IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


ඇමෙරිකා කම්කරු නීති වෙනස් කළ ලේඛකයා - ජෝන් ස්ටෙයින්බෙක්

නොසැලෙන පන්හිඳ - 4

ජෝන් ස්ටෙයින්බෙක් සිතින් දිළින්දෝ භාග්‍යවන්තයෝය කියල කිව්වෙ කි‍්‍රස්තුස් වහන්සේ. උපතින් කිතුණු බැතිමතකු වුණු ජෝන් ස්ටෙයින්බෙක් භාග්‍යවන්තයන් හැටියට දැක්කෙ සිහින දකින මිනිසුන්. ඒ විතරක්ම නෙවේ. ස්ටෙයින්බෙකුත් වැඩිපුර ජීවත් වුණේ සිහින ලෝකයක. සුබ සිහින දකින මිනිස්සු තමයි කවද හරි ලෝකය වෙනස් කරන්නෙ. ලෝකයට නව නිර්මාණ දායාද කරන්නෙ. ස්ටෙයින්බෙක්ගේ නිර්මාණ ජීවිතය වගේම පෞද්ගලික ජීවිතය ගතවුණෙත් අමුතු විදියට හිතන හා හිතෙන හිතෙන දේවල් කරන තනි අලියෙක් වගේ හිතුවක්කායෙක් විදියට.

ස්ටෙයින්බෙක් පරම්පරාවෙ ඉතිහාසය දිව යන්නෙ ජර්මනියට. එයාගෙ සීයා ඇමෙරිකාවට මුලින්ම සංක‍්‍රමණය වුණ පිරිසකුත් එක්ක කැලිපෝනියාවෙ පදිංචිවෙනවා. ස්ටෙයින්බෙක්ගේ පියාණන්ට පළාත් භාණ්ඩාගාරිකවරයකු වශයෙන් නැගී සිටින්න පුඵවන් වෙන්නෙ සීයගේ දුරදක්නා නුවණ නිසයි. ලොකු සමාජ පිළිගැනිමකුත් එක්ක හොඳට කාලා-ඇඳලා සුවපහසු ජීවිතයක් ගෙවන්න ස්ටෙයින්බෙක්ට හොඳටම පුඵවන්කම තිබුණා. ඒත් ස්ටෙයින්බෙක් ඒ හැම සැප සම්පතක්ම අතහැරල දාලා ගොවිපොළේ වැඩට ගියේ කවදා හරි තමාගෙම දෙපයින් නැගී සිටින්න අධිෂ්ඨාන කරගෙන.

ලේඛකයෙක් වීමේ ආශාව මුලින්ම ස්ටෙයින්බෙක්ගෙ හිතේ රෝපණය කළේ එයාගේ අම්මා. ගුරුතුමියක් වුණු ඇය ලියන්න හා කියවන්න ඔහු පෙළඹුවේ පුංචි සන්දියෙමයි. මේ බලපෑම ස්ටෙයින්බෙක්ගේ හිතේ මොන තරම් ගැඹුරට කාවැදිල තිබුණද කිව්වොත් උපාධිය ගන්න ඔන්න මෙන්න කියා තිබියදී ස්ටැන්ෆෝර්ඞ් විශ්වවිද්‍යාලය අතහැරලා ඔහු නිව්යෝක් බලා පිටත් වෙනවා. මට මේ සිද්ධිය ලියද්දි එකපාරටම මතකයට එන්නෙ අපේ සයිමන් නවගත්තේගමව. උන්නැහැත් විශ්වවිද්‍යාලය අතහැරලා කැලේ පැන්නලූනෙ ඒ කාලේ.

පොතක් පළ කරගැනීමේ හීනය හැබෑ කරගන්න ස්ටෙයින්බෙක් නිව්යෝක්වල නොවිඳිනා දුක් වින්දා. ඒත් අන්තිමට ඔහු ආපහු කැලිෆෝනියාවට එන්නෙ බයිබලේ හමුවන නාස්තිකාර පුත‍්‍රයාගේ කතාව සිහිගන්වමින්. 1930 ගණන්වල ඇමරිකාවේ හටගත්තු මහා අවපාතයට ඔහු මුහුණ දෙන්නේ කැලිෆොනියාවේ ජීවත් වෙමින්. ඒ කාලයේ තමා ඔහු ප‍්‍රථම විවාහ බන්ධනයට පිවිසෙන්නෙත්. ඒ කැරොල් හෙනින් නම් පෙම්වතියත් එක්ක. ඇමෙරිකානු මහා අවපාත සමයෙ ලබපු ජිවමාන අත්දැකීම් ස්ටෙයින්බෙක්ගෙ ජීවිතය උඩු යටිකුරු කරනවා. මහා ලේඛකයකු වීමට අවැසි පන්නරය ඔහුට ලැබෙන්නෙ මේ ඛේදනීය අත්දැකීම් ඔස්සේ.

ජෝන් ස්ටෙයින්බෙක්ගේ නිර්මාණ කාර්යයන් ගැන විමසා බලන කල ඔහුගේ මුල් කෘතිය හැටියට සැලකෙන්නේ 1929 ප‍්‍රකාශිත Cup of Gold. 1932 දී ඔහු The Pastures of Heaven කෘතිය රචනා කරන්නෙ 1932දියි. 1933දි  The Red Pony හා To a God Unknown නමින් නවකතා දෙකක් ඔහු අතින් ලියවෙනවා. ස්ටෙයින්බෙක් විසින් රචනා කරන ලද තිහකට අධික කෘති පාඨක විචාරක අවධානයට දැඩි ලෙස ලක් වවෙන්නේ උණු කැවුම් මෙන් අලෙවි වෙමින්. ස්ටෙයින්බෙක්ගේ සමස්ත සාහිත මෙහෙවර ඇගයීමේදී දක්නට ලැබෙන වෙසෙස් ලක්ෂණය වන්නේ මිනිස් ජීවිත හා බැඳුණු සමාජ, දේශපාලන මෙන්ම ආධ්‍යාත්මික හා පාරිසරික සාධක කෙරෙහි ඔහු දැක්වූ අප‍්‍රමාණ අවධානයයි. 1930 ගණන්වල ඇමෙරිකාවට හා කැනඩාවට බලපෑ දරුණු දුවිලි කුණාටු හේතුවෙන් මිනිස් ජිවිතවලට හා පරිසරයට සිදු වූ දැවැන්ත විනාශය අළලා රචිත Dust Bowl නම් නවකතාව මිට එක් නිදසුනක්.

1962 වසරේදී ස්ටෙයින්බෙක්ට නෝබල් ත්‍යාගය පිරිනැමීම කෙරෙහි බලපාන්නේ 1939 සමයේ ඔහු ලියූ Grapes of Wrath නම් දැවැන්ත නවකතාවයි. මේ විශිෂ්ට කෘතිය 2012දී ශ්‍යාමන් හේමකොඩි විසින් වෛරයේ මිදි ඵල නමින් සිංහලට නගා තිබෙනවා. මහා නියග, ගංවතුර වැනි පරිසර හානි මෙන්ම ආර්ථික අවපාත බඳු සමාජ ව්‍යසනයන් පැන ගිනුයේ දේපළ හා වස්තුව කෙරෙහි මිනිසුන් තුළ පවතින අසීමිත කෑදරකමේ ප‍්‍රතිඵලයක් වශයෙන් බවයි Grapes of Wrath නවකතාව ඔස්සේ ස්ටෙයින්බෙක් අප සිත් සසල කරනවනසුලූ රචනා ශෛලියකින් කියාපාන්නෙ.

ආර්ථික අවපාතයත් සමගම ඉඩම් හිමියන් කරන්නේ කෘෂිකර්මය යාන්ත‍්‍රීකරණය කිරීමට පියවර ගැනීමයි. ඉඩම් හිමියන් මේ සඳහා පොලඹවනු ලබන්නේ බැංකු විසින්. පෞද්ගලික දේපළ ක‍්‍රමය යටතේ ගොඩනැගෙන අමානුෂික මූල්‍ය ප‍්‍රතිපත්ති විසින් අසරණ ගොවි කම්කරු ජනයා වගා බිම්වලින් පලවා හරින ආකාරය ස්ටෙයින්බෙක් මේ මහා නවකතාව තුළ සිතුවමකට නගන්නේ පාඨක හදවත් කම්පා කරවමින්. ධනේශ්වර ඒකාධිකාරයේ නග්න මානව විරෝධිත්වය බරපතළ ලෙස විවේචනයට ලක් කරන Grapes of Wrath නවකතාව පළ වූ සමයේ මේ ව්‍යසනයට ඍජුවම වග කිවයුතු බැංකුකරුවන් ප‍්‍රමුඛ දේපළ හිමි පැලැන්තිය ස්ටෙයින්බෙක් දේශද්‍රෝහියකු බව පවසමින් ඔහුට එරෙහිව දැවැන්ත විරෝධයක් මතු කිරීමට තැත් කළ බවත් අසන්න ලැබෙනවා. රටේ කම්කරු නීතියේ වෙනසක් කිරීමට ඇමෙරිකාු ව්‍යවස්ථාදායකයට සිදු වුණේ Grapes of Wrath නවකතාව අරබයා රට පුරා පැනනැගුණු උණුසුම් සංවාදවල ප‍්‍රතිඵලයක් හැටියටයි.

පරම්පරාවෙන් තමන්ට උරුම වූ වගාබිම් වලින් පිටමං කෙරුණු ඔක්ලොහොමා ප‍්‍රාන්තයේ ලක්ෂ සංඛ්‍යාත ගොවි ජනයා ඉහට සෙවණක් හා කුසට අහරක් සොයමින් සැතපුම් සිය ගණනක් දුර ගෙවා කැලිපෝ්නියාව වෙත සංක‍්‍රමණ වූ ආකාරය ස්ටෙයින්බෙක් විස්තර කරන්නේ ත‍්‍රාසය භීතිය මෙන්ම වෛරයද අප සිත්සතන් තුළ කුඵගන්වමින්. ප‍්‍රාන්ත ආණ්ඩුවෙන් මතු නොව සහෝදර ජනතාවගෙන්ද ඔවුන්ට කිසිම දයානුකම්පාවක් හිමි වන්නේ නැහැ. දේපළ හිමියෝ පොලීසියත් මැරයනුත් යොදවා අසරණයන් තලා පෙළන්නේ යුක්තිය වෙනුවෙන් හඩන ගන සටන්කාමීන් රත්තන් ලෙස හංවඩු ගසා අමු අමුවේ මරා දමමින්. Grapes of Wrath නවකතාව ලිවීමෙන් තමා අපේක්ෂා කළේ ඇමරිකාවේ මහා ආර්ථික අවපාතයට වගකිව යුතු වූ කැදර කාලණ්ණින් ලැජ්ජාවට පත් කිරීම බව ස්ටෙයින්බෙක් පවසන්නේ මෙවන් අපරාධ දරාගන්න බැරි වූ නිසයි.

මේ සියලූ මර්දනයන් පිටුපස ඉන්නේ බැංකු හා බහුජන සමාගම්. ඔවුන්ගේ එකම අරමුණ සූරාකෑම මගින් අධික ලාභ ඉපැයීම පමණයි. මේ අරමුණ පෙරදැරි කරගත් ව්‍යාපෘති ලංකාවෙත් ක‍්‍රියාත්මක වන බව අමතක කරන්න නරකයි. පහුගිය කාලයේ ඌව-වෙල්ලස්ස පළාත්වල මතුවූ ගොවි කැරලි ඔබට මතක ඇති. සම්ප‍්‍රදායික ගොවිබිම්වලින් ජනයා පලවා හරිමින් නිල්ගල රක්ෂිතය ඇතු`ඵ ආදිවාසීන්ගේ නිජබිම් බහුජාතික සමාගම්වලට විකිණීමේ මහා ජාවාරම තාවකාලිකව පරාජය කිරීමට අපේ ගොවි ජනතාව සමත් වුණත් අනතුර තවම පහවෙලා නැහැ.

අපේ රටෙත් ස්ටෙයින්බෙක් වැනි ලේඛකයන් පහළ විය යුත්තේ සංවර්ධනයේ මුවාවෙන් එන මෙවන් මානව විරෝධී ව්‍යාපෘති හෙළිදරව් කර පරාජය කිරීමටයි. ලේඛකයාට හෝ කලාකරුවාට සමාජ කාර්යභාරයක් නැතැයි කෑමොර දෙන ඇතැම් පාරිශුද්ධවාදින්ට ස්ටෙයින්බෙක් දෙන කදිම පිළිතුරක් හැටියටයි මම නම් Grapes of Wrath නවකතාව දකින්නේ. 1962දී නෝබල් ත්‍යාගය පිළිගනිමින් ලේඛකයාගේ කාර්යභාරය අළලා ජෝන් ස්ටෙයින්බෙක් කළ කතාවෙන් උපුටා ගත් මේ වැකි කිහිපය ඊට කදිම සාක්ෂියක්.

 

ලේඛකයකු විය හැක්කේ කාටද?

උදාර මනසක් හා හදවතක් වර්ධනය කරගැනිම සඳහා මිනිසා තුළ පවතින නිසැක ධාරිතාව පළ කිරිම හා සැමරීම පැවරෙන්නේද ලේඛකයාටය.

නිර්භීත ලෙස පරාජය වීමටද, දිරිමත් වීමට මෙන්ම දයාව හා ආදරය දැක්වීමට මිනිසාට ඇති හැකියාවද ලේඛකයා වෙතින් ප‍්‍රකාශයට පත් වේ. මේවා දුර්වලතාවට හා අපේක්ෂාභංගත්වයට එරෙහිව මිනිසා විසින් කරනු ලබන නිමා නොවන සංග‍්‍රාමය තුළ අපේක්ෂාවේ හා ආදර්ශයේ දීප්තිමත් සමූහ ධජ වේ.

මිනිසාගේ සම්පූර්ණත්වය පිළිබඳව උද්‍යෝගිමත් ලෙස විශ්වාස නොකරන ලේඛකයකු තුළ කැපවීමක් නොමැතිවාක් මෙන්ම ඔහුට සාහිත්‍යයේ සාමාජිකයකු වීමටද නොහැකි යයි මම විශ්වාස කරමි.



අදහස් (0)

ඇමෙරිකා කම්කරු නීති වෙනස් කළ ලේඛකයා - ජෝන් ස්ටෙයින්බෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1587 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1379 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site