IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සැබෑ මිනිසා වාසි මාවත් නොසොයයි

නොසැලෙන පන්හිඳ - 01

කියුබානු විප්ලවයේ පන්හිඳ ජොසේ මාටි


මානවදයාවෙ උල්පත් බොහොමයක් පාදා දුන්නේ ලෝකය වෙනස් කිරීම උදෙසා අරගල කළ කලාකරුවෝ. සමාජ දේශපාලන වෙනසක් උදෙසා අරගල කළ ලෝක කලාකරුවන් අතර පන්හිඳ අවියක් කරගෙන සටන් කළ ලේඛකයන් ද බහුලයි. එවන් මානවප්‍රේමීන් අපේ පාඨක සමාජයට හඳුන්වා දීමේ අදහසිනුයි මේ තීරු ලිපිය ඇරඹෙන්නේ.

ලෝකය වෙනස් කිරීමේ අරමුණින් පැන නැගුණු හැම සමාජ අරගලයකදීම පාහේ ලේඛකයන් ප‍්‍රමුඛ කලාකරුවන් විසින් ඉටු කර තිබෙන කාර්යභාරය අති දැවැන්තයි. මානව  සංවර්ධනයේ ඉතිහාසය දිහාට හැරිල බැලූවහම  වැඩිමනත් තතු පැහැදිලිවම  දකින්න පුඵවන්.

මානවදයාව වෙනුවෙන් හඩක් නගනවා වගේම ජාතිය ආගම නැත්නම් වර්ණවාදය වැනි මානව විරෝධි ප‍්‍රවණතා පිටුදැකීමත් ප‍්‍රගතිගාමී කලාකරුවන්ගේ වගකීමක්. අසාධාරණ සමාජක‍්‍රමයක ප‍්‍රතිඵල වශයෙන් හටගෙන තිබෙන දහසකුත් එකක්  විසමතාවලට එරෙහිව තම පන්හිඳ ළෙලවූ ලේඛකයන් ඇතැම් රටවල ජාතියේ පන්හිඳ නම් විරුදාවලියෙන් පවා පිදුම් ලැබ සිටිනවා. යුක්තිය හා සාධාරණය වෙනුවෙන් අරගල කරන පොදු ජනතාව සමග අත්වැල් බැඳගනිමින් වීදිවල හා  වැඩ බිම්වල දිවි පිදූ ලේඛකයන් ගැනද අපට අසන්න ලැබෙනවා.

කියුබානු ලේඛක ජෝසෙ මාටිත් එවන් කලාකරුවෙක්. කියුබානු විප්ලවයේ පුරෝගාමියෙක්.  ඔහුගේ කාර්යභාරය පන්හිඳට පමණක් සිමා වුණේ නැහැ. ස්පාඤ්ඤ අධිරාජ්‍යවාදීන්ගෙන් කියුබාව මුදා ගැනීමේ අරගලයට සකි‍්‍රයවම දායක වුණ විප්ලවවාදි ලේඛකයෙක් හැටියටයි ඔහු වඩාත් ප‍්‍රකට.

මිනිසකු අතින් තවත් මිනිසෙක් පීඩාවට ලක් නොවිය යුතුය කියන හැ`ගීම මාටිගෙ සිතේ තදින්ම කාවැදුණේ ළමා වියේදිමයි. දිනක් ඔහු අසකු පිට ගම්බද පෙදෙසක් නරඔන්න යද්දී ගසක එල්ලා සිටින වහල් මිනිසෙක් මර බියෙන් විලාප නගන සැටි දැක්කා. මේ දර්ශනය තමා සමාජ සාධාරණය වෙනුවෙන් අරගල කිරීමට යොවුන් වියේදීම ඔහුට උත්තේජනයක් සැපයුවෙ. ඒ වගේම ජොසේ මාටිට පහන් තරුවක් වගේ මග පෙන් වූ ගුරු භවතෙකුත් හිටියා. රෆිල් මාරියා නම් ඒ ගුරුවරයත් කවියෙක් හා දේශපේ‍්‍රමියෙක්. දුප්පත්කම නිසා මාටි අධ්‍යාපනය අතහැර දමන්න සැරසෙන විට ඔහු තමා මාටි වෙනුවෙන් වියදම් කරන්න ඉදිරිපත් වෙන්නෙත්.

ගුරුතුමාගෙ පුස්තකාලය මාර්ටිට  ඕනෑම වෙලාවක විවෘත වුණා. 1869 වසර ජොසෙ මාර්ටිගෙ සාහිත්‍ය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සටහන් වෙන්නේ පාසලේ පුවත් පතට ලිපි හා නිර්මාණ ලිවීම ඇරඹීමත් සමගයි. ්ඉා්ක් නමින් නව ශෛලියක දේශපේ‍්‍රමි නාට්‍ය පිටපතකුත් ඒ කාලෙම ඔහු අතින් ලියවෙනවා. ඒත් ජොසෙ මාටිගෙ මේ විප්ලවීය ලේඛන කලාවට වැඩි දුර යන්න ඉඩ ලැබෙන්නෙ නැහැ. රාජ්‍ය විරෝධි ලියවිල්ලකුත් සමග ස්පාඤ්ඤ පොලීසිය ඔහු අත්අඩංගුවට ගන්නවා. ඒ වෙනකොට මාටිට අවුරුදු 16 සම්පූර්ණ වුණා විතරයි.

හිරගෙදරදී ඔහුගෙ දෙපයට දැමූ විලංගු හේතුවෙන් පා දෙකම වණ වෙනවා. පසුව අධිකරණය ඔහු ස්පාඤ්ඤයට පිටුවහල්  කරන්නේ යෞවනයකුට මෙසේ වධ දීමට එරෙහිව නීතිවේදීන් කළ මැදිහත්වීම්වල ප‍්‍රතිඵයක් හැටියටයි. මාටි මේ අවස්ථාවෙන් ඵල නෙළා ගන්නේ මැඞ්රීට් හා සරාගෝසා විශ්වවිද්‍යාලවලින් උපාධි යුගලක් දිනා ගනිමින්. 1871දී පිටුවහලෙන් නිදහස්ව තම ගමට එන මාටිට අසන්න ලැබෙන්නේ සිය සොයුරියගේ හදිසි මරණය පිළිබඳ දුක්මුසු පුවතයි. ඔහුගේ මුල්ම කවි පොත ලියවෙන්නේ ඇය වෙනුවෙන්.

1880 දශකය  ජොසෙ මාටි ලේඛකයකු හා සටන්කාමියකු ලෙස පරිණතභාවයට පත් වූ කාල වකවානුව හැටියට හැඳින්වෙනවා. 1882 දී හා 1891 දී පළ කළ  Isamaelillo yd Simple Verses නම් පද්‍ය ප‍්‍රබන්ධ ජීවිතයත් මරණයත් අතරට මැදිවෙමින් කළ අවදානම්සහගත අරගලය මැද රචිත ලිපි ලේඛන අතර කැපී පෙනෙන කෘති 2ක්. දරුවන් වෙනුවෙන් ලිවීමත් ලේඛකයකුගේ බරපතළ වගකීමක් බව පැවසූ මාටි නිර්මාණය කළ රත්තරන් යුගයක් යන තේරුම ඇති ඛ් ෑා්ා ාැ ක්‍රද  නමැති ළමා පොත එකල දරුවන් අතර මහත් ප‍්‍රසාදයක් දිනාගත්තා. මේ සියලූ කාරණා සැලකිල්ලට ගනිමින් කියුබානු නිදහස් අරගලයේ නියමුවකු සේම කියුබානු නව සාහිත්‍යයේ පුරෝගාමියා වශයෙනුත් ජොසේ මාටිගෙ නම අදත් බුහුමනට ලක් වෙනවා.

1895 මැයි 19 ජොසේ  මාටිගේ අමිල ජීවිතය වංශාධිපතියන්ගේ කුලී හේවායන්ගේ වෙඩි උණ්ඩයකින් අවසන් වන්නේ කියුබානු ජනතාවගේ නෙත් කඳුළින් නහවමින්. ඝාතකයන් මාටිගේ දේහය එතැනම වළලා දමනවා. පසු කලෙක මාටිගේ දේහය යළි ගෞරවණීය ලෙස මිහිදන් කරනු ලබන්නේ ඔහුගේ  ආදරණීය සගයන් විසින්. තම මතවාදය හමුවේ කවර ඉරණමක් අත් වුවත් සැබෑ මිනිසා යුක්තිය හා සාධාරණත්වය රැුඳුණු මාවතින් බැහැර නොයන බවට  ජෝසේ මාටි ලියූ මේ කවිය අදත් කියුබානු ජනතාව අතර ජනප‍්‍රසාදයට ලක්ව ඇති අපූරු නිර්මාණයක්.

 

සැබෑ මිනිසා

සැබෑ මිනිසා

වාසිය රැඳුණු මාවත් නොසොයයි

ඒ වෙනුවට ඔහු සොයන්නේ

යුක්තිය හා සාධාරණත්වය

රැඳුණු මාවතයි

එනිසා ලොව වසන එකම

සැබෑ මිනිසා ඔහුය..

අද දවසේ ඔහුගේ සිහිනය

හෙට දවසේ රටේ නීතිය බවට

පත් වනු ඇත.

 



අදහස් (0)

සැබෑ මිනිසා වාසි මාවත් නොසොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site