IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


පන්හිඳ අසිපතක් කරගත් කිවිඳිය

ජියොකොන්ඩා බෙලී


 

පුරුෂ පක්ෂයට සාපේක්ෂව බලන කළ ගැහැනුු යනු පසුගාමී ජීවීන් විශේෂයක් ලෙස සලකන සමාජ කණ්ඩායම් ලොව ඇතැම් රටවල අදත් දකින්න ලැබෙනවා. මෙම ගතානුගතික මතය බොහෝ දුරට බිඳහෙළන ලද්දේ ලොවෙහි විවිධ දේශවල විටින් විට පැනනැගුණු වාමවාදී දේශපාලන සටන් විසින්. ගැහැනිිය, හුදෙක් ගෘහයේ හා දරුපැටවුන්ගේ රාජකාරි කටයුතු බලා කියාගනිමින් ස්වාමිපුරුෂයාට බය පක්ෂව වාසය කළ යුතු අර්ධ මිනිස් ප්‍රාණියකුු ලෙස සලකා ඇගේ මානව හිමිකම් අහිමි කරන පුරුෂාධිපත්‍යයක් දිගු කාලයක සිට ඇතැම් සමාජ කණ්ඩායම් අතර පවතින බව අපි දන්නවා.

එහෙත් නව සමාජ දේශපාලන හා සංස්කෘතික දැක්මකින් යුතුව පෙරට ඇදෙමින් තිබෙන ප‍්‍රගතිශීලී සමාජ බලවේග හමුවේ ඉහත කී අධිපතිවාදී මතවාද වේගයෙන් අවලංගු වෙමින් පවතින සැටියක් මේ වන විට අපිට දකින්න පු`ඵවන්. මෙම සමාජ පෙරළියට මුල පිරූ සටන්කාමී ගැහැනුුන් අතර ලේඛිකාවන්ට හිමි වෙන්නේ කැපී පෙනෙණ ස්ථානයක්. අද නොසැලෙන පන්හිඳ තීරුවේදී මා ඔබට මුණගස්වන්නේ පන්හිඳ අසිපතක් කරගනිමින් ගැහැනියක් සතු අසමාන ශක්තිය හා ධෛර්යය ලොවට පෙන් වූ සටන්කාමී ලේඛිකාවක්.

ලතින් අමරිකානු රටවල් අතර ඇය මහත් ජනාදරයට පත් වූයේ ජියොකොන්ඩා බෙලී නමින්. නවකතාකාරියක් හා කිවිඳියක් මෙන්ම සමාජ විචාරිකාවක්ද වන ඇය විප්ලවවාදී අරගල අතරට නව පන්නයේ සටන් විධි හඳුන්වා දුන් නිකරගුවා ජාතික විමුක්ති පෙරමුණ සමග අත්වැල් බැඳගත්තේ 1970 වසරේදී  දශක ගණනාවක් පුරා නිකරගුවා ජනතාව පීඩනයට පත් කළ ඒකාධිපති සොමාසා පන්නා දැමීම සඳහා වීදි බට ජනතාව සමග ඇයත් අත්වැල් බැඳගන්නවා.

ඉහළ මැද පන්තියේ පවුලක සාමාජිකාවක් වූ බෙලීට මනා අධ්‍යාපනයක්ද ලැබී තිබුණා. මැඞ්රීඞ්වල ශාන්ත ඉසබෙල් රාජකීය විද්‍යාලයෙන් හා පිලොඩෝපියාවේ චාල්ස් මොරිස් විද්‍යාලයෙන් උසස් අධ්‍යාපන සුදුසුකම් සපුරාගෙන සිටි බෙලී ප‍්‍රචාරක හා ජනමාධ්‍ය කලා පිළිබඳව උපාධියකුත් හිමි කරගෙන හිටියා. මේ සුදුසුකම් මත ඒකාධිපති සොමාසා වෙතින් ඉහළ තනතුරක් දිනාගැනීමේ අවස්ථාව පහසුවෙන්ම උදාකරගත හැකි වුවත් ඇය තෝරාගත්තේ දුක්පීඩා විඳින ජනතාවගේ පාර්ශ්වයයි. අරගලය කෙතරම් කටුක වීද යත් වරෙක 1975දී ඇයට දිවි රැුකගැනීම පිණිස මෙක්සිකෝවට පලා යාමට පවා සිදුවෙනවා.

මේ සියලූ අතවර හා අභියෝග මැද ඇගේ පන්හිඳ නොසැලී පවතින්නේ ඉන්ද්‍රකීලයකට නොදෙවෙනි ලෙසයි. ජියොකොන්ඩා බෙලී ලේඛන කලාවට පිවිසෙන්නේ 1970 දීග නිකරගුවාවල පළ වන ලා ප්‍රෙන්සා නම් පුවත්පතට කවි ලියමින්. 1988දී ඇය ලා මුජර් හැබිටඩා (ජීවත් වූ ගැහැනිය) කෘතිය රචනා කරන්නේ.  අර්ධ ස්වයං චරිතාපදාන නවකතාවක්් ලෙසයි. නිකරගුවා සාහිත්‍යයේ ප‍්‍රථම වරට ලිංගභේදය ගැඹුරින් සාකච්ඡුාවට ලක් කළ විප්ලවීය කෘතියක් ලෙස මේ කෘතිය විශාල ආන්දෝලනයකට ලක් වෙනවා. භාෂා කිහිපයකට පරිවර්තනය වන මෙය ඇමරිකාවේ විශ්වවිද්‍යාල හතරක අධ්‍යන කටයුතු සඳහා නියම කරනු ලබනවා. 

2000 වසරෙදි  ඇය  එල් පායිස් බාජෝ මි පියල් (මගේ ව්‍යායාමය තුළ මගේ රට) නමින් තවත් ස්වයංචරිතාපදානයක්  ලියන්නෙ විප්ලවවාදී ව්‍යාපාරය තුළ ලද අත්දැකීම් පාදක කරගනිමින්. ඇය මෙය රචනා කරන්නේ ඇමරිකාවේ පදිංචිව සිටිමින්. 2003දි ලොස් ඇන්ජලිස් ටයිම්ස් ස`ගරවේ හොඳම පොත් නිර්දේශ අතරට මෙයද එක්වෙනවා. ජියොකොන්ඩා බෙලී වඩාත් රුචි කරන සාහිත්‍යාංගය වන්නේ කවියයි. ඇගේ එල් ඉනිෆිනිටෝ ඉන් ලා පල්මා ඩි ලා මනෝ (අත් අල්ලක අපරිමිතබව) නම් කාව්‍ය සංග‍්‍රහයට 2008 වසරේදී ප‍්‍රිමියෝ බිබ්ලියෝටිකා බි‍්‍රව් සම්මානය හිමි වෙනවා. මෙය ආදම් ඒව පුරාවෘත්තය පසුබිම් කරගෙන ලියවුණු කෘතියක්. ඇය ලියූ 20ක් පමණ සාහිත්‍ය කෘති අතරින් බහුතරයක් සම්මානයට පාත‍්‍ර වී තිබීමත් සුවිශේෂයි. 

කෙසේ හෝ 1979දී සැන්ඩිනිස්ටා සටනේ උච්චතම අවස්ථාව වන විට යළි මවුබිමට පැමිණෙන බෙලී සටනේ ජයග‍්‍රහණයෙන් පසුව විප්ලවවාදී ජන රජයේ ජාත්‍යන්තර ප‍්‍රකාශිකා හා සන්නිවේදන අධ්‍යක්ෂිකා වැනි වැදගත් තනතුරු කිහිපයක්ම බාරගන්නේ දැඩි කැමැත්තෙන්. 

1989 පැවති මැතිවරණයෙන් සැන්ඩිනිස්ටා ආණ්ඩුව බිඳ වැටීමෙන් පසුව එම ව්‍යාපාරයට උදව් කළ බෙලී ඇතු`ඵ විද්වතුන් දැඩි පීඩාවකට මුහුණ පානවා. එම ආණ්ඩුවේ හිටපු උප ජනාධිපතිවරයකු  මෙන්ම ප‍්‍රකට කවියකුද වන සර්ජියෝ රුවීස්ද මෙම විද්වතුන් සිටීම විශේෂයක්. ඔවුන් සියලූ දෙනාම එක්වී ඉල්ලා සිටින්නේ සැන්ඩිනිස්ටා පක්ෂයේ නායක මණ්ඩලයේ වෙනසක් කරන ලෙසයි. නමුත් ඔවුන්ගේ ඉල්ලීම ඉටු වන්නේ නැහැ.  සංවිධානයෙන් බැහැර වීමට ඔවුන් තීරණය කරන්නේ ඒ හේතුකොටගෙනයි.

එසේ වුවත් විප්ලවවාදී කිවිඳියක් හැටියට ඇගේ සමාජ දේශපාලන ක‍්‍රියාවලියෙන් බැහැර වීමට ඇය කිසිසේත් තිරණය කරන්නෙ නැහැ. ඇය කැපවි සිටිනුයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමාජ වෙනසක් උදෙසා තමන් ඇතුඵ පිරිසක්  දියත් කළ අරගලය වඩාත් ශක්තිමත්ව ඉදිරියට රැගෙන යාමටයි. බෙලීගේ මෙම ක‍්‍රියා කලාපය කෙරෙහි සුබවාදී  බැලූම් හෙළන්නට නිකරගුවානු ජනතාව හුරු වී සිටීමත් වැදගත් සිද්ධියක්. ඇය අර්ථවත්ව හා මධ්‍යස්ථව විවේචන ඉදිරිපත් කරන නිදහස්කාමී බුද්ධිමතියක් හැටියටයි ඔවුන් දකින්නේ.

19 වියේදී සිදු වූ විවාහ බන්ධනයකින් ඇයට දියණියක් ලැබුණු අතර පසුව ඇය යළි 1987දි  විවාහ දිවියට එළඹෙන්නේ ඇමරිකන් මාධ්‍යවේදියකු වන  චාල්ස් කස්ටල්ඩි සමගයි. ඇය තවමත් ඇමරිකාවේ මැඞ්රීඞ් නගරයේ ජීවත් වන බවටයි ආරංචි මාර්ග සඳහන් කරන්නෙ. නිර්මාණ ගුණය මෙන්ම හෘදයසාක්ෂියත් රැක ගනිමින් විප්වවාදිනියක් වන්නේ කෙසේද යන පැනයට ජියොකොන්ඩා බෙලී කදිම නිදසුනක්.

ගැහැනිය පුරුෂයා සතු ලිංගික මෙවලමක්ය යන අධිපතිවාදී මතය ඛණ්ඩනය කරනු පිණිස බෙලී ඇගේ නිර්මාණ කෞෂල්‍ය භාවිත කර ඇති ආකාරය අපූරුවට පෙන්නුම් කරන කවියක් හැටියටයි මෙය සැලකෙන්නේ.

 

පෙම්වතෙක් සොයමි මම..

 

පෙම්වතෙක් සොයමි මම

දෙසැම්බරයේ උදෑසනක

සිහිල මට සලසන 

පොළොව යටට මුල් ඇදුණු 

ගසක් මෙන් සවිමත්.. 

 

පෙම්වතෙක් මම සොයමි

සංග‍්‍රාම බිමක වුව 

මා ළගම රැඳෙමින්

උරෙන් උර ගැටී

එක බහට සටන් වදින..

 

පෙම්වතෙක් සොයමි මම

සියවසින් සියවස පැවති

බෙදුම් රේඛා බිඳගෙන 

සිහින මීදුම් මැදින්

මඳනලක් සේ හමා යන..

 

පෙම්වතෙක් සොයමි මම

විප්ලවීය ජීවයෙන් මා පුබුදා

උදා වන සැම දිනක මා

ජය කණුව වෙත  

රැගෙන යන.. 



අදහස් (0)

පන්හිඳ අසිපතක් කරගත් කිවිඳිය

ඔබේ අදහස් එවන්න

 

 
 

නොසැලෙන පන්හිඳ

ලාංකේය මැක්සිම් ගෝර්කි ඩොමිනික් ජීවා
2024 ජුනි මස 18 141 0

ඔහු ලංකාවේ මැක්සිම් ගෝර්කි ලෙස හැඳින්වීමට මම මැලි වෙන්නෙ නැහැ. මන්ද කියනවනම් ඔහුත් මැක්සිම් ගෝර්කි වගේම සමාජය පත්ලේ සිට ගොඩනැ`ගුණු ලේඛකයෙක් නිසයි.


හිතුවක්කාර කොරෝනා කවිය ලියූ පෙරළිකාර රියා සෝකල්
2024 ජුනි මස 11 144 0

ආදිකාලීන මිනිසා සොබාදහම සැලකුවේ තමන්ගේ සමීප ඥාතියෙක් හැටියටයි.


කෙටිකතා කලාවේ ප්‍රේමවන්තයා
2024 ජුනි මස 04 179 0

ස්ටීවන් කිං හැඳින්වෙන්නේ අපේ කාලයේ බිහි වූ අමුතුම පන්නයේ ලේඛකයකු ලෙසයි. මේ වන විට, ඔහු ලියා ඇති නවකතා, කෙටිකතා ඇතුළු වෙනත් කෘති සංඛ්‍යාව 100 කට සමීපයි. මො


ෆැසිස්ට් සංස්කෘතියට අභියෝග කළ මාක්ස්වාදි විද්වතා - ඇන්ටෝනියෝ ග‍්‍රාම්ස්චි
2024 මැයි මස 28 51 0

ආධිපත්‍යය කියන්නෙ සෑහෙන කාලෙක ඉඳලා අපේ කන් පතුල් සිදුරු කරමින් අප අපමණ පීඩාවකට ලක් කරන කටුක වදනක්. ආධිපත්‍යය ගොඩනැගෙන්නෙ බලයකුත් එක්ක කියලයි කරුණු කා


නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද කෙටිකතාකාරිය ඇලිස් මුන්රෝ
2024 මැයි මස 21 43 0

ලෝකෙට ව්‍යසනය කැඳවපු, එහෙමත් නැත්නම් මානව සමාජයට විපත් රැුගෙන ආ මිනිසුන් හෝ ගැහැනුන් කලින් කලට ඉපදී මිය යනවා. ඒ සංසිද්ධිය මතු මත්තටත් එසේම සිදුවේවි. මා


පාන්දරින් අවදි වූ විප්ලවවාදියා - ඔටෝ රෙනී කැස්ටිලෝ
2024 මැයි මස 14 57 0

පනහ-හැට දශකවල ලෝක ඉතිහාසය දිහා ආපහු හැරිලා බලනකොට දකින්න තියෙන විශේෂම ලක්ෂණයක් තමා විප්ලවවාදී සටන් ව්‍යාපාර ගණනාවක් බිහි වී තිබීම. විශේෂයෙන්ම ලතින් අ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 988 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 245 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1292 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site