපනයේ ප‍්‍රගතිශීලී තරුණ කණ්ඩායමක් එක්ක එක් වී කුලහීන ජනයාට මළ කඳක් වළ දැමීමට තිබුණු බාධාවලට එරෙහිව ලොකු සටනක් දියත් කළා. අඩු කුලයට අයත් යයි කියන කාන්තාවකගේ මෘත දේහයක් කුලීනයන්ට පමණක් වෙන්කරගෙන තිබූ සොහොන් පිටියක මිහිදන් කිරීමට ඔවුන් රැුගෙන ගියේ පෙරහරකින්. එහි පෙරමුණේම ගමන් කළේ ජීවා. ප‍්‍රකෝප වූ කුලීනයෝ අවම`ගුල් පෙරහරට වෙඩි තිබ්බා. සටන්කාමි තරුණයෙක් වෙඩි වැදී මිය ගියා. මේ ඛේදනීය සිද්ධිය සිදු වූණේ නවසිය හතළිස් ගණන්වල. සිය ඇස් පනා පිට සිදු වූ මේ අපරාධය ජීවාට දරාගන්නට බැරි වුණා. පෑන අතට ගත් ඔහු කෙටිකතාවක් ලිව්වා. ඔහුගේ මුල්ම කෙටිකතාව වූ එය පළ වුණේ සුන්දරන් පත්තරේ. නිදහස ලැබීමෙන් පසුව වුණත් කුල පීඩනයේ අඩුවක් සිදු වුණේ නැහැ. දකුණේ මෙන්ම උතුරේත් නිදහසේ පළ නෙළා ගත්තේ ඇති හැකි පන්තියේ මිනිස්සු විතරයි.

පීඩිත ජනතාවට සැබෑ විමුක්තියක් ලැබෙනුයේ සමානත්වතාවය රජයන පාලන ක‍්‍රමයකින් බවයි ජීවාගේ විශ්වාසය වුණේ. ජීවිත කාලය පුරාවටම ඔහු සිය පෑන මෙහෙයවනුයේ ඒ උදාර අරමුණ වෙනුවෙන්. 1961 දී ජීවාගේ ‘තන්නීරුම් - කන්නීරුම්’ (වතුරයි - කඳු`ඵයි* කෙටිකතා පොතට රාජ්‍ය සම්මාන හිමි වුණා. එය ඉතිහාසගතව තියෙන්නේ ලංකාවේ පැවති ප‍්‍රථම රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානයේදී දෙමළ පොතකට පිරිනැමූ ප‍්‍රථම රාජ්‍ය සම්මානය ලෙසයි. සම්මානයෙන් පිදුම් ලැබුවද ජීවාගේ සමාජ දේශපාලන දැක්ම අබමල් රේණුවක තරමිනුදු වෙනස් වුණේ  නැහැ. අනූවෙනි වියට පා තබන විටත් ඔහුගේ පන්හිඳ තරුණ ජවයෙන් පිරී තිබීම ඊට කදිම සාක්කියක්. 1960 දි පළ කළ ‘තන්නිරුම්-කන්නීරුම්’ කතා එකතුවට අමතරව එම වසරේම ‘පාදුෙහෙ’ නමින්ද,  අනතුරුව ‘සාලෙයින් තිරුප්පම්’- හා ‘වාල්වින් දරිශනංගල්’ වශයෙන් සමස්තයක් වශයෙන් ඔහු පළ කළ කෙටිකතා කෘති ගණන 4යි. කෙටිකතා රචනයට අමතරව විවිධ විෂයයන් අළලා ලිපි ලිවීමටද ජීවා ප‍්‍රිය කළා. ඔහුගේ විවාදාපන්න සිතුවිලි බොහෝ විට දිගහැරුණේ ‘මල්ලිෙහෙ‘ ස`ගරාවේ කතුවැකි තීරුවේ. එසේ ලියූ කතු වැකි එකතු කර පසුව ඔහු අතින් පොත් පෙළක්ම රචනා කෙරුණා. ‘තෙලෙප්පූක්කල්‘ යනු ඊට තැබූ නමයි.

”හොඳ ලේඛකයෙක් වෙන්නනම් හොඳ දේශපාලන දැක්මක් තිබිය යුතුයි. ජනතාවට අවංකවම ආදරය කරන ලේඛකයකුට විතරයි සැබෑ ලේඛකයෙක් විය හැක්කේ. ලේඛකයාගේ දේශපාලනය ජනතාවට නිවැරදි ම`ග පෙන්වන එකක් මිස ඇතැම් දේශපාලනඥයන්ගේ මෙන් අවස්ථාවාදි අරමුණු වලින් පිරුණු එකක් නොවිය යුතුයි.” ඩොමිනික් ජීවා එදා මා හමුවේ සිය ප‍්‍රගතිශීලී සමාජ දේශපාලන දැක්ම කැටි කර දැක්වූයේ එලෙසයි. ලේඛකයා යනු කිසිදු අසාධාරණ බලවේගයක් හමුවේ හිස නොනමන අභීත ජනතා පුත‍්‍රයකු විය යුතුය යන්න මේ කියමනෙන් ඔහු යළි යළිත් තහවුරු කර සිටියා. 

1927 ජූනි මස 27 වනදා යාපනයේ දුම්රිය පොළ අසල පැල්පතක උපත ලද ඩොමිනික් ජීවා  ජීවිතයෙන් සමුගන්නේ  2021 වසරේ  ජනවාරි 28 වනදායි.  හිරිමල් යොවුන් වියේදී පන්හිඳ අසිපතක් මෙන් ළෙලවමින් ලේඛන කලාවට බට මොහුව හඳුන්වා දිය යුත්තේ සිය ජීවිතයම සමාජ වෙනසක් වෙනුවෙන් කැපකළ ලේඛකයකු ලෙසයි. ලංකාවේ මැකිසීම් ගෝර්කි යනු ඔහුට සුදුසුම නම බව මම යළි-යළිත් මතක් කරන්න කැමතියි.



අදහස් (0)

ලාංකේය මැක්සිම් ගෝර්කි ඩොමිනික් ජීවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1587 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1379 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site