IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


හිතුවක්කාර කොරෝනා කවිය ලියූ පෙරළිකාර රියා සෝකල්

නොසැලෙන පන්හිඳ 10


 

 

 

ආදිකාලීන මිනිසා සොබාදහම සැලකුවේ තමන්ගේ සමීප ඥාතියෙක් හැටියටයි. 

එහෙත් ලෝකය නවීකරණය වීමත් සමගම මිනිසා සොබාදහමෙන් දුරස් වෙන්න පටන් ගත්තා. වෙනත් විදිහකට කියනවා නම් සොබාදහමට පිටුපා ජීවත් වෙන්න පටන් ගත්තා. අන්න එදා සිට තමා මිනිස් සමාජයට විවිධාකාර අතුරු ආන්තරාවලට මුහුණු පාන්න සිද්ධ වුණේ. දියුණු යයි කියන මිනිස් සමාජය විසින් තමන්ට කරනු ලබන අතවරවලට සොබාදහම පෙරළා ප‍්‍රතිචාර දක්වන්න පටන් ගත්තෙ ඊට පසුවයි. මුලින් සරල විදිහට දක්වපු ප‍්‍රතිචාර පසුව ද`ඩුවම් බවට පත් වුණේ නූතන මිනිසා ඊට සවන් නොදීමේ ප‍්‍රතිඵලයක් හැටියටයි. 

මෑත දශකවල හටගත් සුනාමි හා කොරෝනා වැනි ව්‍යසන මීට කදිම නිදසුන්. මේ විපත් විසින් ලෝ වැසියන් තුළ ඇති කළ කම්පනය තවත් සෑහෙන කලක් ගෙවෙන තුරු බැහැර වෙන එකක් නැහැ. සොබාදහමට, වඩාත් සංවේදී පරිසරවේදීන් හා කලාකරුවන් ආදි පිරිස්  මෙවැනි විපත් වළක්වාගැනීම සඳහා ලොවට ආයාචනා කරන හැටි අපිට අදත් අහන්න-දකින්න ලැබෙනවා. ඔවුන් නිරන්තරයෙන් කරන අනතුරු හැ`ගවීම් හා දැනුවත් කිරීම් මෙපමණයි කියන්න බැහැ. 

විශේෂයෙන්ම ගත්තොත් ලෝකය පුරා වෙසෙන කලාකරුවන් සොබාදහම සුරැුකීමේ අගය පෙන්වා දීමට දරන උත්සාහය මිල කරන්න බැහැ. පහු ගිය කොරෝනා වසංගත සමය ගැන පමණක්ම සලකා බැලූවත් මිනිස් සිත් අවදි කිරීම සඳහා ලේඛකයන් ප‍්‍රමුඛ කලා ශිල්පීන් ඉටු කළේ වචනයෙන් කියා නිම කරන්න බැරි තරමේ මෙහෙවරක්.  සංවේදී කලාකරුවන් එක් වී තම ශක්ති ප‍්‍රමාණයෙන් ව්‍යසනය හමුවේ භීතියට පත් ලෝ වැසියන්ගේ් සිත් සනහන විදිහෙ නිර්මාණ බිහි කරන්න පටන් ගත් හැටි ඔබට මතක ඇති. සෞඛ්‍ය ප‍්‍රතිකාර වගේම මානසික සත්කාරත් මෙවැනි සමාජ ව්‍යසනයකදි එකවගේම වැදගත්ය කියන කාරණය කොරෝනා අභියෝගය හමුවේ යළි යළිත් තහවුරු වූ සැටි අපිට අමතක කරන්න බැහැ.  

රියා සොකොල් කියන්නෙ පෝලන්තයේ තරුණ කිවිඳියක් හා සමාජ ක‍්‍රියාකරිනිියක්. කොරෝනාව අළලා එකල ලොව පුරා කතාබහට ලක් වූ දහස් සංඛ්‍යාත නිර්මාණ අතරට ඇගේ කවියකුත් එකතු වුණ බව සමහර විට ඔබ දන්නෙ නැතුව ඇති. අන්තර් ජාලයේ මේ කවිය පළ වූ මුල් දවසෙම ලක්ෂකටත් වැඩි පිරිසක් විසින් එය සමාජ ජාලා ඔස්සේ ප‍්‍රසිද්ධියට පත් කර තිබුණා. ඇත්තටම ඒ කවිය මේ වෙන විට මිලියන ගණනක ලෝ වැසියන්ගේ මහත් ප‍්‍රතිචාරයට ලක් වූ  නිර්මාණයක් බවට පත් වී හමාරයි.

රියාගෙ ඒ කවිය ගැන නොසැලෙන පන්හිඳ ඔස්සේ පොඩි කතාබහක් කරන්න කල්පනා කළා. නන්නාඳුරන ලෝ දනන් ලක්ෂ ගණනක් එකම මිනිස් පවුරක් බවට පත් කරන්න සමත් වූ මේ තරුණ කිවිඳියට ප‍්‍රණාමයක් දැක්වීම එහි එක අරමුණක්. ඒ ගමන්ම  ඇය මතු කරන සමාජ කතිකාවේ වැදගත්කම ඔබ අවධානයට ලක් කිරීමත් කාලෝචිත යැයි හිතුණා.

කොරෝනාව පසුබිම් කරගෙන ලෝ ප‍්‍රකට සම්මානනීය කලාකරුවන් විසින් නිමැවුණු අපමණ  නිර්මාණ අතරින් රියාගේ කවිය ඉස්මත්තට ආවේ කෙසේද...? මා හිතන විදිහට ඊට ප‍්‍රධානම හේතුව තමා ඇගේ සමාජ දෘෂ්ටිය. ඒ වගේම තම කටහඩින්ම රියා එය ගායනා කරන හැගුම්බර විලාසය.  

කොරෝනාවේ  බිහිසුණුකම, ඉන් පරෙස්සම් වීමේ ක‍්‍රමවේද වගේම ඊට එරෙහිව සටන් වදින වෛද්‍ය මණ්ඩල ප‍්‍රමුඛ විවිධ සේවාවන් ඇගයීමයි බහුතරයක් කලාකරුවන් අතින් සිදු වී තිබෙන්නෙ. ඒත් රියාගෙ ප‍්‍රවේශය ඊට හාත්පසින්ම වෙනස්. එය එක්තරා ප‍්‍රමාණයකට රැඩිකල් වගේම තවත් පැත්තකින් විරුද්ධාභාෂීය ලක්ෂණ සහිත නිර්මාණයක්. රියා එයට යොදා තියෙන Thank you  Corona Virus ”තුති වේවා කොරෝනා  වෛරසය”  යන නමින්ම ඒක තහවුරු වෙනවා. අති බහුතරයක් ලෝ වැසියන් කොරෝනාව දකින්නෙ තමන් වනසන්න ආ  මකරාක්ෂයෙක් හැටියට. ඒ මකරාගේ උපත සිදු වූයේ යයි සැක කරන චීනයට නෝක්කඩු කියන එක පවා තාම ඉවරයක් වෙලා නැහැ. එහෙම පසුබිමක කටක් ඇරලා තුති වේවා කොරෝනා කියා  කවියක් කියන්න පු`ඵවන් වෙන්නේ සෑහෙන ආත්ම ශක්තියක් ඇති  මනුස්ස ප‍්‍රාණියකුට විතරය කියලයි මටනං හිතෙන්නෙ.

”තුති වේවා ඔබට, දැන් අපි සිටින්නේ කලින් හිතා හිටියාට වඩා හාත්පසින්ම වෙනස් තැතිගන්වනසුලූ තැනක බව පෙන්වා දුන්නාට ... 

තුති වේවා ඔබට, කඩසාප්පු, බඩු භාණ්ඩ හා නිදහස පිටාර ගලන ලෝකයක  අපි ජීවත් වූ වග සේම මෙතරම් කල් ඒ සියල්ල හිතුමතේ අපි භුක්ති විඳි බව මතක්කර දුන්නාට ...

තුති වේවා ඔබට, හැමදාමත් අපි කිසි වැදගැම්මකට නැති කලබලයක් මවාගෙන හිස් දේවල් පසුපස දුවමින් සිටි පිරිසක් බව තේරුම් කර දුන්නාට...ඥාති-මිතු දම් හා රැකියා ඇතුඵ ලෝ දම් කිසිවක් කිසිදා වෙනස් නොවෙතැයි සිතා සිටි රොබෝවරුන් පිරිසක් බව පසක් කර දුන්නාට...

තුති වේවා ඔබට, මෙතෙක් කල් අපි ඉතා වැදගත් යයි සිතා සිටි ප‍්‍රශ්න-ගැටලූ ඈ සියල්ල   පැත්තකට විසිකර දැමිය හැකි බොරු විකාර බව කියා දී ඇත්තටම වැදගත් දේ කුමක් දැයි තෝරා-පාදා දුන්නාට...

තුති වේවා ඔබට, පරිසර දූෂණය නතර කරන ලෙස මිහිකත මෙතෙක් කළ ආයාචනා තුට්ටුවකටවත් මායිම් නොකර සිටි අපේ සියලූ ක‍්‍රියාකාරකම් නතරකොට ඒ ගැන යළි හිතන්නට අප පෙලඹුවාට...

තුති වේවා ඔබට, බොහෝ කලක සිට මෙවැනි උවදුරක් ගැන ලද ඇගවීම් නොතකා හුන් අපට දැන් මුඛ ආවරණ පැළඳගෙන  සෙසු ප‍්‍රජාවත් සමග සහයෝගයෙන් අභියෝග වලට මුහුණ දෙන්නේ කෙසේදැයි යන පාඩම කියා දුන්නාට...

තුති වේවා ඔබට, අපේම ජීවිත දෙස ආපසු හැරී බලන්නට අවස්ථාවක් සලසා දුන්නාට.

තුති වේවා ඔබට, අවසානයේ අප සැම එක පෙළට සිටුවා සාමුහිකව ජීවත් විම යනු කුමක් දැයි  වටහා ගන්නට අපට අවකාශ සලසා දුන්නාට...

තුති වේවා ඔබට, ලෝකයට තවදුරටත් මෙයාකරයෙන්  පවතින්නට බැරි බව සේම ලෝක ගමන් මග වහා වෙනස් කළ යුතු බවද වටහා දී අලූත් ලෝකයක් ඉදිකිරීමේ වටිනාකම ගැන සිතා බලන්නට අපට බල කර සිටියාට...

තුති වේවා ඔබට, වෛරසයක් යනු අපේම නිමැවුමක් හා  අපේ ජීවිතයේම අංගයක් බව සේම එය විසින් සමස්ත මානව වර්ගයාම කයින්-මනසින් සම කරනු ලබන සැටිත් පෙන්වා දුන්නාට...

තුති වේවා ඔබට, කළ ගුණ සැලකීම ප‍්‍රතිශක්තිය වඩවන්නක් වුවද ගැටලූවක් දෙස විවිධ කෝණවලින් බැලිය යුතු බව අපට කියා දුන්නාට...

තුති වේවා ඔබට, මතු දින අපි කුමන මගක් තෝරා ගත්තද වැදගත්ම දේ වූ කලී  සියලූ දනන් ඒ ගැන දැනුවත් වීම බව අවධාරණය කර දුන්නාට...

සුනාමිය ආ කාලෙත් බොහෝ දෙනා අතින් මෙවැනි දේ ලියවුණා. ඒත් ටික දවසක්  ගියාට පස්සෙ සියල්ල අමතක කර අපි පරණ ලෝකයටම ආපසු ගිය හැටිත් ඔබට මතක ඇති . ඒ වගේම කොරෝනාවත්  අමතක කළොත් අපේ අනාගත පරම්පරාවට ගෙවන්න වෙන වන්දිය කොයි වගේ එකක් වෙයිද ඔබට හිතෙනවා ඇති...

රියා සෝකොල් කිවිඳිය මේ  කවියෙන් අහන්නෙත්  ඒ ප‍්‍රශ්නෙමයි නේද...?.



අදහස් (0)

හිතුවක්කාර කොරෝනා කවිය ලියූ පෙරළිකාර රියා සෝකල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 679 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17805 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 755 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site